මේ සේරම කරන වැඩේ අනුව වෙනස් වෙනවා නේ
සාමාන්‍ය වැඩ කරන කෙනෙක්ට මැක් එකකින් මහා ලොකු වාසියක් නැහැ. මැක් වල හැම දේම ලස්සනට හදල තියනවා, අකුරු එහෙම ලස්සනට කියවන්න ලේසි විදියට ලස්සන Typeface හදලා තියනවා, ඩිස්ප්ලේ කලර් කැලිබ්‍ර්ට් කරලා තියනවා ඒක නිසා ඩිසයින් කරද්දි සහ ප්‍රින්ට් කරද්දි කලර් වෙනස් නැහැ මේක තමයි ගොඩක් ෆොටෝග්‍රැෆි වලට මැක් යූස් කරන්න ඉස්සර තිබුන ප්‍රධානම හේතුව. ඒක නිසා ගොඩක් ඒ පැත්තට තියන සොෆ්ට්වෙයා මැක් වලට හොදට සපොට් කරනවා.
මම දැනට මැක්බුක් ප්‍රෝ එකක් සහ වින්ඩෝස් PC එකක් යූස් කරනවා. ගොඩක් එදිනෙදා වැඩ වලදි මැක්බුක ප්‍රෝ(Mid 2015 එකක්) එක ස්පීඩ් කියලා දැනෙනවා ඒකට ගොඩක්ම SSD එක හේතු වෙන්න පුලුවන්.ස්පෙක් කම්පෙයා කරොත් මගේ PC එක මැක් බුක් එකට වඩා ගොඩක් හොදයි.ඒ වුනාට මගේ ඩිවලොප්මන්ට් ටූලස්(Android Studio+Emulator, JetBrains IDEs, Chrome and Firefox,Gulp,NodeJS...etc) මැක් එකේ ෆාස්ට් ඕන නම් මම වීඩියෝ එකක් වුනත් දාන්නම්
Specs:
MacBook Pro 15inch, Mid 2015 - i7 2.2GHz,16GB Ram,256SSD,Display 2880 x 1800, Intel VGA
Desktop - i7 3770K,16GB Ram, 1TB +500GB+250GB HDDs, Nvidia 970 4GB VGA, 600W FPS Psu, 3 Displays 1920x1080
ගේම් ගහන්න සහ සමහර වෙලාවට Blender යූස් කරන්න තමයි PC එක යූස් කරන්නෙ ඒ දේවල ඉතින් PC එකේ හොදට වැඩ
හැම වැඩටම මැක් එක හරියන්නෙ නැහැ. හැම වැඩටම PC එක හරියන්නෙත් නැහැ