වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    loku bus okkoma wage engine thiyenne pitipasse..(except indian)
    low floor bus hadanna baha front engine ekka....
    mama dakka japan loku bus sahena gana adui... (those tourist buses)
    Any reason for that?
    Expensive maintenance maybe ?

    maintenance cost, parts availability eka ehema nisa wenna ati :(

    ජපන් බස් - අහෝ සිංහළු නොදිටි මොක්පුර :(
     
    කවුරු හරි තලවතුගොඩ ලසිත ටයර් එන්ටර්ප්‍රයිසස් එකට ගියොත් අනිවා Lug nuts තදද බලන්න. මට දෙපාරක්ම බුරුලට තිබුනා.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොලා මාමේ, රත්තරං මාමේ , අපේ අනික් අය්යල මල්ලිලා,මාමලා සෙට් එක වෙතයි

    පාරේ යන වෙලාවක 1 රෝදයක් නට් වලින්ම කඩලා ගැලවිලාම ගියොත් මොකක් වෙයිද?
    1. මුකුත් වෙන්නේ නෑ
    2. බිමට පාත් වෙලා ඇතිල්ලිලා යනවා
    3. බිමට පතබැවිලා කැරකෙන්න ඉඩ තියෙනවා
    4. වෙනත්

    හේතුවත් පොඩ්ඩක් කියන්නෝ....

    වැදගත් ප්‍රශ්නයක්.... මමත් උත්තරේ නම් දන්නේ නෑ... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටුවක් කෑවා හොඳවයින්.. කට්ටිය ඉන්න එකේ දාන්නම්...:)
     
    කටුවක් කෑවා හොඳවයින්.. කට්ටිය ඉන්න එකේ දාන්නම්...:)

    දාන්න දාන්න. :) අනේ මට තියෙන්නේ අවුරුදු 5ක වගේ අත්දැකීම් විතරයි. දෙය්යනේ කියලා තාම මාව මේ කටු වගේ බරපතල කටු වලට සෙට් වෙලා නෑ. තියෙන්නේ පොඩි පොඩි ලෙඩ වලට බේත් කරපුව තමයි. :) ඒවා මේ කටු එක්ක බලද්දී නොසැලකිය හැකි තරම් :lol:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    පොලා මාමේ, රත්තරං මාමේ , අපේ අනික් අය්යල මල්ලිලා,මාමලා සෙට් එක වෙතයි

    පාරේ යන වෙලාවක 1 රෝදයක් නට් වලින්ම කඩලා ගැලවිලාම ගියොත් මොකක් වෙයිද?
    1. මුකුත් වෙන්නේ නෑ
    2. බිමට පාත් වෙලා ඇතිල්ලිලා යනවා
    3. බිමට පතබැවිලා කැරකෙන්න ඉඩ තියෙනවා
    4. වෙනත්

    හේතුවත් පොඩ්ඩක් කියන්නෝ....
    ඕක මොඩෙල් එක අනුව වෙනස් වෙනවත් අති.තව වේගය අනුව බලපෑම වෙනස්වෙන්න පුලුවන් නේද
    ...:(
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    Lost wheel

    I've lost a rear tyre (tyre may have lost pressure due to a puncture, and low pressure make the tyre bulging, and rub the shock absorber mounting bolt head, and peel off like a banana ) at about 110 km/h . It is a 2012 civic, done only 45,000km, but due to my rough use, tyres worn out even before the 50k service. Anyhow I was in a 100km/h clear straight road. I usually go little bit faster because I know this road like back of my hand. I heard very fine noise followed by a FLAP, FLAP, sound, try to slow down and get off the road. But vehicle stability control system kick in and not allow me to do what I needed to do as quickly as I want.
    I came to a halt after 100m from where I first heard the noise. After I got the spare wheel on, I just check the tyre marks on the road. I realise there is no tyre marks further than 20-25 from where I stop, but I lost the tyre completely at least another 50 or more meters further up the road, doing well over 100km/h.
    When doing 110km/h it's actually not touching the road with full load, but when I slow down to about 75/80 it start to mark the road, and marks getting thicker and deeper as I slow down to a complete halt.
    With this experience, I can tell you, if you doing 110km/h or more and lost a rear tyre in a front wheel drive car, you may be able to continue at the same speed without that wheel, if you happy to disregard the damage to the car. Driving straight may ok, but turning a bend might make things ugly.
     
    • Like
    Reactions: malkavi

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න පොඩි කටුවක් දාන්න හදන්නේ...:cool:

    මේක ඇවිල්ලා බ්‍රේක් කටුවක්.:yes: පොඩි පොඩි ටිප්ස් ටිකක් කියල දෙන්න පුලුවන් වෙයි මේකෙන්. ඔන්න මුලින්ම කිව්වා මං පලවෙනි පාරට තමා වාහනේක බ්‍රේක් මස්කලේ මේගානට. බලන් ඉඳල තමා ඉගෙනගත්තෙ ගොඩක් ඒව.:)


    වැඩේ පටන් ගත්තෙ මෙහෙමයි. දවසක් මොකක්හරි එකකට කාර් එක යට රිංගලා බලද්දි තමා දැක්කෙ බ්‍රේක් හෝස් ඉරි තලලා වටේ රබර් එක පැලිලා තියනව කියල. ඇතුලෙ හෝස් එකත් පේන්න තිබ්බ හෝස් තුනක. ඉතින් තීරණය කලා බ්‍රේක් හෝස් ටික සෑහෙන කාලයක් පරණ නිසාත් බ්‍රේක් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැති නිසා බ්‍රේක් හෝස් 4ම මාරු කරලා දන්න. :yes:

    පැත්තක ඉඳලා ගලවන්න පටන් ගත්තා.

    IwzU7Fm.jpg



    මේ ෆොටෝ ටික මුලින් ගැහුවෙ බ්‍රේක් හෝස් කාරු කිරිල්ල ගැන විස්තරයක් දානව කියල හිතාගෙන.

    bVYxUSg.jpg


    පේනව නේද පැලිලා. ඔයිට වඩා ඩැමේජ් වෙලා තිබ්බ එකපැත්තක. මේක ඇතුලෙ තමා ප්‍රේෂර් එකට ඔරොත්තු දෙන බටේ තියෙන්නෙ. වටේ රබර් එක කවර් එකක් විතරයි. ඒත් මේවා සෑහෙන්න පරණයි ෂුවර් කරන්න බෑනෙ. ඒ නිසා ඉස්සරහ පස්ස හෝස් සෙට් එකක්ම ගෙනාවා.:yes:

    alQtFDr.jpg


    තව බ්‍රේක් හෝස් ගලවන්න යතුරකුත් ගත්තා. නිකම් යතුරක් දාලා අල්ලන්න එපා ස්ලිප් වුනොත් යකඩ බටේ තියන නට් එක සවුත්තු වෙනව. මේක බටේ හරහ දාලා එලකිරි වගේ අල්ලන්න පුලුවන්.:yes:

    dMTCIrU.jpg


    බ්‍රේක් ලයින් ගලවන කොට ඔයිල් නාන්නෙ නැතුව ගලවන ක්‍රමයක් කියන්නම්. මේක නම් දැක්කෙ Eric the car guyගෙ චැනල් එකෙන් තමා මුලින්ම.:)

    බ්‍රේක් ලයින් ගලවනකොට මුලින්ම කාටහරි වාහනේට නගින්න කියලා පැඩ්ල් එක පාගගන්න කියන්න.:yes:

    GJfpIlf.jpg


    ඊට පස්සෙ බ්‍රේක් බ්ලීඩ් කරන්න තියන නිපල් එක බුරුල් කරලා ඔයිල් එලියට යන්න දෙන්න. ඊට පස්සෙ ආයි පැඩ්ල් එක උඩට උස්සන්නෙ නැතුව මොකක්හරි දෙයක් පාවිච්චි කරලා පැඩ්ල් එක යටටම තද කරලා තියන්න. ආයි ඔයිල් වැක්කෙරෙන්න ගන්නෙ නෑ පැඩ්ල් එක යටටම ගියාම.:yes:

    hdr94Oe.jpg


    ලෑලි කෑලි දෙකක් දෙකක් තියල තමා මංනම් පැඩ්ල් එක හිරකරගත්තේ...:P
    (බ්‍රේක් ලයිට් පත්තුවෙලා තියන නිසා ගොඩක් වෙලා යනවනම් බැට්‍රි වයර් එක පන්නල තියන්න. නැත්නම් ෆියුස් එක ගලවල තියන්න.)

    දැන් බය නැතුව බ්‍රේක් ලයින් ටික බුරුල්කරගන්න පුලුවන් ඔයිල් එලියට එන්නෙ ඔහොම පොඩ්ඩයි.:yes: බ්‍රේක් ලයින් වල මුල තියන ටික එලියට ආවට පස්සෙ ආයි ඔයිල් එන්නෙ නෑ එලියට. හුලන් අරින්නත් ලේසියි. ඔයිල් අපතෙ යන්නෙත් නෑ.:cool::cool::cool:

    හරි ඔන්න ඔය ඔක්කොම ටික කරලා ඔන්න මාරුකලා බ්‍රේක් හෝස් ටික.:cool:

    4jdJIbJ.jpg


    ඉස්සරහ කැලිපර් දෙකත් සැහෙන කාලෙකින් ගලවලා සුද්දකරල තිබ්බෙ නැති නිසා ඒකත් සුද්දකරලා වොෂර් ටිකත් මාරුකරන්න බඩුත් ගෙනත් තිබ්බෙ. ඔන්න දැන් කැලිපර් වල පිස්ටන් කම්ප්‍රෙෂර් එකකින් හුලන් අල්ලලා පන්නලා කැලිපර් සුද්දකරලා එහෙම වොෂර් ටික මාරුකරන්න ලෑස්තිවුනා.:yes:

    XS89BsW.jpg


    එක කැලිපර් එකක් අතට ගන්නකොට පොඩි අමුත්තක් තේරුනා...:eek:බලන්නකෝ අපේ අයට තේරෙයිද කියල මේකෙ මොකක්හරි අඩුයි කියල.:yes:

    fQWgTws.jpg


    මේ අනිත් පැත්තෙ කැලිපර් එක. දැක්කද අඩු දේ...:rolleyes:

    bLKa0BY.jpg


    මේ බබා හම්බවෙලා තියන කැලිපර් එක.:baffled:

    Obc4AXW.jpg


    බ්‍රේක් බ්ලීඩ් කරන නිපල් එක. ඒක නෑ. මං ගැලෙව්වෙ අනිත්පැත්තෙන් බුරුල් කරලා. මේක නෑ කියල පිස්ටන් පන්නනකොටවත් දැක්කෙ නෑ.

    මුලින්ම හිතුනේ බුරුල්වෙලා වැටුනවත්ද කියල. මේ පැත්ත බුරුල් කලේ නෑනෙ. හොඳට බලකොට තමා දැක්කෙ වෙලා තියන දේ.

    RRAfwrN.jpg


    බ්ලීඩ් කරන්න තියන නිපල් එක ඇතුලෙ කැඩිලා...:shocked::shocked::sorry::(:(:(

    දැන් ඉතින් කන්න වෙන කට්ට මැවිලා පේන්න ගත්තා...:( හෙට යාලුවෙක්ගෙ එන්ගේජ්මන්ට් එකක්. උදේ පාන්දර එහෙ යන්න ඕනේ. අද දවස ඇතුලත මේක ඉවරකරගන්න හිටියෙ.

    uj1r5LX.png



    මේක දකිනකොට වෙලාව රෑ 8ට විතර ඇති. දැන් මේ මගුල ගලවගන්න තැනක් නෑ. බඩාගෙ අර දරමැස්ස හදල දුන්න අයිය ඉන්නව පොරත් නෑ මහරෑ. මක්කොරන්නද ඉතින්. :sorry:

    පොරට කෙඳිරිගාලා උදේ 6වෙනකොට එන්නම් කියලා කිව්ව. දැන් ප්ලෑන් එක 7.30ටවත් කලින් මේක ගලවගෙන හයිකරගෙන හුලන් ඇරලා බ්‍රේක් හදාගෙන ගමන යන්න. ඔන්න දැන් රෑ ඉතුරු ටික ඔක්කොම හයිකලා ඒ පැත්තෙ කැලිපර් එක විතරක් හයිකරන්න ඉතුරුකරල.:yes:

    උදේ පාන්දරම ගියා ඔන්න කැලිපර් එකත් අරගෙන. මේක හිරවෙලා තිබ්බ හැටි දැක්කමනම් එන එක ෂුවර්නෑ ආවෙ නැතොත් නම් කැලිපර් එක දාන්න වෙයි ට්‍රයි එකක් දාමු කියල පටන් ගත්තා. මේක විදලා එලියට අදින්න බැරි තත්වෙ තිබ්බෙ. අනික මේ වගේ තැනක විදලා පොට කපලා නිපල් එකක් දාල හරියන්නෙ නෑ. මේක සීල් වෙන්නෙ නිපල් එක යට තියන ටේපර් එකකින්. ඒක යවාගත්තොත් ආයි ලීක් නවත්තන්න බෑ.:no:

    නිපල් එකේ හැඩේ මෙන්න මෙහෙමයි.:)

    uiAKMos.jpg



    ඔන්න දැන් යට කැඩිලා තියන කෑල්ලෙ ඉඳලා පරිස්සමින් වෙල්ඩින් කරලා පුරවලා අරගෙන කෑල්ලක් පාස්සලා ගලවන්න ට්‍රයිකලා. පලවෙනිපාර කැඩිලා ගියා වෙල්ඩින් එකෙන්. ආයි කලා. ආයි එමමයි.:sorry: නිපල් කෑල්ලට වෙල්ඩින් එක හොඳට ඇල්ලුවත් වෙල්ඩින් එක හයියමදි හිරවෙලා තියන කෑල්ල කරකවගන්න. අම්බානක ට්‍රයි කලා දිගටම. මොකුත්ම ප්‍රතිචාරයක් නෑ හිරවෙලා තියන කැල්ලෙන්. මේ වෙනකොටනම් තේරුනා වැඩේ හරියන්නෙ නෑ කියල. වෙලාවත් ඉවරයි. ගන්න යන්තම් හරි පුලුවන්කමක් තියනවනම් මෙලහකට ඇවිල්ලා. මේ නිපල් එක වානෙ මං දන්න තරමින්. මේක මෙහෙම කැඩිලා කියන්නෙ තදවෙලා තියන තරම හිතාගන්නකො.(ගානට තදකරන්න මේවගේ තැන්. මේක තනිකර රැප් සීන් එක ඉන්න එකෙක් තමා තදකරල තියෙන්නේ. තද තද කරලා.:baffled:). තව තුන්හතර පාරක්ම ට්‍රයිකරලා වැඩේ අතෑරල දැම්ම.:dull:

    දැන් ඉතින් කල්පනා කලා මොකද කරන්නෙ කියල. ගමන යාගන්න ගෙදර වැන් එකනම් තියනවා. ඒකෙ ප්‍රෙෂර්ප්ලේට් ගිහිල්ලා ක්ලච් බෙයාරින් එකත් ගිහිල්ලා තියෙන්නෙ ඒකෙ යන්න ගියාම තරු පේනව සමහරවෙලාවට.

    ගැරෙජ් එකේ අයිය ගාව තිබ්බ බ්‍රේක් පිස්ටන් ඇතුලට තල්ලුකරන්න හදාගත්ත කෑල්ලක්. පොරගෙන් ඒකත් ඉල්ලගෙන කතාවෙලා කුප්ප වැඩක් කරනවා කියල හිතාගෙන ආව ගෙදර.

    SnwLXYr.jpg


    කරන්න ලෑස්තිවුනේ කැලිපර් එකට ඔයිල් පුරෝලා හයිකරලා අනිත් රෝද ටිකේ හුලන් ඇරලා මේකෙ පිස්ටන් එක ඇතුඅට තල්ලුකරන ගමන් බටේ උඩින් බුරුල්කරලා පුලුවන් තරම් එහෙමෙහෙ කරලා හුලන් අරින්න.:yes:

    ආපුගමන් කැලිපර් එක හයිකරන්න ලෑස්තිවුනා වැඩේට බහින්න. එතකොට පැයක් විතර තිබ්බෙ ලෑස්තිවෙන්න.:baffled:

    දැන් අහන්න හිතෙනවා නේද තොට පිස්සුද යකෝ කියලා.. :baffled:මටත් ඕකම හිතුනා...:yes: මේක දැන් අටවන් ගියාට හරියට හුලන් අරින්න වෙන්නෙ නෑනෙ. ආයි අනිවාර්යෙන් ගලවන්න වෙනවනේ. අපරාදෙ අලුත් වොෂර් ටිකත් ආයි ආයි පන්නන්න වෙනව. බ්‍රේක් කාගන්නවට වඩා මේක පස්සෙ හදනව කියල හිතාගෙන වැඩේ අතෑරල දැම්ම එවෙලෙ.:dull::dull:

    කලබලේ අටෝන අදහස අතෑරලම දැම්ම. හිත හදාගෙන ගියා වෑන් එකේ ඒපාර. :dull: වැඩිය අවුලක් වුනේ නෑ ඉතින්. වෑන් එකේ අවුල තවත් වැඩිවෙලා තමා ගෙදරනම් ආවෙ.:baffled::baffled:

    මං ගියපු අතරේ තාත්තා කැලිපර් එක උස්සගෙන ගිහින් තිබ්බ තව තැනකටත්. එහෙනුත් සැහෙන්න දඟලලා තිබ්බ අන්තිමට හිරවෙලා තිබ්බ නිපල් එකේ කෑල්ලක් කැඩිලා ඇවිත් තිබ්බා නිපල් එකේ ඉතුරු ටික ඇතුලෙ ඉතුරුවෙලා.:sorry:

    මේ මගුල හරියන්නෙ නෑ අලුතින් එකක් දාන්න හිතාගත්ත ඉතින්. මං ගෙදර ආපුගමන් එහෙම්මම තාත්ත එක්කෙ ගියා කැලිපර් හොයන්න හවස්වෙලා. නාවින්නෙ කඩේක තිබිල බඩු හම්බවුනා. උන්ගෙ ගානත් සාදාරණයි. 3000යි වුනේ කැලිපර් එකට. මවුන්ට් එකයි හෝස් එකයි පතුරු කෑලි ඔක්කොමයි එක්ක. තෝරලා හොඳ පෙනුමට තිබ්බ එකක් ගත්ත. ගෙදර යන්න කලින් ලඟතිබ්බ ටයර් කඩේකට ගිහින් පිස්ටන් එකත් පන්නල බැලුවා හොඳම තත්වෙ තිබ්බ කැලිපර් එක.:yes:

    sSiiGyQ.jpg


    අලුත් වෝෂර් ටික දාලා කැලිපර් එක හයිකලා.:)

    SbgCEIn.jpg


    බ්‍රේක් කැලිපර් එකයි හෝස් එකයි අතරෙ එන මේ තඹ වොෂර් එහෙම අමතක කරන්න එපා. මේවා තියෙන්නෙ තැලිලා සෙට්වෙන තැන් ටික ගානට සීල් වෙන්න. අලුතින් ගන්න තියන නිසා පරන ඒවා සවුත්තුවෙලා වගේනම් මාරුකරන එක හොඳයි.:yes:

    7MPz7Ex.jpg


    මේකෙනම් බ්ලීඩ් නිපල් එක තියනවා.:P:P

    Z0JpRM1.jpg


    මේ වෙනකොට මහරෑ.. :baffled:

    ඊලඟදවසෙ උදේම පටන් ගත්තා බ්‍රේක් වල හුලන් අරින්න.:yes:

    මේ ටික ගොඩක් අයට වැදගත්වෙයි. මේවනම් ඉගෙනගත්තෙ මං අර කිව්ව අයියගෙන් තමා.:yes:

    මුලින්ම කලේ පරන ඔයිල් ටික අයින්වෙන්න බ්ලීඩ් කරපු එක.

    ඒකට පොඩි බෝතලයක් හදාගත්තා මේ වගේ බට කෑල්ලක් ගහලා..:yes:

    DUy6YsR.jpg


    බෝතලේට පරන ඔයිල් ටිකක් දාගන්න ආපහු හුලන් අදින එක නවත්තන්න. ඊට පස්සෙ මේක නිපල් එකට සෙට් කරලා තනියම වුනත් බ්‍රේක් බ්ලීඩ් කරන්න පුලුවන් ආපහු හුලන් ඇදෙන්නෙ නැති නිසා.:yes:

    70nHFCT.jpg


    v6c3wFC.jpg


    ඊට වඩා හොඳ ක්‍රමයක් තියන්වා ඊලඟට කියන්නම්. මං මෙහෙම කලේ මේ පරණ ඔයිල් ටික අයින්කරගන්න ඕනෙ නිසා. බ්‍රේක් පැඩ්ල් එක පාහලා ඔයිල් අයින්කරන ගමන් අලුත් ඔයිල් පිරෙව්වා කැලිපර් වලින් අලුත් පාට ඔයිල් එලියට එනකම්. රෝද 4ටම මේ වැඩේ කලා.:yes:

    ඒත් ඉස්සරහ කැලිපර් වලින් හුලන් පොඩ්ඩ පොඩ්ඩ ආවා තවත්.ඒකට කලා මෙහෙම වැඩක්.

    මේක තමා බ්‍රේක් බ්ලීඩ් කරන්න හොඳම ක්‍රමය. අපතෙ යන්න්නෙ නෑ පොඩ්ඩක්වත් ඇතිවෙනකම් හුලන් අයින්කරන්න පුලුවන්...:yes:

    මේකට ඕනෙ දිග බටයක්. එක පැත්තක් සෙට් කරන්න බ්ලිඩ් නිපල් එකට.

    GJfpIlf.jpg



    අනිත් කෙරවල දාන්න ගිහිල්ලා බ්‍රේක් ඔයික් දාන තැනට. (හොඳ පිරිසිඳු බටයක් ගන්න)

    kBBGsnI.jpg


    බටේ පනින්නෙ නැතිවෙන්න පරිස්සමට තියන්න. මොකද බ්‍රේක් ඔයිල් වටුනොත් ඉතින් වෙනදේ දන්නවනෙ. ඒ වගේම පේන්ට් එකත් පරිස්සම් වෙන්න රෙදි කෑල්ලක්වත් දාගන්න.:yes:

    JfqwLfT.jpg


    ඊටපස්සෙ ඉතින් හිතේ හැටියට පාගන එකයි තියෙන්නෙ. :D බ්‍රේක් ඔයිල් හුලන් එක්ක බටේ දිගේ ඇවිල්ලා ඒ ටික ඔයිල් ටැන්කියට වැටෙන නිසා අපතෙ යෑමක් නෑ. එතනින් හුලන් ටික නිකම්ම වෙන්වෙන නිසා වැඩේ එලකිරි වගේ වෙනව. ටිකක් වෙලා මෙහෙම කරද්දි හුලන් බින්දුවක්වත් ඉතුරුවෙන්නෙ නෑ.:cool:
    හුලන් අයින්වුනාම නිපල් එක තදකරලා බටේ ගලවගන්න.

    14JTcLY.jpg


    ඔයිල් පිරිච්ච බටේ අනිත් පැත්තට ගහලා ඊටත් වඩා ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.

    වැඩේ ඉවරවුනාම බටේ සීල් වෙන්න ගැටගහලා පරිස්සමට අරන් තියන්න. ආයිපාරක් බ්‍රේක් බ්ලීඩ් කරන්න වුනොත් එතකොට ලේසියි.

    bnei4Vy.jpg


    හම්මේ ඔන්න ඉතින් වැඩේ ඉවරවෙලා දැම්මා පාරට බලන්න...:D:D:D

    DX1wthu.gif


    සන්තෝසයි සිංහලු..බ්‍රේක් තියනවා එලට...:D:D දවසෙන් ඉවරකරන්න හිතපු බ්‍රේක් හෝස් මාරුකිරිල්ල කටුවක් වෙලා ඔන්න ඔහොමයි ඉතින් දවස් තුනක් ඇදුනෙ. :baffled: කවුරුවත් මේවගේ තැන් ඕනවට වඩා තදකරන්න යන්න එපා. :yes: පොඩි කෑල්ලක් කඩල ගියාම ඇති අපිට ලොකූ කටුවක් සෙට්වෙන්න. ගැරජ් වලදි එහෙම ගෝලයො කෑලි ගලවනකොට ලඟ ඉන්න. වැඩේ වෙන්න කලින් නවත්තගන්න එක කෝකටත් හොඳයිනේ...:yes:

    මාගෙ කටුව අමාරුවෙන් කියෝපු හැමෝටම ස්තූතියි..
    000203FB.gif

     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දාන්න දාන්න. :) අනේ මට තියෙන්නේ අවුරුදු 5ක වගේ අත්දැකීම් විතරයි. දෙය්යනේ කියලා තාම මාව මේ කටු වගේ බරපතල කටු වලට සෙට් වෙලා නෑ. තියෙන්නේ පොඩි පොඩි ලෙඩ වලට බේත් කරපුව තමයි. :) ඒවා මේ කටු එක්ක බලද්දී නොසැලකිය හැකි තරම් :lol:

    මට වාහන එක්කනම් අත්දැකීම් කාලය ඔයිට අඩුයි මචෝ...;)
     

    sanjeewa81

    Active member
  • Jan 8, 2007
    436
    105
    43
    Good post machan. garage wala inna maka basla anayak thada karanna giyama giriya kadenakam thada koranawa kalakanni haththa, niyama torque ekata wada dahagunayak mun wadiyen thada karala anthimata kadala yanawa. moda haththa hariyata igena gena karana ewa memeyine. mageth compressure eke ana set ekama danna una me kalakanni karapu wada nisa. dan nam garage eke wadak karanakota mamath yata ringanawa uth ekkama. :shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Good post machan. garage wala inna maka basla anayak thada karanna giyama giriya kadenakam thada koranawa kalakanni haththa, niyama torque ekata wada dahagunayak mun wadiyen thada karala anthimata kadala yanawa. moda haththa hariyata igena gena karana ewa memeyine. mageth compressure eke ana set ekama danna una me kalakanni karapu wada nisa. dan nam garage eke wadak karanakota mamath yata ringanawa uth ekkama. :shocked:

    ඇත්ත. වාහනයක් ගලවනවනම් අනීවා අපි ලඟ ඉන්න ඕනෙ මචන්. හැමෝම එහෙම නෑ හැබැයි. මාත් දන්න ඉගෙනගත්ත තරමක් ඉගෙන ගත්තෙ ගැරෙජ් එකක් කරන අයිය කෙනෙක්ගෙන්. ලංකාවෙ හැටි නිසා තමා ඔහොම වෙලා තියෙන්නෙ. හරියට දැනගෙන වැඩ කරන්න බොහොම ටික දෙනයි. අපිනම් හදිස්සියකදි වුනත් ෂුවර් නැති අයට දෙන්නෙ නෑ මචන් ගලවන්න. කටු කාල තියනව.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නියමෙට විස්තරක කරලා ලියලා තියෙනවා මචන් වැඩේ එලටම කරලා
    11.gif

    කාලෙකින් දැක්කේ.. එල මචන්...:D වෑන් මොඩ්ෆිකේෂන් එකේ පට්ට මීටර් සීන් එකක් ගියා බලපන්කෝ...:cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දාපු කටුවට ස්තූති...... මගෙත් බ්‍රේක් ලයිනර් ගහගන්න ඕනා.... අරන් එන්නද ඔය පැත්තේ..... හෝස් ටිකත් මාරු කරලා දාමු.... :D :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දාපු කටුවට ස්තූති...... මගෙත් බ්‍රේක් ලයිනර් ගහගන්න ඕනා.... අරන් එන්නද ඔය පැත්තේ..... හෝස් ටිකත් මාරු කරලා දාමු.... :D :P

    රෑවෙලා වරෙන් සහෝ..:frown: මඩ ගහපුවට දෙන්නම් මං.:growl::growl::growl:
     
    Status
    Not open for further replies.