ශෑඩෝ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දට දැන් හොඳටම පිස්සු හැදිලා, එක්කෝ මහිනදව නටවන ඒකාබද්ද විනාශෙට පිස්සු. මහින්ද චන්දෙට කලින් ශෑඩෝ බොක්සිං ගැහැව්වා දැන් ශෑඩෝ කැබිනට් එකක් දාලා ඒකෙ අගමැති ලු. නියම මොන්ටිසූරි වැඩ මේවා. පව් ඉතිං ඔහොම හරි අගමැති වෙලා හිටපුදෙන්. අපේ රට ගෝත්‍රික රටකුත් නෙමේ නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක්නේ. :lol::lol::lol:

    16.jpg

    22.jpg

    32.jpg
     
    • Like
    Reactions: gepa

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,649
    939
    113
    Australia
    ජිංතක ජිල්ලබකිට;20383448 said:
    He is just imitating Brithish system where British opposition have a shadow cabinet.

    Only difference is Mahinda is not even opposition leader:D

    මේක අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණයක්.
    - මීට නිවාස, ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා ඇමතිගේ ඡායාව
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒකාබද්ධ විපක්‍ෂය බ්‍රහස්පතින්දා (7) නම් කළ ඡායා කැබිනට්ටුවේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා තමන් එයින් ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දී තිබේ.

    මෙම ඡායා කැබිනට්ටුව ගැන මාධ්‍ය මගින් වාර්තා කරන තුරු තමන් නොදැන සිටි බවත්, ඒ ගැන තමන්ට දැනුම් දීමක් කර නොතිබූ බවත් මෙම කටයුත්ත ගැන කිසිවක් නොදන්නා බැවින් තමා එයින් ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත් රත්වත්තේ මහතා ලංකාදීප එසැණ කළ විමසීමකදී පැවසීය.

    මේ අතර ඡායා කැබිනට්ටුවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද තමන් එයින් ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවට දේශපාලන ආරංචි ඇත.

    රාජපක්‍ෂ මහතා ඒකාබද්ධ විපක්‍ෂයට උපදෙස් දී ඇත්තේ ඡුායා කැබිනට්ටුවක් පිහිටුවා ගන්නා ලෙස නොව අමාත්‍යාංශ වෙනුවෙන් අධීක්‍ෂණ මන්ත‍්‍රීවරුන් නම් කරන ලෙස පමණක් බවද වාර්තා වේ.

    මහා බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය අනුව යමින් මෙම ඡායා කැබිනට්ටුව නම් කිරීමේ මූලික දෝෂයක් ඇතැයි නම හෙළි කිරීමට අකමැතිවූ විපක්ෂ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කීහ.

    සම්ප්‍රදාය විය යුත්තේ විපක්ෂ නායකවරයා ඡායා කැබිනට්ටුවක ඊළඟ අගමැති ලෙස සැලකීම වුවත් විපක්ෂ නායක ආර්.සම්බන්දන් වෙනුවට ජනපතිවරණයෙන් පරාජය වූ මහින්ද රාජපක්ෂ පත් එහි අගමැති ලෙස පත් කර ඇත. විපක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එතරම් ඇයි හොඳයි කමක් නැති නිසා සම්බන්දන් මහතා ඒ සඳහා නම් කර නැතත් අඩු ගණනේ විපක්ෂ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා පත් කළ යුතුව තිබූ බව ඔවුහු කියති.

    මහින්ද රාජපක්ෂ මහතාටත් මේ බව තේරී ඇති බව පෙනේ යැයි ද කියති.


    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: skymicro