Driving License ගන්න ඉන්න අයට- DMT වේරහැර

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Driving License ගන්න ඉන්න අයට- DMT වේරහැර

    Mr PERERA ගේ මේ ත්‍රෙඩ් එකේ ගොඩක් විස්තර තියෙනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=800034

    ඒක 2010 දාපු thread එකක් නිසා අලුත්ම තත්වේ ගැන දාන්නයි මේ එක දැම්මෙ.
    මම අද ගියා මගේ පරණ ඩ්‍රයිවින් ලයිසන් එක අලුත් එකක්( Sim card license) විදියට හරවගන්න

    වෛද්‍ය සහතිකය.
    සැහැල්ලු/ බර ඕනම ලයිසන් එකක් අලුත් කරන්න, අලුතෙන් ගන්න මෙඩිකල් එක අනිවාර්යයි. මෙඩිකල් එක දෙන්නෙ නුගේගොඩ පිහිටි ජාතික ප්‍රවාහන ආයතනයෙන්. වේරහැර Rර්‍MV එකෙත් මේකෙ ශාඛාවක් තියෙනවා. මම නුගේගොඩ ගිහින් මාර කට්ටක් කෑවෙ, වේරහැරින් මෙඩිකල් එක ඇතුලු ඔක්කොම වැඩ කරගන්න පුලුවන් එකම දවසකින්.
    නුගේගොඩ යනව නම් උදේ 9ට කලින් වත් යන්න. දව්සට නොම්මර 750ක් -900ක් වගේ තමා දෙන්නෙ. පට්ට පෝලිම. පැය 6ක් වත් යනවා සෙනග වැඩි දවසට.

    වේරහැර යනව නම් උදේ 6.30 ට කලින් ගිහින් පෝලිමට එකතු වෙන්න, 7.30ට මෙඩිකල් ගන්න අයව ඇතුලට ගන්නවා. මෙඩිකල් එක අරගෙන ඉතුරු වැඩ ටිකත් එතනින්ම කරගන්න පුලුවන්.
    සහැල්ලු වාහන සඳහා මෙඩිකල් ගාස්තු -700


    ලිය කියවිලි
    ජාතික හැඳුනුම් පත
    මෙඩිකල් එක
    පරණ ලයිසන් එක (අලුත් කරනව නම්)
    උප්පැන්න සහතිකය
    මේ කිසිම එකක පොටෝකොපි ඕනෙ නෑ, ඔක්කොම ස්කෑන් කරල ගන්නේ.

    පරණ ලයිසන් එක අලුත් ලයිසන් එකක් කරේ මෙහෙමයි

    ඇතුලට ගියාම ඔක්කොම වාඩි වෙන්න කියලා one day service ආපු පිලිවෙලට token දෙනවා,

    ඊලග කවුන්ටර් වලින් පොටෝ ගහලා, ඇගිලි සලකුණු අරගෙන, අත්සන් කරන්න කියනවා ඩිජිටල් පෑඩ් එකක් උඩ.

    ඊට පස්සෙ ෆොර්ම් එකක් ප්‍රින්ට් වෙලා එනවා,, ඒකෙ ඇඩ්‍රස්, නම ප්‍රින්ට් වෙන්න ඕනෙ විදිය එහෙම ලියලා සල්ලි ගෙවනවා.

    ගාස්තුව 1700+ one day service -500

    ඔක්කොම ඉවර වුනාම ආයෙත් ඉස්සරහ හෝල් එකට ගිහින් පැය දෙකක් වාඩි වෙලා ඉන්න ඕනෙ ලයිසන් එක එනකම්.

    one day service එක නම් චාටර්

    මොකද ලියකියවිලි බාරදීලා, ෆොටො ගහලා, සල්ලි ගෙවල ඔක්කොම කරන්න යන්නේ පැය බාගයක් විතර, ලයිසන් එක එනකන් අපි 9 ඉඳන් පැය දෙක තුනක් බලන් ඉන්න වෙනවා .
    මගේ නොම්මරේ 7. ඒත් මගේ ලයිසන් එක ආවෙ ලයිසන් 40ක් 50ක් ආවට පස්සෙ, හේතුව තමා ලර්නරස් අනම් මනම් වල ඉන්න ඩයල් හොර පාරෙන් උන්ගේ ෆොර්ම් සෙට් බාර දෙනවා උදේම ගිහින්, ගානක් ගෙවනවත් ඇති, මුලින්ම එවන්නේ උන්ගේ ඒවා,අපි 500 ගෙවාලා උදේම ගිහින් 12 විතර වෙනකම් ඉන්න ඕනෙ.

    හදිසියක් නැත්නම් හොඳම දේ තමා normal service එකෙන් තැපෑලෙන් එවන්න කියලා ගෙදර එන එක.;)


     
    • Like
    Reactions: genius_EK

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    one day service ganna eka agata gunai ban.. katta thama,,
    trail pennapu dawasema idala aran enna..post eke enna masekata wadiya giya :(
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Aluth license eke expiry date ekak thiyenawada?parana eke nam nehene.Aluth eka ganna eka aniwaryada?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    පරණ black & white ලයිසන් තියෙන්නෙ බන්. ඒක අලුත් කරන එක අනිවාර්යද


    අනිවා නෑ බන්, පර්ස් එකේ දාල ඉඳලා මගේ එකේ ෆොටො මැකිලා. අල්ලන හැම පොලිස් කාරයම කිව්වා අලුත් එක හදාගන්න කියලා, අවුරුදු 5ක් විතර එහෙම දිව්වා. පස්සෙ මටම හිතුනා අලුත් එක හදන්න,. මොකද මේ ආණ්ඩුව අපිට සෑහෙන ආදරේ හින්ද කොයි වෙලේ හරි කියන්න පුලුවන් අලුත් ලයිසන් එකට මාරුවෙන එක අනිවාර්යයි නැත්නම් ඒකටත් දඩ කියල. ඒ නිසා ගිහින් හැදුවා.:lol::)
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Aluth license eke expiry date ekak thiyenawada?parana eke nam nehene.Aluth eka ganna eka aniwaryada?

    බර වාහන අවුරුදු 3යි.
    සැහැල්ලු වාහන/බයික් අවුරුදු 8යි වලංගු.ඊට පස්සෙ මෙඩිකල් අරන් ආයෙත් අලුත් කරන්න ඕනෙ.

    දැනට අනිවාර්ය නෑ. ඒත් මේ යන විදියට අනිවාර්ය කරනවා.. එතකොට ලංකාවෙම ඉන්න වුන් එතන පොර කනවා. ඊට කලින් ගත්ත.
     
    • Like
    Reactions: Ship Captain

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    පෝරිසාදයා;21107935 said:
    බර වාහන අවුරුදු 3යි.
    සැහැල්ලු වාහන/බයික් අවුරුදු 8යි වලංගු.ඊට පස්සෙ මෙඩිකල් අරන් ආයෙත් අලුත් කරන්න ඕනෙ.

    දැනට අනිවාර්ය නෑ. ඒත් මේ යන විදියට අනිවාර්ය කරනවා.. එතකොට ලංකාවෙම ඉන්න වුන් එතන පොර කනවා. ඊට කලින් ගත්ත.

    Thanks machan.Rep+
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    අලුත් licean එකක් ගන්න එක් දින සේවය ගැන ටිකක් කියපන් කෝ