‪Breaking News‬ කොස්ගම

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    ත්‍රිවිද හමුදා ගිනි නිවන ඒකකය ගින්න නිවීමට පියවර ගන්නා අතර අවට ප්‍රදේශවල ගිනි නිවන හමුදා සහායට පිටත්ව ගොස් ඇත. අවට සියලුම රෝහල් සූදානමින් තබා ඇති බව රෝහල් ආරංචි කියයි.
    අවට වැසියෝ දරුමල්ලන් රැගෙන ත්‍රී රෝද රථ පාපැදි යතුරුපැදි හා තම වාහන වලින් කොස්ගමින් ඉවත් වෙමින් සිටිති. ඇතැම්හු කැලණි ගඟ ලඟට ගොස් ඔරු පාරු වලින් පිටත් වූහ.
    කොස්ගම අවි ගබඩාවේ පිපිරුම් හඬ කිලෝමීටර් 50 කට වඩා දුරු දැරණියගල නූරිය වත්තට 7.30 ට පමණ ඇසුණ බව දැරණියගල ලංකාදීප මාධ්‍යවේදීනී රංජනී සෝමචන්ද්‍ර කියයි
    'කඳු අතරින් අපට කොස්ගම පැත්ත පේනවා. ඒ පැත්තම කලු දුමකින් වැහිලා වගෙයි' ඇය කීවාය.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    1.gif
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    කොළඹින් යැවූ ත්‍රිවිද හමුදාවේ විශේෂ කණ්ඩායම් කොස්ගමට ලංවීමට උත්සහ ගන්නා බවත් වාහන තදබදය නිසා එය ඉතා අසීරු බවත් ආරක්ෂක ආරංචි කියයි. ගුවන් හමුදාව විසින් ගුවන් ගත කළ බී 200 වර්ගයේ විශේෂ නිරීක්ෂණ යානාව මගින් කඳවුර අවට නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බවත් ගුවන් හමුදාව කියයි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන්ම කියන්න ඉක්මන් වැඩී මචං.
    දෑන් ඉතින් බයියො කියයි කොටින්ගේ වෑඩක් කියල ටොයියො කියයි මහින්දගේ/ගෝටගේ වෑඩක් කියල. හමුදාවට පඩි දීල නෑති කතාවත් ඒ වගේ එකක්. කරුනාකරල කට්ටිය තමන්ගේ අදහස් දෑනට හිතේ තියගෙන ඉන්නවද? හමුදාවට තමුන්ගේ වෑඩේ බලාගන්න දීලා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,368
    113
    කොස්ගම හමුදා කඳවුරේ මහා පිපිරීමත් සමඟ මීටර් 500 ක් 600 ක් උඩට රතු එළි ගමන් කරන බවත් එම එළී සමඟ ගිනියම් වූ කැබලි කිලෝ මීටර ගණනක් දුරට වැටෙන බවත් කියති. මේ අනූව හංවැල්ල නගරයේ වැසියන් ද ඉවත් කරන බව පොලිස් ආරංචි කියයි. හංවැල්ල නගරයට එවැනි කැබලි වැටුණ බව කියති
    "කොස්ගම කඳවුරේ රතුම රතු එළි විහි දී අහසට නගිනවා. ගිනියම් වූ කැබලි ඒ අතරින් කිලෝමීටර් ගණන් ඈතට විසි වෙනවා" යැයි පොලිස් ප්‍රකාශකයෙක් කියයි.
    ගිනි දලු අහසට නගින හැටි මී ගොඩටද පෙනේ යැයි එහි වැසියෙක් කියයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවිස්සාවේල්ල කොස්ගම ශාලාව ප‍්‍රදේශයේ පිහිටි යුධ හමුදා කඳවුරේ මහා පිරිමාණ පිපරීමක් සිදුවෙමින් තිබේ.
    පතොරොම් හා අත්බෝම්බ ගබඩාවක් මෙසේ පිපිරි යමින් ඇතැයි වාර්තා වෙයි.
    හයිලෙවල් පාරේ ගමනාගමනය නවතා දමා ඇති අතර කිලෝ මීටර 5-6ක පමණ දුරට ජනතාව ඇත් කරමින් ඇත.
    පිපිරීම පාලනය සඳහා ත‍්‍රිවාධ හමුදාවම මැදිහත් වී මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර මෙම කඳවුරේ කාලතුවක්කු උණ්ඩ ගබඩාව පිපිරීමෙන් බේරා ගැනීමට හමුදාව දැඩි පරිශ‍්‍රමයක් දරන්නේ යයිද වාර්තා වෙයි.
    මෙම කඳවුරේ පුපුරණ ද්‍රව්‍ය ටොන් 800ක් පමණ වෙතැයිද සඳහන්ය.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    උබ ඕක පත්තරේන් නේද දැක්කෙ හිටං .......... :sorry:
     
    :shocked: