වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    රත්තරං;20483011 said:

    ඔව් මෑන්ස් වාහනෙන් තමා හම්බ කරගන්නේ. ඒකට ලාම්පුව ඇල්ලුවොත් පොත විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් හදනවනම් කනුව මුල ඉදන් හදන්න වෙනවනේ

    ඇලෝවීල් එක ක්‍රැක් වෙලාද දන්නේ නෑ. බලන්න ඕනේ. බෙල්ල කඩාගන්න වෙන්නේ. :rolleyes:

    Ow athulata therenne nane podi edayak thibbata..jack karala karakawala balanna ona..mage aketh ohoma una...anthimata e design ake alloywheel akak thawama hoyanawa..heta anidda set akama danna inne hoyanna nethi nisa
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl::rofl:

    බඩාගේ යතුර හැදුවද..? ඕක ඉස්සුවොත් එහෙම ඕක වහ කයි... වැගන් ආර් එක ඉස්සුවත් ඌ ගනන් ගන්න එකක් නෑ... හැබැයි 15 එක ඉස්සුවොත් නම් ඉවරයි... :P:P:P

    ඒකෙ හදන්න දෙයක් තිබ්බෙ නෑ බැට්‍රිය කෙල වෙලා...:yes:

    ඕනෙනම් කියන්න අඩුවට දෙන්නම්...:P:P
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහලුනේ..:cool:. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.:baffled:

    ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.:yes::yes:

    ඩීසල් ෆිල්ටරේ...

    ............
    ............
    ............

    කපලා බැලුවෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ නැති නිසා...:yes::yes:

    :D එල එල
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒකෙ හදන්න දෙයක් තිබ්බෙ නෑ බැට්‍රිය කෙල වෙලා...:yes:

    ඕනෙනම් කියන්න අඩුවට දෙන්නම්...:P:P

    මම ගන්නවා. ඕක උස්සලා මෙහෙ ගෙනත් විකිණුව නම් කව්රුත් දැනගන්න එකක් නෑ.:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Yep hari
    umbe wahane sahenna duwanawane, e hinda oya intervals hari (conventional engine oil) petrol wahana walanam fuel filter eka 30k km walin maru krnn kyl thynne (severe usage)
    11.gif
    :cool:
    ගංවතුර අහුවෙච්ච ඒවා අහිංසක මිනිස්සුන්ගෙ ඇඟේ ගහලා ඒ මිනිසූ අනාථ කරන්න එපා සහෝ...:angry::angry::angry:
    :P:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩාගෙ FB15 එක එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක්ම ගොඩක් අඩුවට දෙන්න පුලුවන් මට.:yes::yes::yes:

    සිකියුරිටි සිස්ටම් එකේ ඔරිජිනල් රිමෝට් එකත් දෙනවා...:P



    සද්ද නැතුව ගියා දොර ඇරියා අරන් ආවා. අපේ බඩාට කරදර කර කර ඉන්න දෙයක් නෑ.. :yes::yes:
    යකඩ වලට තමයි දෙන්න වෙන්නේ.....:P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බඩාගෙ FB15 එක එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක්ම ගොඩක් අඩුවට දෙන්න පුලුවන් මට.:yes::yes::yes:

    සිකියුරිටි සිස්ටම් එකේ ඔරිජිනල් රිමෝට් එකත් දෙනවා...:P

    GXe5TqP.jpg


    සද්ද නැතුව ගියා දොර ඇරියා අරන් ආවා. අපේ බඩාට කරදර කර කර ඉන්න දෙයක් නෑ.. :yes::yes:

    :rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩාගෙ FB15 එක එහෙම ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න ගොඩක්ම ගොඩක් අඩුවට දෙන්න පුලුවන් මට.:yes::yes::yes:

    සිකියුරිටි සිස්ටම් එකේ ඔරිජිනල් රිමෝට් එකත් දෙනවා...:P


    සද්ද නැතුව ගියා දොර ඇරියා අරන් ආවා. අපේ බඩාට කරදර කර කර ඉන්න දෙයක් නෑ.. :yes::yes:


    PM එකක් එව්වා :yes:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :oo::oo: මට මතකයි ත්‍රෙඩ් එකක් තිබ්බත් වගේ..... :cool:

    හැපුනහම ඉතින් මුලින් කරන්න ඕනා තුවාලකාරයෝ ඉන්නවා නම් ඉක්මනටම වෙන වාහනේක පටවලා ඉස්පිරිතාලේ යවවන එක.... යකඩ ගොඩවල් වලට නම් මොනවා කරගන්න බැරිද...??

    මුකුත් ප්‍රශ්නයක් නැත්නම් වාහනේ පාර බ්ලොක් වෙන විදිහට නම් තියෙන්නේ.... වාහන වල ටයර් මාක් කරගෙන වාහන පාරේ අවහිර නොවෙන්න අයින් කර ගන්න..... !!

    ඊට පස්සේ ඉන්ෂුවරන්ස් වලට කෝල් කරන්න..... :yes:

    කිසිම වෙලාවක එක වාහනයකට විතරක් අලාභ උනා කියලා අලාභ නොවිච්ච වාහනේ යවන්න එපා ඉන්ෂුවරන්ස් එකෙන් එනකම්.... එහෙම කරොත් පොලිස් රිපෝට් එහෙම ඉල්ලලා වාත වෙනවා..... :dull:

    thx මාමේ :love:
    මට ඔහොම දෙයක් උනා බන්.
    වැන් එකක් මගේ bike එකේ වැද්දුවා, වැන් එකට අව්ලක් නැ bike එක ටිකක් damage උනා.
    මම පොරට යන්න කිව්වා, පස්සේ ඉන්සුවරන්ස් එකට කිව්වම තමා වැඩේ අව්ල් උනේ. වෙලාවට දන්නා එකෙක් හිටපු නිසා වැඩේ ගොඩ දාගත්තා.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    සිංහලුනේ..:cool:. ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.:baffled:

    ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.:yes::yes:



    ඔය වගේ එකක ඇතුල දැක්කමයි බන්.
    උබ නම් එල පොරක්, අපිට මළාට හිතෙන්නේ නැනේ ඔය වගේ දේවල්.:sorry:
    thx bro. කටු වාසින් වෙනුවෙන් මහන්සි උනාට.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ කාර් කට්ටෙ ලඟදි ඉඳලා මයිලේජ් එක කරකෙන්නෙ නැතුව ගියානෙ සිංහලූ..:sorry::sorry:

    මේ තියෙන්නෙ ඉතින් කරපු වැඩේ. කටුවක්ම නෙමේ ඉතින්. මාත් පලවෙනි පාරට මේ වගේ මීටරයක් කෑලි කෑලි වලට ගැලෙව්ව...:baffled::baffled: අලුත් දෙවල් ගොඩක් තිබ්බ.:yes::yes::yes: (දැන් කුයිඩ් අයිතිකාරයො එහෙම දුවගෙන එන්න එපා ඈ පරන වාහන බ්ලා බ්ලා ගාගෙන...:angry::angry::angry:)

    බාගෙට ගැලෙව්වම තමා මේක දම්මම හොඳයි කියල හිතුනෙ.මේකෙ තමා ස්පීඩොමීටරේ වැඩකෑලි ටික තියෙන්නෙ.:yes:

    gHXcyJ8.jpg



    ඔය තියන ස්පිරිං එකෙන් තමා කටුවට ටෙන්ෂන් එකක් දීගෙන ඉන්නෙ. 0ට ගන්නෙත් එයා තමා.:yes:

    මෙන්න මේ කෑල්ල තමා කටුව උඩපල්ලෙහා ගෙනියන එක්කෙනා. මේ විදියට තියෙන්නෙ පරන කේබල් මීටර් වල විතරයි. (අලුත් කටු මීටර් වල එන්නෙ ස්ටෙපර් මෝටර්. මේ ක්‍රමේ නෙමේ. ඒව වැඩකරන හැටි ගැන ඕනෙ නම් පස්සෙ දාන්න පුලුවන් විස්තරයක්.:) )

    iw8EgSg.jpg


    මේ කොපර් වලින් හදල තියන කෑල්ල කෙලින්ම කටුවට සෙට් වෙලා තියෙන්නෙ. ස්පිර්ං එකෙන් කටුව 0ට හේත්තුකරගෙන තියෙන්නෙ.

    nnHq6FE.jpg


    කොපර් කප් එක වගේ එක යටින් තියන මේ යකඩ පාට කප් එකේ තියනවා මැග්නට් එකක්. මේ දෙක එකට ටච් වෙන්නෙ නෑ. ගෑවි නොගෑවි වෙන වෙනම කැරකෙන්න පුලුවන් විදියට තියෙන්නෙ.:yes:

    kN20D3Z.jpg


    එතකොට ස්පිඩෝ කේබල් එක හයිවෙන්නෙ ඔය යකඩ කප් එකට තමා. මෙන්න මෙතනට. :yes:

    Ci5tVwV.jpg


    මේක වැඩකරන්නෙ එඩී කරන්ට් උපයෝගී කරගෙන. බයෝ, මැත්ස් කරපු අහනම් අහල ඇති. අනිත් අයටත් තේරෙන්න සරලව කියන්නම්.:yes:

    එඩී කරන්ට් කියන්නෙ සරලව කිව්වොත් අපි ඇති කරන චුම්භක ක්ෂේස්ත්‍ර වෙන්සක් නිසා ලෝහවල ඉලෙක්ට්‍රෝන ලෝහෙ ඇතුලෙම පාරවල් හදාගෙන එහෙ මෙහෙ යන්න ගන්නව. මේ සීන් එක නිසා ලෝහෙනුත් තාවකාලිකව මැග්නටික් ෆීල්ඩ් එකක් හැදෙනව. සමහර ලෝහවල මේ වැඩේ ටිකක් සැරට වෙනව.

    මේකත් ඔය සීන් එක හින්ද වෙන දෙයක්. පේනවද මේ මැග්නට් එක ස්ලෝ වෙන හැටි. ස්පිඩො මීටරේදි කරන්නෙ මේ තල්ලුව ප්‍රයෝජනේට ගන්න එක. :yes:

    JH4d2k4.gif


    මේ මීටරේදි වෙන්නෙ අපි යට කෑල්ලෙ තියන මැග්නට් එක කේබල් එකෙන් කරකවනකොට කොපර් කප් එකේ ඇතිවෙන එඩී කරන්ට් නිසා ඒකත් මැග්නටයිස් වෙලා ඒක අර කැරකෙන කාන්දමත් එන්න විකර්ෂනය වෙන්න ගන්නව.

    Speedometer_diagram.svg


    2 කියල මාර්ක් කරල තියන කාන්දම් කෑල්ල කැරකෙනකොට 3 කියල මාර්ක් කරල තියන කොපර් කප් එක තල්ලුවෙන්න ගන්නව. ඉතින් ඒකත් එක්ක කටුවත් තල්ලුවෙනව. ඔච්චර තමා ඉතින් සරලව.

    දැන් ඉතින් හිතෙනව ඇති නේද මේක කොහොමද හරිගානට ස්පිඩ් එක හදාගන්නෙ කියල. ඒකට ඉතින් අර කුයිඩ් හදල පාරට දැම්ම වගේ නැතුව:rofl: තිතට හරි ස්පෙක් එකට කෑලි ටික හදාගන්න ඕනේ.:yes:

    මේකෙ එනවා තව එජස්ට්මන්ට් දෙකක්.:yes:

    එකක් ස්පිරිං ටෙන්ෂන් එක වෙනස් කරන්න.

    N9jF3R2.jpg


    අනිත් එක නවතින තියන තැන වෙනස් කරන්න.

    CB173eE.jpg



    මේ දෙකෙන් තමා මීටරේ කැලිබ්‍රේට් කරන්න පුලුවන්. ජපානෙදි නියමිත ස්පීඩ් වලට කරකවල කැලිබ්‍රේට් කරනව ඇති. මං ඉතින් ආපහු තිබ්බ ගානටම තිබ්බ අවුලක් වුනේ නෑ.:P

    හරි දැන් ඉතින් වද දීපු එක්කෙනා..:angry:

    EbtvSvp.jpg


    මෙයා කැරකෙන්න ස්පීඩො කේබල් එකෙන්ම තමා. ගියර් ඩවුන් කරල තියෙන්නෙ අදාල ගානට කැරකෙන්න.:yes:

    TQB7wT5.jpg


    වෙලා තිබ්බෙ සිංහලු ඔය රතුපාටින් මාර්ක් කරල තියන රවුම පුපුරල තිබ්බ එක. ඒකෙන් තමා මුල් ඉලක්කම කරකවන්නෙ. ඉතුරු ඉලක්කම් ඉතින් පිලිවෙලින් ඊට කලින් ඉලක්කමෙන් කැරකෙන්නෙ. :yes:

    මේකට සුපර්ග්ලූ(ඔරිජිනල් එක) දාල ඇලෙව්ව. වැඩේ ෂේප් වුනා.:yes: දැන් කැරකෙනව ඔන්න හෝගාල. මීටරෙත් චෙක් කලා GPS එක්ක. ඒකත් අවුලක් නෑ.:cool:

    මේක ගලෝපු අතරේ දැක්ක තව එකක් දාන්නම්. :D:D:D

    මේක දැක්කම නම් ජපනට උම්ම එකක් දෙන්න හිතුන. :yes: මේවට තමා සිංහලුනේ හරියට බඩුවක් හදනව කියන්නෙ.:yes:

    මේ ස්පීඩොමීටරේ ඉලක්කම් ප්‍රින්ට් කරල තියන කෑල්ල.:D

    OOWjnDX.jpg


    පේනවද දෙපැත්තෙ කලුපාර ප්‍රින්ට් එකක් තියනව.:rolleyes:

    අර කුයිඩ් එකේ එන්ජින් බේ එකට බාගෙට පේන්ට් ගැහුව වගේ පිටිපස්ස බාගෙට ප්‍රින්ට් කරල එහෙමද.:baffled: හපොයි නෑ... :rofl:

    මේ පැටර්න් එක තියෙන්නෙ මීටර් එකේ බල්බ් දෙක පිටිපස්සෙ. මේක බැලුවම තේරෙයි.:yes:

    UZguZo9.jpg


    මේ කේස් එක කරල තියෙන්නෙ බල්බ් එකේ එලිය ස්පීඩොමීටර් එක පුරාම එකම විදියට ගන්න. එහෙම නැතිවුනොත් බල්බ් එක තියන තැන එලිය පොඩ්ඩක් වැඩිවෙන නිසා.:yes:

    ජපනා එතනින් නතර වෙලා නෑ.:baffled: මේකට යටින් එනව තව ක්ලියර් ප්ලාස්ටික් කෑල්ලක්. ඒකෙන් තමා වටේටම එලිය යවල තියෙන්නෙ. මේ තැන් වලට තමා බල්බ් දෙක සෙට් වෙන්නෙ.:yes:

    O4coc5C.jpg


    මෙහෙම ඩිසයින් කරල හදපු එකටනම් ඇත්තට සතුටු හිතුනා. මුන් පොඩි කෑල්ලත් මෙහෙ හදනකොට දෙකයි පනහෙ මාකටින් කරල විකුණන ටකරං බොඩියකුයි අතාථ එන්ජිමකුයි තියන වාහන ගැන මොනවද හිතෙන්නෙ.:(
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය වගේ එකක ඇතුල දැක්කමයි බන්.
    උබ නම් එල පොරක්, අපිට මළාට හිතෙන්නේ නැනේ ඔය වගේ දේවල්.:sorry:
    thx bro. කටු වාසින් වෙනුවෙන් මහන්සි උනාට.

    මාත් දැක්කමයි මචෝ...:yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ කාර් කට්ටෙ ලඟදි ඉඳලා මයිලේජ් එක කරකෙන්නෙ නැතුව ගියානෙ සිංහලූ..:sorry::sorry:


    හම්මෝ ස්පීඩෝ එක ඇතුලෙ ඔච්චර ජිඟිරිබිරිස් එකක් තියෙනවයි කියල දැනන් හිටියෙ නෑනෙ :shocked:
    මං හිතාන හිටියෙ ගියර් සිස්ටම් එකක් ඇති කියල :baffled:

    anyway කටුවට තෑන්ක්ස් :D:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මෝ ස්පීඩෝ එක ඇතුලෙ ඔච්චර ජිඟිරිබිරිස් එකක් තියෙනවයි කියල දැනන් හිටියෙ නෑනෙ :shocked:
    මං හිතාන හිටියෙ ගියර් සිස්ටම් එකක් ඇති කියල :baffled:

    anyway කටුවට තෑන්ක්ස් :D:yes:

    කේබල් වලින් දුවන කටු මීටර් වල විතරයි මචෝ ඔය ක්‍රමේ එන්නෙ. අනිත් ඒව ස්ටෙපර් මෝටර් එන්නෙ.:yes:
     

    saliya74023

    Member
    Mar 26, 2015
    14
    0
    0
    ස්පිඩොමිටර් සෙන්සර් ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකො.
    මට දැනගන්න ඔන සර්කිට් ඒකක් පාවිච්චි කරලා ස්පිඩොමිටරය කරකවපු විදිහ.
    පුලුවන්නම් ඒ සර්කිට් ඒක ගැන විස්තරයක් දාන්න. මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ස්පිඩොමිටර් සෙන්සර් ගැනත් පොඩ්ඩක් කියලා දෙන්නකො.
    මට දැනගන්න ඔන සර්කිට් ඒකක් පාවිච්චි කරලා ස්පිඩොමිටරය කරකවපු විදිහ.
    පුලුවන්නම් ඒ සර්කිට් ඒක ගැන විස්තරයක් දාන්න. මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක්.

    මචෝ මීටර් කරනවන්න බෑ. ඔය කියන්නෙ යුරාජ් අයියගෙ පල්සරෙට කරපු වැඩේ වෙන්න ඇති. ඒකෙ වුනේ මීටරේ 0ට රීසෙට් වෙච්ච එක වැරදීමකින්.

    ඒක් පොඩිම පොඩි වැඩක් කලේ. ස්පීඩොමීටරේ සෙන්සරෙන් 5V පල්ස් එකක් එන්නෙ රෝදෙ කැරකෙනකොට. කරපු වැඩේ නිකම්ම 5V පල්ස් එකක් දෙන සර්කිට් එකක් ගහල හිබ්බ සෙන්සරේ වෙනුවට.

    එච්චර කරන්න ඕනෙ නෑ මීටරේ වැඩිකරගන්න ඕනෙනම් පොඩි කාන්දම් කෑල්ලක් මෝටරේකට හයිකරල රෝදෙගාවින් සෙන්සරේ එලියට අරගෙන ඒක ලඟින් තියල තියන්න. මං කිව්වෙ පල්සරේකට නම්.

    වාහන මීටර් එක්ක අත්දැකීම් නෑ මචෝ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අපේ කාර් කට්ටෙ ලඟදි ඉඳලා මයිලේජ් එක කරකෙන්නෙ නැතුව ගියානෙ සිංහලූ..:sorry::sorry:

    මේ තියෙන්නෙ ඉතින් කරපු වැඩේ. කටුවක්ම නෙමේ ඉතින්. මාත් පලවෙනි පාරට මේ වගේ මීටරයක් කෑලි කෑලි වලට ගැලෙව්ව...:baffled::baffled: අලුත් දෙවල් ගොඩක් තිබ්බ.:yes::yes::yes: (දැන් කුයිඩ් අයිතිකාරයො එහෙම දුවගෙන එන්න එපා ඈ පරන වාහන බ්ලා බ්ලා ගාගෙන..

    රේප්+++ සැහෙන දෙයක් ඉගෙන ගත්ත. පට්ට මචං.
     

    saliya74023

    Member
    Mar 26, 2015
    14
    0
    0
    මචෝ මීටර් කරනවන්න බෑ. ඔය කියන්නෙ යුරාජ් අයියගෙ පල්සරෙට කරපු වැඩේ වෙන්න ඇති. ඒකෙ වුනේ මීටරේ 0ට රීසෙට් වෙච්ච එක වැරදීමකින්.

    ඒක් පොඩිම පොඩි වැඩක් කලේ. ස්පීඩොමීටරේ සෙන්සරෙන් 5V පල්ස් එකක් එන්නෙ රෝදෙ කැරකෙනකොට. කරපු වැඩේ නිකම්ම 5V පල්ස් එකක් දෙන සර්කිට් එකක් ගහල හිබ්බ සෙන්සරේ වෙනුවට.

    එච්චර කරන්න ඕනෙ නෑ මීටරේ වැඩිකරගන්න ඕනෙනම් පොඩි කාන්දම් කෑල්ලක් මෝටරේකට හයිකරල රෝදෙගාවින් සෙන්සරේ එලියට අරගෙන ඒක ලඟින් තියල තියන්න. මං කිව්වෙ පල්සරේකට නම්.

    වාහන මීටර් එක්ක අත්දැකීම් නෑ මචෝ.

    ඒ් සර්කිට් ඒක අැදලා දෙන්න බැරිද සහො.
    ස්තුතියි....:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ් සර්කිට් ඒක අැදලා දෙන්න බැරිද සහො.
    ස්තුතියි....:(

    මං කලේ PIC එකක් ප්‍රොග්‍රැම් කරල දාපු එක. ඒ එවෙලෙ ඉක්මනටම කරන්න පුලුවන් වෙච්ච දේ නිසා. මං වෙන පොඩි එකක් හොයල දෙන්නම් ඕනෙනම්. රෑවෙලා තමා ඉතින්.
     
    Status
    Not open for further replies.