Dialog tv or PEO tv?

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,940
    6,264
    113
    ලංකාවේ කේබල් ටීවී අතරින් ප්‍රමඛ තැනක් ගන්නේ ඩයලොග් සහ පියෝ ටීවී යන සම්බන්ධතා දෙකයි. සාකච්ඡාවට බඳුන් කළ හැකි සැළකිය යුතු සේවා විශේෂතා සහ තරගකාරීත්වයක් පෙනෙන්නෙත් මේ නාලිකා දෙකේ විතරයි. අලුතින් කේබල් ටීවී සම්බන්ධතාවයක් ගැනීමේදී මේ දෙක අතරින් කුමක් තෝරගන්නද කියන එක අපේ බහුතරයකට තිබෙන ප්‍රශ්නයක්. අපේ මේ උත්සාහය මෙම සම්බන්ධතා වල ඇති වාසි සහ අවාසි ගැන තොරතුරු ස්වල්පයක් ඔබ වෙත ගෙන ඒමටයි. මෙම සටහන මේ විකල්ප දෙක අතර දෝලනය වෙවී ඉන්න අදහසක් තියෙන ඕනම කෙනෙකුට වැදගත් වේවි


    1. අකුණු

    පියෝටීවී – අකුණු ඇදගැනීම වැළැක්වීම සම්බන්ධයෙන් වැඩි විශ්වාස කිරීමක් තැබිය නොහැක. එනිසා භාවිතා නොවන සෑම අවස්ථාවකම සේම අකුණු සහිත අවස්ථා එළැඹීමට පෙර කේබල් ගලවා තැබීම මැනවි.

    ඩයලොග් ටීවී – එහා වත්තට වැස්සක් පැමිණියද ක්‍රියා විරහිතව යයි. එනිසා අකුණු අනතුරු අවම වෙයි.



    2. ආෆ්ටර් සේල්ස් සර්විස්


    පියෝටීවී – සැළකිය යුතු කාලයක් බලා සිටින්නටත්, පැමිණිල්ලේ තත්ත්වය විමසා බලන්නටත් සිදුවෙයි.

    ඩයලොග් ටීවී – සැළකිය යුතු මට්ටමක අලෙවියෙන් පසු සේවාවක් සපයනු ලැබේ.


    3. ස්පීඩ්

    පියෝටීවී – චැනලයක් අතර මාරු වීමට සැළකිය යුතු වේලාවක් යයි.

    ඩයලොග් – චැනල අතර මාරු වීමට එතරම් වේලාවක් ගත වන්නේ නැත.



    4. අයකිරීම්

    පියෝටීවී – සාපේක්ෂව අයකිරීම්වල අඩු බවක් දැකිය හැක.

    ඩයලොග් ටීවී – සාපේක්ෂව අයකිරීම් පියෝටීවීවලට වඩා වැඩි වුවද, සේවාව ලබාගන්නා විවිධ වූ ක්‍රම ඇත.



    5. රිවයින්ඩ් ටීවී

    පියෝටීවී – මගහරැණු හෝ යළි නැරඹීමට ආශා කරන වැඩසටහන් පැය 48ක් තුළ නැරඹීමේ අවස්ථාව ලැබේ. එසේම එය ඇතැම් විදෙස් චැනලයන් වෙනුවෙන් සැපයෙන්නේ නැති බවද සිහි තබා ගත යුතුය.

    ඩයලොග් ටීවී – මේ සේවාව සැපයෙන්නේ නැත.


    6. දේශීය වින්දනය

    පියෝ ටීවී – සාමාන්‍යයෙන් සැපයෙන දේශීය නාලිකා හැරෙන්නට විශේෂයෙන් දේශීය වින්දනාත්මක නාලිකා ඇතුළු නොවෙයි.

    ඩයලොග් ටීවී – රිදී ටීවී(පැරණි චිත්‍රපට) සහ සිටි හිට්ස්(පැරණි ටෙලි නාට්‍ය) පෙන්වන වැඩසටහන් පැය විසි හතර පුරා ක්‍රියාත්මක නිසා දේශීය නිර්මාණ රසිකයාට ප්‍රයෝජනවත්ය.



    7. හයි ඩෙෆිනිෂන්

    පියෝ ටීවී – පියෝ ටීවීවලට නං හයි ඩෙෆිනිෂන් රූප සහිත නාලිකා නැරඹීමේ හැකියාවක් නැහැ. මොකද ඔවුන් තවම ඒ සේවාව ලබාදෙන්නේ නැහැ.

    ඩයලොග් ටීවී – යම් අමතර මුදලක් ගෙවා ඔබටත් ඩයලොග් ටීවී හරහා හයි ඩෙෆිනිෂන් චැනලයන් ඔබේ ගිණුමට එක්කර ගැනීමේ හැකියාව ඩයලොග් ටීවී ලබා දී තිබෙනවා. නිකංම HD අරගන්න කලින් ගෙදර තියෙන්නේ හයි ඩෙෆිනිෂන් රූප බලන්න පුළුවන් මට්ටමේ රූපවාහිනියක්ද කියලා හිතන එකත් හොඳයි.



    8. ඕවරෝල්

    මෙම සේවාවන් දෙක අතර එකිනෙකට නොදෙවෙනි වාසි සහ අවාසි ඇති නිසා ඉතා හොඳ මේ යැයි කිව නොහැකියි.

    පියෝටීවී – නමුත් සාමාන්‍ය එදිනෙදා රුකියාවක් කොට ටෙලි නාට්‍ය නරඹා නින්දට යන කාර්යබහුල මිනිසාට පියෝ ටීවී වඩා ගැලපෙයි. ඒ එහි ඇති රිවයින්ඩ් ටීවී පහසු කම ප්‍රධාන ඒ සමග SLT Megaline (Telephone, TV, Internet) සම්බන්ධතාවය ලැබෙන නිසාවෙනි.

    ඩයලොග් ටීවී – ඩයලොග් ටීවී ගැලපෙන්නේ වැඩි වශයෙන් විනෝදාස්වාදයට රිසි වැඩි කාලයක් නිවසේ ගත කරන අයෙකුටය. ඒ වගේම වැඩි කාලයක් වැය නොකොට පහසුවෙන්ම සේවය ලබාගත හැකි නිසා මෙයට වැඩි ඉල්ලුමක් තිබෙනවා.



    source:අනිවා.LK​
     
    • Like
    Reactions: dildude

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඩයලොග් ටීවී ඔහෙද ඔයි කේබල් ටීවී එකක් වෙන්නේ..
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    පියෝටීවී – සැළකිය යුතු කාලයක් බලා සිටින්නටත්, පැමිණිල්ලේ තත්ත්වය විමසා බලන්නටත් සිදුවෙයි
    .
    :no::no:
    කියන තරම් ලොකු ඩිලේ එකක් නෑ.. :no:

    පියෝටීවී – චැනලයක් අතර මාරු වීමට සැළකිය යුතු වේලාවක් යයි.
    :no::no::no:
    මටනම් ඩයලොග් වලට වඩා ස්පීඩ් පියෝ එකේ .
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    මොන්සූන් රේන් සීසන් තියන රටවලට මොන සැටලයිට් ටීවී එක ගත්තත්, ku බැන්ඩ් නම් සොරි තමා...
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    dialog wala PVR thiyenawa record wenna dala passe balanna puluwan
    රිවයින්ඩ් ටීවී වෙනයි. PVR වෙනයි.. රෙකොඩ් සීන් එකක් නැ පියො එකේ. එහෙනම් ඉතින් ඇනලොග් ටිවී එකෙත් VHS රෙකොඩින් දැම්මොත් රෙකොඩ් කලහැකිනේ.
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    kauda yako kiyanne Peo TV ekata akunu enawa kiyala..:lol::lol::lol: ape gedettath akunak awa telephone cable eken...network card eka pichchuna witarai PC eke....router,tv box,tv ekata kisima aulak une naa.....:lol::lol::lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,264
    113
    .
    :no::no:
    කියන තරම් ලොකු ඩිලේ එකක් නෑ.. :no:


    :no::no::no:
    මටනම් ඩයලොග් වලට වඩා ස්පීඩ් පියෝ එකේ .

    අනේ මන්දා බන්.මාත් ඔය දාලා තිබ්බ එක තමා මේකේ දැම්මේ.:)
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Peo TV එකේ HD channels තියනවා බන් fiber optic ගන්න උන්ට. අනිත් ඒවානම් හරි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    රිවයින්ඩ් ටීවී වෙනයි. PVR වෙනයි.. රෙකොඩ් සීන් එකක් නැ පියො එකේ. එහෙනම් ඉතින් ඇනලොග් ටිවී එකෙත් VHS රෙකොඩින් දැම්මොත් රෙකොඩ් කලහැකිනේ.

    mama dannawa e deka samana ne kiyala
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මොන රෙද්ද උනත් ඩයලොග් එකේ එවුන් බිල් එක කැල්කියුලේට් කරන විදිහ කියල දෙනකන් මම ඩයලොග්නම් පාවිච්චි කරන්නෙ නෑ මොකද මට උන්ගෙ බිල් එක තේරෙන්නෙම නෑ රු. 699 ට තියෙන පැකේජ් එක කවම දාවත් රු. 1000 ට අඩුවෙන් ඇවිත් නෑ අමතර චැනල් ඇඩ් කරලත් නෑ මම අන්තිම වතාවට බිල ගෙව්වෙ පෙබරවාරි 18 නමුත් මාර්තු විස්ස මගෙ ලයින් එක ඩිස්කනෙක්ට් වෙනව බිල ගෙවල නෑ කියල බිල් එක එනව 2900 ක් ටහිකෙන්
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මොන රෙද්ද උනත් ඩයලොග් එකේ එවුන් බිල් එක කැල්කියුලේට් කරන විදිහ කියල දෙනකන් මම ඩයලොග්නම් පාවිච්චි කරන්නෙ නෑ මොකද මට උන්ගෙ බිල් එක තේරෙන්නෙම නෑ රු. 699 ට තියෙන පැකේජ් එක කවම දාවත් රු. 1000 ට අඩුවෙන් ඇවිත් නෑ අමතර චැනල් ඇඩ් කරලත් නෑ මම අන්තිම වතාවට බිල ගෙව්වෙ පෙබරවාරි 18 නමුත් මාර්තු විස්ස මගෙ ලයින් එක ඩිස්කනෙක්ට් වෙනව බිල ගෙවල නෑ කියල බිල් එක එනව 2900 ක් ටහිකෙන්
    ඉතින් බන් 700ක රෙන්ටල් එකට කොහොමද බන් 1000ට අඩුවෙන් එන්නේ. ටැක්ස් එකම එනවනේ 400කට වඩා
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    ඉතින් බන් 700ක රෙන්ටල් එකට කොහොමද බන් 1000ට අඩුවෙන් එන්නේ. ටැක්ස් එකම එනවනේ 400කට වඩා

    na ehema na...telecom eke tax ekath ekka thama package eke gana hadenne..:):)
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    කොරියන් බලන උන්ට පියෝ හොඩයි ලු කොරියන් චැනල් එකක් තියේලු මම නම් ඩයලොග්

    Nikon or Canon wage prashnayak mekath lankawe TV providers lage..Dialog eke Eurosports dena nisa mama lakunak denawa dialog ekata but mama peo user..:)
     

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Peo tv එකේ rewind පහසුකම ගොඩක් වටිනවා. customer service වලත් අවුලක් නැහැ.Dialog වලට් වඩා 10x හොඳයි. වැහි කාලෙට Dialog TV දෙන ආතල් අහපල්ලකෝ තියන එවුන්ගෙන්ම.