KIA Picanto මෝටර්_රථයට Kia වෙතින් වසර පහක වගකීමක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    KIA Picanto මෝටර්_රථයට Kia වෙතින් වසර පහක වගකීමක්

    Picanto මෝටර් රථයට Kia වෙතින් වසර පහක වගකීමක්

    9b1adb45b953b7472c99dec511652a8a_XL-620x360.jpg


    ශ‍්‍රී ලංකාවේ අලෙවි කරන මෝටර් රථ වෙනුවෙන් පළමු වතාවට වසර පහක නිෂ්පාදන වගකීමක් ලබාදෙමින් Kia මෝටර්ස් ලංකා සමාගම මෙරට වාහන අලෙවි අංශයේ නව සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.

    මෙය 2016 ඔක්තෝම්බර් 01 වනදා සිට මිලදී ගන්නා Kia Picanto මෝටර් රථ වලට හිමිවන බවත් මෙම වගකීම යටතේ කිලෝ මීටර් 150,000 ක් හෝ වසර පහක කාල සීමාවක් යන විකල්ප දෙක අතුරින් මුලින් පැමිණෙන විකල්පය මත පදනම්ව වගකීම ලබාදෙන බව සමාගම පවසයි.

    ‘‘නිර්මාණශීලිත්වය සහ කාර්යසාධනය මත පදනම් වූ සන්නාමයක් ලෙස Kia නිරන්තරයෙන්ම සිය වාහනවල අගය එකතු කිරීමේ ක‍්‍රියාවලිය යටතේ නිෂ්පාදන තත්ත්වය වැඩිදියුණු කරමින් සිටිනවා’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් Kia මෝටර්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මහේන් තම්බයියා මහතා සඳහන් කළේය. ‘‘අපගේ Kia Picanto මෝටර් රථ වලට ලබාදෙන මෙම වගකීම මගින් පෙන්නුම් කරන්නේ දේශීය මෝටර් රථ අලෙවි කර්මාන්තය අභියෝගයකට මුහුණදී සිටින අවස්ථාවේදී පවා අපගේ තිබෙන කැපවීමයි. ඒ වගේම, අපගේ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වයේ දියුණුව සහ ඒ පිළිබඳව සමාගමේ තිබෙන විශ්වාසය මෙම වගකීම ලබාදීම මගින් විදහා දැක්වෙනවා. සමහර රට වල Kia විසින් වසර හතක නිෂ්පාදන වගකීමක් ලබාදෙන අවස්ථාවන්ද තිබෙනවා.’’

    නව Kia Picanto මෝටර් රථ වලට වසර පහක නිෂ්පාදන වගකීමක් ලබාදීමට අමතරව මෙම මෝටර් රථය සඳහා ස්වාධීන තාක්ෂණික පරීක්ෂා කිරීමේ ආයතනයක් වන TÜV Nord මගින් පරිසර සහතිකය ලබා තිබෙන අතර ISO 14040 Life Cycle Assessment (LCA) සහතිකයද හිමිකර ගෙන තිබේ. Kia විසින් නිෂ්පාදනය කරන නව Rio සහ Optima මෝටර් රථද මේ ආකාරයෙන්ම සහතික කර ඇත.

    අළුතින් සැලසුම් කර නිෂ්පාදනය කර තිබෙන නව පරම්පරාවේ Picanto මෝටර් රථය මේ වසරේ මාර්තු මාසයේදී ලංකාවට හඳුන්වා දුන් අතර එය විප්ලවීය මෝටර් රථ සැලසුම්කරණයේ සහ ඉහළ කාර්යසාධනයේ නවතම දිගුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙම මෝටර් රථය 998cc ගැසොලින් ඉන්ලයින් සිලින්ඩර තුනකින් යුතු එන්ජිමකින් සමන්විත වන අතර දොර පහේ මෝටර් රථය විකල්ප පැකේජ පහකින් මිලදීගත හැකිය. අතින් ක‍්‍රියාකරන ගියර් පහකින් යුතු මාදිලියේ සිට ගියර් හතරකින් යුතු ස්වයංක‍්‍රීය මාදිලිය දක්වා වූ මාදිලි වලින්ද මෙම මෝටර් රථය මිලදී ගැනීමේ හැකියාව ඇත.

    මෙම මෝටර් රථ මාදිලියට ආවේණික ගති ලක්ෂණ වලට විධිමත්ල පරිණතභාවය එක්කරමින් මෙහි ආරක්ෂාකාරී බව වැඩිදියුණු කර තිබීම කැපී පෙනේ. ද්විත්ව වායු බැලූන සහ ඇන්ටි ලොක් තිරිංග පද්ධතිය (ABS), පරිසර හිතකාමී තාක්ෂණය සහ පුද්ගලිකත්වයට වඩාත් ලංවූ පහසුකම් මාලාව මේවා අතරින් ප‍්‍රමුඛ වේ. මීට අමතරව, iPod AUX සහ USB සම්බන්ධතාවය, යාන්ත‍්‍රිකව ක‍්‍රියාකරන පවර් ස්ටියරිං පහසුකම සහ ටිල්ට් ස්ටියරිං පද්ධතිය, ගුවන්විදුලිය සහ ක්‍ෘ ප්ලේයරයක් සහිත ඕඩියෝ පද්ධතිය, සිකියුරිටි ඉන්ඩිකේටරය යන පහසුකම්ද මෙම මෝටර් රථයේ අගය වඩාත් ඉහළ නංවයි.

    තාරුණ්‍යයෙන් පිරුණු සිතුම් පැතුම් ඇති පාරිභෝගිකයින් වෙනුවෙන් ගුණත්වයෙන් ඉහළ වාහන නිෂ්පාදනය කරන kia මෝටර්ස් කෝපරේෂන් (www.kia.com) සමාගම 1944 දී ආරම්භ කළේ රථ වාහන නිෂ්පාදනයේ කොරියාවේ පැරණිතම සමාගම ලෙසිනුයි. kia සමාගම වසරකදී ලෝකය පුරා වාහන මිලියන 03 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරන සමාගමකි. සමාගම සතුව රටවල් 05 ක වාහන නිෂ්පාදන හා එකලස් කිරීමේ කම්හල් 10 ක් තිබෙන අතර බෙදාහැරීමේ සහ වෙළඳ ජාලය රටවල් 150 ක ව්‍යාප්තව පවතී. ණස් මෝටර් රථ සමාගමේ සන්නාම පාඨය ‘The Power to Surprise’ යන්නෙන් පිළිඹිබු වන්නේ බලාපොරොත්්තු ඉක්මවන උද්වේගකර අත්දැකීම් ලබාදීම තුළින් ලෝකයා පුදුම කරවීමට සමාගමේ තිබෙන ගෝලීය කැපවීමයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,215
    13,102
    113
    33
    ෆින්ලන්ඩ්
    AMW wagema thami okunuth. Gaththata passe weduk karganna giyahma puka hapa gena marenna hithenawa. Hariyata un car 1a nikun dunna wage.

    AMW ita aeha... unta car wikununath 1i nethth 1ai. ballekuta ganun gan nehe. MD ta katha karama gihin, pora hari hodai. wade tiyenney weda karana aewun MD wa ganun gan ne.
     

    Elakiri Rocky

    Member
    Apr 23, 2016
    318
    11
    0
    WENA RATAWALA KIA OKKOTAMA 5 YEARS DENAWA BN. ITA WADIDA MNDA. LANKAWETH OYA DENNA PATAN GATHTHA WITHARAI. KATTA KAWATH MOKO BN, ENGINE EKATA 5YEARS HAMBENAWA KIYANNE, AI BAYA NATHUWA PAWICHI KARATHA HAKI. RIO EKATA NADDA DANNA.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    පට්ට බන්..
    ජපන් වාහනවලටත් (Mitsu,Toyota) ඔහොම වොරන්ටි දෙනව වෙන රටවල. ලංකාවෙ ඉන්න ඒජන්ට්ල දෙන්නෙ නෑනෙ.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    bump, fatta deal. only if it was around 21-23 lahks :)

    එතකොට බන් අර උඹ ගත්ත කිවිඩ්ඩ වටිනවද ඒ ගානට
    :lol::lol::lol::lol::lol:

    පිකැන්ටෝ එක 25කට වගේ හම්බ වුණා නම් නියම ගාන. පිකැන්ටෝ එක 22කට දෙනවනම් ක්විඩ් එක 10-12ට යන්න ඕනේ :yes: