ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් භාවිතා කරන්නේ ඔහුගේ පැරණි ජංගම දුරකථනය බව නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත පෙන්වා දෙයි.
එහි සඳහන් වන ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප් භාවිත කරන්නේ සැම්සුන්ග් ග්ලැක්සි එස් 3 වර්ගයේ ජංගම දුරකථනයකි.
මෙය මීට වසර පහකට පමණ පෙර වෙළඳපලට නිකුත් වූ ජංගම දුරකථනයකි.මෙහි වර්තමාන මිල ශ්‍රී ලංකා රුපියල් වලින් විසිදහසකට ආසන්න ගණනකි.
ඔහු ට්විටර් පණිවුඩ නිකුත් කිරීම සඳහාද භාවිත කරන්නේ මෙම දුරකථනය බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
Source




