අද මම ත්‍රේඩ් එක අරන් එන්නේ තමන්ගේ ඇගට වඩා ලොකුවට හිතලා වැඩ කරන්න හදන බල්ලෝ බ්‍රීඩ් එකක් වෙන , අපේ රටේ අය පොනරේනියන්,පොමනේරියන් කියලා වැරදි නමකින් හදුන්වන පොමරේනියන් බ්‍රීඩ් එක ගැනයි.
ජිවිතේ පලවෙනි පාරට බල්ලෝ හදන කෙනෙක්ට මෙයාව හදන්න පුලුවන් ගෙදර පොඩි ලමයි නැත්තම්.
ඒ මොකද කිව්වොතින් මෙයාලා ආස නෑ මෙයාලට දෙන ඇටෙන්ශන් එක අපි අඩු කරනවට.
පොඩි ලමයි ඉන්නවානම් අපේ ඇටෙන්ශන් එක යන්නේ පොඩි ලමයාටනේ.
මෙයාලා ආස නෑ ඒකට.
පොමරේනියන් අය ආස තමන්ට විතරක් ගෙදර අය ආදරේ කරනවානම් , වෙන කාටවත් ආදරේ නොකර.
ආදරේ අඩුවක් වෙලා කියලා දැනුනොතින් මෙයාලා ගොඩක් ඉක්මනට ලෙඩ වෙනවා.
හාර්ට් ඇටෑක් පවා එනවා මෙයාලාට දුක හිතුනොතින් එහෙම.
ගොඩක් ආදරෙන් තමා මෙයාලව හදන්න ඕන අනිත් කිසිම බ්‍රීඩ් එකකට වඩා.
නැත්තම් ඉතින් මෙයාලා දුක් වෙලා ලෙඩ වෙනවා.
ලෝකේ ගොඩක් රටවල් වල හුරතලේට හදන මෙයාලා ගෙවල් වල ආරක්ශාවටත් හොදයි මොකද කිව්වොත් පොඩි සද්දයක් ආවත් මෙයාලා ටක් ගාලා බුරනවා හෙන සද්දෙන්.
පොමරේනියන් එකෙක් නොන්ස්ටොප් බුරද්දි මාර ඔලුවේ කැක්කුමක් එනවා ලග ඉන්න අයට සද්දේ වැඩි නිසා මෙයාලගේ.
රස්නේ , සීතලේ දෙකේම හදන්න පුලුවන් උනත් මෙයාලා ගොඩක් බර සීතල පැත්තට මොකද කිව්වොත් මෙයාලගේ ෆර් එක නිසා.
පොමරේනියන් එකෙක් ගන්නවානම් අනිවා ෆර් එක ගැන හොදින් බලාගන්න නම් වෙනවා මොකද මෙයාලගේ ලස්සනට සහ පැවැත්තමට ෆර් එක ගොඩක් බලපාන නිසා.
අපේ රටේ මිනිස්සු හදාගත්තු ලයන් ජර්මන් ශෙපර්ඩ් වගේම ලයන් පොමරේනියන් කියලා අමුතු බ්‍රීඩ් එකක් ඉන්නවා මේ රටේ සමහරු ගාව.
උජාරුවට කට ඇරලා කියනවා මගේ ගාව නම් ඉන්නේ ලයන් පොමරේනියන් එකෙක් කියලා.
ලයන් පොමරේනියන් කියලා බයිලා ගහන අයට කියන්නේ ලොකු සීන් දාගෙන ඉන්න එපා මොකද ලයන් පොමරේනියන් කියලා බ්‍රීඩ් එකක් නෑ මේ ලෝකේ කොහේවත්.
පොමරේනියන් අයගේ ශෝර්ට් ෆර්,ලෝන්ග් ෆර් කියලා දෙකක් ඉන්නවා.
ලෝන්ග් ෆර් පොමරේනියන් අයට තමා අපේ අය ලයන් පොමරේනියන් කියලා කියන්නේ.
ඔය ලයන් ජර්මන් ශෙපර්ඩ්,ලයන් පොමරේනියන් ඉන්නවා කියලා හිතන් ඉන්න අයට මේ කියන්නේ මම.
ලයන් කෑලි තියන බල්ලෝ නෑ ජර්මන් ශෙපර්ඩ්වත්,පොමරේනියන්වත්.
මෙයාලාගේ පොඩි කාලේ ඉදන්ම ගොඩාක් ආදරේට හැදෙන බ්‍රීඩ් එකක් පොමරේනියන් කියන්නේ.
පොඩි කාලේ,ලොකු කාලේ කියලා වෙනසක් නැතුව හැමදාම දගලන්න ආස බ්‍රීඩ් එකක් මෙයාලා.
ගෙදර අයගේ ඇටෙන්ශන් එක මොන විදියකින් හරි මෙයාලා ගාවට ගන්න හැසිරෙනවා මෙයාලා පොඩි කාලේ ඉදන්ම.
ඒකයි මෙයාලට ගොඩක් ආදරේ දීලා හදන්න ඕන කිව්වේ.
පොමරේනියන් පොඩි පැටියෙක්ව රු.7000.00 - රු.20000.00 අතර ගානකට ගන්න පුලුවන්.
මෙයාලට ගොඩක් එක්සර්සයිස් ඕන නෑ.
හැමදාම මෙයාලව මහන්සි වෙන ගානට නෝමල් එක්සර්සයිස් තිබ්බානම් ඇති.
හොදට කන්න බොන්න දීලා හැමදාම එක්සර්සයිස් කරන්න මෙයාලව මොකද එහෙම නොකර කන්න බොන්න විතරක් දීලා හිටියොත් මෙයාලා ලෙඩ වෙන්න බලනවා මහත් වෙලා.
යමු අපි දැන් මෙයාලගේ ඉතිහාසේ පැත්තට දැන්.
පොමරේනියන් අයගේ ඉතිහාසේ ටිකක් අමුතු ඉතිහාසයක් තියෙන්නේ.
පොමරේනියන් අය දැන් පොඩි බ්‍රීඩ් එකක් උනාට ගොඩක් ඉස්සර පොමරේනියන් කියන්නේ ලොකු බ්‍රීඩ් එකක්.
මධයම යුරෝපයේ කලාපයක් තියනවා පොමරේනියා කියලා.
උතුරු පෝලන්තයේ කොටසක් සහ නැගෙනහිර ජර්මනියේ කොටසක් අයිති වෙනවා මේ පොමරේනියාව කියන කලාපයට.
ඒ නිසා පොමරේනියන් කියන බ්‍රීඩ් එක හරියටම ආවේ පෝලන්තයෙන්ද , ජර්මනියෙන්ද කියලා කියන්න බෑ.
මේ හේතුව නිසා පොමරේනියන් අයගේ නිජබිම ලෙස පෝලන්තය සහ ජර්මනිය කියන රටවල් දෙකම සලකනවා.
නොවෙජියන් එල්ක් හවුන්ඩ්(Norwegian Elkhound),චිපර්ක්(Schipperke),ජර්මන් ස්පිට්ස්(German Spitz),ඇමරිකන් ඇස්කිමෝ ඩෝග්ස්(American Eskimo Dog),සැමොයිඩ්(Samoyed) කියන බ්‍රීඩ්ස් සහ තව බ්‍රීඩ්ස් කීපයක් එකතු වෙලා පොමරේනියන් කියන බ්‍රීඩ් එක ඇති උනා කියලා තමා ගොඩක් අය කියන්නේ.
නොවෙජියන් එල්ක් හවුන්ඩ්
(Norwegian Elkhound)
චිපර්ක්
(Schipperke)
ඇමරිකන් ඇස්කිමෝ ඩෝග්ස්
(American Eskimo Dog)
ජර්මන් ස්පිට්ස්
(German Spitz)
සැමොයිඩ්
(Samoyed)
ඉස්සර ඉදන්ම පොමරේනියන් අයව ගොඩාක් සල්ලි තියන අය හදන්න ආස උනා දැන් වගේම මොකද කිව්වොත් එයාලගේ ගමන් යද්දි පොමරේනියන් උන්ව අතේ තියාගෙන ගෙනියන්න පුලුවන් නිසා.
ස්වාමියාට ඇති ලෝයල්ටි එක කියන කාරණාව මත පොමරේනියන් උන්ව ෆේමස් උනා ගොඩක් ඉස්සර ඉදන්ම.
එන්ගලන්තයේ හිටපු රැජිනියන් අතරේ පොමරේනියන් අය ගොඩක් ෆේමස් උනා සුරතල්ලු විදියට.
අපි දැන් මෙයාලගේ මෙව්වා ටිකක් බලමුකෝ.
පොමරේනියන් කියලා කියන්නේ තමන්ගේ ශරීර ප්‍රමාණයට වඩා වැඩ කරන්න හදන බ්‍රීඩ් එකක්.
ගොඩක් ලොකු බල්ලෙක් දැක්කත් බුරාගෙන ගිහින් ගේම අදිනවා පොමරේනියන් උන්.
ඊට පස්සේ අර බල්ලාට කියලා හපාගෙන එනවා නැට්ට අකුලන්.
අනිත් එක තමා මෙයාලගේ බිරිල්ල.
පොඩි පොඩි සද්ද වලට පවා ගොඩක් ලොකුවට බුරනවා.
වෙන බල්ලෙක් දැක්කොත් මෙයාලා බලන්නේ ඒ බල්ලාට බුරලා ඌව බය කරගන්න.
ඒ නිසා පොමරේනියන් උන් ගොඩක් වෙලාවට ඉල්ලන් කන , පණ්ඩිත බ්‍රීඩ් එකක්.
ගෙදරට නොදන්නා කෙනෙක් ආවොත් කිසි හෙවිල්ලක්,බැලිල්ලක් නැතුවම හපන්න පනිනවා මෙයාලා.
ඒ නිසා පොමරේනියන් එකෙක්ව හදනවානම් පොඩි කාලේ ඉදන්ම හරියට ට්‍රේන් කරන්න නම් වෙනවා මොකද නැත්තම් ලොකු වෙද්දි ගොඩක් ලොකු කරදරයක්,හිසරදයක් වෙන්න පුලුවන් .
කියන දේ තේරෙන බුද්ධියක් තිබ්බත් ඉක්මනට කේන්ති යන ස්වාභාවය නිසා මෙයාලව ට්‍රේන් කරන්න ටිකක් අමාරුයි.
සෝ ඒ නිසා මෙයාලව ට්‍රේන් කරද්දි අපි ගොඩක් ඉවසිල්ලෙන් ඉන්න ඕන හරියට ට්‍රේන් කරගන්න නම්.
ඔය සිද්දිය දාලා ත්‍රේඩ් එක මම ඉවර කරනවා.
ජිවිතේ පලවෙනි වතාවට බල්ලෝ හදන කෙනෙක්ට,සතාට ගොඩක් ආදරේ දෙන්න පුලුවන් කෙනෙක්ට,ගෙදර පොඩි ලමයි නැත්තම් පොමරේනියන් එකෙක්ව හැදුවට කිසි ප්‍රශ්ණයක් නෑ.
කොච්චර බක පණ්ඩිත උනත් තමන්ගේ ස්වාමියාගේ හෙවනැල්ල වගේ ඉන්න බ්‍රීඩ් එකක් පොමරේනියන් කියන්නේ.
මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෝ ගොඩක් මගේ කලින් ත්‍රේඩ් වල පොමරේනියන් බල්ලෝ ගැන ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.
මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
එහෙනම් ජය වේවා.
කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.
ත්‍රේඩ් එකේ අන්තිමට මම කලින් දාපු බල්ලන්ගේ ත්‍රේඩ්ස් වල ලින්ක්ස් දාන්න කියලා ගොඩක් අය ඉල්ලලා තිබ්බා.
මෙන්න ඒ අය වෙනුවෙන්.
ජර්මන්~ශෙපර්ඩ්~GSD
http://www.elakiri.com/forum/showthread.php?t=1751792
Siberian~හස්කි
http://www.elakiri.com/forum/showthread.php?t=1752550
ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්
http://www.elakiri.com/forum/showthread.php?t=1752224
රොට්වයලර්~Rottweiler
http://www.elakiri.com/forum/showthread.php?t=1752872
බීගල්~Beagle
http://www.elakiri.com/forum/showthread.php?t=1753046
ඩොබමන්~Doberman
http://www.elakiri.com/forum/showthread.php?t=1753466
බුල්_මස්ටිෆ්~Bullmastiff
http://www.elakiri.com/forum/showthread.php?t=1753706
ගෝල්ඩන්~රිට්‍රීවර්_Golden Retriever
http://www.elakiri.com/forum/showthread.php?t=1754176
රිඩ්ජ්බැක්~Ridgeback
http://www.elakiri.com/forum/showthread.php?t=1754396
German Shepherd~මම
http://www.elakiri.com/forum/showthread.php?t=1747894
බල්ලන්ගේ~ලෝම
http://www.elakiri.com/forum/showthread.php?t=1749600
බල්ලට~බෙහෙත්
http://www.elakiri.com/forum/showthread.php?t=1750772
හපන~බල්ලෝ.
http://www.elakiri.com/forum/showthread.php?t=1751116





