අන්තිමට Fan කෙනෙක් විදියට අපි වැඩියෙන්ම කැමති අර පුටුව කාට යනවටද..




1. ජෝන් ස්නෝව්
2. ඩනේරියන් ටයිගේරියන්
3. බ්රෑන්ඩ් ස්ටාර්ක්
4. ටයිරියන් ලැනිස්ටර්
මම නම් මට කතාව බලල මට හිතුන දේ අනුව මේ පුටුව යන්න ඕන ටයිරියන් ලැනිස්ටර් ට.


ජෝන් ස්නෝව් කියන්නේ වගකීමක් අරන් ගැම්මෙන් වැඩක් කරන එකෙක් නෙමේ උගේ Winterfell කෙරුවාව ඒකට උදාහරණේ. ඩනේරියස් උනත් දාගෙන ආපු සෙල්ලමේ තරමට එයාටත් රටක පාලනය කරන තැනදී ෆේල් උනා. ඌට එපාම වෙලා ගියා අන්තිමට ඌට වෙච්ච දේවලුත් එක්ක. ඔය තැනට ඩනේරියන් නංගිත් යුද්ධේ අන්තිම හරි ය යද්දි එයි කියල මට හිතෙනවා.. මොකද ඔය චරිත දෙකම යම් ගානකට මිනිස්සු ගැන සෙන්සිටිව්. ස්නෝව් අන්තිමට පොරගේ මුල ඉඳන්ම ඕන කම තිබුණ බෙන්ජන් ස්ටාර්ක් වගේ රේන්ජර් කෙනෙක් වෙයි. (මේ යුද්ධෙ තනකදි බෙනජන් කොහොමත් මැරෙයි පොරව කතාවට ගෙනාවෙත් ඒ වගේ END එකකට දාන්න වෙන්න පුලුවන්.) බ්රෑන්ඩ් ස්ටාර්ක් කොහොමත් ඉස්සරහට වෙන්න තියෙන දේ හරි කලින් වෙච්ච වැරදි හරි දැකලා ඉස්සරහ වෙන්න ඕන දේ දැකල හරියට Coordinate කරන්න ඕන විදියේ ඩයල් එකක්. පොර හරි ජේමි ලැනිස්ටර් හරි පුරෝහිත තැනට ඒවි.ඩනේරියස් යුද්ධෙන් නන්නත්තාරම වෙලා යයි මිනිස්සු මැරෙන හැටි දැකලා. ආර්යා ස්ටාක් වින්ටර් ෆෙල් වල පාලනය ගනීවි ඉන්න පොඩි සෙට් එකෙන් ඒකට හරි යන ගට තියෙන්නේ ආර්යට. සන්සව එයගේ ලොකු අම්ම හිටි දිහාවට පටවල දාවි. 


කොහොමත් මේ කතාවේ Main Character එක ටයිරියන් ලැනිස්ටර්. ඉපදුන දවසේ ඉඳන් කුණ කාගෙන ඇවිත් නින්දා අපහාස එක්ක අන්තිමට යන්න තියෙන ඉහළම තැනට කිසිම දෙයක් නැතිව මොලෙන්ම ගේම ගසල ඒවි. 


(මගේ එකෙක් රෙප් කපල තිබුණා මම ලයිවියන් ලැනිස්ටර් වගේ කියලා..




මාව දැකපු එකෙක් වෙන්න ඇති..ඉඹලත් බැලුවලු. කොළු කාරයෝ ඉන්න පුලුවන් Prime minister එහෙම නිසා ඒනිසා කොල්ලනේ පරිස්සමෙන්..)



so much better than watching
