මචං උබ 100% නිවැරදියි....
දැන් කවුරුවත් පොඩි අයට අත දෙන්නෙ නෑ.... මම දන්නෙ නෑ ඇයි කියල... නමුත් ඉස්සර වගේ දැන් ලංකාවෙ QS ලට ලොකු තැනක් නෑ.. ප්‍රධාන හේතුව අපේම වැරදි.... අනික උඩ එකා කියපු විදියට ඉංදියන් පරයො අඩු ගානට ඇවිල්ල වැඩ කරන නිසා...
මමත් ඉන්නෙ ඕමාන්.... මම වැඩ කරන්නෙ ඉතාලියන් කන්සල්ටන්ට් කම්පැනි එකක ප්‍රමාන සමීක්ෂක විදියට... කම්පැනි එකෙන් කම්පැනි එකට කරන වැඩ වල වල ප්‍රමාණය, පඩිය, පහසුකම්, නිවාඩු වගේ දේවල් වෙනස් වෙනව...
මම මේ කියන්නෙ මගේ කම්පැනිය අනුව....
01. පඩිය - ඉහලයි (දැනගන්න ඕන කෙනෙක් ඉන්නව නම් පී.එම් කරන්න )
02. වැඩ වල ප්‍රමාණය - මම එක වැඩක් විතරක් නෙමෙයි කරන්නෙ, (බිල් එක චෙක් කරනව (IPC), ප්‍රෝග්‍රස් රිපොර්ට් හදනව (Monthly Progress Report to Client), ප්‍රෝග්‍රෑම් හදනව (Program - Primavera ) , ඇක්ටින් රෙසිඩන්ට් ඉන්ජිනීයර් (ARE) විදියට වැඩ කරනව )
03. පහසුකම් - කාමර 03ක නිවාසයක් (Family Accommodation) , වාහනයක් සහ ඉන්දන (Unlimited), ලොන්ඩ්‍රි පහසුකම්, ෆැම්ලි වීසා, සහ අනෙකුත් දීමනා)
04. ව්‍යාපෘතිය - හයි වේ එකක් හදන්න ඩිසයින් & කන්සල්ටන්ට් (Design & Supervision of Batinah Highway)
05. ව්‍යාපෘති වටිනාකම - 100 මිලියන් ඕමාන් රියාල්