බජාජ් V15 රිවිව්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මචන්ල අද රිවිව් එක දෙන්නයි හදන්නෙ .කිලොමීටර් 300 කට වඩා පැද්ද .

    මෙන්න මේකයි වන්ඩිය .:)
    DSC_0102.jpg


    DSC_0106.jpg



    මේකෙ තියෙන්නෙ පරන පල්සර් එන්ජින් එකක් . අනික් ඉන්දියන් ඒවට වැඩිය හොද හඩක් තියනව .මොකද පත සයිස් සයිලන්සර් එකක් තියෙන්නෙ . හැබැයි කාලෙකින් සද්දෙ වෙනස් වෙයිද කියලත් හිතෙනව .මොකද ඉන්දියන්නෙ .:lol:. තෙල් නම් 50ක් වගේ කරනව .ඊටත් ටිකක් වැඩියි වගේ . දැනට . ටැන්කියට වදිනව 2000ක් විතර . මහා බාරතේ යකඩ බාර් දෙක තියන නිසා ටිකක් සේෆ් .:lol:

    DSC_0108.jpg


    DSC_0110.jpg


    මේකෙ චැසිය පරන ඩිස්කවර් 135 විදිහට ගහල තියෙන්නෙ . තනි බාර් එක නෙමෙයි .ඒක නිසා පට්ටම බැලන්ස් . බ්‍රේක් කරල නවත්තගන්න පුලුවන් අනිත් බජාජ් ඒවත් එක්ක බලනකොට .අනික වැලි ගෑවෙන්න නමන්න පුලුවන් .

    DSC_0109.jpg


    පිකප් නම් නෑ පුතෝ .මගේ වැරැද්දක්ද මන්ද ට්‍රැෆික් ලයිට් වලදි බොක්සරුත් යනව මේකට කලින් :shocked::shocked:.

    මේක ටික දුරක් පැදල Fz එකකට නැග්ගහම නම් නිකන් ලෑල්ලක් උඩ යනව වගේ .දැන් රිදෙයි රෙප් කපයි .හැබැයි ඒක තමා ඇත්ත .මොකද මේක පට්ට කම්ෆටබල් . ඒකත් දැනට කියමුකො .

    මේකෙ හෙඩ් ලයිට් එක රව්ම් එකක් ආවනම් පට්ට ගති . හැබැයි ඉතින් ඉන්දියන් රවුම් ලයිට් වලට වැඩිය මෙහෙම තියන එකත්හොදයි කියල හිතෙනව . :nerd:. තියන එක හොදට ෆෝකස් කරල පාරට වදිනව .

    DSC_0104.jpg


    ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් එකෙන් ඇතිල්ලෙන සද්දෙ එනව පොඩ්ඩක් .එන්ජින් එක ඕෆ් කරහම විතරයි ඇහෙන්නෙ .:(. අනේ මන්ද ඇයි මේ එන්ජිම මෙච්චර රත්වෙන්නෙ කියලනම් . අම්මෝ කකුලත් පිච්චෙයි කියල හිතෙනව . අනිත් එක එකපාරට 70 වට විතර පිකප් කරොත් නම් දෙදරනව .

    පිටිපස්සෙ කප් එක ගලවන්න ඇලන්කියක් එනව යතුරෙම . ඒක පට්ට කට්ටක් බන් ඇන දෙකක් ගලවනව කියන්නෙ .:frown:
    :frown:


    පිටිපස්සට තව පොඩ්ඩක් පලල ටයර් එකක් දාන්න පුලුවන් . චේන් ගාඩ් එකේ ඉදල පොඩ්ඩක් ඉඩ තියනව .පිටිපස්ස LED . කුකුලෙක්ගෙ පස්සක් වගේ :baffled::baffled: .අනේ මන්ද ඉතින් කොතනින් හරි ගූ ගාගන්නත් ඕනනෙ .


    ඕවරෝල් කියනවනම් . ඇගට අමාරු නැති ස්මූත් වාහනයක් .හැබැයි හයියෙන් යන්න නම් නෙමෙයි :no::no::no: ක්ලැසික් මොඩ්ල් එකක් පරිස්සමෙන් පදින්න කැමති අයට හොද එක්ස්පීරියන්ස් එකක් ගන්න පුලුවන් .තව එකක් . ගත්ත ගමන් සාරි ගාඩ් එක ගලවපන් .තව පොඩ්ඩක් ලුක් එක වැඩි වෙනව . ඩිසයින් එක ගොඩක් ලස්සනයි . මම රෙකමන්ඩ් කරනව මේක විනෝදයට ගමනක් යන්න .ඩේලි වැඩට යන්න වගේ ගන්න හොද වාහනයක් .මොකද මේක දුර පිකප් වාහනයක් .

    DSC_0107.jpg


     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තෑන්ක්ස් මචන් රිවීව් එකට. දැන් පාරෙ නිතරම යනව ඕක. එන්ජිම එච්චර රත් වෙනවද බන් ?
     
    • Like
    Reactions: skymicro

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් රිවීව් එක දානකන් බලන් හිටියේ.. :cool:
    උපරිම කොච්චර විතර වේගෙන් ගියාද බං.. හයියෙන් යන්න අහනව නෙමෙයි.. ඒත් දෙදරණ සීන් එහෙම දැනෙනවද..:)
    +Rep

     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මමත් රිවීව් එක දානකන් බලන් හිටියේ.. :cool:
    උපරිම කොච්චර විතර වේගෙන් ගියාද බං.. හයියෙන් යන්න අහනව නෙමෙයි.. ඒත් දෙදරණ සීන් එහෙම දැනෙනවද..:)
    +Rep


    70 වට වගේ යනකොට දෙදරන්න ගන්නව බන් . ඒත් දුර පිකප් වෙනව .ලග තමා අමාරු .ටිකක් ඒ වේගෙන්ම යනකොට අඩු වෙනව
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔය අර මොකද්ද මන්දා නැවකින් ගත්ත රිසයිකල් යකඩ වලින් හදපු එක නේද?
    වික්‍රන්ත් ද මොකද්ද නැවක්.....
    රිවිව එකට තැන්කුයි
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    කොට මොඩල් උනාට දුරනේ පිකප් වෙන්නේ
    ලේලෙන්ඩ් එක්ක වගේද ..?