මම ක්විඩ් කාර් එක ගන්න තීරණය කළේ ඒකෙන් ට්‍රිප් යන්න බලාගෙන නෙවෙයි; උදේට පාන් ගෙඩියක් ගේන්න. ඒක නිසා මගේ ඒ අවශ්‍යතාවට ඒක හොඳටම හොඳයි. ඉතින්, මේ වෙලාවේ ලක්ෂ 22 ක් අතේ තියාගෙන ඉන්න ඇත්තෙක් කාර් එකක් ගන්න බලාගෙන ඉන්නවා නම් මගේ එළකිරි සහෝදරයන් වන සිතිර සහ හයිනාඩේ යන දෙපළ කියලා තියන දේවලුත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා. කොහොමටත් මම හිතන්නේ මේ වාහන ගන්න සුදුසු කාලයක් නෙවෙයි, වාහන මිළ ලොවෙත් නැති තරමට ඉහළ ගිහින් නිසා. අනිත් කාරණය, මේ ක්විඩ් මෝටර් රථය ට්‍රිප් යන්න සුදුසු කාර් එකක් නොවන බව මට කාර් එක පාවිච්චි කිරීමට පෙර සිටම කියන්න පුළුවන්. එය city car එකක් පමණයි. මම මීට පෙරත් ත්‍රෙඩ්වල කියා ඇති පරිදි මේ රථයෙන් මම යන්නට බලාපොරොත්තු වන්නේ ගෙදර සිට උපරිම වශයෙන් කිලෝමීටර් 30 ක up and down දුරක්. ඒ කියන්නේ කොළඹ සහ අවට නාගරික ප්‍රදේශවල විතරයි.