හොරු අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    Company within company in Namal’s HelloCorp

    By Namini Wijedasa

    Namal Rajapaksa’s financial dealings during the tenure of his father’s presidency continue to be under scrutiny. He is once again in remand custody, charged with money laundering over the acquisition of a call centre by one of his many companies.

    The Financial Crimes Investigation Division (FCID) has filed charges against 30-year-old Mr Rajapaksa, who was only released on bail on July 18 in a separate case. In that one, he is alleged to have misappropriated Rs. 70 million provided by Indian real estate company Krrish Lanka Pvt Ltd for the development of rugby in Sri Lanka.

    Several of Mr. Rajapaksa’s business associates are also in remand or, in line for arrest in the HelloCorp case. An international warrant has been issued for Ornella Iresha Silva of Nawinna in Maharagama, as she is currently at an undisclosed location abroad. She, along with Nithya Senani Samaranayake, who is now in remand, was a director of Gowers Corporate Services (GCS) (Pvt) Ltd, a Namal Rajapaksa company that acquired HelloCorp.

    HelloCorp, a business process outsourcing (BPO) company, was initially owned by Expolanka Holdings PLC. Among its portfolios was a lucrative contract with the national carrier, SriLankan Airlines. According to the 2012/13 Expolanka Annual Report, the Group disposed of its stake in HelloCorp for a consideration of Rs. 60 million. HelloCorp CEO Ravi Raveendran also divested of his 40% stake at the same time.

    A company statement said the shares were sold to the Senok Group of Companies, of which, businessman Noel Selvanayagam is President. The annual return of HelloCorp filed in October 2014, also names Christopher Noel Vishkaran Selvanayagam as a director of the company. It is also signed by Wanniarachchige Thiyumi Shamindra Fonseka Abeysinghe as another director.

    However, the name entered into the HelloCorp annual return form under “Existing Shareholders” is GCS (Pvt) Ltd. In 2013 — during the period the HelloCorp sale took place — the directors of GCS were Ornella Iresha Silva and Nithya Senani Samaranayake. They have placed their signatures throughout the form.

    But the sole shareholder of the company was Lakshman Namal Rajapaksa of Carlton, Mahawela Road, Tangalle. He is listed as holding 100% of the shares of GCS. In effect, therefore, Mr. Rajapaksa’s company held full control of HelloCorp according to mandatory declarations filed with the Registrar of Companies.

    The GCS annual return dated February 2013 also reveals that, before Mr Rajapaksa took over full ownership of the company, it was owned by NR Consultants (Pvt) Ltd — again of Carlton, Mahawela Road, Tangalle. NR Consultants also belonged to Mr.Rajapaksa and is another of his firms currently under investigation.

    Several directorship changes have taken place since these first documents were filed with the Registrar of Companies. Another GCS director Sudarshana Bandara Gagengoda was also remanded. Another suspect, Sujani Bogollagama, was reported to court as being unwell and warded in hospital. An international arrest warrant has also been issued for Indika Prabath Karunajeewa.

    Mr. Rajapaksa’s lawyer said he expects bail for his client when the case comes up at the Colombo Magistrate’s Court tomorrow. “All alleged offences in the ‘B’ report of the FCID are bailable in a Magistrate’s Court,” lawyer Premnath Dolawatte said. “There will be no need to go to the High Court.” He confirmed that charges had been filed under the Money Laundering Act and the Penal Code.

    Mr. Dolawatte said the FCID appeared to be depending on one witness — a Bangladeshi national — in both cases filed against Mr Rajapaksa. “Why couldn’t they draft all the charges in a single time, instead of dividing up the cases?” he asked. “These are connected matters. They take him into custody on one case, he is bailed out and they file a different case in a different court.”

    - http://www.sundaytimes.lk/160821/news/company-within-company-in-namals-hellocorp-205589.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    නාමල්ගේ රතු වරෙන්තුකාරිය අබුඩාබි ෂේක් වරයෙකු ළඟ !

    namal-iresha-.jpg


    අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් වරෙන්තු නිකුත් කර ඇති, බටපොල ආරච්චිගේ ඔරනෙල්ලා ඉරේෂා ද සිල්වා නැමතිය මේ වන විට අබුඩාබි නගරයේ ෂේක් වරයෙකුට අයත් ජාත්‍යන්තර සමාගමක නීති කලමණාකාරියක ලෙස කටයුතු කරන බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.

    නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිමිකාරිත්වය දරන එන්.ආර්.කන්සල්ටන්සි සමාගමේ අධ්‍යක්ෂකවරියක් වන ඔරනෙල්ලා ඉරේෂා සිල්වා අත් අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 19දා ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තුවක් නිකුත් කළේය.

    නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 ක මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන ඇය අධිකරණය මගහැර විදෙස්ගතව සැගවී සිටියි.

    ඉන්ටපෝල් වරෙන්තුවක් නිකුත් කර ඇති තත්වයක් යටතේ ඇයට තවදුරටත් අබුඩාබියේ රැඳී සිටීම අපහසු වී ඇති අතර, යුරෝපා රටක දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා ඇය මේ වන විට බටහිර රටවල් කීපයක තානාපති අංශ සමග සාකච්ඡා පවත්වමින් සිටින්න බව වාර්තාවේ.

    මහින්ද ගෙන් ඉරේෂාට පණිවිඩයක් :

    මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයෙහි දුරකතන ඇමතුම් ලබා දෙමින් තමාව වහාම අමතන ලෙස අබුඩාබි වල සිටින ඉරේෂාට පණිවිඩ පිට පණිවිඩ යවා ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    ඔරනෙල්ලා කෙසේ හෝ එකගතාවයකට පත්කරගෙන ලංකාවට ගෙන්වා ගන්නා ලෙස නාමල් තම පියාට මෙන්ම මිතුරන්ටද රිමාන්ඩ් භාරයේ සිට උපදෙස් දී ඇතැයි ද වාර්තාවේ.

    එසේ නාමල් ඇතුළු රාජපක්ෂ පවුලේ උදවිය ඔරනෙල්ලා ඉරේෂාගේ පස්සෙන් පන්නන්නේ ඇය සතුව රාජපක්ෂ පවුලේ සංවේදී තොරතුරු රාශියක් තිබෙන නිසා බවත්, ඔරනෙල්ලා විසින් රාජපක්ෂවරුන්ට අයත් ඩොලර් මිලියන 400ක වත්කම් ප්‍රමාණයක් විවිධ ගිණුම් ඔස්සේ විවිධ රටවලට මාරු කර යවා ඇති බවත්, මින් වැඩි හරියක් ඇය යවා තිබෙන්නේ සීෂේල්ස් රාජ්‍ය වෙත බවත් 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි.


    - http://www.sinhala.srilankamirror.com/news/item/16022-iresha-working-for-abu-dhabi-sheik
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    අනර්කලී හා රෝසිගේ දුවත් FCID ලයිස්තුවේ ?

    රී ලංකාවේ පැවැති 2013 පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීම (CHOGM) සංවිධානය කිරීමට එක්වූ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රීනී හා නිළියක වන අනර්කලී ආකර්ශා හා හිටපු අමාත්‍යවරියක් වන රෝසි සේනානයක මහත්මියගේ දියණිය වන තිසක්‍යා මායා සේනානායක ගැනද මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ අවධානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායකයින්ගේ රැස්වීමේහි (CHOGM) සංවිධාන කටයුතු සිදුවූයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේය.

    ඔහුගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කාර්යාලයක්ද ඉදිකර තිබිණි.

    අනර්කලී මේවන විට ඇමරිකාවේ පදිංචිව සිටින අතර, ඇය විසින් කොග්ගල ඉදිකර ඇති හෝටලය ඉදිරිකිරීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බව ද පැවසේ.

    අදාළ හෝටලය ඉදිකිරීමට යොදාගෙන ඇත්තේ රජයේ ඉඩමක් බව පරීක්ෂණවලින් හෙළිව ඇති අතර එය ලබාදී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් බවටද තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.


    එසේම අනර්කලීට රූපවාහිනී විකාශන බලපත්‍රයක්ද ලබාදී ඇති බව හෙළිව ඇතැයි FCID අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    නහීල් වීරසූරිය

    මේ අතර, අනර්කලීගේ මව සමඟ කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ බව කියන ව්‍යාපාරික නහීල් වීරසූරිය මහතා අනර්කලී හරහා සිදුකළ වෙළෙඳ ගණුදෙනු සම්බන්ධයෙන්ද සෙවීමට FCID ය සූදානම්වන බව පැවසේ.

    තිසක්‍යා London College of Fashion හි විලාසිතා කරණය පිළිබඳ උපාධිධාරිණියකි.


    - http://www.sinhala.srilankamirror.com/news/item/16025-fcid-probes-anarkalli-rosie-s-daughter
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    තවත් රාජපක්ෂ කෙනෙක් හිරේ යන ලකුණු!

    බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් වෙන් කළ රුපියල් කෝටි 76ක මුදලක් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරුන් විසින් වංචා කරන ලද බව කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ ආරම්භකොට ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් ලබාදුන් මුදල් කොමුනි ඉංජිනේරු සමාගම විසින් වංචාකොට ඇතැයි ලද පැමිණිල්ලකට අනුව මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

    මෙම මාර්ගය ඉදිකිරීම සඳහා රජය වෙන් කළ රුපියල් කෝටි 76කට අධික මුදල්වලින් රුපියල් කෝටි 15කට අධික මුදලක් උණ්ඩියල් ක්‍රමයට ඕස්ට්‍රේලියාවට යවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව දැනුම් දුන් කොට්ඨාසයේ නිලධාරීන්, මෙම වංචාව සිදුකිරීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා සම්බන්ධ වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වූ බව අධිකරණයට දැනුම් දී තිබේ.

    කිලෝමීටර් 21කින් යුත් බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් වෙන් කළ මුදල් 2010 ඔක්තොම්බර් මාසයේදී ලබාගෙන ඇති බවත් මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ලබාගත් මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා යොදවා ගත්තේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

    සිද්ධියට අදාළව සිදු කරන පරීක්ස අවසන්කොට අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.


    - http://www.lankatruth.com/site/inde...්/item/2368-තවත්-රාජපක්ෂ-කෙනෙක්-හිරේ-යන-ලකුණු
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    වරායෙන් මහින්දට ලක්ෂ 640ක උපන්දින තෑග්ගක්

    කමනි අල්විස්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එවකට ජනාධිපති ධුරය දරද්දී ඒ මහතාට වසර 2010 නොවැම්බර් 18දා වරාය අධිකාරියේ මහජන මුදල් රුපියල් ලක්ෂ හයසිය හතළිහක් පමණ වැය කර පිරිනමා තිබෙන අපූරු උපන්දින තෑග්ගක් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

    හම්බන්තොට වරාය විවෘත කිරීම එදින සිදු කර තිබෙන අතර එම කටයුත්ත එදිනට සිදු කළේ රාජපක්ෂ මහතාට පිරිනැමූ උපන්දින තෑග්ගක් ලෙස සනාථ කිරීමට හැකි වීඩියෝ සාක්ෂි සොයාගෙන තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අදාළ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.

    තම උපන්දින උත්සවය සඳහා වැය කළ මුදල් අතර වේදිකාවට පමණක් රුපියල් තිස්හතර ලක්ෂ දහහත්දහසක පමණ මුදලකුත් සංකල්පමය රචනා සිදු කර තිබෙන බන්දුල නානායක්කාරවසම් මහතා නියෝජනය කරන ලද ආයතනයට රුපියල් පනස්හය ලක්ෂයක් පමණ ද වැය කර ඇත. තවද චන්න උපුලි රංගන ශිල්පීන් වෙනුවෙන් රුපියල් හතළිස්තුන්ලක්ෂ විසිඅටදහසක් පමණ ද එදින රාත්‍රියේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා මේරියන්ස් සංගීත කණ්ඩායමට රුපියල් ලක්ෂ දහහතක් වැය කර තිබේ. රාජපක්ෂ මහතාගේ උපන්දිනය මුළුමහත් උත්සවය පුරාවට ඉස්මතු කර තිබුණ බවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ප්‍රකාශ කළේය.

    පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (3819) සිදු කළ විමර්ශනයෙන් මෙම සියලු තොරතුරු සාක්ෂි සමඟ සොයාගෙන තිබෙන බවත් ඒ මහතා කොමිසම හමුවේ පැවසීය. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මේ බව පැවසුවේ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සූරසේන මහතා ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පි.ඒ. පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීය.


    - http://dinamina.lk/?q=2016/08/23/21308
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    ජනතා මුදල් ශෂීන්ද්‍රට පිදූ රණවක අත්අඩංගුවට

    පසුගිය ඌව පළාත් සභා මැතිවරණයට තරඟ කළ ඌව පළාත් හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වූ ප්‍රචාරක කටයුතු සඳහා රජයේ මුදල් රුපියල් ලක්ෂ 57ක් වැය කර ඇතැයි සිදු කළ විමර්ශනයකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු ලබන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කර තිබේ.

    සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යාංශය මගින් දේශීය සංචාරකයන් දැනුවත් කිරීමට සහ සංචාරක ස්ථාන සංවර්ධනය කිරීමට වෙන් කර තිබූ මුදල් මෙසේ හිටපු අධ්‍යක්ෂවරයෙකු විසින් මෙසේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වැය කර ඇත.

    සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ කිත්සිරි රණවක ඇතුළු පිරිසක් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.


    - http://www.lankatruth.com/site/inde...්න-සංචාරකයේ-මුදල්-වියදම්-කළ-තිදෙක්-අත්අඩංගුවට
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    FCID investigates financial fraud at SLC

    The Financial Crimes Investigations Division (FCID) of the Police has commenced investigations against seven individuals over financial fraud said to have taken place at Sri Lanka Cricket (SLC) since 2010.

    The accused include former Sports Minister Mahindananda Aluthgamage

    Filing a fact report before Colombo Additional Magistrate Nishantha Peiris, the FCID informed Court that they had recorded statements from two officials including the financial head of the SLC, in this regard.

    Chairman of the Committee on Public Enterprises (COPE) and JVP Parliamentarian Sunil Handunnetti had earlier lodged a complaint against former Sports Minister Mahindananda Aluthgamage, former SLC chairman Nishantha Ranatunga and former SLC interim committee members D.S. de Silva, Sujeewa Rajapaksha, Kalinga Indatissa, Asantha Chandana Seneviratne and Prabath Fonseka.

    In his complaint, Hadunnetti said COPE had initiated an investigation in this regard and found several financial irregularities, which include the sale of tickets during the 20/20 Word Cup Cricket Tournament in 2012, paying salaries and allowances to the former Sports Minister’s private secretary and an allocation of Rs. 20 million to cricket clubs by the former SLC secretary.

    Hadunnetti urged the police to investigate the reports that the former SLC Secretary Nishantha Ranatunga had engaged in 17 foreign tours while holding position of secretary of the SLC.

    The Additional Magistrate directed the FCID to conduct further investigations into the matter and report to Court on September 26.

    - http://dailynews.lk/?q=2016/08/23/local/91208
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අඩෝ මෙච්චර සල්ලි රාජසන්තක කොරලත් අහවල් ලබ්බකටද අපෙන් බදු ගහන්නෙ.

    4608381.gif
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    Nine cases against Sarana Gunawardena fixed for trial

    Colombo Additional Magistrate Aruni Attygalle fixed for trial on December 6, the nine cases filed by the Bribery Commission against former MP Sarana Gunawardena.

    He is charged with misappropriating state funds and causing losses to the Development Lotteries Board during his tenure as Chairman in 2006, and 2007.

    Gunawardena who is charged under Section 70 of the Bribery Act has pleaded not guilty to the charges.

    - http://dailynews.lk/?q=2016/08/23/local/91186
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ


    රාජපක්ෂලා, පොනිල්ගේ ගෑනිට එහෙම හොරෙන් හොරෙන් උකලා තියෙනවද කියලා හොයන්නේ නැද්ද?

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    වරාය විවෘත කිරීමේ නාස්තියට නාමලුත් හවුල්

    රමවේදයෙන් බැහැරව ඉවක් බවක් නොමැතිව වරාය අධිකාරිය සතු මහජන මුදල් රුපියල් ලක්ෂ එක්දහස් තුන්සිය අසූවක් වසර 2010දී හම්බන්තොට වරායට වතුර පිරවීම හා විවෘත කිරීමේ උත්සව සඳහා වැය කිරීමට අදාළ සිදුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමක් තිබුණ බවට ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණය විය.

    මේ බව තහවුරු කෙරෙන ලිඛිත සාක්ෂිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා කොමිසම හමුවට ඉදිරිපත් කර තිබුණි.

    එම ලිඛිත සාක්ෂිය වන්නේ ක්‍රියේටිව් හෙලන්කා සමාගමේ අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනි මහතා එවකට හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතාට ඉදිරිපත් කර තිබුණ ලිපියකි.

    එම ලිපියේ ප්‍රථමයෙන් සඳහන් කර තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා ජැක්සන් ඇන්තනි මහතාගේ සංකල්පය පිළිගෙන එයට ස්තූතිය ප්‍රකාශ කර තිබෙන බවත්ය. එම නිසා ගිවිසගත් මුදල් ගෙවීමට ක්‍රියා කරන ලෙසට එම ලිපියෙන් ජැක්සන් ඇන්තනි මහතා ප්‍රියත් බන්දු වික්‍රම මහතාට දැනුම් දී තිබේ.

    ජැක්සන් ඇන්තනි මහතාට වරාය අධිකාරියෙන් රුපියල් දෙකෝටි නවලක්ෂ තිස්හතර දහසක මුදලක් ගෙවා තිබෙන බව පොලිස් පරීක්ෂක අනුරුද්ධ මහතාගේ අධීක්ෂණයෙන් පොලිස් කොස්තාපල් ප්‍රියන්ත (3819) මහතා සිදු කර තිබෙන විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.

    රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා මෙම කාරණා අනාවරණය කළේ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා සභාපතිත්වය දරන මහාධිකරණ විනිසුරුවරුන් වන විකුම් කළුආරච්චි, පියසේන රණසිංහ, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමලත් විගණකාධිපති පී.ඒ පේමතිලක මහත්වරුන්ගෙන් හෙබි පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේදීය.


    - http://dinamina.lk/?q=2016/08/24/21372
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    මහින්දගේ සීෂෙල්ස් සංචාර සදහා මිලියන100ක් වැයවීම ගැන පරීක්ෂණයක්..!

    2013 හා 2014 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සීෂෙල්ස් රාජ්‍යයේ සිදුකළ සංචාර දෙකක් වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 100ක් වැය කර ඇතැයි අනාවරණ වී තිඛෙනවා. සී ෂෙල්ස් හී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ 2013 වසරේ ඵලමු සංචාරය සදහා හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ වැඩිමල් පුතුවන නාමල් රාජපක්ෂ මහතාද එක්ව ඇති බවයි. ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 50 ක් බවයි පැවසෙන්නේ.

    2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සංචාරය සදහා 97 දෙනකු එක් කර ගෙන තිබුණා. එම අවස්ථාවේදීයි සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කර තිබුණේ. ඊට සමගාමීව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා බැංකුවේ ශාඛාවක්ද සීෂෙල්ස් හී පිහිටුවා තිබුනේ මෙම සංචාරයේදීයි. ඒ සදහා හිටපු ඇමති විමල් වීරවංශ මෙන්ම ඔහුගේ බිරිද වන ශෂී වීරවංශද එක් කරගෙන තිබුණා.

    සී ෂෙල්ස් රාජ්‍යයේදී ඔවුන් වෙනුවෙන් වාහන 68 කුලී පදනම මත හා ජංගම දුරකථන 68ක් රජයේ මුදලින් මිලදී ගෙන ඇති බවයි ප්‍රකාශ වී ඇත්තේ. මෙම වියදම් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.


    - http://www.colomboxnews.com/public/slider/මහින්දගේ-සීෂෙල්ස්-සංචාර/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,430
    28,133
    113
    ඉරාජ්ගේ නැගණිය ගැන FCIDය සෙවිල්ලෙන්

    පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ව්‍යාපාර සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට ලැබී ඇති පැමිණිවලට අදාළව සිදු කරණ විමර්ශනවලදී එම ව්‍යාපාරවල ප්‍රවර්ධන උත්සව සංවිධානය කළ ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්නගේ සහෝදරිය වන අනුෂිකා රිෂ්නි වීරරත්න විසින් පවත්වාගෙන යන “රෙඩ් චෙරී” ආයතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් රිෂ්නි, “ඉල් නොයිස් එන්ටර්ටේන්මන්ට්” (ILL NOIZE Entertainmnet) නම් ආයතනයේ අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන බවත් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය 2018 ක්‍රීඩා උළෙල හම්බන්තොටට ලබා ගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි “සෙන්ට් කිට්ස්”හි පවත්වන ලද උත්සව සංවිධානය කළ ඇත්තේද රිෂ්නිගේ “රෙඩ් චෙරී” ආයතනය විසින් වන අතර “රෙඩ් චෙරී” ආයතනය වෙත සෙනට් කිට්ස්හි උත්සවයේ සංවිධාන කටයුතු ලබාදී ඇත්තේ ඊට පෙර ලංකාවේ “අයිෆා” උළෙල සංවිධානය කළ ඉන්දියාවේ “විෂ්ක්‍රාෆ්ට්” (Wizcraft International Entertainment Pvt. Ltd.) ආයතනය එම උළෙලේ සංවිධාන කටයුතු ලබාදීමට තීන්දුකර තිබියදී බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් අනාවරණය කරගෙන ඇතැයිද වාර්තා වේ.

    එසේම ඇය විසින් සෙන්ට් කිට්ස් වෙත රැගෙනගිය රාත්‍රී සමාජ ශාලාවල නර්තනයේ යෙදුණු නාමලී නැමැති තරුණියක් සම්බන්ධයෙන්ද තොරතුරු සෙවීමට මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භකර ඇති බව පැවසේ.

    රිෂ්නි, නාමල්ගේ තාරුණ්‍යට හෙටක් සංවිධානයේ අධ්‍යක්ෂවරියක් ලෙසටද කටයුතු කර ඇත.

    කෙසේවුවද, පසුගිය කාලයේදී නාමල් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ සියලුම තරුණියන් සම්බන්ධයෙන් මේදිනවල FCIDය පරීක්ෂණ පවත්වන බවද මේ අතර වාර්තා වේ.

    රිෂ්නි වීරරත්න හා ඉරාජ් වීරරත්න ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදකයකු වන ප්‍රීතිරාජ් වීරරත්න මහතාගේ දියණිය හා පුත්‍රයාය.

    නාමල් රාජපක්ෂ ලඟින් ඇසුරු කළ බොහෝ තරුණියන්ගේ බැංකු ගිණුම්වල අයතා ලෙස උපයාගන්නා ලද මුදල් තැන්පත් කර ඇති බවට වන සැකය මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.


    - http://www.colomboxnews.com/public/lead/ඉරාජ්ගේ-නැගණිය-ගැන-fcidය-සෙවි/
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113


    රාජපක්ෂලා, පොනිල්ගේ ගෑනිට එහෙම හොරෙන් හොරෙන් උකලා තියෙනවද කියලා හොයන්නේ නැද්ද?


    අන්න හොඳ අදහසක් .....ඕවා තමයි හොයන්න ඕනි....ගනී මිනිහට කරපු එවයි මිනිහා ගැනිට කරපු එවයි ....මොකටද හොරු අල්ලන්නේ නේද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    good story bro -15

    ලොල් 15 යි ලු එත් 1යි අඩු වෙලා තියෙන්නේ .....විමල්ගේ ගණන් පන්ති ගිය එකෙක් ...ලොල්
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ජනාධිපති මෛත‍්‍රීට ඕසටේ‍්‍රලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ අරඹයි

    වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත.


    http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජනාධිපති මෛත‍්‍රීට ඕසටේ‍්‍රලියාවෙන් දැවැන්ත අල්ලස් චෝදනාවක්.. ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ අරඹයි

    වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කලින් රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ ලෝක බැංකු ව්‍යාපෘතියක් සඳහා ඔස්ටේ‍්‍රලියානු සමාගම් දෙකකින් අල්ලස් ලබා ගත්තේ යයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් එරට ෆෙඩරල් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

    මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සහිත වාර්තා ඔස්ටේ‍්‍රලියානු ප‍්‍රධාන පෙලේ වෙබ් අඩවි කිහිපයකම වාර්තා කර ඇත.


    http://www.smh.com.au/business/australian-companies-linked-to-bribe-scandals-in-sri-lanka-and-congo-20160823-gqyzlp.html

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Similar threads