තල් වැටෙන් ඔබ්බට - (සංවාදයට විවෘතයි.)

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එතකොට අර යටත් උනට පස්සෙ මරල පුච්චපු පොලිසියෙ 600 දෙනා ගෑන, යුද්දෙ අන්තිම දවස්වල කොටි මරල පුච්චපු POWල 11 දෙනා ගෑන, සටනෙ යටත් උනාට පස්සෙපනපිටින් බඩවල් කපල රහසග කපල කටෙ ගහල මරපු මිනිස්සු උබෙ මොන ගුරුගොල චිත්‍රෙටද ගෑලපෙන්නෙ.එව ගෑන කතා කරල වෑඩක් නෑ නෙද? මොකද එවා වල ලොකු මානුශික go එකක් නෑ නෙද?

    අවුරුදු 30ක යුද්දයක් කියන්නෙ ලොකු පින්තුරයක් කියල හිතුවොත් උබ ඔය ලොකයා වෙත විහිදුන මනුශ්යත්වයෙන් බලන ඉසෙප්‍රියා බාලච්න්ඩ්‍රන් වගෙ සිද්දි ත් මම පස්සෙ කියපු සිද්දිත් පොඩි තිත් විතරඊ.ඔය තිතක් දිහා බෑලුවට ලොකු පින්තුරෙ පෙනෙන්නෙ නෑ. එක නිස තිතක් දිහා බලාගෙන පින්තුරෙ විස්තර කරන්න යන්න එපා.

    යුද්දෙදි හෑමොටම වෑරදීම් වෙනව ඒ වගෙ සිද්දි කරෙ තියගෙන කවුද වෑරදි කියලා හොයලා වෑඩක් නෑ එවා අඉති අතිතයට අපි ඉන්න ඔනෙ අතිතයෙ නෙවේඊ වර්තමානයෙ යන්න ඔනෙ අනාගතයට ආපහු අතිත්යට් නෙවේඊ.

    මට උබට කියන්න තව ලොකු දෙයක් තියනවා ඒක තමඊ දෑන් යුද්දෙ ඊවරඊ...

    යුද්දෙ කරපු හමුදාවත් කොටිත් දෙගොල්ලොම තමන් හිසෙ තියාගෙන් ආපු බර පොට්ටනි බිම දාල ඉස්සරහට ගිහිල්ලා ඉවරඊ උබල එවා අහුලලා කරෙ තියාගෙන එන්න එපා. මොකද ඊලඝ යුද්දෙ මූලබීජ වෙන්නෙ ඔය වගෙ අතිතයෙ වෙච්ච දෙවල් වල පොට්ටනි ඔලුවෙ තියාගෙන එන උබල වගෙ උන්. උන් කරන්නෙ ඔය පරන අතිතය වෙච්ච වෑරදි ආපහු යුද්දයක් ඈතිවෙනකම් අරගෙන යන එක.

    2009 යුද්දෙ ඉවර උනට පස්සෙ උතුරෙ පුනුරුත්තාපනය වෙලා ආපු කොටි සාමජිකය් එකෙක් වත් ආපහු යුද්ද කරන්න හිතන්නෙවත් නෑ. ඒ මිනිස්සු තමන්ට දෙයක් කරගෙන පාඩුවෙ ජීවත් වෙනව. නමුත් උන්ට දෑන් තෙරිල තියනව උන් අහූන බොරුවෙ තරම. LTTE සමජිකයො ගොඩක් දෙනෙක් දෙමල සමාජයෙ පහත් කියල සලකන මල්මදින ,මලුමරන වගෙ කුලවල අය යුද්ද කාලෙ මෙ මිනිස්සුන්ගෙ අගය ඉහල තෑනක තිබුනා නමුත් දෑන් ඒමිනිස්සු පහතට වෑටිල (ඔක උතුරටා විතරක් නෙවේඑ දකුනටත් එහෙමම තමඊ).

    දෑන් ඔය උතුරෙත් දකුනෙත් පරන මලමිනී උස්සගෙන සින්හනාද කරන්නෙ ජීවිතෙට යුද්දෙකට සහභාගි වෙන්න හිත්පුවත් නෑති එවුන්. උන් කරන්නෙ යුද්දෙ අවුලන එක විතරඊ ඊට පස්සෙ ඒකට බිලිවෙන්නෙ ඉස්සර වගෙම දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො විතරඊ. ඒකනිසා මචන් බොරුවට අතිතයෙ වෙච්ච එවා අවුස්සලා තවත් සන්හාරයක් පටන් ගන්නවට වඩා හොන්දඊ වෙච්ච වෑරදි දෙපෑත්තම අමතක කරලා ඉස්සරහට යන එක.

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඔව් මචං බොහෝ වෙලාවට වෙන්නේ පාලකයන්ගේ පෞද්ගලික න්යාය පත්‍ර වලට මිනිස්සු වැඩකරන එක.
    එක නැවතෙන්න තියෙන එකාම මග මිනිස්සු උගත්කමින් හා බුද්දියෙන් අනුන වෙන එක.
    එක තමයි අමාරු.හා කාලයකට වෙන්නේ නැති

    ඒකාධිපති පාලනයේ ඉදන් එකපාරට ප්‍රජාතන්ත්‍රවාදයට වැටිච්ච එකත් හේතුවක් වෙන්නෙති.
    මිනිස්සු පරණ පුරුද්දටම හා නොදැනීම හින්දම දේශපාලකයා රජෙක් දෙයියෙක් විදියට සැලකුව.
    එක එදා ඉදන් අද වෙනකන් එහෙමමයි.

    නමුත්
    මේ යන ක්‍රමය වාසි අවාසි දෙකම තියෙනවා.

    බලාගෙන යනකොට මචන් "මොඩර්න් ඒජ්! මොඩර්න් ඒජ්!!" කිව්වට තාමත් බල පැවැත්වෙන්නේ අර පරණ දාලිත්-ඨාකූර් සිස්ටම් එකම තමයි බන්!:P රජ්වරුන්ට සැප දෙන්න තමන්ගේ ජීවිත කාලෙම අඹු දරුවොත් එක්ක ලෙවකකා ජීවත් වෙන මිනිස්සු...........!!!:lol::lol:

    Ela machan
    9+
    එකෙන්ම සීනා......!!!:D:D
    අපේ කලින් පරම්පරාවලට වඩා අපි අඩියක් ඉදිරියට යන්නම ඕනි මචෝ!:yes::yes:

    මට නම් හිතෙන්නේ අපි කලින් පරම්පරා වලට වඩා එන්න එන්න පස්සට යනවා කියල මචන්. ඉස්සරට වඩා අපේ අනිත් ජාතින් එක්ක සම්බන්ධකම් අඩුයි. දෙමල, මුස්ලිම් කියන්නේ වෙනම ජීවින් කොටසක් වගේ කොන් කරනවා. ඊට පස්සේ රට බෙදන්න යනවා කියලා කෑ ගහනවා.
    :sorry::sorry::sorry:
    කරුමේ කියන්නේ මචන් එදා මිනිස්සු කරපු මෝඩකම් නිසා මෙච්චර කාලයක් ඉල්ලන් කාලත් අපේ මිනිස්සු පාඩම් ඉගෙන නොගන්න එකයි!:sorry: ඉතින් හිස්ටරිය කොහොම රිපීට් වුණත් එකයි..........!!!:lol::lol:

    බොරැ කියන්න එපා සහෝදරයා. සිංහල දේශපාලකයෝ ජාතිවාදී දේශපාලනයක් කලේ නෑ. දෙමළ දේශපාලුවෝ තමා සිංහලයන්ව පාගා ගෙන දේශපාලනය කරන්න හැදුවේ... ඒකට ඉඩක් නැති බව තේරැනාම වෙනම රටක් ඉල්ලන්න ගත්තෙ. සිංහල දේශපාලනය හැමවෙලේම ‍ප්රති උත්තර දීපු එකක් විතරයි ‍උනේ දෙමළ තර්ජනයට.

    සිංහල මිනිස්සු වැරදි නෑ. තනිකර වැරැද්ද දෙමළ මිනිස්සු අත තියෙන්නෙ.

    චෙල්වනායගම් ලා අමිර්තලිංගම් ලා හිටපු රටේම නෙමෙයි ද බන් බණ්ඩාරනායකලා ජේ.ආර් ලා හිටියේ........??:rolleyes:

    වර්තමානයේ වෙනසකට තියෙන්නේ උතුරේ දේශපාලකයා උගේ ජාතිවාදී දේශපාලනය අමුවෙන් කරද්දි දකුණේ (ඇතැම්) ජාතිවාදි දේශපාලකයෝ කොලේ වහගෙන ගේම ගහන එක මිසක් උන් යක්ෂයෝ වෙලා අපි සාමයේ පරෙවියෝ වුණ එක නෙමෙයි........!!!:no::no:

    sri-lanka_534659a1.jpg

    මේ පොඩි උන්ගේ ජීවිත පටන් ගන්නේම අහිමි වීම් එක්කයි මචන්........!:sorry:
    ෆේක් කටයුතු ඇමතිතුමාට ටොපික් එක අල්ලලා ගිහින් වගේ........!!!:D:cool:

    තෑන්ක්ස් යාළුවා!!!:):)
     
    • Like
    Reactions: cow de boy

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එතකොට අර යටත් උනට පස්සෙ මරල පුච්චපු පොලිසියෙ 600 දෙනා ගෑන, යුද්දෙ අන්තිම දවස්වල කොටි මරල පුච්චපු POWල 11 දෙනා ගෑන, සටනෙ යටත් උනාට පස්සෙපනපිටින් බඩවල් කපල රහසග කපල කටෙ ගහල මරපු මිනිස්සු උබෙ මොන ගුරුගොල චිත්‍රෙටද ගෑලපෙන්නෙ.එව ගෑන කතා කරල වෑඩක් නෑ නෙද? මොකද එවා වල ලොකු මානුශික go එකක් නෑ නෙද?

    මම හිතන්නේ මචන් අපි අර 83 ගෙවල් වලට පැනලා ගෙවල් වලට ගිනි තියලා, ගෑණු ළමයි දූෂණය කරලා, පවුල් අවතැන් කරලා, උන්ගේ කඩ සාප්පු ගිනි තියලා, ඒ වල බඩු මුට්ටු ලොරි පිටින් කොල්ල කාලා ෆට්ට "හැලෝවින් ෆෙස්ටිවල්" කලේ...... අන්න ඒ ගුරු චිත්‍ර සෙට් එකෙන් ඕනෑම එකක් උඹ කියපු ගෝල චිත්‍රත් එක්ක ෆට්ටෙටම ගැලපෙයි වෙයි මයෙ හිතේ........!!!:frown: කෝකටත් එක්ක මැච් කරලා බලපන්කෝ!!!!:rolleyes:
    (මගේ තාත්තත් කාලයක් පොලිස් සේවයේ හිටපු කෙනෙක් තමයි. අර නිලධාරියෝ 600 දෙනා අතර මාගේ තාත්තා හිටියා නම් මටත් හැදෙන්න වෙන්නේ තාත්තෙක් නැතුව තමයි. කොටි සංවිධානයේ හිටියේ දේව දූතයෝ කියලා මම කිසිම තැනක කියලා නැහැ. නමුත්, එකේ තේරුම අපි බෝධි සත්ත්ව අංකුර කියන එක නෙවෙයි!!! මොකා උඩගෙඩි දුන්නත් මිලේච්ඡත්වය කියන්නේ විලේච්ඡත්වය!!!:angry:)

    අවුරුදු 30ක යුද්දයක් කියන්නෙ ලොකු පින්තුරයක් කියල හිතුවොත් උබ ඔය ලොකයා වෙත විහිදුන මනුශ්යත්වයෙන් බලන ඉසෙප්‍රියා බාලච්න්ඩ්‍රන් වගෙ සිද්දි ත් මම පස්සෙ කියපු සිද්දිත් පොඩි තිත් විතරඊ.ඔය තිතක් දිහා බෑලුවට ලොකු පින්තුරෙ පෙනෙන්නෙ නෑ. එක නිස තිතක් දිහා බලාගෙන පින්තුරෙ විස්තර කරන්න යන්න එපා.

    යුද්දෙදි හෑමොටම වෑරදීම් වෙනව ඒ වගෙ සිද්දි කරෙ තියගෙන කවුද වෑරදි කියලා හොයලා වෑඩක් නෑ එවා අඉති අතිතයට අපි ඉන්න ඔනෙ අතිතයෙ නෙවේඊ වර්තමානයෙ යන්න ඔනෙ අනාගතයට ආපහු අතිත්යට් නෙවේඊ.
    පොඩ්ඩක් තමන්ගේ වලිගේ උඩින් නැගිටලා බැලුවා නම් පෙනෙයි, මගේ ලිපියේ මුඛ්‍යාංගය මොකද්ද කියලා.....!!!

    යුද්දෙ කරපු හමුදාවත් කොටිත් දෙගොල්ලොම තමන් හිසෙ තියාගෙන් ආපු බර පොට්ටනි බිම දාල ඉස්සරහට ගිහිල්ලා ඉවරඊ උබල එවා අහුලලා කරෙ තියාගෙන එන්න එපා. මොකද ඊලඝ යුද්දෙ මූලබීජ වෙන්නෙ ඔය වගෙ අතිතයෙ වෙච්ච දෙවල් වල පොට්ටනි ඔලුවෙ තියාගෙන එන උබල වගෙ උන්. උන් කරන්නෙ ඔය පරන අතිතය වෙච්ච වෑරදි ආපහු යුද්දයක් ඈතිවෙනකම් අරගෙන යන එක.

    පුහු අතීතකාමයයි, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නවයි කියන එක පැහැදිලිවම එකිනෙකට වෙනස් කාරණා දෙකක් මචන්!:rolleyes: ඊලඟ යුද්ධයේ මූල බීජ මේ වගේ ලිපියක් හරහා එන්න කිසිම හේතුවක් නෑ බන්. මොකද, ඒවා තාම නිෂ්ක්‍රීය වෙලා නැති නිසා. රට ආපහු යුද්ධෙකට අරන් යන්නේ ප්‍රශ්නයක් දිහා තුන්වෙනි ඇහැකින් බලලා සාමකාමී රටකට විසඳුම් හොයන අපි ද? නැත්නම් "යුද්ධෙන් පස්සේ ඔක්කොම ඉවරයි" කියන ෆුල් ආෂික් මානසිකත්වයෙන් ඉන්න උඹලා වගේ මිනිස්සු ද??:lol::lol:

    2009 යුද්දෙ ඉවර උනට පස්සෙ උතුරෙ පුනුරුත්තාපනය වෙලා ආපු කොටි සාමජිකය් එකෙක් වත් ආපහු යුද්ද කරන්න හිතන්නෙවත් නෑ. ඒ මිනිස්සු තමන්ට දෙයක් කරගෙන පාඩුවෙ ජීවත් වෙනව. නමුත් උන්ට දෑන් තෙරිල තියනව උන් අහූන බොරුවෙ තරම. LTTE සමජිකයො ගොඩක් දෙනෙක් දෙමල සමාජයෙ පහත් කියල සලකන මල්මදින ,මලුමරන වගෙ කුලවල අය යුද්ද කාලෙ මෙ මිනිස්සුන්ගෙ අගය ඉහල තෑනක තිබුනා නමුත් දෑන් ඒමිනිස්සු පහතට වෑටිල (ඔක උතුරටා විතරක් නෙවේඑ දකුනටත් එහෙමම තමඊ).
    පරාජිත විප්ලවයක් අවසානයේ ඒකට සහභාගී වුණ කැරලිකාරයා මිනිස්සුන්ට "Looser" කෙනෙක් වෙනවා. ඒ මනුස්සයාට කාලයක් යනකම්ම තමන්ගේ පරාජිත මානසිකත්වයෙන් මිදෙන්න බැරි වෙනවා. එදා ජාත්‍යන්තරය මැදි වෙලා උතුරට වෙනම රාජ්‍යයක් හදලා දුන්නා නම්, දකුණේ හමුදා සෙබලාට වෙන්නෙත් ඔය හරියම තමයි. එදා එහෙම වුණා නම් අද හමුදාවේ කොල්ලෙක්ට කසාදයක් කරගන්න ගෑණු ළමයෙක් වත් හම්බ වෙන ෂුවර් නෑ. උන්ට හිරයක් දෙන්න ඇවැස්ස ගෙවල් වල මිනිස්සුත් පස්ස ගහයි.:lol: ඒ තමයි මිනිස්සුන්ගේ හැටි.:sorry: පුනරුත්තාපනය වුණ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට වුණෙත් ඒ ටිකම තමයි. :yes:

    මතක තියාගනින්, දකුණේ අපිට යුද්දේ කියන්නේ අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් පිලුණු වුණ සබ්ජෙක්ට් වුණාට උතුරේ මිනිහට ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට තවම විසඳුම් නෑ. (මම කියන්නේ ටී.එන්.ඒ කාරයාගේ ප්‍රශ්න නෙමෙයි. මිනිස්සුන්ගෙ හැබෑ ප්‍රශ්න!!:rolleyes:)
    එදා පුනරුත්තාපනය වෙලා ආපු කොටි සාමාජිකයාව ආපහු අර නාරා වලට තල්ලු කරන සාධක ඕනි තරම් තවමත් සක්‍රීය මට්ටමේ තියෙනවා. ඊට අවශ්‍ය ඉන්ධන උතුරේ/ තමිල්නාඩුවෝ දේශපාලකයොත්, දකුණේ ජාතිවාදී බලවේගත් මදි නොකියන්න සපයනවා.

    ඉතින් අර පොට්ටෙනි ටික බිමින් තියලා නිදහසේ ජීවත් වෙන්න උන් (පොදුවේ හමුදා සහ කොටි සෙබලු දෙවර්ගයම,) කොච්චර ආස කලත් උන්ට ඒකට අවශ්‍ය නිදහස ලැබෙන්නේම නැති තරම්. හැබැයි ඒ තාක්කල් ඔය පොට්ටෙනි ටික ඒ ළමයින්ගේ ඔළුගෙඩි උඩම තියේවි!!!:dull::dull:

    දෑන් ඔය උතුරෙත් දකුනෙත් පරන මලමිනී උස්සගෙන සින්හනාද කරන්නෙ ජීවිතෙට යුද්දෙකට සහභාගි වෙන්න හිත්පුවත් නෑති එවුන්. උන් කරන්නෙ යුද්දෙ අවුලන එක විතරඊ ඊට පස්සෙ ඒකට බිලිවෙන්නෙ ඉස්සර වගෙම දුප්පත් මිනිස්සුන්ගෙ දරුවො විතරඊ. ඒකනිසා මචන් බොරුවට අතිතයෙ වෙච්ච එවා අවුස්සලා තවත් සන්හාරයක් පටන් ගන්නවට වඩා හොන්දඊ වෙච්ච වෑරදි දෙපෑත්තම අමතක කරලා ඉස්සරහට යන එක.
    ඔය ටික ගිහින් කියපන් උතුරෙයි දකුණෙයි ලොකු පුටු වලට වෙලා ජාතිවාදය අවුස්ස අවුස්ස මෝඩ චූන් ගන්න පාලකයොන්ටයි. උන්ව ඒ තැන්වලට පත්කරලා යවපු සිංහල/දෙමළ ඡන්දදායක වහන්දෑලාට.....! වදින තැනට වදියි!! අඬන්නම රිදෙයි!!! ඒත්, කියන්න ඕනි දේ නොකියා ඉන්නේ නැහැ!!!:rolleyes::angry:

    හරි දේට හරියි කියනවා වගේම වැරදි දේට වැරදියි කියන්න තරම් කොන්දක් තියෙන මිනිහා ඉදිරියේ මැඩියාගේ ඔළුව නැවේවි.......!!!!!:frown::frown:

    මට උබට කියන්න තව ලොකු දෙයක් තියනවා ඒක තමඊ දෑන් යුද්දෙ ඊවරඊ...
    අම්මපා! මටත් උඹට දෙයක් කියන්න තියෙනවා. මචන් "Battle" එක ඉවරයි. ඒත්, "War" එක තාම එහෙම්ම මයි!! ඒකට පිලියම් හොයන්න අමතක කරලා "මෙන්න ජාත්‍යන්තරය හු@නෝ" කියන්න ලැහැස්ති වෙන්න එපා!!!:angry::frown:

    Last edited:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඈයි බන් දෙමල්ලුන්ට නිදහස වැඩිවුනා දැන් රගනවා
    (අන්තවාදීන්)
     
    waligamaya

    Well-known member
  • 2009න් පස්සේ හොඳම ජැක්පොට් එක සෙට් වුණේ අන්තවාදින්ට මචන්........!:yes::frown:

    :yes::yes:

    මේකට විසදුම දෙන්න පුළුවන් දෙමළුන්ට නෙවෙයි මහා ජාතිය කියන සිංහලුන්ට. උන් සෙට්වෙලා මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කලොත් දෙමලුන්ගේ මුස්ලිමුන්ගේ අවස්ථාවාදී දේශපලයෝ නිකම්ම දොට්ට
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    අනිවාර්යයෙන්ම මේ තියෙනවාට වඩා පැහැදිලි වෙනසක් වෙනවා මයි.
    හේතුව, මිනිස්සු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම ගතානුගතික ආකල්ප මත කරන නිසා තමයි මචෝ දේශපාලුවෝ නීතිය බල්ලට දාලා හිතුමතේට අපිව නටවන්නේ. :angry:
    තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොන පක්ෂෙන් ඉදිරිපත් වුණත් කතිරේ ගහන්න ඕනි. රජුන් තැනීම වෙනුවට "ජනතා සේවකයෝ" පත් කර ගැනීමට මුල් තැන දෙන්න ඕනි!:yes:
    එදාට ඔය පාලකයොන්ගේ අතේ තියෙන ස්ටැටික්ස්, වාර්තා බොරු වෙනවා. මිනිස්සු කතිරේ ගහන්නේ තමන්ට වැඩක් කෙරෙන තැනට මිසක්, තමන්ගේ තාත්තා, සීයාගෙන් ආපු පක්ෂෙට නොවන බව තේරුණාම අද ඔය ලොකු පුටුවල මිනිස්සුන්ට වත් උන්ගේ පුත්තුන්ට වත් මේ නැටිලි නටන්න හම්බ වෙන්නේ නැහැ!! :no: මොකද මිනිස්සුන්ගේ මනාපය ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන් බව දන්න නිසා.:cool:
    අන්න! ඒ බය ආපු දාට තමයි මචන් මේ රටවල් හැදෙන්නේ.....!!!:yes::yes:

    මිනිස්සුන්ගේ මනාපය කියන දේ (vote), වර්තමාන බහුතරයක් දෙශපාලකයන්ට සහ දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වෙන උදවියට පවා වැදගත් වෙන්නේ, ඕන වෙන්නේ, වසර 5 කට සැරයක් විතරයි. උන්ගේම වචනවලින් කියනවානම් අවුරුදු පහකට ගියානම් ඇති පරම්පරාවටම ගොඩයන්න පුළුවන්. එහෙම උන්, කුඩු සල්ලි හරි, කසිප්පු සල්ලි හරි, සාදාරන නීත්‍යානුකූල නොවන ඕනෑම ක්‍රමයකින් උපයා ගන්න සල්ලි අතදිග ඇරලා වියදම් කරලා මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙනවා. සමහරු මේක ආයෝජනයක් හැටියට සලකන්නේ. තියෙන දෙයක් විකුණලා චන්දෙ කරලා, දින්නට පස්සේ arrears එකත් එක්ක හම්බ කරනවා.

    වර්තමාන මැතිවරණ ක්‍රමය තුල පවා (සමානුපාතික චන්ද ක්‍රමය), සාදාරන විදිහට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නවත් අවශ්‍ය සාදක සම්පාදනය කරන්නේ නැහැ.
    උදාහරණයක් විදිහට සමස්ත දිස්ත්‍රික්කයක්ම කවර් කරන්න යන මුදල, ආසන මට්ටමින් ගත්තොත් ඉලෙක්ෂන් හත අටකට (කොලඹ නම් ඉලෙක්ෂන් 15කට වියදම් කරන මුදල) වියදම් කරතහැකි. (වර්තමාන මැතිවරණ සිස්ටම් එකේ තියෙන ප්‍රභලම දුර්වලතාවය හැටියට මම දකින්නේ මේක, මේ නිසාම විකල්ප මැතිවරණ ක්‍රමයකට යායුතුයි කියන එක මගේ පෞද්ගලික මතය)

    ඉතින් කරුණු කාරනා මෙහෙම තියෙද්දී මුලික සුදුසුකම වන "තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක්" වීම නොමල ගෙයකින් අබ මිටක් හොයනවා වැනි කාරනාවක් වෙනවා නේද.
    මොලයක් තියෙන නිසි අද්යාපන සුදුසුකමක් තියෙන මිනිහෙක්ට චන්දෙකට ඉල්ලන්න තරම්වත් වත්පොහොසත්කමක් තිබේවිද අපේ රටේ. (එක වෙනමම ආර්ථිකමය ගැටළුවක්). එහෙම සාදාරනව දෙයක් හරිහම්බ කරගත්ත මිනිහෙක් උනත් දේශපාලනයට ඇවිත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වෙන්න පුළුවන් වේවිද. BAR ලයිසන් එක ගන්නේ නැතුව, car permit එක විකුනන්නේ නැතිව. කොමිස් ගන්නේ නැතිව හෝ වෙනයම අයතා ක්‍රම වලින් නැතිව මංත්‍රී වැටුපෙන් දීමනා වලින් විතරක් ඔය මනුස්සය ගැට ගහගෙන ඉඳීවිද. හරි එහෙම පුළුවන් කියමුකෝ
    එත් කීයෙන් කීදෙනෙක් ඔය කියන ගොඩට වැටේවිද. මම අහලා තියෙන විදිහට තුන්වෙනි ලෝකේ රටක දේශපාලකයෙකගෙන් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දේවත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියලයි කියන්නේ. චන්දදායකය අපේක්ෂකයා කාල බලල තීරණය කරන්නද කොයි ගොඩට යනවද කියලා. අපි හොඳ මනුස්සයෙක් (සාපේක්ෂව) තෝරලා පත්කර යැව්වත් කුණු අඹ ගොඩේ තියෙන එක හොඳ අඹේටත් පණුවෝ ගහනවා වගේ ඔය හොඳ මනුස්සයක් අනිත් පැත්තට පෙරළෙනවා කියන එකට උදාහරණ ඇත අතීත දේශපාලනෙන් වගේම මැත අතීතයෙනුත් කිලෝ ගානට ගතහැකි. (මම නම් කියන්න යන්නේ නැහැ, තම තමන් තම නැණ පමණින් තෝරා බේරා ගන්න,)

    ඉතින දේශපාලකයන්ව වෙනස්කරනවා කියන එක සාපෙක්ෂව ගොඩක් අමාරු කර්තව්‍යයක් හැටියට තමයි මටනම් පෙන්නේ. එත් අපිට still බාවිතා කරන්න පුළුවන් අපිට තියෙන ප්‍රභලම භයානකම අවිය වන චන්දය නැත්නම් Vote එක කේවල් කිරීම සඳහා. එත් මේක සැහෙන්න මන්දගාමී slow අවියක්. කිසිම දේශපාලන පක්ෂයකට අති භහුතර බලයක් දෙන්නේ නැතිව. පාර්ලිමේන්තුව තුල සුළු බහුතරයකින් ආණ්ඩු කරගෙන යන්න කටයුතු සලස්වන්න ඕන. (අති බහුතරයකින් ආණ්ඩු බලය ලබාදීමෙන් සිදුවූ ව්‍යසන පිලිබඳ, මෑත මෙන්ම මදක් අතීතයෙනම බලාගන්න පුළුවන්.) මෙහිදී ප්‍රගතිශීලී (ඇත්තටම එහෙම උන් ඉන්නවද අපේ පාර්ලිමේන්තුවේ?) හෝ පුද්ගල හෝ පක්ෂ ඒකාධිපති බලවේග වලට විරුද්ද ප්‍රතිගාමී නියෝජනයක් වර්දනය කරන්න ඕන. (ඔබ ඔය මුලින් සඳහන් කරන කාරනාව "ඒ බය" කියන දේ ඒවිට අදාළ පුද්ගලයන්ගේ හදවතට දැනේවි). උදාහරණයක් විදිහට විදායක ජනාධිපති ක්‍රමයම අහෝසි කරනවා කියනවා වෙනුවට, ජනාධිපතිට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුව විසුරවීමේ බලය. කැමති කැමති උන්ට මන්ත්‍රී ධුර, ඇමති ධුර, සංස්ථා සභාපතිකම් නිලතල ආදිය ලබාදීම බලතල ආදී. එකාධිපතීත්වයකට සුළුවෙන හෝ පාර කපන නීති අනපනත් පරාජය කිරීමේ, අහෝසි කිරීමේ අවලංගු කිරීමේ බලයක් හඬක් ගොඩනැගෙන විදිහට එහෙම හඬක් ඇතිකරන නියෙජනයක් පාර්ලිමේන්තුව හෝ පළාත්සභා තුල පමණක නෙමේ පහලම ජනතා නියෝජනය තියෙන ප්‍රාදේශීය සභා තුලත් ඇති කරන්න ඕන. මම උදාහරණයක් හැටියට විදායක ජනාධිපති ක්‍රමය ගත්තත් ඊට වඩා පුළුල්ව මේක තියෙනවා.
    "රජුන් තැනීම වෙනුවට "ජනතා සේවකයෝ" පත් කර ගැනීමට මුල් තැන දෙන්න ඕනි!" කියන දේ වර්තමාන සිස්ටම් එකේදී එච්චර ප්‍රැක්ටිකල් සිද්ද නොවුනට, මම කියන කාරණාව වර්තමානයේ සුළුවෙන් දකින්න පුළුවන්.

    මේක ඉතාම මන්දගාමි ක්‍රියාන්විතයක්. ක්ෂණික ප්‍රතිපල නම් දකින්න වෙන්නේ නැහැ.
    මොනතරම් "ජනතා සේවකයෝ" අපි පත්කරත්, ජනතාවට විශාල වගකීමක් තියෙනවා. අවුරුදු පහකට සැරයක් ගිහින් පැන්සලෙන් කතිරේ ගහල පෙට්ටියට දාල පහුවෙනිදට චන්දෙ දිනපු එක වෙනුවෙන් රතිඥා පත්තු කරලා නතර වෙන්නේ නැතිව. දිනුව හෝ පැරදුන උනත්. ඊළඟ චන්දයක් එනකම් කුසීතව බලාගෙන ඉන්නේ නැතුව. ඊළඟ චන්දෙදි උඹට වැඩේ දෙන්නම් එතකන් හිටහන් කියන්නේ නැතුව හඬක් නගන්න, පාරට බහින්න හා ක්‍රියාකාරී වෙන්න.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:

    මේකට විසදුම දෙන්න පුළුවන් දෙමළුන්ට නෙවෙයි මහා ජාතිය කියන සිංහලුන්ට. උන් සෙට්වෙලා මේ ජරාජීර්ණ දේශපාලනය වෙනස් කලොත් දෙමලුන්ගේ මුස්ලිමුන්ගේ අවස්ථාවාදී දේශපලයෝ නිකම්ම දොට්ට

    හරි මොකක්ද කියපන් බලන්න ඔය විසදුම අපිටත් දැනගන්න එක්ක....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    චෙල්වනායගම් ලා අමිර්තලිංගම් ලා හිටපු රටේම නෙමෙයි ද බන් බණ්ඩාරනායකලා ජේ.ආර් ලා හිටියේ........??:rolleyes:

    වර්තමානයේ වෙනසකට තියෙන්නේ උතුරේ දේශපාලකයා උගේ ජාතිවාදී දේශපාලනය අමුවෙන් කරද්දි දකුණේ (ඇතැම්) ජාතිවාදි දේශපාලකයෝ කොලේ වහගෙන ගේම ගහන එක මිසක් උන් යක්ෂයෝ වෙලා අපි සාමයේ පරෙවියෝ වුණ එක නෙමෙයි........!!!:no::no:

    ඇයි බණ්ඩාරණායකලා, ජේ අාර් ලා දෙමළ මිනිස්සුන්ට කරපු වැරැද්ද මොකක්ද?

    සිංහල දේශපාලකය‍ො ජාතිවාදී කියන්න හේතු සාධක දීපන් බලන්න....
     
    waligamaya

    Well-known member
  • අනිවාර්යයෙන්ම මේ තියෙනවාට වඩා පැහැදිලි වෙනසක් වෙනවා මයි.
    හේතුව, මිනිස්සු තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම ගතානුගතික ආකල්ප මත කරන නිසා තමයි මචෝ දේශපාලුවෝ නීතිය බල්ලට දාලා හිතුමතේට අපිව නටවන්නේ. :angry:
    තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොන පක්ෂෙන් ඉදිරිපත් වුණත් කතිරේ ගහන්න ඕනි. රජුන් තැනීම වෙනුවට "ජනතා සේවකයෝ" පත් කර ගැනීමට මුල් තැන දෙන්න ඕනි!:yes:
    එදාට ඔය පාලකයොන්ගේ අතේ තියෙන ස්ටැටික්ස්, වාර්තා බොරු වෙනවා. මිනිස්සු කතිරේ ගහන්නේ තමන්ට වැඩක් කෙරෙන තැනට මිසක්, තමන්ගේ තාත්තා, සීයාගෙන් ආපු පක්ෂෙට නොවන බව තේරුණාම අද ඔය ලොකු පුටුවල මිනිස්සුන්ට වත් උන්ගේ පුත්තුන්ට වත් මේ නැටිලි නටන්න හම්බ වෙන්නේ නැහැ!! :no: මොකද මිනිස්සුන්ගේ මනාපය ඕනම මොහොතක වෙනස් වෙන්න පුලුවන් බව දන්න නිසා.:cool:
    අන්න! ඒ බය ආපු දාට තමයි මචන් මේ රටවල් හැදෙන්නේ.....!!!:yes::yes:

    මිනිස්සුන්ගේ මනාපය කියන දේ (vote), වර්තමාන බහුතරයක් දෙශපාලකයන්ට සහ දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තු වෙන උදවියට පවා වැදගත් වෙන්නේ, ඕන වෙන්නේ, වසර 5 කට සැරයක් විතරයි. උන්ගේම වචනවලින් කියනවානම් අවුරුදු පහකට ගියානම් ඇති පරම්පරාවටම ගොඩයන්න පුළුවන්. එහෙම උන්, කුඩු සල්ලි හරි, කසිප්පු සල්ලි හරි, සාදාරන නීත්‍යානුකූල නොවන ඕනෑම ක්‍රමයකින් උපයා ගන්න සල්ලි අතදිග ඇරලා වියදම් කරලා මැතිවරණ ව්‍යාපාරයේ නිරත වෙනවා. සමහරු මේක ආයෝජනයක් හැටියට සලකන්නේ. තියෙන දෙයක් විකුණලා චන්දෙ කරලා, දින්නට පස්සේ arrears එකත් එක්ක හම්බ කරනවා.

    වර්තමාන මැතිවරණ ක්‍රමය තුල පවා (සමානුපාතික චන්ද ක්‍රමය), සාදාරන විදිහට මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්නවත් අවශ්‍ය සාදක සම්පාදනය කරන්නේ නැහැ.
    උදාහරණයක් විදිහට සමස්ත දිස්ත්‍රික්කයක්ම කවර් කරන්න යන මුදල, ආසන මට්ටමින් ගත්තොත් ඉලෙක්ෂන් හත අටකට (කොලඹ නම් ඉලෙක්ෂන් 15කට වියදම් කරන මුදල) වියදම් කරතහැකි. (වර්තමාන මැතිවරණ සිස්ටම් එකේ තියෙන ප්‍රභලම දුර්වලතාවය හැටියට මම දකින්නේ මේක, මේ නිසාම විකල්ප මැතිවරණ ක්‍රමයකට යායුතුයි කියන එක මගේ පෞද්ගලික මතය)

    ඉතින් කරුණු කාරනා මෙහෙම තියෙද්දී මුලික සුදුසුකම වන "තමන්ගේ ආසනේට වැඩක් කරන්න පුලුවන් මිනිහෙක්" වීම නොමල ගෙයකින් අබ මිටක් හොයනවා වැනි කාරනාවක් වෙනවා නේද.
    මොලයක් තියෙන නිසි අද්යාපන සුදුසුකමක් තියෙන මිනිහෙක්ට චන්දෙකට ඉල්ලන්න තරම්වත් වත්පොහොසත්කමක් තිබේවිද අපේ රටේ. (එක වෙනමම ආර්ථිකමය ගැටළුවක්). එහෙම සාදාරනව දෙයක් හරිහම්බ කරගත්ත මිනිහෙක් උනත් දේශපාලනයට ඇවිත් ප්‍රතිපත්තිමය දේශපාලනයක නිරත වෙන්න පුළුවන් වේවිද. BAR ලයිසන් එක ගන්නේ නැතුව, car permit එක විකුනන්නේ නැතිව. කොමිස් ගන්නේ නැතිව හෝ වෙනයම අයතා ක්‍රම වලින් නැතිව මංත්‍රී වැටුපෙන් දීමනා වලින් විතරක් ඔය මනුස්සය ගැට ගහගෙන ඉඳීවිද. හරි එහෙම පුළුවන් කියමුකෝ
    එත් කීයෙන් කීදෙනෙක් ඔය කියන ගොඩට වැටේවිද. මම අහලා තියෙන විදිහට තුන්වෙනි ලෝකේ රටක දේශපාලකයෙකගෙන් මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දේවත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියලයි කියන්නේ. චන්දදායකය අපේක්ෂකයා කාල බලල තීරණය කරන්නද කොයි ගොඩට යනවද කියලා. අපි හොඳ මනුස්සයෙක් (සාපේක්ෂව) තෝරලා පත්කර යැව්වත් කුණු අඹ ගොඩේ තියෙන එක හොඳ අඹේටත් පණුවෝ ගහනවා වගේ ඔය හොඳ මනුස්සයක් අනිත් පැත්තට පෙරළෙනවා කියන එකට උදාහරණ ඇත අතීත දේශපාලනෙන් වගේම මැත අතීතයෙනුත් කිලෝ ගානට ගතහැකි. (මම නම් කියන්න යන්නේ නැහැ, තම තමන් තම නැණ පමණින් තෝරා බේරා ගන්න,)

    ඉතින දේශපාලකයන්ව වෙනස්කරනවා කියන එක සාපෙක්ෂව ගොඩක් අමාරු කර්තව්‍යයක් හැටියට තමයි මටනම් පෙන්නේ. එත් අපිට still බාවිතා කරන්න පුළුවන් අපිට තියෙන ප්‍රභලම භයානකම අවිය වන චන්දය නැත්නම් Vote එක කේවල් කිරීම සඳහා. එත් මේක සැහෙන්න මන්දගාමී slow අවියක්. කිසිම දේශපාලන පක්ෂයකට අති භහුතර බලයක් දෙන්නේ නැතිව. පාර්ලිමේන්තුව තුල සුළු බහුතරයකින් ආණ්ඩු කරගෙන යන්න කටයුතු සලස්වන්න ඕන. (අති බහුතරයකින් ආණ්ඩු බලය ලබාදීමෙන් සිදුවූ ව්‍යසන පිලිබඳ, මෑත මෙන්ම මදක් අතීතයෙනම බලාගන්න පුළුවන්.) මෙහිදී ප්‍රගතිශීලී (ඇත්තටම එහෙම උන් ඉන්නවද අපේ පාර්ලිමේන්තුවේ?) හෝ පුද්ගල හෝ පක්ෂ ඒකාධිපති බලවේග වලට විරුද්ද ප්‍රතිගාමී නියෝජනයක් වර්දනය කරන්න ඕන. (ඔබ ඔය මුලින් සඳහන් කරන කාරනාව "ඒ බය" කියන දේ ඒවිට අදාළ පුද්ගලයන්ගේ හදවතට දැනේවි). උදාහරණයක් විදිහට විදායක ජනාධිපති ක්‍රමයම අහෝසි කරනවා කියනවා වෙනුවට, ජනාධිපතිට ඕන ඕන වෙලාවට පාර්ලිමේන්තුව විසුරවීමේ බලය. කැමති කැමති උන්ට මන්ත්‍රී ධුර, ඇමති ධුර, සංස්ථා සභාපතිකම් නිලතල ආදිය ලබාදීම බලතල ආදී. එකාධිපතීත්වයකට සුළුවෙන හෝ පාර කපන නීති අනපනත් පරාජය කිරීමේ, අහෝසි කිරීමේ අවලංගු කිරීමේ බලයක් හඬක් ගොඩනැගෙන විදිහට එහෙම හඬක් ඇතිකරන නියෙජනයක් පාර්ලිමේන්තුව හෝ පළාත්සභා තුල පමණක නෙමේ පහලම ජනතා නියෝජනය තියෙන ප්‍රාදේශීය සභා තුලත් ඇති කරන්න ඕන. මම උදාහරණයක් හැටියට විදායක ජනාධිපති ක්‍රමය ගත්තත් ඊට වඩා පුළුල්ව මේක තියෙනවා.
    "රජුන් තැනීම වෙනුවට "ජනතා සේවකයෝ" පත් කර ගැනීමට මුල් තැන දෙන්න ඕනි!" කියන දේ වර්තමාන සිස්ටම් එකේදී එච්චර ප්‍රැක්ටිකල් සිද්ද නොවුනට, මම කියන කාරණාව වර්තමානයේ සුළුවෙන් දකින්න පුළුවන්.

    මේක ඉතාම මන්දගාමි ක්‍රියාන්විතයක්. ක්ෂණික ප්‍රතිපල නම් දකින්න වෙන්නේ නැහැ.
    මොනතරම් "ජනතා සේවකයෝ" අපි පත්කරත්, ජනතාවට විශාල වගකීමක් තියෙනවා. අවුරුදු පහකට සැරයක් ගිහින් පැන්සලෙන් කතිරේ ගහල පෙට්ටියට දාල පහුවෙනිදට චන්දෙ දිනපු එක වෙනුවෙන් රතිඥා පත්තු කරලා නතර වෙන්නේ නැතිව. දිනුව හෝ පැරදුන උනත්. ඊළඟ චන්දයක් එනකම් කුසීතව බලාගෙන ඉන්නේ නැතුව. ඊළඟ චන්දෙදි උඹට වැඩේ දෙන්නම් එතකන් හිටහන් කියන්නේ නැතුව හඬක් නගන්න, පාරට බහින්න හා ක්‍රියාකාරී වෙන්න.

    කවරෆ්දාකවත් එක මිනිහෙක් අතට අසිමිත් බලයක් දෙන්න හොද නැ. උ පුස්සු කෙලින්න් ගත්තහම ඉති අයි ක්කරන්න් දෙයක් නැ. උට පුළුවන් නම් පාර්ලිමේන්තුවේ කට්ටිය පාලනය කරන්න එකෙන් උට ඕන දෙයක් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න පුළුවන්.

    මම දන්න විදියට කිව්බවේ තිය නියම සිස්ටෙම් එකක්. එකේ නියෝජිතෛන් පත්කරන්නේ පළමුව ගමේ කට්ටිය එකතුවෙලා එගොලන්ගේ පහලම පාලන ආයතනයක (එකියන්නේ අපු නගරසබා, ප්‍රදේශීය සබැ වගේ ) කට්ටිය පත්කරනවා. එගොලන්ගෙන් පාර්ලි‌‌මේන්තුව තුවට කට්ටිය තෝරලා යනවා. කස්ත්‍රෝ පවා පත්වෙන්න් එහෙමයි. ඊට පස්සේ එගොලන්ගේ පත්වීම් කාලය අතරතුර වසරකට එක වරක් වගේ කර්යසදනයක් තියනවා ප්‍රදේශයේ ජනතාවගෙන්. එතකොට තමන් යවපු කටයුතු නොකර පිස්සු කෙලින කට්ටිය කලින්ම ගෙදර තමයි. කස්ත්‍රෝ උනත් විප්ලවයේ නායකයා උනාට ඕනෑම වෙලාවක ගෙදර යවන්න පුළුවන් . කොහොම උනත් මේ හැම දේටම කලින් මිනිස්සු වෙනස් කරන්න ඕන.
     
    :lol::lol::lol::lol:

    තනිකර බොරැනෙ. කැස්ට්රෝ අවුරැදු 50 කට වැඩි කාලයක් කියුබාවේ නායකයා වෙලා හිටියා. සෝවියට් දේශෙ බිද වැටුනට පස්සෙත් අවුරැදු 10කට වඩා බලේ හිටියා කෝ කවුරැවත් ඒ පාලනය වෙනස් කලේ නෑනේ? ඒක ප්රජාතන්ත්රවාදයද මහත්ත‍යෝ?

    එහෙමත් නැත්තන් කැස්ට්රෝ කියුබාවට මහා ලොකු සංවර්ධනයක් කලාද ඔච්චර කාලෙකට මිනිහව තියා ගන්න? එහෙමත් නැත්තන් කියබාවෙ ඉන්නෙත් වහල්ලුද? දීපන් කො උත්තර....
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama rajakari mattamen saha ita passe ekath ekka athi una pudgalika hithawathkam mattamen terum gatta deyak thamai demala tharuna aya thawamath bedumwadayama nethath wenama palanayak kiyana ekata yam mattamakin ho sakreeyawa kemathi kiyana eka. sinhala minihata oya sanhidiyawa kiyana magula powanna ona ne, mokada ape thiyenawa podi mewwa ekak " ane monawa unath pau" kiyana eka. mama kiyanne eka weradi kiyala nemei. eka nisama sinhala hith hedena eka kramanukulawa wenawa. namuth kumana ho hethuwak nisa , boho durata oya ubala katha wena awasthawadee deshapalanaya nisa demala jathikayan me owunuth apith hira wela inna ekamaugulen gelawenna beri kamaka hira wela innawa.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හරබර ලිපියක් කාලෙකට පස්සේ කියෙව්වා.... 15+ :love:

    කොහොම නමුත්, කුලල් කා ගැනිලි අදටත් ඉවර වෙලා නෑ. මිනිස්සු අදටත් එක එක පාට කණ්ණාඩි දාගෙන තම තමන්ගේ පක්ෂ වෙනුවෙන් කඩේ යනවා. මැරෙනකම්ම පක්ෂ දේශපාලනය වෙනුවෙන් ඇනකොටාගෙන තමන්ගේ පටු ආකල්ප ඇතුලේ හිරකාරයෝ විදිහට ජීවත් වෙලා හිරකාරයෝ විදිහටම මැරිලා යනවා.