1) උඹ කව්ද කියල මම දන්නෙත් නෑ මම කව්ද කියල උඹ දන්නෙත් නෑ.....පුද්ගලික අපහාස වලින් පේන්නේ තමුන්ගේ තර්ක බන්කොලොත් කියන එක විතරයි.
2) ඔය ෆොටෝ එකේ ඉන්න උන්ට උපාදියක් දීලත් නැහැ....ඔය media diploma එකක් කරපු දෙන්නෙක්....media field එකේ කොන්ඩයෝ දැකල නැත්තම් කරන්න දේකුත් නැහැ.
3) ඌ කොන්ඩේ වවල ඉන්න නිසා වත් අනික් එකා මැද ඇඟිල්ල උස්සන් ඉන්න නිසාවත් උඹ කොහොමද කියන්නේ ඌට ඉගනගන්න අයිතියක් නැහැ කියල? උඹ කොහොමද කියන්නේ ඌට හැදියාවක් නැහැ කියල? උඹ ඔච්චරම බොලඳද? ඌ ඔය ඇඟිල්ල උස්සන් ඉන්නේ ෆෝන් එකකින් ගත්ත පුද්ගලික ෆොටෝ එකකට ඒක උඹලට අදාළ වෙන්නේ කොහොමද?
4) ආණ්ඩුවේ මොනම හෝ කැම්පස් එකක එකෙක් හරි මැද ඇඟිල්ල උස්සන් ෆොටෝ එකක් අරන් අහු උනොත් එයින් පස්සේ ඒ කැම්පස් එකට උපාධි දෙන්න බැරි වෙනවද?
ඉගෙන ගන්න අයිතියක් තියෙනවා, එත් මෙතන තියෙන්නේ ඉගෙන ගන්න අයිතිය ගැන ප්‍රශ්නයක් නෙමෙයි. හරියට ඉගෙන ගන්නේ නැතුව පස්සේ සල්ලි බලෙන් උපාධි අරගෙන එක, උබලා ඔය කියන මහලොකු උපාධිකාරයෝ 2007 ERPM එක ලියලා එකෙන් පාස් උනේ 14%ක් විතරයි මම හිතන්නේ. ඊට පස්සේ රජයේ කැම්පස් වල අය ලියන විභාගේ ලියලා එකෙන් පාස් උනේ 1.5%ක් වගේ අඩු ප්‍රමාණයක්.
ඔච්චර උගත් අයට ඇයි බැරි උනේ ඒ විභාගවලින් පාස් වෙන්න. වෛද්‍ය විද්‍යාව හරියට ඉගෙන ගත්තනම් ඒ විභාග අනිවාර්යෙන්ම පාස් වෙන්න ඕනනේ. ඇයි බැරි උනේ, කොතනද වැරැද්ද.
මේ ගනන් සහ දින වකවානු මට හරියට මතක නැහැ වෙනස්කමක් තියෙන්නෙ පුළුවන්.

