සුරේෂ්ට_මල්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සුරේෂ් ඔබට මල් මිටක්

Flowers_online_Gold_Coast_laluna__08019.1373154206.500.750.jpg


අපේ බොස් හෙවත් සමාගෙමේ CEO ගේ නිහතමානීත්වය ගැන වචන ස්වල්පයක් elakiri සමජිකයෙන් හමුවේ තැබීමට මාහට සිත් විය. ඔහු සුරේෂ් එදිරිසිංහය. වයස 34 කි. උපතින්ම කෝටිපතියෙක් වන ඔහු දක්ෂ මුදුකාංග ඉන්ජිනේරුවෙක්ය. මව දමිළ වන අතර පියා සිංහලය. ඔහු වසර ගණනාවක් ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් වැලි හි සේවය කර අවසානයේ Adobe Incorporation සමාගමේද සේවය කර ඇති ඔහු දක්ෂ මුදුකාංග ඉංජිනේරුවෙකි. ( ලංකාවෙනම් හැමෝම මුදුකාංග ඉංජිනේරුවෝ නේ. ) ඔහු වචනයේ පරිසමාප්තනම කියනවනම් දක්ෂ වැඩේකි. අපි සිටින තැනට වඩා ඔහු සිටින්නේ ගවු ගණනක් දුරිනි. ඔහුගේ ජිවන රටාව ගැන බැලීමේදී ඔහු තරම් නිහතමානී චරිතයක් මා තවම දැක නැත. සමාගමේ වැඩ කරන පහලම ලෙවල් එකේ සිටිනා සෙකියුරිටි ගාර්ඩ් , පිරිසිඳු කරන්නන්ගේ ගේ සිට සියලුම දෙනා සමග ඉතා මිත්‍රශීලි ය. ඔවුන්ගේ අවාහ විවාහ , කොටහළු මගුල් ගෙවල් වලට පවා සහභාගී වන්නේ කිසිඳු මාන්නයකින් තොරවය. අපේ සමාගමේ පිරිසිඳු කිරීමේ සේවය ලබාගන්නේ අබාන්ස් සමාගමෙන් ය. මෙයට වසරකට පෙර අපගේ හිටපු ක්ලිනර් කෙනෙක් වන විනීතාගේ දුවගේ කොටහළු මගුල් ගෙදරට ඔහු සහබාගි වුයේ කිසිඳු ආරාධනයකින් තොරවය. සාමාන්‍යයෙන් පහල සේවකයින් ඉහල ගනයේ සිටින තනතුරු දරන්නන්ට ආරාධනා කිරීමට බියක් මැලිකමක් ලැජ්ජාවක් දක්වයි. ඔහු එයට සහබාගි වී කොටහළු මගුල් ගෙදර වැඩ වලට පවා උදවු පදව් කර ඇති බව දිනක් විනිතා අප සමග පවසා සිටියාය. ඔහු පෙර දිනයේ සහාගි වී ගෙදර පිරිසිඳු කිරීම් මකුලු දැල් කැඩීම් පවා ඔහු අතින් සිදු කොට ඇත. පසුව මුදල් වලින් පවා ආධාර කොට ඇත.

අපගේ සමගම පිහිටා ඇත්තේ නවම් මාවතේ යම් ප්‍රදේශයකය. එහි අවට ඇත්තේද විවිද IT සමාගම් සහ වෙනත් සමාගම්ය. පසුගිය මාසයේ අපට යාබද බිල්ඩින් එකට වෙනත් කාර්යාලයක් පැමිණියේය. එය IT සමාගමක් නොවුණු අතර වෙනත් පොෂ් මට්ටමේ සමාගමකි. එම සමගම කලින් පිහිටා තිබී ඇත්තේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ වූ අතර ඔවුන් දැන් අපගේ සමාගම් පරිශ්‍රයට පැමිණ ඇත. එහි වැඩ කරන අයද හෙන පොෂ් ය. ලස්සන ලස්සන් කෙල්ලෝ එහි වැඩ කරයි. සමහර ගැහැණු ළමයි සිගරට් පවා බොන හැටි මා දැක ඇත්තෙමි. බොහෝවිට ඔවුන්ගේ කතාව ඉංග්‍රීසියෙනි. ( අපේ සමාගමේත් ඉංග්‍රීසියෙන් කතා කරන අතර එය පොෂ් එකට නොව අපගේ සමාගමේ ඇමරිකානු සහ වෙනත් විදේශිකයින් සේවය කරන බැවිනි. )

අපි දැන් නැවතත් මුලික කතා වස්තුවටම හැරෙමු. අද මා වේලාසනින්ම කාර්යාලයට ගියේ පසුගිය සතියේ කල Data Base එකක ගැටළු සහගත තත්වයක් ඇතිවූ බැවින් එය සමනය කිරීමටය. මා යනවිට ටිකක් වයස 45 පමණ උස මහත පුද්ගලයෙක් ලොබි එකේ අසුන්ගෙන සිටි අතර ඔහු මා සමග සුහදව සිනාසුනි. මා කාර්යාලයේ අසුන් ගන්න විට පැමිණි සිටියේ කිහිප දෙනෙක් වූ අතර රෙසිප්ශනිස්ට් පවා වැඩට පැමිණ සිටියේ නැත. මන්ද එවිට වෙලාව උදේ 6 . 45 පමණ වූ බැවිනි. මා අසුන් ගත් සැනින් මා ලගට පැමිණි අසේල " මචන් මාර කෙස් එකක් නේ වෙලා තියෙන්නේ. උබ දන්නවද අර කවුද ඉස්සරහා වැඩි වෙලා ඉන්නේ කියලා. " එවිට මා " කවුද මචන් ඒ. මෑන්ස් මගෙත් එක්කත් හිනා උනා.

එවිට අසේල " උබ දන්නවද මාර සීන් එකක්නේ වෙලා තියෙන්නේ. පහුගිය සිකුරාදා අපේ ඔෆිස් එක සුද්ද කරානේ. අබාන්ස් එකේ උන් නේ කරේ. එදා හවස සුරේෂ් අබාන්ස් එකේ ඉන්න උන් එක්ක එක්කහුවෙලා වැඩ කරලා තියනවා. දන්නවනේ පොරට ඕනේ විදිහටම සුද්ද කරගන්න ඕන නිසා මිනිහත් ක්ලිනර්ස් ල එක්ක එක්කහුවෙලා වැඩ කරලා. ( අපේ සමාගමේ ඉහල තනතුරු දරන පුද්ගලයින්ට කිසි විටකත් සර් යනුවෙන් ආමන්ත්‍රණය නොකරන අතර නමින්ම කතා කරයි. මන්ද මෙය ඇමරිකානු සමාගමක් වන බැවිනි )

ඔව් බන් සුරේෂ් කොහොමත් එහෙමනේ. ඕක ඉතින් මම අද ඊයේ දන්නා එකක් නොවෙයි නේ නේ. එවිට අසේල " එදා සුරේෂ් වඩ කරලා තියෙන්නේ කබල් ශෝටක් ගහගෙන රබර් සෙරෙප්පු දෙකක් දාගෙන . පොර එදා වැඩ ඉවර වෙලා හවස 7 ට විතර ඔෆිස් එකෙන් ගිහින් තියෙන්නේ. පයින් ගිහින් තියෙන්නේ.. සුරේෂ් ජිවත් වෙන්නේ ජයික් හිල්ටන් එකේ නිවසකය . සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවල ඔහු පයින්ම නිවසට ගමන් කරනු මා අනන්තවත් දැක ඇත. අපේ සමාගමේ සිටින අනෙකුත් විදේශිකයින් පවා බොහෝ විට පයින්ම ගමන් කරනු මා දැක ඇත්තෙමි. මන්ද එය ශරීර සෞඛ්‍යට ගෝචර වන බැවිනි.

ඔය ඇවිත් ඉන්නේ අල්ලපු බිල්ඩින් එකට ආපු බොසා . එකේ ඉන්න ඩිරෙක්ටර කෙනෙක් . එදා හවස සුරෙෂ් පයින් ගිහින් තියෙන්නේ අබාන්ස් එකේ සෙට් එකත් එක්ක. ටිකක් දුර යනකොට ඔය ඇවිත් ඉන්න මෑන්ස් කාර් එකෙන් ගිහින් නවත්වල සුරේෂ් ගෙන් අහල තියනවා "මල්ලි අපේ ගෙදර පොඩි වැඩක් තියනවා. ගෙදර ඔකොම සුද්ද කරගන්න ඕනේ. සපෝර්ට් එකක් දෙන්න පුළුවන් ද කියල. " එතකොට අපේ සුරේෂ් කියලා තියනවා "අනේ අයියේ අද නම් හොදටම අමාරුයි ඔෆිස් එක අස් පස් කළා. වෙන දවසක උදවුවක් දෙන්නම් " කියලා. ඇත්තටම අල්ලපු බිල්ඩින් එකේ ඉන්න බොසා හිතල තියෙන්නේ සුරේෂ් ක්ලිනර් කෙනෙක් කියල.

පස්සේ මෑනස් කියල තියනවා අනේ මල්ලි එහෙම කරන්න එපා හෙට අපේ නෑදෑයෝ කට්ටියක් එනවා රට ඉදලා . මට කාවත් සුද්ද කරගන අල්ලගන්න බැරි උනා. නැත්නම් මගේ නෝනා මගේ ඔලුව කනවා. මම මල්ලිට රුපියල් 1500 දෙන්නම් කොහොම හරි උදවුවක් කරන්න කියලා.

ජයික් හිල්ටන් එකේ වෙසෙන කෝටිපති සුරෙෂ්ට 1500 :lol:

මචන් අන්තිමට සුරෙෂ්ට දුක හිතිලද කොහෙද අරු එක්ක කාර් එකේ නැගිලා උගේ ගෙදර ගිහින් තියනවා. ඔන්න ඔය BMICH එක පැත්තේලු උගේ ගෙවල් තියෙන්නේ. පස්සේ ගිහින් සුරේෂ් ගෙදර ඔකොම සුද්ද කරලා දීලා . පස්සේ අරුගේ වාහනෙත් හෝදලා දීලා.

පස්සේ ගෙදර වැඩ කරන ගෑනු කෙනෙක් සුරෙෂ්ට බත් එකකුත් බෙදලා දීල. සුරෙෂුත් බඩගින්නේ ඉඳලා තියෙන්නේ. කුස්සියේ බංකුවක ඉඳගෙනම බත් එකත් කාල.

පස්සේ දැන් සුරෙෂ්ට හොඳටම මහන්සියි. පස්සේ අල්ලපු කම්පනියේ පොර සුරෙෂ්ට 1500 එක්ක තව රුපියල් 500 දීලා 3 විල් එකේ යන්න. සුරේෂ් සල්ලි අරන් නැහැ සතයක්වත් . දැන් අල්ලපු බිල්ඩින් එකේ බොසාටත් මාර පුදුමයි ලු. පස්සේ මෑනස් කියලා සුරෙෂ්ට ඕනේ නම් ආණ්ඩුවේ පියන් ජොබ් එකක් වගේ සෙට් කරලා දෙන්නම් කියල. :shocked:

සුරෙෂ්ට මග යන්න පන නැති සයිස් එකට ඉඳලා තයෙන්නේ. ඔෆිස් එකත් සුද්ද කරලා අරූගේ ගෙදරත් සුද්ද කරලා උගේ කාර් එකත් හෝදලා දීලා.

පස්සේ සුරේෂ් ෆෝන් කරලා ගෙදර ඩ්‍රයිවර් ට . ඩ්‍රයිවර් BMW එකෙන් ඇවිත් සුරේෂ් ව එක්කන් ගිහින්. ඩ්‍රයිවර් සුරේෂ් ට සර් සර් කියල කතා කරනකොට ගෙදර හිටපු බොස්ට සහ උගේ වයිෆ්ට අදහ ගත නොහැකි වෙලා.

පස්සේ අල්ලපු බිල්ඩිමේ බොසා සුරේෂ් කියන්නේ කවුද කියල හොයල බලලා. පස්සේ මිනිහාට ඔකොම දැන ගන්න හම්බ වෙලා. පොරට හෙන අප්සට් ලු . අද අවේ නිකන් අඬන්න වගේ ලු. දැන් ඔය ඇවිත් ඉන්නේ සුරේෂ් ගෙන් සමාව ගන්න.

ඔහුගේ කරුමෙට අද සිට සති දෙකක් යනකන් සුරේෂ් ලංකාවේ නැත. ඊයේ දිනයේ සුරේෂ් මවු සමාගමේ කටයුත්තක් වෙනුවෙන් ඇමරිකාවට ගොසින්ය. ඒ බව ඔහු දැන ගත්තේ අපේ රෙසිප්ශනිස්ට් වැඩට පැමිණි පසුවය. ඔහු කඩවුණු බලාපොරොත්තු සහිතව දුකින් යන්නට ගියේය. තව සති දෙකකින් නැවත ඔහු අපේ ඔෆිස් එකට පැමිණ සුරෙශ්ගෙන් සමාව ගන්නා බව ඉර හඳ මෙන් විශ්වාසය.

මා මෙතනින් කියන්නට අදහස් කලේ සුරේෂ් ගේ නිහතමානීත්වය ගැනය. ගොඩක් ඉහල ලෙවල් වල ඉන්න මිනිසුන් පහල ඉන්න බලු කුක්කන්ට වඩා ගොඩක් නිහතමානිය. මා මෙය ඉතා අපහසුවෙන් හෝ ටයිප් කලේ මෙවැනි නිහතමානී පුද්ගලයින් අගය කල යුතු බැවිනි.

සුරේෂ් ඔබට මල් මිටක් .



 
Last edited:

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
bump aththa kathawakda bn

100 % true . ඇත්තම සිදියක්. පිලි ගන්න කෙනෙකුට පිලි ගන්න පුළුවන් . නොපිළිගන්නා කෙනෙකුට නොපිළිගෙන ඉන්න පුළුවන්.
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Suresh Edirisinghe name ekak google deyyongen ahuwata kiyanne nehe ne. oya kiyana description ekak thiyana profile ekak search wela enne ne. aniwaryayenma linkdin profile ekak hari thiyenne oni ne.
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    Machan kathawak thiyanwane abagahaka pala daranna daranna aba athu nawenawa wage ape jivithath udata yanna yanna namyashili wenna kiyala
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,991
    1
    43,359
    113
    සිරාවට linkdin කියන සයිට් එකේ තේරුම මොකක්ද බං ?