මට ඔහොම සීන් එකක් වුනා...


මම ඉස්සර කෙල්ලෝ එක්ක චැට් කරපුව තිබ්බ ෆේස්බුක් එකේ...කෙල්ල පාස්වඩ් ඉල්ලුවම මම දුන්න...එච්චර ගණන් ගත්තේ නැහැ...එදා රෑ දුන්නේ මම...
එත් පස්සේ තමා මට මීටර් වුනේ ඔය මැසේජ් දැක්කොත් චා වෙනවා කියල..

පහුවෙනිදා උදේම ඔෆිස් දුවන් ගිහින් දඩ බඩ ගාල මැකුව මැසේජ් ටික...

මකල සුද්ද වගේ හිටිය..

පාස්වඩ් එකත් වෙනස් කරා...

කෙල්ල ආයේ කෝල් කරලා ඉල්ලගනිනේ පාස්වඩ් එක වැරදියට ගහගෙන කියල හිතල....

මෙන්න ටිකකින් කෝල් එකක් එනවා කෙල්ලගෙන්...
ගත්තු ගමන් බනින්න ගත්ත..ඇයි ඔයා මැසේජ් ඩිලීට් කරේ?

හොර වැඩ නෙමෙයි නම් ඕව ඩිලීට් කරන්න ඕනේ නැහැනේ කියල...

මම බැලුව ඩිලීට් කරපු මැසේජ් කොහොමද මෙයා දන්නේ කියල...


අනික පාස්වඩ් වෙනස් කරාමත් කොහොමද ලොග් වුනේ කියල...
බැලින්නම් කෙල්ල ඒ පාස්වඩ් එක දීපු රෑම ලොග් වෙලා සේරම බලල...


මැසේජ් ටික දැක්කත් ඒවා ගණන් අරන් නැහැ...මට කිව්වෙවත් නැහැ...ඉතුරුව බලන්න උදේ ලොග් වෙලා...

මම හිතන්නේ සෙෂන් එක තිබ්බ නිසා ලොගින් එක සේව් වෙලා...පාස්වඩ් වෙනස් කරාට වැඩක් වෙලා නැහැ...කෙල්ල බලනකොට මැසේජ් ටික නැහැලු...
එදා තමා හොදවයින් අහගත්තෙ...

මම ඔයා මැසේජ් කරාට මොකවත් කිව්වේ නැහැනේ..ඩිලීට් කරන්න තරම් මොකක් ද තියෙන හොරෙ කියල තමා ඇහුවේ...වට් ටු ඩූ ඉතින්....
දැන්නම් මම කෙල්ලෝ එක්කල චැට් කරන්නේ නැහැ එහෙමට...පාස්වඩ් එක තියෙනවා කෙල්ල ළඟ,,,ඕක බලන්නෙත් නැහැ...දැන් හිටිගමන් මගේ ෆෝන් එක අරන් එක එක ඒවා බලද්දී වට්සැප් එහෙම ඕපන් කරලා බැලුවත් කෙල්ලෙක් එක්ක චැට් කරලා තියෙනවා දැක්කත් එක ඕපන් කරලවත් බලන්නේ නැහැ...

මමත් කෙල්ලගේ මැසේජ් නම් බලන්න යන්නේ නැහැ...ඔය කා එක්ක චැට් කරත් අවංක එකා අවංකයි කියල දන්නවා ඉතින්...මැසේජ් බැලුව කියල, චැට් කරන්න එපා කිව්වා කියල යන එකාව නවත්තන්න බැහැනේ..මමත් එක දන්නවා...එයත් එක දන්නවා...ඒ නිසා කිසි තහනමක් නම් නැහැ,,තහනමක් නැති නිසා චැට් කරන්නත් එතරම් උනන්දුවක් නැහැ....

