අපගේ සගෞරවනීය අත්තනායක ඇම්. හේරත් ගුරුතුමා ප්‍රශ්නෙ අදුරගෙන නෑ.....
ඕකෙන් කියන්නේ එකම එක දෙයයි. කැම්පස් යන එක එන්න එන්නම ගිරව දැමීමෙන් පමණක් වන දෙයක් බවට පත් වෙනව කියන එකයි ඕකේ තේරුම. කෙල්ලො කොහොමත් කට පාඩම් කරන්න දක්ෂයි. මම මට වෙච්චි දෙයක් කියන්නං උදාහරණයක් විදියට.
අපට අවසන් වසරේ තියනව මේජර් සර්ජරි වලට ඇසිස්ට් කරන්න. අපිට හෝල් සේල් අහුවෙන්නේ මුඛ පිළිකා අයින් කරන ඒව තමා මේජර් සර්ජරි විදියට. මගේ පූර්ව කර්මයක ප්රත්ඵල විදියට මාව මීටර් වෙලා හිටිය නිසා අපේ සර්ජන්ලට මට හෝල් සේල් එකේ තියටර් එකේ පදිංචි වෙලා ඉන්න උනා ෆයිනල් ඉයර් එකේ දී. මගේ ම බැචියක් ආවා එදා සර්ජරි එකට ඇසිස්ට් කරන්න. දැන් මමත් ඉන්නවා.
රෝගියා ගේ පිළිකාව තිබ්බෙ angle of the mandibular remus-ඒ තියන්නේ යටි හණුවේ කළෙවරට ම වෙන්න. ඔය හරියෙන් යනවා ටිකක් දරුණු වර්ගයේ ස්නායු රොත්තක් facial nerve කියලා. සර්ජරි එකේ දී ඕව පිළිකාවට අහුවෙලා නැත්තං අනිවා බේරන්න ඕන කැපිල්ලෙදි. ඉතිං ස්නායුව යන සාමානය මාර්ගය දැනං ඉන්න ඕන. ඔය ස්නායු යන මාර්ග වලට කියන්නේ nerve patheways කියලා. එදා සර්ජන් හිටියේ ශෛලය විශේෂඥ මංජුල ආටිගල සර්. ලොක්ක මගෙ බැචී ගෙන් ඇහුවා මේ කියන facial nerve එකේ pathway එක. අම්ම සිරි, කෙල්ල කියා ගෙන කියා ගෙන යනවා මොලෙන් එන තැන, පල්ලෙහට බහින තැන්, මොන පටක අතරින් ද යන්නේ......මගේ කට ඇරුණා අවංකෙන්ම. ඕක කියල ඉවර වුනාම සර් ඇහුවා -can you show me the way you have to do the section to preserve facial nerve කියලා. මගේ බැචී ඇදල පෙන්නුවා රෝගියා ගේ ශරීරය මත. සර් බ්ලේඩ් එක අතට දීල කිව්වා So, do the section to achieve preserved facial nerve - කියලා. අපේ එකී අර ඇදපු පාරේ උඩ ඉදන් අගල් බාගයක් කපන්න ඇති. සර් - Stop කිව්වා. කියල ලොක්කා කියනවා -If you section it like that you will cut the facial artery, & we will end up in pool of blood like a mas kade ඒ කියන්නෙ උඹ ඔහොම කැපුවොත් ඔතනින් යන ධමනියට බඩු බනිස් මේක මස් කඩේ වෙලා නවතින්නේ කියලා. ඔන්න කට පාඩමින් දොඹෙන් දෙන කෙල්ලන් ගේ ප්‍රැක්ටිකල් ඇප්ලිකේෂන්-ඉම්ප්ලිමේෂන් වල තත්ත්වය......
ගිරව දැමීම එකක්. අභ්‍යාසය එකක්. දැන් පවතින අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවන්නේ ගිරව දාපු, පොතේ තියන දේ එහෙමම වමාරන කොටසක් කියල අපේ අත්තනායක සර්ට නොතේරෙන්නේ මොන කරුමෙට ද මන්දා??????????????