හොරු අල්ලන News

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,719
    113
    Ada thawa news ekak.

    පසුගිය සමයේ කුණු වතුරෙනුත් කෝටි ගණනක් ගහලා

    ආසියානු සංවර්ධන බැංකුවේ ණය අධාර මත 2014 වසරේ ආරම්භ කළ අප ජල කළමනාකරණ ව්‍යාපෘතියෙන් කෝටි 400කට අධික මුදලක් වංචා කිරීම පිළිබඳව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇතැයි මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

    රුපියල් මිලියන 4,026ක ණය ආධාර මත කොළඹ නගරයේ අප ජලය බැහැර කිරිමට ඉහත ව්‍යාපෘතියට යෙදවූ මුදල් වංචා කර ඇතැයි පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත අදාළ විමර්ශන ආරම්භ කර ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.


    - http://www.lankatruth.com/site/inde...06-පසුගිය-සමයේ-කුණු-වතුරෙනුත්-කෝටි-ගණනක්-ගහලා
    http://www.elakiri.com/forum/showthread.php?t=1758558
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    President denies Aussie media corruption allegations; orders Attorney General to probe matter

    President Maithripala Sirisena yesterday issued a statement denying allegations of corruption raised by the Australian media and ordered the Attorney General to probe the matter further.

    The President stated that he had no connection whatsoever to the incident described. “President Sirisena emphasises that during his political career, he had never indulged in any form of corruption or malpractice or encouraged or involved in any such activity,” the statement issued by the President’s Office said.

    It said the President diverted his personal attention to the report published on 24 August in the Australian website Sydney Herald which cited an alleged incident involving an employee of his office during his tenure as Minister of Agriculture and Agrarian Services.

    The Daily FT yesterday reproduced a report which appeared in www.theage.com.au which referred to two Australian companies embroiled in bribery scandals that extended into the offices of the Presidents of Sri Lanka and the Republic of Congo, as the firms sought to secure multimillion-dollar contracts.

    See also http://www.ft.lk/article/563708/UPDATED--Australian-firms-linked-to-bribe-scandals-in-Sri-Lanka.

    - http://www.ft.lk/article/564040/Pre...ions--orders-Attorney-General-to-probe-matter
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    රිෂාඩ් බද්යුදීන් අද කොමිසමට

    ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කර්මාන්ත හා වානිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා අද (26) උදේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ විමර්ශන අංශය වෙත කැඳවා තිබේ.

    ඒ මහතාට කැඳවීම සිදුකර තිබුණේ 29 දාටය. එදිනට ජනාධිපතිතුමා සමඟ අම්පාර ප්‍රදේශයේ කාර්යයන් කිහිපයක නිරතවීමට තිබෙන බැවින් අද දිනයේ පැමිණීමට ඉඩ ලබාදෙන ලෙසට බද්යුදීන් මහතා නීතිඥවරයකු මගින් සිදුකර තිබුණ ලිඛිත ඉල්ලීම සැලකිල්ලට ගනිමින් අද දිනයේ ඒ මහතාට පැමිණෙන ලෙස කොමිසම දැනුම් දී ඇත.

    සතොස එවකට සහල් ආනයනයේදී සිදුවී තිබෙන රුපියල් බිලියන පහක පමණ රාජ්‍ය මුදල් අවභාවිතයක් පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ඒ මහතාගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුවෙයි.


    - http://www.dinamina.lk/?q=2016/08/26/21480
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    මිලියන 600 සිල් රෙදි නඩුව ලබන 20-21 ට

    පසුගිය ජනාධිපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමේ වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට අධි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට එරෙහි නඩු විභාගය ලබන මස 20 හා 21 දිනයන්ට කල් තැබුණි. මෙම නඩුව ඊයේ (25) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර පෙර දින නඩු විභාගයේදී සාක්කි දුන් ඇඟලුම් කම්හල් හිමිකරුවකු වූ සහීර් අන්වර් මහතාගෙන් පැමිණිල්ල වෙනුවෙන් නැවත ප්‍රශ්න ඇසීම සිදුකෙරුණි.

    ඉන් අනතුරුව නඩුව විභාගයට ගන්නා කොළඹ මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා විසින් නැවත නඩු විභාගය එසේ කල් තබන ලදී. පෙර දින නඩු විභාගයේදී සිල් රෙදි පැකට් කිරීමේදී එම පැකට් තුළට බහාලූ ලේබලයක් සම්බන්ධයෙන් සාක්කිකාර සහීර් අන්වර් මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර එම ලේබල ඊයේ (25) දින අධිකරණයට රැගෙන එන බවට එදින නඩු විභාගයේදී වූ පොරොන්දුව මත සාක්කිකරු එම ලේබල ඊයේ (25) අධිකරණයට ඉදිරිපත් කළේය. නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් සාක්කිකරුගෙන් එම ලේබල සම්බන්ධව එසේ නැවත ප්‍රශ්න ඇසීම ඊයේ (25) සිදු කෙරුණි.

    2014 ඔක්තෝබර් මස 30 හා 2015 ජනවාරි මස 05 අතර කාලයේදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් 1991 අංක 23 දරන විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි ලබාදීමේ වැඩසටහනක් සඳහා ජනාධිපති ලේකම් නමින් ලංකා බැංකු තැප්‍රොබෙන් ශාඛාවේ ගිණුමකට ප්‍රේෂණය කිරීමෙන් හෝ එසේ කිරීමට සැලැස්වීමෙන් මුදල් වංක ලෙස පරිහරණය ඇතුළු අධි චෝදනා 03 ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.


    - http://www.dinamina.lk/?q=2016/08/26/21482
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    රාජ්‍ය ආයතන 9ක ජනපති කොමිසමේ වාර්තා නිමවෙයි!


    රක්නා ලංකා ආරක්ෂක සමාගම ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළු රාජ්‍ය ආයතන නමයක එවකට සිදුවී තිබෙන රාජ්‍ය මුදල් හා සම්පත් අවභාවිතය ඇතුළුව වංචා දුෂණ පිළිබඳ සියලුම පරීක්ෂණ අවසන් කර තිබෙන පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම එම කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තා මේ වන විට සකස් කරගෙන යමින් සිටී. අවසන් වාර්තා නමය සකස් කිරීමෙන් පසුව ඉදිරි නීතිමය පියවර ගැනීමට එම වාර්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙන බව කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා දිනමිණට පැවසීය.

    සකස් කරගෙන යනු ලබන වාර්තා නමයට අදාළ සෙසු රාජ්‍ය ආයතන වන්නේ ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය, උතුරුමැද පළාත් සභාව භාවිතයට නුසුදුසු ජල පෙරණ මිලදී ගැනීම, මහ‍පොළ නැව ඇතුළුව අම්පාර නගර සභාවේ සභාපතිවරයා ඇතුළු නගර සභාවේ සහ පුපුරන ද්‍රව්‍ය ආනයන කිරීම හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්න මහත්මිය සම්බන්ධ වාර්තා ඇතුළුව උතුරුමැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රන්ජිත් මහතා හා සම්බන්ධ වාර්තාවන්ය.


    - http://www.dinamina.lk/?q=2016/08/26/21484
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    ඉවත් වූ 85හේ පුරප්පාඩුවට දූෂණ විරෝධී රාජ්‍ය නිලධාරින්ගේ සහාය

    භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යවසායවල අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ නිලධාරින් 85 දෙනෙකු එම ආයතනවල සිදු වූ බරපතල මුල්‍ය වංචා පිළිබඳව සිදු කරන විමර්ශනවලට විරෝධය පළකර ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමඟ දුෂණයට විරුද්ධව පරිපාලන නිලධාරින්, ප්‍රධාන ගණකාධිකාරිවරුන්, සැලසුම් අධ්‍යක්ෂවරුන්, ඉංජිනේරුවන් ඇතුළු වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් දුෂණ විරෝධී රාජ්‍ය නිලධාරින් තම සේවය එම ආයතනවලට ලබාදීමටත් රජයේ දුෂණ විරෝධී වැඩසටහනට සහය දැක්වීමටත් තීරණය කර ඇත.

    මේ පිළිබඳව මේ වනවිටත් මුලික සාකච්ඡා ආරම්භ කර ඇති අතර ඉතා පළපුරුදු සහ සුදුසුකම් සහිත රාජ්‍ය නිලධාරින් 350ක් පමණ මෙම සංවිධානය සමඟ එකතුවීමට කැමැත්ත පළකර ඇතැයි එම සංවිධානයේ ප්‍රකාෂකයෙක් පැවසීය. "දුෂණයට එරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ සංසදය" ලෙස දැනට තම සංවිධානය හඳුන්වන බවත් ඉදිරියේදී වෘත්තීය සමිති මට්ටමින් සාකච්ඡා පැවැත්වීමට අදහස් කරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලේය.

    සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සිදුවූ බරපතල මුල්‍ය වංචාවක් සම්බන්ධව භාණ්ඩාගාරයේ පොදු ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සේමසිංහ ඇතුළු එම අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී දැනට මාස 02 කට අධික කාලයක් ගතවී ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලපෑම් කරමින් එම අත්අඩංගුවට ගැනීම් වැලැක්වීමට මෙම දුෂිත නිලධාරින් දිගින් දිගටම කටයුතු කලේය. ජනාධිපතිවරයාගේ බලපෑම මත නීතිපතිවරයාගේ මතය දෙවනවරටත් විමසන ලදුව තම මතයේ වෙනසක් නොමැති බවත් අදාල නිලධාරින් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇත. ඒ අනුව ඊයේ මෙම වංචාවට සම්බන්ධ එක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ඇතුළු තිදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තම නිවෙස් වලින්ද පලාගොස් සැඟවී සිටින අතර ඔවුන් තම නීතිඥවරුන් මගින් අධිකරණයට බාරවනු ඇතැයි අපේක්ෂා කරයි.

    ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරින් අතරින් අති බහුතරයක් දුෂිත රාජපක්ෂ පාලනය සමඟ එක්ව කුමන හෝ වංචාවකට සම්බන්ධව ඉදිරියේදී තමාට විරුද්ධව චෝදනා එල්ල වෙතැයි බියෙන් පසුවන අතර ඔවුන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදු කෙරෙන විමර්ශන වැලැක්වීමට සියලු ක්‍රියා මාර්ග ගනිමින් සිටින බව මෙම නව සංසදයේ ප්‍රකාශකවරයා පැවසීය.

    මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත්වන පිරිස බොහෝ විට සෑම රජයක් යටතේම එකම පිරිසක් වේ.

    මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල, අධිකාරි සහ ඊට අනුශාංගික ආයතන සඳහා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබාදෙනු ලබන්නේ එම ආයතන නිවැරදි මුල්‍ය කළමනාකරණයක් සහිතව පවත්වාගෙන යාමට මිස රාජ්‍ය මුදල් අවභාවිතයට නොවේ.

    මෙම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙම රාජ්‍ය ව්‍යවසායවල සිදුවූ වංචාවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධව ඇති බවත් නැතහොත් තම වගකීම් ඉටුකර නැති බවත් දුෂණයට එරෙහි රාජ්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. ඔවුන්ට අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකට සහභාගී වන සෑම අවස්ථාවකටම අවම රු. 6000/- ක මුදලක් ලැබෙන අතර වරාය වැනි ලාභ ලබන ආයතනවල එය රු.50,000 පමණ වෙයි. මෙම එක් නිලධාරියෙක් ඇතැම්විට එවැනි මණ්ඩල හෝ කමිටු පහක හෝ හයක කටයුතු කරයි. මෙම බොහෝ නිලධාරින් එම ආයතනවල මුල්‍ය පාලනයට අවශ්‍ය උපදෙස් ලබා නොදී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමට පැමිණි බවට අත්සන පමණක් යොදා අදාල ගෙවීම් ලබා ගැනීම සාමාන්‍ය පුරුද්දක් වී ඇත. එමගින් අදාල ඇමතිවරයාට හා ඔහු විසින් පත්කරන නිලධාරීන්ට රිසි සේ ජනතා මුදල් වංචා කිරීමට ඔවුන් ඉඩ ලබාදෙයි. එමෙන්ම අදාල ඇමතිවරයා සහ දුෂිත නිලධාරින් සමඟ එක්ව මෙම භාණ්ඩාගාර නියෝජිතයින්ද බරපතල මුල්‍ය වංචාවලට හවුල් වන අවස්ථා ද එමටය.

    මෙම සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සිදුවූ වංචාවේදී සිදු වී ඇත්තේ අධිකාරිය සතු මුදල් 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරය සඳහා රුපියල් මිලියන 5.7ක් නීති විරෝධිව ලබාදීමයි. එම වංචාවට අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයම චෝදනා ලබා ඇත. විමර්ශන වලදී මෙම නිලධාරින් කිසිවෙකු තමාට එල්ලවූ දේශපාලන බලපෑම් නිසා මුදල් ලබාදුන් බව පවසා නැත. ඒ අනුව දැනුවත්වම රාජ්‍ය මුල්‍ය අවභාවිතයට ඔවුන් හවුල් වී ඇති බව තහවුරු වී තිබේ.

    නව සංසදයේ ප්‍රකාශකයා සඳහන් කලේ භාණ්ඩාගාරය විසින් පත් කරන මෙම අධ්‍යක්ෂවරුන්ට මෙවැනි නීති විරෝධී ගණුදෙනුවලට විරුද්ධ නම් සහ ඔවුන්ගේ විරෝධයෙන් පමණක් එම ගණුදෙනුව වැලැක්විය නොහැකි නම් ඒ බව සටහන් කිරීමට හැකියාව ඇතත් මෙම බොහෝ වංචාවලදී එවැන්නක් සිදු වී නොමැති බවයි.

    මෙරට රාජ්‍ය අංශයේ සිදුවන බරපතල මුල්‍ය වංචා නැවත්වීම සඳහා ඉතා හොඳ පදනමක් මෙම නිලධාරින් 85 දෙනාගේ ඉල්ලා අස්වීම නිසා ලැබෙන බව සඳහන් කළ එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය පරිපාලන සේවාව ඇතුළු ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සේවා තුළ සහ එම සේවා වෘත්තීය සමිතිවල අති බහුතරය දුෂණයට විරුද්ධ බැවින් මෙම හොරුන්ගේ තර්ජනයට ජනාධිපතිවරයා හෝ රජය බිය වියයුතු නැති බවයි.

    මහින්ද රාජපක්ෂ පාලනය සමයේ මෙන්ම අදටත් දෙපාර්තමේන්තු, අමාත්‍යාංශවල රාජ්‍ය නිලධාරින් මහා පරිමාණ දුෂිත ගණුදෙනුවල නියුක්තව සිටිති. මහා භාණ්ඩාගාර නිලධාරින් ගිංගඟ සහ නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ලබාදුන් මුදල රුපියල් මිලියන 40 ක් වුවත් 2015 ජනාධිපති මැතිවරණය දින 02කට පෙර අදාල ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල තීරණද අභිබවා රුපියල් මිලියන 3490ක් ලබාදී ඇත. ඔවුන් එම තීරණය ගන්නේ මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කිරීමට සහය ලබාදුන් චීන සමාගම් සඳහාය. මේ පිළිබඳව FCID දැනට පරීක්ෂණ පවත්වයි. රේගුව අත්අඩංගුවට ගත් රත්‍රන් කිලෝ 08ක් නාවුක හමුදාවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත ලබාදුන්නේ එවකට රේගු අධ්‍යක්ෂ ජනරාල් වත්මන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාය. මේ පිළිබඳව ද FCID පරීක්ෂණ පවත්වයි.

    එමෙන්ම මොහු විමල් වීරවංශගේ භාර්යාව සඳහා ව්‍යාජ ජාතික හැඳුනුම්පතක් නිකුත් කර ඇති අතර එම වැරැද්ද පාර්ලිමේන්තු උසස් නිලතල පරීක්ෂා කරන කමිටුවේදී පිළිගනී. රාජ්‍ය නිලධාරින් රැසක් මෙවැනි බරපතල වැරදි, වංචා හා දුෂණ සිදුකර ඇති අතර කිසිදු හේතුවක් නිසා ඔවුන්ට එරෙහි විමර්ශන අඩාල කිරීමට ඉඩ නොදෙන බව නව සංසදය පවසයි. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩලවලින් නොව තමා දරන අමාත්‍යාංශ ලේකම් තනතුරු, අධ්‍යක්ෂ ජනරාල් තනතුරු ඇතුළු ඉහළ තනතුරුවලින් ඔවුන් විමර්ශන අවසන් වනතුරු වහාම ඉල්ලා අස්විය යුතු බවද ඔහු පැවසීය.


    - http://www.lankatruth.com/site/inde...ට-දූෂණ-විරුද්ධී-පරිපාලන-නිලධාරීන්-රැසකගේ-සහාය

    අස් වූ නිලධාරීන්ට යළි රැකියා නෑ



    මහ භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යවසාය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලවල සේවය කරමින් සිට පෙරේදා (24) සිය තනතුරුවලින් ඉවත් වූ කිසිවකු යළි සේවයට බඳවා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට‍ ඊයේ (25) උපදෙස් දුන්නේය.

    එම ඉල්ලා අස් වූ නිලධාරින් ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව, ශ්‍රී ලන්කන් ගුවන් සේවය හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආදී රාජ්‍ය ව්‍යවසාය ආයතනවල සේවය කරද්දි එම ආයතනවල මහා පරිමාණයේ දූෂණ, අක්‍රමිකතා, කොමිස් ගැහීම් සහ මහජන මුදල් අවභාවිත කිරීම මහා පරිමාණයෙන් සිදු වු බව සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එවැනි නිලධාරීන් ඉවත්වීම මෙරට රාජ්‍ය සේවයට සිදු වූ සෙතක් බව සඳහන් කළේය. මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා අස් වූ එම නිලධාරින්ගේ පුරප්පාඩු පිරවීමට පෞද්ගලික ව්‍යවසාය පනත කඩනමින් ගෙනවිත් තරුණ හා දක්ෂ නිලධාරින් අදාළ තනතුරුවලට පත් කිරිමට රජය ‍අපේක්ෂා කරයි. නව පනත මගින් විශ්වාසනීයත්වය තහවුරු කිරීම පිළිබඳ නිලධාරින්ට වගකීම් පහක් හිමි වන අතර කිසියම් නිලධාරියකු භාරකාරත්වය දරන දොපර්තමේන්තුවක දූෂණයක්, අක්‍රමිකතාවක් සිදු වුවහොත් එම නිලධාරියා සිරගත කිරීමට ඇතිවන ආකාරයට නව පනත සකස් කිරිමට ඉඩකඩ ඇතැයි ද වාර්තා වේ.



    - http://www.dinamina.lk/?q=2016/08/26/21473
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    රවීගේ, බිරිය හා දුවගේ ගුදම FCID යට ?

    මුදල් අමාත්‍ය රවීකරුණානායක මහතාගේ බිරිය මෙලනි විරන්ති කරුණානායක හා දියණිය ඔනෙලා විරන්ති කරුණානායක අධ්‍යක්ෂ ධූර දරනු ලබන ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට පැමිණිලි කරන බව දූශණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියයි.

    රේගු ආඥා පනත යටතේ පොදු ගුදමක් පවත්වාගෙන යාමට අවසර ඇත්තේ රජයට පමණි.

    මෙවැනි ගුදමක් පවත්වාගෙන යාමට අවසර දිය යුතුවන්නේ මුදල් අමාත්‍යවරයා බවත්, ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට මේ ගුදම පවත්වාගෙන යාමට අවසරය දී ඇත්තේ මුදල් අමාත්‍යවරයා රටින් බැහැරව සිටි අවස්ථාවක මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා මහතා විසින් බව පැවසේ.

    මේ ගුදම ලබා ගැනීමට බැංකු අපකරයක් වෙනුවට රුපියල් මිලියන 400ක පෞද්ගලික ඇපකරයක් තබා ඇති බවත් සමරසිංහ මහතා කියා සිටී.

    කරුණානායක මහතා මුදල් ඇමතිවීමට පෙර රුපියල් ලක්ෂ දහයක චෙක්පතක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාගවූ බවත්, අධිකරණයේදී එම මුදල ගෙවීමට එකඟවූයේ සිවුමසකින් මසකට රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ගෙවීමට බවත් අමාත්‍යවරයාට මුදල් ඇමතිවීමට පෙර මුදල් අහේනියක් වූ බව ඉන් පෙනීයන බවත් ඒ මහතා කියා සිටියේය.

    නලින්ද ජයතිස්ස මහතා මේ සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ද හෙළිකර තිබිණි.

    ඔහු එහිදී කියා සිටියේ.

    ”පසුගිය කාලේ රාජපක්ෂ ආණ්ඩුව යටතේ දේශපාලන බලය යොදාගෙන ආණ්ඩුවේ හිටපු ඉහළ ඇමතිවරු තමන්ගේ ව්‍යාපාරික කටයුතු දියුණු කර ගත්තා. එදා මහින්ද චින්තනය යටතේ කරපු ව්‍යාපාර අද යහපාලන බෝඞ් එක යටතේ මේ ආණ්ඩුවේ ඇමතිවරු ඒ විදියටම කරනවා. රේගු ආඥා පනත යටතේ භාණ්ඩ ආනයනකරුවන්ට ගුදමක් පවත්වාගෙන යන්න පුළුවන්. ඒක නියමිත පරිදි මුදල් ගෙවලා ඇපයක් තියලා කරගන්න පුළුවන්. පොදු ගුදම් පවත්වාගෙන යන්නේ ආණ්ඩුවෙන්. ඒකෙන් ආණ්ඩුව ආදායමක් ලබනවා. දැන් වෙලා තියෙන දේ තමයි මුදල් ඇමති රවී කරුණනායකට අයිති ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ආයතනයට අයිති පෞද්ගලික ගුදමක් පොදු ගුදමක් ලෙස පවත්වාගෙන යනවා දේශපාලන බලය යොදාගෙන. ඒකෙන් ආණ්ඩුවට ලැබෙන්න ඕනෙ ආදායම මුදල් ඇමතිගේ සමාගමට ගන්නවා. ලැජ්ජා නැති වැඩ මේවා. ඒ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ රවී කරුණානායක මහත්තගේ නෝනයි, දුවයි. 2015 ජනවාරි 12 වෙනකම් රවී කරුණානායකත් හිටියා.”


    - http://www.sinhala.srilankamirror.c...s-wife-s-and-daughter-s-warehouse-to-the-fcid
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    රජයේ අක්කර 1000ක් ඇල්ලූ ඩෝල්ට වැඩවරදියි

    රජයට අයත් ඉඩම් අක්කර 1,000ක් බලහත්කාරයෙන් අල්ලාගෙන කෙසෙල් වගාවක් සිදු කළ ඩෝල් ලංකා (Dole Lanka) පෞද්ගලික ආයතනය සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

    අදාළ පරීක්ෂණය ආරම්භකර ඇත්තේ බස්නාහිර පළාත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී අශෝක රංවල මහතා කරන ලද පැමිණිල්ලකට අනුවය.

    පැමිණිල්ලට අනුව ඩෝල් ලංකා සමාගම බුත්තල ප්‍රදේශයේ කුඩාඔය, දෙමෝදර හා වෑකඩ පිහිටි රජයට අයත් අක්කර 1,000ක් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ.

    වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සමාගමට එරෙහිව නඩු පවරා ඇති අතර අදාළ නඩුවෙන් ලද තීන්දුවටද පටහැනිව මේ සමාගම කටයුතු කරමින් ඇති බව පැවසේ.

    ලොවවටා ගොවි ජනතාවගේ ඉඩම් කොල්ලකමින් රටවල් බොහොමයකට එළවළු හා පළතුරු සපයූ ඇමෙරිකානු බහු ජාතික සමාගමක් ව සිට ජපන් අයිතියට පත් සමාගමක් සේ මෙය සැලැකේ.

    මේ සමාගමට පසුගිය ආණ්ඩු සමයේදී හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ජගත් පුෂ්පකුමාර හා හිටපු ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහය ලැබී ඇති බවද වාර්තා වේ.

    ඩෝල් ලංකා හි ඉඩම් කොල්ලය ගැන මුලින්ම හෙළිකරනු ලැබුවේ ශ්‍රී ලංකා මිරර් විසිනි.


    - http://www.sinhala.srilankamirror.c...n-dire-predicament-over-state-land-occupation
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    Exclusive - ජනාධිපති අල්ලස් ඉල්ලු බවට ඊමේල් යැව් දසනායක ?

    9b85c529a607f36e1546d676591c2e81_L.jpg



    මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ඕස්ට්‍රේලියානු සමාගමක් මෙරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වාරි ව්‍යාපෘතියක් වෙනුවෙන් අල්ලසක් ලබාගෙන තිබෙන බවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මෝනින් හැරල්ඩ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇති රජයේ බුද්ධි අංශ, එම පුවතට පාදකවී ඇති විද්‍යුත් තැපැල් පණිවිඩ (ඊමේල්) සම්බන්ධයෙන් හා වසන්ත දසනායක නම් පුද්ගලයකු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භකර තිබේ.

    එහිදී එම ප්‍රවෘත්තියට අදාළ විද්‍යුත් තැපැල් පණිවිඩ (ඊමේල්) දෙකක සඳහන් තොරතුරු මිස වෙනත් තොරතුරු හෝ කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නොමැත.

    ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමක දේශීය කළමනාකරුවා ව සිටි වසන්ත දසනායක නම් පුද්ගලයා සිය මවු සමාගම වෙත 2009 ජූලි 03 දා යවා ඇති පළමු ඊමේල් පණිවිඩයේ, තමාට ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මුණගැහුණ බවත් එහි දී ඇමැතිවරයා විසින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා උදව්වක් කරන්න පුළුවන්ද යන්න විමසූ බවත් සඳහන් කර තිබේ.

    දෙවන වරට යැවූ ඊමේල් පණිවිඩයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ව්‍යාපෘතියෙන් සියයට 1ක මුදලක් ඉල්ලූ බව සඳහන් කර ඇත.

    ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියට අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 27,000 ක් (රුපියල් ලක්ෂ 25 ක් පමණ) ගෙවා තිබෙන බව සඳහන් වූවත් ඒ නිශ්චිත සාක්ෂි හෝ එය ලබා ගත්තේ කවුරුන් විසින්ද යන්න ගැන තොරතුරු සඳහන් නොවේ.

    මෙම සිදුවීමට අදාළ වෙනත් ඊමේල් හෝ වෙනත් සාක්ෂි කිසිවක් අනාවරණය වී නැත.

    වසන්ත දසනායක ?

    කෙසේ නමුත් මෙම වසන්ත දසනායක නම් පුද්ගලයා 2008 වසරේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා එම ආයතනයෙහි සේවය කර ඇත.

    ඔහුගේ ඉවත් වීමෙන් මාසයක කාලයකට පසුව මෙම ඊමේල් පණිවිඩය ප්‍රසිද්ධ වීම ද සැකයට තුඩු දෙන්නක්ව පවතී.

    මෙම පුවත පළ කළ ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියා පසුගිය 20 වන සිකුරාදා මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දුරකථනයෙන් අමතා ඇති අතර එහි දී ජනාධිපතිවරයා එම සම්බන්ධීකරණ ලේකම්වරයා කවුද? මෙය සිදු වුණේ කවදාද ? ආදිය ගැන විමසා ඇතත් ඔහු ඊට පිළිතුරු ලබා දී නොමැත.

    වැඩිදුර විමර්ශන නීතිපති යටතට :

    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙවැනි සිද්ධියකට කිසිදු සම්බන්ධයක් හෝ දායකත්වයක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවය. අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වැඩිදුර ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් දී ඇති බව ද එහි සඳහන්ය.

    කෙසේ නමුත් මෙම පුවත සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය සහ රජය මේ වන විට විමර්ශනයක් කරගෙන යන බව දැන ගැනීමට ඇති අතර එම පුවත අසත්‍යයක් නම් එය නිවැරැදි කිරීම සඳහා මැදිහත් වීමක් සිදු කරන බව ද දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

    දිසානායක කවුද ?

    දිසානායක නැමැත්තා සිවිල් ඉංජිනේරුවෙකි. ඔහු ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමේ සේවය කරනු ලබන්නේ 2008 පෙබරවාරි මාසයේ සිටි මේ දක්වා (අවුරුදු 8යි මාස7ක්) එහි සේවය කරනු ලබයි.

    ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකි.


    - http://www.sinhala.srilankamirror.c...mails-alleging-that-president-demanded-bribes
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    ගෝඨාටත් - ඇවන්ගාඩ් ලොක්කාටත් නඩු : ‘රජයට කෝටි 1140ක් පාඩු කරලා‘

    2012 – 8- 7 හා 2015- 1- 8 අතර කාලයේදී ඇවන්ට්ගාඩ් මෙරිටයිම් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් සිදුකළැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශ අතිරේක ලේකම්වරියක හා ඇවන්ට්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ දී අද (31) නඩු පැවරීය.

    ගිහාන් පිලපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ නඩුව ගොනු කළ අතර පහත සඳහන් අට දෙනා චෝදනා ලබති.

    ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ, ජයරත්න පෙරේරා.


    - http://www.lankadeepa.lk/index.php/top_story/452841
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    Sri Lanka's ex-defence secretary indicted over Rs 11.4 billion arms scandal

    ECONOMYNEXT, Sri Lanka's anti-graft panel Wednesday charged former defence secretary Gotabhaya Rajapaksa and seven others, including three ex-navy commanders, for illegally allowing a private floating armoury.

    The Commission to Investigate Allegation of Bribery or Corruption filed action against Rajapaksa and six others for allowing private Avant Garde Maritime Services to operate the armoury and provide sea marshal services.

    "The former defence secretary had no authority to grant such permission," a spokesman for CIABOC told reporters. "By doing so, he caused Avant Garde to illegally earn 11.4 billion rupees in revenue."

    The former additional secretary to the defence ministry Damayanthi Jayaratne, who has since fled the country, former defence ministry military liaison officer retired general Palitha Fernando, retired general K. B. Egodawela, former navy commanders Somathilaka Dissanayake, Jayanath Colombage and Jayantha Perera were charged before the Colombo chief magistrate.

    The head of Avant Garde, retired major Nissanka Senadhipathi is also being charged under tough bribery and corruption laws.

    After months of delay in carrying out the investigations, President Maithripala Sirisena in November last year ordered that weapons aboard two floating armouries at the Galle harbour be taken over by the navy.

    The business that was initially done by the navy had been handed over to Avant Garde by Rajapaksa.

    It was an operation previously carried out by the navy that was subsequently handed over to Avant Garde through a defence ministry-established private security arm known as Rakna Araksha Lanka Limited (RALL).


    The vessel Avant Garde, which shares the same name of the company, was seized by the navy on October 5 outside the Galle harbour following several discrepancies about its lethal cargo, the crew and their route and final destination.

    Former Law and Order minister Tilak Marapana who defended Avant Garde and eventually resigned after allegations of conflict of interest, had claimed ignorance of weapons whose serial numbers had been erased or changed while on board the Avant Garde vessel.
    (COLOMBO, August 31, 2016)

    - http://www.economynext.com/Sri_Lank...r_Rs_11.4_billion_arms_scandal-3-6002-10.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    ඇවන්ගාඩ් වෙතින් කෝටි 1140 ක අයුතු ලාභ ලැබුවැයි ගෝඨා, නිශ්ශංක ඇතුළු 7 කට නඩු

    චූදිතයින් අතර හිටපු නාවික හමුදාපති සෝමතිලක සහ කොළඹගේ

    චෝදනා 19 ක්‌: සාක්‍ෂිකරුවෝ 60 ක්‌ නඩුව අද කැඳවයි


    සමන්ත ඉලේපෙරුම

    නීති විරෝධී පාවෙන අවි ආයුධ ගබඩාවක්‌ පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීම තුළින් රුපියල් කෝටි 1140 ක අයුතු සහගත ලාභයක්‌ උපයා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආරක්‍ෂක අංශයේ හිටපු බලධාරීන් 07 දෙනකුට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (31 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේය.

    චෝදනා 19 ක්‌ යටතේ චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ නඩුව අද (01 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා හමුවේ කැඳවීමට නියමිතය.

    අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වැනි වගන්තියෙන් කියෑවෙන දූෂණ චෝදනා යටතේ මෙසේ චෝදනා ගොනු කර ඇති චූදිතයන් වන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න, වඩුගේ පාලිත පියසිරි ප්‍රනාන්දු, හිටපු නාවික හමුදාපති කරුණාරත්න බණ්‌ඩාර අධිකාරි එගොඩවෙලේ දිසානායක විඡේසිංහ සෝමතිලක දිසානායක, ඇවන්ගාඩ් අධිපති යාපා හෙට්‌ටිපතිරන්නැහැලාගේ නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපති ජයනාත් සිසිර කුමාර කොළඹගේ හා සමරසිංහ ආරච්චිගේ මැක්‌සිමන් ජයන්ත පෙරේරා නමැති අයයි.

    වර්ෂ 2012 අගෝස්‌තු 07 දින සිට 2015 ජනවාරි 08 දින දක්‌වා කාල සීමාව තුළදී ඇවන්ගාඩ් සමාගම වෙත නීති විරෝධී අවි ගබඩාවක්‌ පවත්වාගෙන යැම සඳහා අවකාශ සැලසීමෙන් ආධාර අනුබල දීමෙන් රුපියල් කෝටි 1140 ක අයුතු සහගත හා නීති විරෝධී ලාභයක්‌ උපයා ගැනීම තුළින් දණ්‌ඩ නීති සංග්‍රහයේ අංක 193 හා 202 වගන්ති අනුව හා අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වගන්තියේ කියෑවෙන දූෂණ චෝදනා යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදුකර ඇති බවට චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රයේ සඳහන් වේ.

    චූදිතයන්ට එරෙහිව ගොනු කරනු ලැබූ චෝදනා පත්‍රයේ චෝදනා 19 ක්‌ සඳහන් කර ඇති අතර සාක්‌කිකරුවන් 60 දෙනකු හා නඩු භාණ්‌ඩ 218 ක්‌ නම් කර ඇත.

    අල්ලස්‌ කොමිසම මගින් ඊයේ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස්‌ මහතා හමුවේ ගොනු කරනු ලැබූ මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා හමුවේ කැඳවන ලෙසට ඒ මහතා නියෝග කළේය.

    උප පොලිස්‌ පරීක්‍ෂක ප්‍රේමසිරි හා පොලිස්‌ කොස්‌තාපල් බණ්‌ඩාර යන මහත්වරුන් අල්ලස්‌ කොමිසම වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්‌වූහ.


    - http://www.divaina.com/2016/09/01/news01.html
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,790
    18,108
    113
    අදාල නෑනේ
    කෝ හුත්තො අල්ලපු හොරෙකුත් නෑ අන්තිමට. කයියයි පඩ ගඳයි විතරයි. උඹ හිතන්නෙපා මහින්දව එළවන්න වෙච්ච මහන්සියෙන් දශමයක්වත් වැය වෙයි කියල මේ ආණ්ඩුව ගෙදර යවන්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,955
    1,606
    113
    කෝ හුත්තො අල්ලපු හොරෙකුත් නෑ අන්තිමට. කයියයි පඩ ගඳයි විතරයි. උඹ හිතන්නෙපා මහින්දව එළවන්න වෙච්ච මහන්සියෙන් දශමයක්වත් වැය වෙයි කියල මේ ආණ්ඩුව ගෙදර යවන්න.

    සිරාම කතාව :P:P:P
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    නාමල්ගෙ නඩුව කල් යයි : දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු

    හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01) විභාගයට ගැනිණි.

    සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළ අතර නඩුව දෙසැම්බර් 8ට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

    මෙම සමාගම් වල ගුවන් සේවිකාවක හා අධ්‍යක්ෂක වරියක් වූ නිත්‍යා සේනානි සමරනායක, විධායක නිලධාරිනියක වූ සුජානි බෝගොල්ලාගම හා නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවෝ 4 දෙනෙකු දැනට ඇප මත මුදා හරිනු ලැබ සිටිති.


    - http://www.lankadeepa.lk/index.php/articles/453082
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    ගෝඨා ඇතුලු පිරිසට නොතීසි

    ඇවන්ගාර්ඩ් සමාගම සමග එකතුවී රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළැයි සැකපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරියක හා ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික කර්නල් නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනකුට ලබන 30 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද (01) නොතීසි නිකුත් කළා.

    ගෝඨාභය රාජපක්ෂ, සුජාතා දමයන්ති ජයරත්න, රක්නා ලංකා සමාගමේ හමුදා සම්බන්ධීකරණ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත පියසිරි ප්‍රනාන්දු, කරුණාරත්න බී.ඒ.ගොඩකවෙල, සෝමතිලක දිසානායක, නිශ්ශංක යාපා සේනාධිපති, ජයනාත් කොළඹගේ සහ ජයරත්න පෙරේර සැකකරුවන් වෙයි.


    - http://nethnews.lk/article/12879
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    කට්ටි පනිමින් සිටි සරත් වීරවංස FCIDයට

    රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ මහතා ප්‍රකාශයක් ලබාදීමට අද (01) දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැදවා තිබේ.

    පසුගිය දිනෙක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඒ මහතාගේ නිවසට ගිය ද පිට කොන්දට පත්තු බැද ඇදක වැතිරී සිටීම නිසා ඔවුන්ට ආපසු හැරී ඒමටද සිදුවිය. ඉන් පසුව අවස්ථා ගණනාවකදී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණෙන ලෙස දැනුම් දුන්නද තමා අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් විවිධ හේතු දක්වමින් සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගහරිමින් සිටියේය.


    - http://www.lankatruth.com/site/inde...m/2501-කට්ටි-පනිමින්-සිටි-සරත්-වීරවංශ-fcid-යට
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    ගම්මන්පිලට අධි චෝදනා 06 ක් යටතේ නඩු දෙකක් පවරයි

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිත කරමින් සමාගමක ව්‍යාපාර කොටස් විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කළ බවට සහ රුපියල් මිලියන විසි එකක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු දෙකක් පවරා තිබේ.

    අධිචෝදනා 6 ක් යටතේ නීතිපතිවරයා විසින් වෙන් වෙන්ව පවරා ඇති නඩු දෙකේ රුපියල් මිලියන 21ක් සම්බන්ධව සාපරාධී විශ්වාස කඩකිරීම, ඊට අනුබල දීම ඇතුළු අධි චෝදනා හතරක් යටතේ පවරා ඇති නඩුවේ උදය ගම්මන්පිලට අමතරව සිඩ්නි ජයසිංහ යන අය ද විත්තිකරුවකු ලෙස නම් කර ඇත. එම චෝදනා ඔප්පු කිරීම සඳහා ලේඛන 13ක් හා සාක්කිකරුවන් 21ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත දැනුම් දී තිබේ.

    වසර 2000 ජුලි මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කොට ඩිජිටල් නොමිනිස් පෞද්ගලික සමාගම නමින් මිලදී ගෙන තිබූ ව්‍යාපාර කොටස් ධම්මික පෙරේරා නැමැත්තෙකුට විකිණීමෙන් රුපියල් මිලියන විස්සක මුදලක් වංචා කිරීම ඇතුළු අධි චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් උදය ගම්මන්පිලට එරෙහිව පමණක් එක් නඩුවක් පවරා ඇත.

    දණ්ඩ නීති සංග්‍රහයේ 386 හා 456 වගන්ති යටතේ පවරා ඇති එම නඩුව ඔප්පු කිරීම සඳහා ලේඛන 14 ක් හා සාක්කිකරුවන් 20ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා ඇත.


    - http://reporter.lk/2016/09/01/ගම්මන්පිලට-අධි-චෝදනා-06-ක්-ය/
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    සරත් වීරවංශ රිමාන්ඩ්
    රජයට මිලියන 10.5ක් පාඩු කරලා


    පොදු දේපළ පනත යටතේ රජයේ වාහන අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 10.5ක් පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ සැප්තැම්බර් 7 දක්වා රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න කොටුව මහේස්ත්‍රාත්වරිය අද (1) නියෝග කළාය.

    - http://www.lankadeepa.lk/index.php/top_story/453292
     

    monson

    Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    ඩී.ඒ. රාජපක්ෂ පදනමට දුන් ඉඩමක් සී.එස්.එන්. එකට දුන් හැටි ශෂීන්ද්‍රගෙන් ප්‍රශ්න කරයි

    ඩී.ඒ. රාජපක්ෂ පදනම රජයෙන් ලබා දුන් වටිනා ඉඩමක් ලාභ උපයන ව්‍යාපාරික ආයතනයක් වන සී.එස්.එන්. සමාගමට ලබාදීමේ කටයුත්තක් සම්බන්ධයෙන් එම පදනමේ සභාපති මෙන්ම ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ ප්‍රශ්න කළේය. ඊට අමතරව දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය ඉදිකිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්ද මූල්‍ය අපරාධ කොට්ඨාසය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර තිබුණි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඩී.ඒ. රාජපක්ෂ පදනමේ අධ්‍යක්ෂවරයෙකි. රජයෙන් එම පදනමට ඉඩමක් ලබාදී ඇත්තේ එම පදනමේ සුබ සාධන කටයුතු සඳහාය. සී.එස්.එන්. සමාගම යෝෂිත රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් කරගෙන යන ලාභ උපයන ව්‍යාපාරික ආයතනයකි.යම් පදනමක සුබසාධන කටයුතු සඳහා ලබාදෙන දේපලක් පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට ලබාදීම එම පනතට අනුව බරපතළ වංචාවක් බව සඳහන් වෙයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා එම පදනමේ අධ්‍යක්ෂකවරයා වශයෙන් එම ඉඩම සී.එස්.එන්. සමාගමට ලබාදීම ඔහු දැනුවත්ව සිදු කර ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධව සිදු කරන ලද පරීක්ෂණවලින් අනාවරණය විය. මේ සම්බන්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වා බොහෝ කරුණු තහවුරු කරගෙන අවසානයේ මෙසේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගෙන් පැය තුනක් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඊට පෙර මෙම ඉඩමට අදාළව කටයුතු කළ නිලධාරීන් ගණනාවකින්ද ප්‍රශ්න කර තිබේ.

    - http://yukthiya.lk/4085-2/
     

    Similar threads