Jan 8 වු වෙනස!

Manji64

Junior member
  • Apr 11, 2016
    40
    8
    8
    මන් මෙහෙ
    මචන්ලා,

    ලක්ශ 62 පැතූ වෙනස වෙලා අවුරුදු 2ක් ගත වුනා. එ වෙනස ලංකාවට කෙලවුනා කියලා හිතෙන්නෙ මට විතරද?

    ලාංකිකයො හැටියට ඇයි අපිට දෙවල් මෙච්චර ඉක්මනට අමතක වෙන්නෙ? සමහර මිනිස්සුන්ට ලංකාවේ යුද්ධයක් තිබුනද මතකත නැති ගානට.

    මේ ආණ්ඩුව අවත් හරි හමන් එක දෙයක් වත් උනෙ නෑ. හොරු අල්ලනව කිව්ව ආන්ඩුව එක හොරෙක් ඇල්ලුවේ නෑ. හිටියටත් වඩා ලොකු හොරු බිහිකලා.

    පවුල් පාලනය නැති කරනවා කිව්වා. එත් මුන්ගෙ දු, පුත්තු, අයියල, මල්ලිලට, ලොකු ලොකු තනතුරු දීලා.

    කොළඹ මෙගපොලිස් කරනවා කිව්ව නගරෙ කුනු ගොඩවල් යන්න බෑ ගන්දස්කාරෙ. ලස්සනට හදලා තිබ්බ pavement ටිකත් කඩල දැන් එවල අයෙත් pavement කාරයෝ. දුකයි බන් එවා දැක්කම.

    අඩු කරනවා කිව්ව බඩු වල ගනන් අහස උසට. හැම මගුලටම අර tax මෙ tax ගහලා.

    රට හදනවා කිව්ව ආණ්ඩුව හැදිගෙන ආපු project ටිකත් නතර කලා. බොරුවට බොඩ් නම් ගහලා තියෙනවා හතරවටේටම. ගිය ආණ්ඩුවෙන් හදපු project ලොකු ලොකුවට උත්සව තියෙල open කරනවා. කියපන් බලන්න මෙ ආණ්ඩුවෙන් කහ ඉරි සුදු කරා මිස වෙන වැඩකට ඇති දෙයක් කරාද කියලා? මොකුත් නැති වුනාට රනිලගෙ පඩ show එක නම් තියෙනවා, හිටං උත් ඔහේ බේගල් ඇද ඇද ඉන්නවා.

    මන් ගිය අවුරුදු 20ටම ලංකාවෙන් පිට හිටියෙ එත් මාස 3-4කට සති දෙකකට සැරයක් holiday වලට අනිවාර්යෙන්ම ලංකාවට එනවා. ගිය අවුරුදුවල ලංකාවට එනකොට මට ලංකාවෙ දියුණුව හොඩට note වුනා. මට note වුනාට ලංකාවේ හිටපු උංට එවා note වුනෙ නෑ. මන් අර එක දිගට නැතුව සැරින් සැරෙ දැකපු නිසා වෙන්න ඇති මට එහෙම හිතුනෙ. නැත්තම් ඉතින් අපේ උන්ට before and after ෆොටො දැම්මෙ නැත්තම් වෙනසක් උනාද කියල වත් සමහර උං දන්නෙ නැ. මටනම් ලංකාවෙ highway හැදිලා, පාරවල් හොදට හැදිලා, ලස්සන building හැදිල, ලංකාව ලස්සනවෙලා එනකොට මාර ආඩම්බරයක් හිතට දනුනෙ.

    මන් කියන්නෙ ගිය ආණ්ඩුව හොදයි මෙක නරකයි කියල නෙමෙ. ගිය ආණ්ඩුවෙ හොද තිබ්බට ඒගානටම නරකත් තිබුනා (හැබැයි මෙ ගොල්ලන්ට වඩානම් සැහෙන හොදයි:D).

    මන් ගිය අවුරුදු ටිකෙ ලංකාවේන් පිට හිටියට මන් ලංකාවට මාර ආදරෙයි. ඔය එක එකා මොනා කිව්වත් වෙන රටකට ගියාම මොන job කලත් අපිව 3rd class හැටියට තමා ගනන් ගන්නෙ. මන් නම් කොහෙවත් settle වෙන්නෙ නැ. කියක් හරි හම්බකරන් පොතෙ දාගෙන ලංකාවට එන්න තමා plan එක.

    මචන්ලා මන් මෙ කියන්නෙ අපි මොලේ පාවිචි කරලා වැඩකරමු මන්ත්‍රීලට ඇමතිලට පක්කලිකන් කරන්නෙ නැතුව. ලංකාව තිබුනු විදියයි දැන් විදියයි අමතක කරන්න එපා මචන්ලා. ආයෙත් එ තිබුන විදියට ලංකාව යන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.

    ඔබ සෑමට බුදුසරණයි!!!

    මෙ මගෙ opinion සහ idea පමණයි.
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    උඹ මහින්දට කඩේ ගිය එකෙක්නෙ. උඹ කොහොමද ලක්ෂ 62ක පැතුම ගැන කතා කරන්නෙ.දැන් ලක්ෂ 62ක් පැතු වෙනස ගැන දුක් වෙන්නේ මහින්දගේ වහල්ලු ටිකනේ. අපිට නම් ගානක්වත් නැහැ. මහින්දගේ බයියෝ කදුළුගෑස් කනවා බල බල අතල් එකේ ඉන්නව.
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    බලයේ ඉන්න තව අවුරුදු දෙකක් තියෙද්දිත්, කඩිමුඩියේ ජනාධිපතිවරනය කැඳෙව්වේ රටේ මිනිස්සු ඉල්ලපු නිසාද? නෑ. මොකද අවුරුදු දෙකකට පස්සේ වෙන්න යන වෙනස මහින්ද දැක්කා. හයක් තියාගෙන හතරෙන් යන්න තරම් මහින්ද මහත්තයා මෝඩයෙක් කියලා උබ හිතුවද? ඒ බය නිසයි එහෙම රිස්ක් එකක් ගත්තේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ මහින්දට කඩේ ගිය එකෙක්නෙ. උඹ කොහොමද ලක්ෂ 62ක පැතුම ගැන කතා කරන්නෙ.දැන් ලක්ෂ 62ක් පැතු වෙනස ගැන දුක් වෙන්නේ මහින්දගේ වහල්ලු ටිකනේ. අපිට නම් ගානක්වත් නැහැ. මහින්දගේ බයියෝ කදුළුගෑස් කනවා බල බල අතල් එකේ ඉන්නව.
    ඇත්තටම බන්. මේ ආන්ඩුවෙ වැරදි තියනව. ඒත් හිටියට වඩා මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්.
    kawda solution eka? ranil? my3? jvp? mahinda and horu 40 still the best solution
    jvp
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹ මහින්දට කඩේ ගිය එකෙක්නෙ. උඹ කොහොමද ලක්ෂ 62ක පැතුම ගැන කතා කරන්නෙ.දැන් ලක්ෂ 62ක් පැතු වෙනස ගැන දුක් වෙන්නේ මහින්දගේ වහල්ලු ටිකනේ. අපිට නම් ගානක්වත් නැහැ. මහින්දගේ බයියෝ කදුළුගෑස් කනවා බල බල අතල් එකේ ඉන්නව.

    ගානක්වත් නැද්ද බන් call එකක් එහෙම ගද්දි 50% tax වදිද්දී , දැන් උබල car වල එහෙමද යන්නේ, car දැන් ෆට්ට ලබයි නේද බන්, වොක්ස්වෙගනුත් අවා නේද, සුපිරි මචන් :lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇත්තටම බන්. මේ ආන්ඩුවෙ වැරදි තියනව. ඒත් හිටියට වඩා මිනිස්සුන්ට නිදහසේ ඉන්න පුලුවන්.

    jvp

    JVP is a dream not a solution man wake up :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    Jan 8 වු වෙනස! 01-07-2017 12:25 PM pala ponni..wada ponnaya
    පොන්නය රෙප් කපන්න කලින් දාල තියන එක ඇහුවනම් හොදයි. රිදෙයි එතකොට තොපිට.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    JVP is a dream not a solution man wake up :lol:
    ජනාධිපතිවරනෙකදි පොදු අපේක්ෂකය විදිහට JVP කෙනෙක් දැම්මනම් අනිවා දිනන්න පුලුවන්. කලින් පාර කට්ටිය ඇනගත්තෙ හිටංව දාල. ඒ වෙනුවට අනුර කුමාර දැම්මනම් අද සමාජවාදී නායකයෙන් ලංකාවෙ ජනාධිපති.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජනාධිපතිවරනෙකදි පොදු අපේක්ෂකය විදිහට JVP කෙනෙක් දැම්මනම් අනිවා දිනන්න පුලුවන්. කලින් පාර කට්ටිය ඇනගත්තෙ හිටංව දාල. ඒ වෙනුවට අනුර කුමාර දැම්මනම් අද සමාජවාදී නායකයෙන් ලංකාවෙ ජනාධිපති.

    කව්ද බන් පොදු අපේක්ෂකයෝ තෝරන්නේ, එහෙම දන්නා පුළුවන් UNP ඕ සන්දනේ සප් කරන්න ඕන, අනුරට සන්දනෙන් or unp එකෙන් සප් කරන්නේ නැහැ කවදවට්, උබ දෙක වසරේද ඉන්නේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගානක්වත් නැද්ද බන් call එකක් එහෙම ගද්දි 50% tax වදිද්දී , දැන් උබල car වල එහෙමද යන්නේ, car දැන් ෆට්ට ලබයි නේද බන්, වොක්ස්වෙගනුත් අවා නේද, සුපිරි මචන් :lol:
    රටේ මිනිස්සුන්ට බයක් නැතුව පාරෙ බැහැල යන්න පුලුවන් එක ඊට වඩා ලොකු දෙයක්. ඒ කාලෙ එක වචනයක් කිව්වොත් ඊට පස්සෙ දවසෙ ඉවරයි. අපි අංක එකට සලකන්න ඕන සමාජවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, භෞතිකවාදය, මානව හිමිකම් වගේ දේවල්. නැතුව ෆෝන් බිල් වතුර බිල් නෙමේ. ඒව දෙන්න පුලුවන් නායකයෙන්ට තමා අපි කතිරෙ ගහන්න ඕනෙ. දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නෙ එහෙම.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කව්ද බන් පොදු අපේක්ෂකයෝ තෝරන්නේ, එහෙම දන්නා පුළුවන් UNP ඕ සන්දනේ සප් කරන්න ඕන, අනුරට සන්දනෙන් or unp එකෙන් සප් කරන්නේ නැහැ කවදවට්, උබ දෙක වසරේද ඉන්නේ
    ගියපාර මෛත්‍රීපාලට පක්ෂ කීයක සපෝට් එක හම්බ උනාද. එයා ඉල්ලුවෙ සංධාන පාක්ෂිකයෙක් විදිහට. ඒත් UNP එක උඩින්ම සපෝට් කරේ. ඒ වෙලාවෙ අනුර ඉල්ලුවනම් එයාටත් ඔය සපෝට් එක එහෙම්ම හම්බ වෙනව. උඹ මොන්ටිසෝරිද තාම?
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    illapu wenasa lunu ebul ekkama lebuna
    me thread eka dapu sahoge point eka poddak balanna
    eka therum aran katha karanam hari
    oya janadimathi thanathurata kauruth giyama thamatath wedak kara gannawa eka hari
    aeth eyala ratata wedak karalai hamba kara ganne
    udde iwara kala
    highway heduwa
    aluth aluth project patan gaththa

    aeth me aanduwa monada kale
    thamanta hamba kara gaththa aeth ratata wedak kalada
    oyagenma ahala balanna

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    බලයේ ඉන්න තව අවුරුදු දෙකක් තියෙද්දිත්, කඩිමුඩියේ ජනාධිපතිවරනය කැඳෙව්වේ රටේ මිනිස්සු ඉල්ලපු නිසාද? නෑ. මොකද අවුරුදු දෙකකට පස්සේ වෙන්න යන වෙනස මහින්ද දැක්කා. හයක් තියාගෙන හතරෙන් යන්න තරම් මහින්ද මහත්තයා මෝඩයෙක් කියලා උබ හිතුවද? ඒ බය නිසයි එහෙම රිස්ක් එකක් ගත්තේ.
    :rofl::rofl:දැන් සුමනදාස නැද්ද බන් ඕකට. ඒ දවස්වල නං කිව්වෙ වසී බෝලයක් අතේ තියාගෙන අවුරුදු දෙකකට කලින් ගෙදර ගියපු මෝඩ මත්‍යාදුස්ටිකයා කියල. දැන් වැඩේ වර්චස් කරගත්තම අම්මෝ මහින්ද මෙහෙම වෙන බව දැකල තමයි දිගටම කලින් චන්ද තියල තියෙන්නෙ:P
     
    • Like
    Reactions: Miami-Vice

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    රඹා;21110060 said:
    :rofl::rofl:දැන් සුමනදාස නැද්ද බන් ඕකට. ඒ දවස්වල නං කිව්වෙ වසී බෝලයක් අතේ තියාගෙන අවුරුදු දෙකකට කලින් ගෙදර ගියපු මෝඩ මත්‍යාදුස්ටිකයා කියල. දැන් වැඩේ වර්චස් කරගත්තම අම්මෝ මහින්ද මෙහෙම වෙන බව දැකල තමයි දිගටම කලින් චන්ද තියල තියෙන්නෙ:P

    ජනාධිපතිවරනය කලින් කැඳවපු පලවෙනි පාර ඕක නෙවෙයිනේ බන්. 2010ත් අවුරුද්දකට වඩා කාලය තියෙද්දි ඡන්දේ තිබ්බේ යුද්දේ උනුසුම නිසායි. අපිත් ඉතින් ඡන්දේ දුන්නා. නාමල් කුමරුටයි බැසිල් හුටුමානන්ටයි යටවෙලා අපිට කෙලවයි කියලා හිතුවේ නෑ.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ජනාධිපතිවරනය කලින් කැඳවපු පලවෙනි පාර ඕක නෙවෙයිනේ බන්. 2010ත් අවුරුද්දකට වඩා කාලය තියෙද්දි ඡන්දේ තිබ්බේ යුද්දේ උනුසුම නිසායි. අපිත් ඉතින් ඡන්දේ දුන්නා. නාමල් කුමරුටයි බැසිල් හුටුමානන්ටයි යටවෙලා අපිට කෙලවයි කියලා හිතුවේ නෑ.
    ඒක තමයි කියන්නෙ මූ මේ කලින් දිගටම මෙහෙම කරල තියෙන්නෙ මෙහෙම කෙලවෙන බව දැනගෙනනෙ නේ. දැන් කට්ටිය චන්දෙ කල් දාන්නෙ ඉස්සරහට රට ගොඩයන නිසානෙනේද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    රඹා;21110380 said:
    ඒක තමයි කියන්නෙ මූ මේ කලින් දිගටම මෙහෙම කරල තියෙන්නෙ මෙහෙම කෙලවෙන බව දැනගෙනනෙ නේ. දැන් කට්ටිය චන්දෙ කල් දාන්නෙ ඉස්සරහට රට ගොඩයන නිසානෙනේද

    මෛත්‍රී ඡන්දේ කල් දාපු පළවෙනි අවස්තාවත් මේක නෙවෙයි. ජනාධිපතිවරනේ පොරොන්දු උනේ දින 100න් පාර්ලිමේන්තුව විසුරවන්න. හැබැයි මිනිහා විසිරෙව්වේ මාස 6-7ක් ඇදගෙන ගිහිල්ලයි. මේ පාරත් සීමා නිර්නය කරපු වාර්තාව භාර ගන්නේ නතුව ඡන්දේ කල් දාන්නේ ෆයිසර් ඇමතිතුමා. ෆයිසර් කියන්නේ මෛත්‍රීගේ බලල් අතක්. මෛත්‍රී දන්නවා ඡන්දයක් ආවොත් ශ්‍රීලංකා එක පරදින බව. තමන්ගේ වාසිය වෙනුවෙන් ඉක්මන් වෙන එකයි පරක්කු වෙන එකයි තේරුම් ගන්න ඔච්චර අමාරුද බන්