SAITM අදාලම නැත

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    සිංහලු ජාතියක් විදිහට ගොඩ නොයන්නේ අපිට ඉතිහාසය අමතක නිසා....SAITM සහ GMOA සිද්දිය තරම් මේකට උදාහරණ තවත් නැහැ

    ඉස්සල්ලම ඔය GMOA එක "රෝගීන් ගැන හිතල" "නිදහස් අධ්‍යාපනය රකින මුර දේවතාවෝ" කියන උන් කියපල්ලා GMOA එක කවදද රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේ කියල? කවදද උන්ගේ උවමනාවන් පැත්තක දාල රටේ උවමනාවන් වෙනුවෙන් ඉස්සරහට ආවේ කියල? උඹලට අමතක නම් මතක් කරලා දෙන්නම් GMOA එකේ මෑත කාලීන වැඩ.

    ඔය දැන් නිදහස් අධ්‍යාපනයේ මුර දේවතාවෝ වෙන්න දඟලන GMOA එක තමයි සම සෞඛ්‍ය උපාදිය අවුරුදු 4ක් කරනවට විරුද්ද උනේ, උඹලට මතකද? ඇයි තව කෙනෙක් ඉගනගන්නවට විරුද්ද? මේ කියන්නේ ප්‍රයිවෙට් ළමයි ගැන නෙවෙයි AL වලින්ම කැම්පස් ගිය අපේ රටේම ළමයි. දොස්තරලා ඒකට විරුද්ධ වෙච්ච එකම හේතුව සම සෞක්‍ය උපාදිය අවුරුදු 4ක් උනාම රෝහල් පරිපාලන තනතුරු වල තියන දොස්තර එකාදිකාරය නැති වෙන නිසා! සම සෞක්‍ය උපාධිධාරීටත් ඒ තනතුරු වලට එන්න ඉඩ ලැබෙන නිසා....කියපල්ලා බලන්න බමුණුකුල වලට මීට වඩා හොඳ උදාහරණයක් තියනවද?

    ඔය GMOA එකම තමයි ටික දවසකට කලින් තමන්ගේ ළමයි ලංකාවේ ලොකුම ඉස්කෝල වලට දාල දුන්නේ නැහැ කියල වැඩ වර්ජනය කරේ....ඇයි GMOA දෙන ලිස්ට් වලට ළමයි කොහොමහරි දාල දෙන්න එයාල අමුතුම ජාතියක්ද? කෝ එතකොට සාධාරණ අධ්‍යාපන අයිතීන් කතන්දර? මේවා කරේ මේ අපි වෙනුවෙන්ද?

    තව උඹලට මතක ඇති දොස්තලගේ ETCA විරෝදී සටන.....මොකද ඒකට උනේ? මුලින් රට බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් ආපු දොස්තරලා ETCA එකට මෙඩිකල් ෆීල්ඩ් එක අදාළ නැහැ කියල ආණ්ඩුවෙන් කිව්වා විතරයි හොයන්නත් නැති උනා....දන්නේ නැත්තම් ETCA විරෝදී ව්‍යාපාර සංවිධානය කරපු එකෙක්ගෙන් අහල බලපන් ඔය නිව්ස් එක ආපු ගමන් දොස්තරලා වාෂ්ප උන විදිහ.

    පර්මිට් නෑ කියල වර්ජනය කරපුවා අමුතුවෙන් කියන්න යන්නේ නැහැ

    දැන් මෙහෙම ඉතිහාසයක් තියන GMOA එක සමාජසධාරණයේ මුර දේවතාවෝ කියල හිතන උඹලට තියෙන්නේ කොයි ජාතියේ පිස්සුවක්ද කියන්න මම දන්නේ නෑ

    SAITM ගැන කතා කරනවා නම් හරි SAITM එකේ ගුනාතමකභාවය ගැන නම් ගැටලුව ඇයි වහපියව් කියල පෙළපාලි යන්නේ? රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ගැන ප්‍රශ්නේ ආපු වෙලාවේ පෙලපාලි ගියේ අඩුපාඩුව සකස්කර දියව් කියල මිසක් රජරට වෛද්‍ය පීඨය වහපියව් කියල නෙවෙයිනේ?

    මේ අඩුපාඩු ගහන්න GMOA එක කිසිම විදිහකින් සහයෝගයක් දීල තියනවද? ප්‍රජාසෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය අංශ වල SAITM පුහුණුවක් ලැබෙනවා මදි කියල එක පැත්තකින් වාර්තාවක් දීල අනික් පැත්තෙන් SAITM ළමයි රජයේ රෝහල් වල ඒ පුහුණුව ලබන්න හදද්දී මෙන්න රෝගීන් විකුනන්වෝ කියල කොළඹ පෝස්ටර් ගහනවා.....ප්‍රජාසෞඛ්‍ය වත් අධිකරණ වෛද්‍ය පුහුණුව වත් පුද්ගලික රෝහලකින් ගන්න බැහැ කියල නොදැනද ඒ?

    උඹලට තවමත් තේරුම් ගන්න අමාරුද ඇයි රටේ බහුතර උඹල එක්ක නැත්තේ කියල?

    මගේ පුද්ගලික මත නම් SAITM ළමයිනුත් common MCQ ලියන්න ඕනේ කියන එක....ඒකට දොස්තරලා කැමති වෙන්නේ නැහැ කීයටවත්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113

    ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,

    image_0_02_06_ff9e17853e24b3391e84c543a57712e3b6.jpg

    ලංකාවේ අගු පිල් වල ඉන්න උන්ටත් ලක්ෂ 120ක් තියනවද පට්ටනේ:) :lol::lol::lol: ඇරත් ඔය ෆොටෝ එකේ ඉන්නේ SAITM එකේ මීඩියා කෝස් එකක් කරපු උන් දෙන්නෙක්

    බල්ලෝ හඳට බුරනවා වගේ පොස්ට් දාන්නේ නැතුව පොඩ්ඩක් හොයල බලල දාපං බං
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    යකෝ මේකෙන් දෙන අර්ථය විතරක් ගනින්, ෆොටෝ එක අල්ලගෙන දඟලන්නේ නැතුව.

    මේකේ කියලා නැහැ මුන් දොස්තරලා කියලා, එත් අතේ තියෙන්නේ උබලගේ උගත් බුද්ධුමතුන් බිහිකරන ස්ථානයෙන් නිකුත් කරපු සහතිකයක් නේද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    යකෝ මේකෙන් දෙන අර්ථය විතරක් ගනින්, ෆොටෝ එක අල්ලගෙන දඟලන්නේ නැතුව.

    මේකේ කියලා නැහැ මුන් දොස්තරලා කියලා, එත් අතේ තියෙන්නේ උබලගේ උගත් බුද්ධුමතුන් බිහිකරන ස්ථානයෙන් නිකුත් කරපු සහතිකයක් නේද ?

    අර්ථය මොකක්ද? කොන්ඩේ වවාගත්ත උන් ඉන්න තැන වලින් වෛද්‍ය උපාදි දෙන්න බෑ කියලද? :lol::lol::lol:

    එහෙනම් ඉතින් රජයේ විශ්වවිද්‍යාල වල ආට් ෆැකල්ටි වල කොන්ඩයෝ ඉන්න නිසා ඒවගේ මෙඩිකල් ෆැකල්ටිත් උපාදි දෙන්න නුසුදුසු වෙන්න ඕනේ :rofl::rofl::rofl:
     
    උබත් 120 උගතෙක් හෝ ඒ හා සමාන එකෙක් වගේ, කොන්ඩෙ නෙමෙයි උපාධියක් දෙන්න සුදුසුකමක්වත් තියෙනවද. උගත් මනුස්සයෙකුගේ තියෙන හැදියාවවත් තියෙනවද, උපාධියක් අතේ තියාගෙන ඇඳගෙන ඉන්න ඇඳුමටවත් ගෞරවයක් තියෙනවද . . .
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631

    ආර්ට්, මීඩියා කරන උන්ගේ අදින පලදින විදිය, රෑවුල කොන්ඩේ වවන විදිය දෑකලා නෑත්තන් පොඩ්ඩක් උදේට නෙලුම් පොකුන ලග සෞන්දර්ය විශ්වවිද්යාලේ ඈතුලට යන උන්ගේ දිහා බලපන්.

    මෙන්න හෑදියාව තියෙන, උපාදි දෙන්න සුදුසු, උගත් වෑදගත් විනීත මහත්වරු,
    :lol::lol::lol:
    lunitc0302.jpg

    Monks_TC_0626.jpg

    image_1458510583-b9818b8b58.jpg

    Ragging.jpg
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    water-well-604x270.jpg
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ලංකාවෙ ඉස්සහරට පච්ච කොටා ගත්තු ,කනේ කරාබු දා ගත්තු කොන්ඩේ වවාගෙන හොරිකඩයො වගේ හැම අගුපිලකම ලැග ගෙන ඉන්න ලෙඩක් තියා ලෙඩෙක්වත් අඳුනාගන්න බැරි දොස්තරාලා ඉඳීවි ,,පුදුමවෙන්න එපා,,ඒක මේ නඩු තීන්දුවෙ ප්‍රතිපලය තමා,,

    image_0_02_06_ff9e17853e24b3391e84c543a57712e3b6.jpg

    16299071_1242861865751758_6525803519740871639_n.png
    :lol:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    හරි ,,දොස්තරලගෙ විනය කියන මාතෘකාව සයිටම් එකට අදාල නොවෙනව නම් ඒක පැත්තකට දාමු, පැහැදිලිව ,මතක තියාගන්න,,ම්ං කිව්වෙ ඉස්සහරහට ලංකාවෙ වෛද්ය ක්ශේත්රය ඇතුලෙවෙන්න තියෙන විනාශෙ ගැනයි,,ඒකෙ පටන් ගැන්ම තමා සයිටම් එක වෙන්න,ලක්ශ 120 ගෙවලා කිසිම අවුලක් නැතුව ඕන එකෙකුට ඩොක්ටර් කෙනෙක් වුන හැකි,,

    සයිටම් මොඩලයක් ලෙස ගනිමින් තව තවත් මෙඩිකල් කොලේජස් දාන එක තමා චතුර සේනාරත්න සාමාජිකයෙක් විදිහට ඉන්න පාර්ලිමේන්තුව උසස් අධ්යපනය සම්බන්ද ආශිංක අදීක්ශණ කමිටුවෙ යෝජනා වෙන්නෙ

    ප්රයිවට් මෙඩිකල් ස්කූල්ස් කොච්චර දැම්මත් කමක් නැහැ,හරි ස්ටැන්ඩඩ් එකකට තියෙනව නම්,,මෙඩිකල් ඩිග්රියක් දෙන්න ඕන කරන ආයතනයකට තිබිය යුතු මූලික සුදුසු කම් වලින් 40% වත් නැති දෙවරක්ම අවස්ථාව දීලත් තමන්ගෙ තියෙන අඩුපාඩු හදානොගත්තු ඒ නිසාම ශ්රී ලංකාවෙ වෛද්ය ක්ශෙත්රය නියාමනය කරන එකම ආයතනය වන ශ්රී ලංකා වෛද්ය සබාවෙ නිර්දෙශය නැති සයිටම් වගේ කඩයක් මොඩලයක් විදියට අරගෙන තවත් මෙඩිකල් ස්කූල්ස් දැම්මම වෙන්නෙ අබ සරණ තමා,,

    ලංකාවෙ මෙඩිකල් ෆැක්ල්ටීස් 8ටම අවුරුද්දටම 1000 හෝ ඊට ආසන්න ප්රමාණයක් සිසුන් ගනිද්දී මේ එක ෆැකල්ටියකවත් අහලින් තියන්න බැරි සයිටම් කඩේට 800 ගන්නවා,,(400 ගානෙ 2ක්) ,,සල්ලි ලක්ශ 120 තියෙනව නම් පුලුවන් මේ 800 ඇතුලට යන්න,,තමන්ගෙම දෙමව්පියන් නිරීක්ශකයො විදියට ඉන්න විබාගෙකින් එකෙක්වත් ෆේල් නොවී කිසිම අමරුවක් නැතුව MBBS ගන්නවා,,

    සයිටම් ගුහාවට කඩේ යන උන්ට මේකෙන් වෙන විනාශෙ පෙනෙන් නැහැ,, උන්ට් පුලුවන් අරයගෙ මෙයගෙ කුහකත්වය කිය කියා සයිටම් සාධරණීකරනය කරණ එකයි
    ඔය කියන කුහකත්වය ගැන මම නම් දන්නෙ නැහැ,,හැබැයි වැරද්දක් වෙනකම් දොස්තරලා දිහා බලගෙන ඉන්න බනින්න කට උල්කරන් ඉන්න කුහකයො පිරිසක් ලංකවෙ ඉන්නව කියල නම් දන්නවා,,

    ඉන්දියන් ඩොක්ටර්ස්ලාගෙ තියෙන අර්බුදය ගැන දැනුමක් නැතුව කතා කරනව වගේ තමා පෙනෙන්නෙ,,,තමන්ට හිතෙන දේවල් කියන්න කලින් පොඩ්ඩක් කරුණු හොයලා බලන්න,,ඉන්දියන් ඩොක්ටර්ස්ලා පිටරටවල වැඩ කරනව තමා හොඳ Recognized ස්ටැන්ඩඩ් යුන්වසිටීස් වලින් බිහිවුනු කට්ටිය,,නමුත් ඉන්දියාවෙ ප්රමාණවත් තරම් වෛද්යවරු නැති නිසා ඒකට පිලියමක් විදියට පටන් ගත්තු මෙඩිකල් ඩිග්රි කඩවලින් එලියට ආවෙ නමට දොස්තරලා වෙච්ච් පිරිසක්,,මේකෙන් උනෙ වෛද්ය වෘත්තිය සම්බන්ධව ඉන්දියාවෙ තිබුනෙ හොඳ නම කැත වෙච්ච එකයි,,, ඉන්දියාවෙ බහුතරය ඉන්නෙ unqualified ඩොක්ටර්ස්ලා

    මසුරන් කතාව ,
    ඕක තේරෙන්නේ නැති ඉ=උන් ගොඩක් ඉන්නවා ,
    ගොඩක් එහෙමෙ උන් තමන්ගේ අම්මා තාත්තා ගැන වත් හිතන්නේ නැති උන්​
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    උබත් 120 උගතෙක් හෝ ඒ හා සමාන එකෙක් වගේ, කොන්ඩෙ නෙමෙයි උපාධියක් දෙන්න සුදුසුකමක්වත් තියෙනවද. උගත් මනුස්සයෙකුගේ තියෙන හැදියාවවත් තියෙනවද, උපාධියක් අතේ තියාගෙන ඇඳගෙන ඉන්න ඇඳුමටවත් ගෞරවයක් තියෙනවද . . .

    1) උඹ කව්ද කියල මම දන්නෙත් නෑ මම කව්ද කියල උඹ දන්නෙත් නෑ.....පුද්ගලික අපහාස වලින් පේන්නේ තමුන්ගේ තර්ක බන්කොලොත් කියන එක විතරයි.

    2) ඔය ෆොටෝ එකේ ඉන්න උන්ට උපාදියක් දීලත් නැහැ....ඔය media diploma එකක් කරපු දෙන්නෙක්....media field එකේ කොන්ඩයෝ දැකල නැත්තම් කරන්න දේකුත් නැහැ.

    3) ඌ කොන්ඩේ වවල ඉන්න නිසා වත් අනික් එකා මැද ඇඟිල්ල උස්සන් ඉන්න නිසාවත් උඹ කොහොමද කියන්නේ ඌට ඉගනගන්න අයිතියක් නැහැ කියල? උඹ කොහොමද කියන්නේ ඌට හැදියාවක් නැහැ කියල? උඹ ඔච්චරම බොලඳද? ඌ ඔය ඇඟිල්ල උස්සන් ඉන්නේ ෆෝන් එකකින් ගත්ත පුද්ගලික ෆොටෝ එකකට ඒක උඹලට අදාළ වෙන්නේ කොහොමද?

    4) ආණ්ඩුවේ මොනම හෝ කැම්පස් එකක එකෙක් හරි මැද ඇඟිල්ල උස්සන් ෆොටෝ එකක් අරන් අහු උනොත් එයින් පස්සේ ඒ කැම්පස් එකට උපාධි දෙන්න බැරි වෙනවද?​
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    සිංහලු ජාතියක් විදිහට ගොඩ නොයන්නේ අපිට ඉතිහාසය අමතක නිසා....SAITM සහ GMOA සිද්දිය තරම් මේකට උදාහරණ තවත් නැහැ

    ඉස්සල්ලම ඔය GMOA එක "රෝගීන් ගැන හිතල" "නිදහස් අධ්‍යාපනය රකින මුර දේවතාවෝ" කියන උන් කියපල්ලා GMOA එක කවදද රට වෙනුවෙන් මිනිස්සු වෙනුවෙන් පෙනී සිටියේ කියල? කවදද උන්ගේ උවමනාවන් පැත්තක දාල රටේ උවමනාවන් වෙනුවෙන් ඉස්සරහට ආවේ කියල? උඹලට අමතක නම් මතක් කරලා දෙන්නම් GMOA එකේ මෑත කාලීන වැඩ.

    ඔය දැන් නිදහස් අධ්‍යාපනයේ මුර දේවතාවෝ වෙන්න දඟලන GMOA එක තමයි සම සෞඛ්‍ය උපාදිය අවුරුදු 4ක් කරනවට විරුද්ද උනේ, උඹලට මතකද? ඇයි තව කෙනෙක් ඉගනගන්නවට විරුද්ද? මේ කියන්නේ ප්‍රයිවෙට් ළමයි ගැන නෙවෙයි AL වලින්ම කැම්පස් ගිය අපේ රටේම ළමයි. දොස්තරලා ඒකට විරුද්ධ වෙච්ච එකම හේතුව සම සෞක්‍ය උපාදිය අවුරුදු 4ක් උනාම රෝහල් පරිපාලන තනතුරු වල තියන දොස්තර එකාදිකාරය නැති වෙන නිසා! සම සෞක්‍ය උපාධිධාරීටත් ඒ තනතුරු වලට එන්න ඉඩ ලැබෙන නිසා....කියපල්ලා බලන්න බමුණුකුල වලට මීට වඩා හොඳ උදාහරණයක් තියනවද?

    ඔය GMOA එකම තමයි ටික දවසකට කලින් තමන්ගේ ළමයි ලංකාවේ ලොකුම ඉස්කෝල වලට දාල දුන්නේ නැහැ කියල වැඩ වර්ජනය කරේ....ඇයි GMOA දෙන ලිස්ට් වලට ළමයි කොහොමහරි දාල දෙන්න එයාල අමුතුම ජාතියක්ද? කෝ එතකොට සාධාරණ අධ්‍යාපන අයිතීන් කතන්දර? මේවා කරේ මේ අපි වෙනුවෙන්ද?

    තව උඹලට මතක ඇති දොස්තලගේ ETCA විරෝදී සටන.....මොකද ඒකට උනේ? මුලින් රට බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් ආපු දොස්තරලා ETCA එකට මෙඩිකල් ෆීල්ඩ් එක අදාළ නැහැ කියල ආණ්ඩුවෙන් කිව්වා විතරයි හොයන්නත් නැති උනා....දන්නේ නැත්තම් ETCA විරෝදී ව්‍යාපාර සංවිධානය කරපු එකෙක්ගෙන් අහල බලපන් ඔය නිව්ස් එක ආපු ගමන් දොස්තරලා වාෂ්ප උන විදිහ.

    පර්මිට් නෑ කියල වර්ජනය කරපුවා අමුතුවෙන් කියන්න යන්නේ නැහැ

    දැන් මෙහෙම ඉතිහාසයක් තියන GMOA එක සමාජසධාරණයේ මුර දේවතාවෝ කියල හිතන උඹලට තියෙන්නේ කොයි ජාතියේ පිස්සුවක්ද කියන්න මම දන්නේ නෑ

    SAITM ගැන කතා කරනවා නම් හරි SAITM එකේ ගුනාතමකභාවය ගැන නම් ගැටලුව ඇයි වහපියව් කියල පෙළපාලි යන්නේ? රජරට වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය ගැන ප්‍රශ්නේ ආපු වෙලාවේ පෙලපාලි ගියේ අඩුපාඩුව සකස්කර දියව් කියල මිසක් රජරට වෛද්‍ය පීඨය වහපියව් කියල නෙවෙයිනේ?

    මේ අඩුපාඩු ගහන්න GMOA එක කිසිම විදිහකින් සහයෝගයක් දීල තියනවද? ප්‍රජාසෞඛ්‍ය සහ අධිකරණ වෛද්‍ය අංශ වල SAITM පුහුණුවක් ලැබෙනවා මදි කියල එක පැත්තකින් වාර්තාවක් දීල අනික් පැත්තෙන් SAITM ළමයි රජයේ රෝහල් වල ඒ පුහුණුව ලබන්න හදද්දී මෙන්න රෝගීන් විකුනන්වෝ කියල කොළඹ පෝස්ටර් ගහනවා.....ප්‍රජාසෞඛ්‍ය වත් අධිකරණ වෛද්‍ය පුහුණුව වත් පුද්ගලික රෝහලකින් ගන්න බැහැ කියල නොදැනද ඒ?

    උඹලට තවමත් තේරුම් ගන්න අමාරුද ඇයි රටේ බහුතර උඹල එක්ක නැත්තේ කියල?

    මගේ පුද්ගලික මත නම් SAITM ළමයිනුත් common MCQ ලියන්න ඕනේ කියන එක....ඒකට දොස්තරලා කැමති වෙන්නේ නැහැ කීයටවත්.

    කරුණු කාරණා දන්නැතුව තප්පුලලා බත් කන හරකෙක් කියලා රටටම පෙන්වන්න එපා!!!! දන් නැත්නම් මුලින් මෙක කියවලා ඉඳපං
    Thread credit - mr.sgthilina

    http://www.elakiri.com/forum/showthread.php?t=1783807
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,190
    113
    කරුණු කාරණා දන්නැතුව තප්පුලලා බත් කන හරකෙක් කියලා රටටම පෙන්වන්න එපා!!!! දන් නැත්නම් මුලින් මෙක කියවලා ඉඳපං
    Thread credit mr.sgthilina

    http://www.elakiri.com/forum/showthread.php?t=1783807

    රංග වීරක්කොඩි කියන්නේ කව්ද කියල ඊයේ පෙරේදා ඔන්ලයින් ආපු චූටි බබාලා දන්නේ නැති උනාට අපි දන්නවා :lol::lol::lol: GMOA එක ගැන කියපු එක දෙයක් බොරු කියල පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපන්​
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    යකෝ මේකෙන් දෙන අර්ථය විතරක් ගනින්, ෆොටෝ එක අල්ලගෙන දඟලන්නේ නැතුව.

    මේකේ කියලා නැහැ මුන් දොස්තරලා කියලා, එත් අතේ තියෙන්නේ උබලගේ උගත් බුද්ධුමතුන් බිහිකරන ස්ථානයෙන් නිකුත් කරපු සහතිකයක් නේද ?

    Umbalage thiena lin medi adahas thamai. World rank eke udama inna Oxford,Harvard giya ewungeth oyita wada sawuththu photos thienawa me Elakiri eke demmoth ban wena.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    කරුණු කාරණා දන්නැතුව තප්පුලලා බත් කන හරකෙක් කියලා රටටම පෙන්වන්න එපා!!!! දන් නැත්නම් මුලින් මෙක කියවලා ඉඳපං
    Thread credit - mr.sgthilina

    Meanwhile in Gov. Hospitals TODAY =>

    සයිටම් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය අඩුවී රෝගීන් මිය යනවා යයි කියා රෝගීන්ට ප්‍රතිකාර නොකර මැරෙන්නට ඉඩ හරින පාදෙණියලාගේ අපූරු වර්ජනය
     
    Last edited:

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    image_0_02_06_ff9e17853e24b3391e84c543a57712e3b6.jpg

    tattooed-doctor.jpg

    The photo above is of Dr. Dave, a medical doctor with private general medicine practice in New York City:

    Many of Dr. Dave's tattoos have a medical theme. A caduceus, the symbol of medicine, sits on his right arm - although a woman replaces the traditional staff. The letters "MD" are tattoed on his back, while a skull with a red medical cross (the symbol of Dr. Dave's motorcycle club of health professionals) decorates his left shoulder;)
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle

    Meanwhile in Gov. Hospitals TODAY =>

    සයිටම් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය අඩුවී රෝගීන් මිය යනවා යයි කියා රෝගීන්ට ප්‍රතිකාර නොකර මැරෙන්නට ඉඩ හරින පාදෙණියලාගේ අපූරු වර්ජනය

    16299551_1846019002333572_2464951919616750041_n.jpg
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    1) උඹ කව්ද කියල මම දන්නෙත් නෑ මම කව්ද කියල උඹ දන්නෙත් නෑ.....පුද්ගලික අපහාස වලින් පේන්නේ තමුන්ගේ තර්ක බන්කොලොත් කියන එක විතරයි.

    2) ඔය ෆොටෝ එකේ ඉන්න උන්ට උපාදියක් දීලත් නැහැ....ඔය media diploma එකක් කරපු දෙන්නෙක්....media field එකේ කොන්ඩයෝ දැකල නැත්තම් කරන්න දේකුත් නැහැ.

    3) ඌ කොන්ඩේ වවල ඉන්න නිසා වත් අනික් එකා මැද ඇඟිල්ල උස්සන් ඉන්න නිසාවත් උඹ කොහොමද කියන්නේ ඌට ඉගනගන්න අයිතියක් නැහැ කියල? උඹ කොහොමද කියන්නේ ඌට හැදියාවක් නැහැ කියල? උඹ ඔච්චරම බොලඳද? ඌ ඔය ඇඟිල්ල උස්සන් ඉන්නේ ෆෝන් එකකින් ගත්ත පුද්ගලික ෆොටෝ එකකට ඒක උඹලට අදාළ වෙන්නේ කොහොමද?

    4) ආණ්ඩුවේ මොනම හෝ කැම්පස් එකක එකෙක් හරි මැද ඇඟිල්ල උස්සන් ෆොටෝ එකක් අරන් අහු උනොත් එයින් පස්සේ ඒ කැම්පස් එකට උපාධි දෙන්න බැරි වෙනවද?​

    Meanwhile in Gov. Hospitals TODAY =>

    සයිටම් වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය අඩුවී රෝගීන් මිය යනවා යයි කියා රෝගීන්ට ප්‍රතිකාර නොකර මැරෙන්නට ඉඩ හරින පාදෙණියලාගේ අපූරු වර්ජනය

    රංග වීරක්කොඩි කියන්නේ කව්ද කියල ඊයේ පෙරේදා ඔන්ලයින් ආපු චූටි බබාලා දන්නේ නැති උනාට අපි දන්නවා :lol::lol::lol: GMOA එක ගැන කියපු එක දෙයක් බොරු කියල පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපන්​

    පුටුවේ ගූ යන්න රිදුනා සිඬලයහො.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    පම්පෝරි ප්‍රමිතියේ තරම පෙන්වන රේටිං

    පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රමිතිය බිඳ වැටෙන බව ‘නිදහස් අධ්‍යාපනයේ‘ මුර දේවාතාවුන් වශයෙන් පෙනී සිටින ජවිපෙ, පෙරටුගාමී දේශපාලන අපතයන් නිරන්තරයෙන් කියා සිටින කරුණකි. එහෙත් ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටී අවසානය. වසර 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ දී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලය වශයෙන් හඳුන්වන කොළඹ විශ්ව විද්‍යාලයට හිමි වී ඇත්තේ 2135 වෙනි ස්ථානයයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය 2466 වැනි ස්ථානයේද, මොරටුව විශ්ව විද්‍යාලය 2608 වැනි ස්ථානයේද ශ්‍රේණිගතව පවතී. අනෙකුත් විශ්ව විද්‍යාල ගැන කතා කිරීම අනවශ්‍යය.

    ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම්හි පළමු විශ්ව විද්‍යාල 150 අතරේ හෝ ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය විශ්ව විද්‍යාලයක් හෝ නැත. දකුණු ආසියානු කලාපයේ තත්ත්වයද ඊට වෙනස් නොවේ. වසර 2015 දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි කොළඹ විශ්ව විද්‍යාලය ස්ථානගත වී ඇත්තේ 41 වෙනි ස්ථානයේ ය. පේරාදෙනියට හිමි වී ඇත්තේ 58 වෙනි තැනය. දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 23 ඉන්දියානු විශ්ව විද්‍යාල වන අතර 24 වෙනි තැන සිටින්නේ පංජාබ් විශ්ව විද්‍යාලයයි. බංගලා දේශයේ ඉංජිනේරු හා තාක්ෂන විශ්ව විද්‍යාලය 35 වෙනි ස්ථානයේ සිටී. මෙම දකුණු ආසියානු ශ්‍රේණිගත කිරීමට අනුව පළමු විශ්ව විද්‍යාල සියය අතර ඇත්තේ ලංකාවේ විශ්ව විද්‍යාල 4 ක් පමණි. ශ්‍රී ලංකා රාජ්‍ය විශ්ව විද්‍යාල වල සැබෑ ස්වරූපය මෙම ශ්‍රේණිගත කිරීම් වලින් මනාව පැහැදිලි වෙයි. පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කරනවාට වඩා රාජ්‍ය විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් අපට මේ මොහොතේ අවශ්‍ය බව ඉන් පෙනී යයි.

    රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය සුදු අලියෙකි. අවශ්‍ය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදු නොකර මෙම සුදු අලියා නඩත්තු කිරීමට ජාතික ආදායමින් 6% ක් වෙන් කිරීම හෙණ ගහන අපරාධයකි.

    ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරින් අංක 1 ට සිටින්නේ සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයයි. එය සිංගප්පූරුවේ ප්‍රමුඛතම රාජ්‍ය විශ්ව විද්‍යාලය වන අතර එම විශ්ව විද්‍යාලය නඩත්තු කිරීමට එරට පෞද්ගලික විශ්ව විද්‍යාල සිය ලාභාංශයන්ගෙන් 10% ක් වාර්ෂිකව ලබා දිය යුතුය. මෙම විශ්ව විද්‍යාලය 2015 ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි 12 වන ස්ථානයේ තිබීම විශ්මය ජනකය. 13 වන ස්ථානයේ ශ්‍රේණිගතව ඇත්තේ ද තවත් සිංගප්පූරු විශ්ව විද්‍යාලයක් වන නැංග්යන් තාක්ෂනික විශ්ව විද්‍යාලයයි. (NTU) එයද මහජන මුදලින් නඩත්තු වන ස්වාධීන විශ්ව විද්‍යාලයකි. ආසියානු විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් හි පළමු විශ්ව විද්‍යාල 10 අතරේ පවතින ජපාන, දකුණු කොරියා, හොං කොං, චීන, සිංගප්පුරු, විශ්ව විද්‍යාල සියල්ල ස්වාධීන රාජ්‍ය විශ්ව විද්‍යාලයි. එම රටවල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වඩා බහුතරයක් ඇත්තේ පෞද්ගලික විශ්ව විද්‍යාලයන්ය. බහුතර පෞද්ගලික විශ්ව විද්‍යාල හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල බිඳ වැටී නොමැති අතර ඒවා ලෝකයේ මෙන්ම ආසියාවේ විශිෂ්ඨ විශ්ව විද්‍යාල වශයෙන් බබලයි.

    පෞද්ගලික විශ්ව විද්‍යාල යනු මරාක්ෂයන් නොවේ. සෑම පෞද්ගලික විශ්ව විද්‍යාලයක්ම ලාබ ලබා ගැනීමෙ අරමුණින් යුතුව පවත්වාගෙන යනවාද නොවේ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපයේ ලාබ ලබා ගැනීමේ අරමුණින් තොර (උතුරු කොළඹ වෛද්‍ය පීඨය මෙන්) පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල වශයෙන් ක්‍රියාත්මක වෙයි. ප්‍රමුඛ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ විද්‍යාල තවත් ක්‍රමයකි. රජයේ ආධාර ලබන අර්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල තවත් පෞද්ගලික විශ්ව විද්‍යාල වර්ගයකි. ලංකාවේ පොලිතීන් මුදලාලිලා පෞද්ගලික රෝහල් ආරම්භ කළා සේ ඕනෑම මස් කඩ කාරයෙකුට, කැසිනෝ කාරයෙකුට ලෝකයේ පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කරන්නට ඉඩ දෙන්නේ නැත. ඒ සඳහා නිශ්චිත ප්‍රාග්ධනයක් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ පරිචයක් තිබිය යුතුය. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ ලබැඳියාවන් අතර ගැටුම් තිබිය නොහැකිය. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළ යුත්තේ එවැනි නියාමනය පදනමකිනි.

    වැඩි සිසුන් පිරිසකට අඩු මුදලකට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව බුද්ධි ගලනය අඩු කිරීම සහ පොදු ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම සඳහා මාලාබේ වෛද්‍ය විද්‍යාලය වැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ගණනාවක් රටතුළ ස්ථාපිත කළ යුතුය. අනෙක් පසින් දැනට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිව්‍යුහගතකරණය කර එහි ප්‍රමිතිය ඉහළ දමමින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අද අප හමුවේ ඇති දැවැන්ත අභියෝගයකි. මෙම ක්‍රියාදාමයන් දෙක එකිනෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීම අද දවසේ අප හමුවේ ඇති ප්‍රගතිශීලී කාර්ය භාරයයි.

    ආනුභාවනන්ද විසිනි

    [email protected]
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    හා හා ඔන්න ඔහෙ දාගනිල්ල බන් සයිටම් බැරිනම් ඕන පුකක්.. GMOA එකටත් කටයි පුකයි වහන් පැත්තකට වෙන්න කියපල්ල. මිනිස්සුනෙ කියන්නෙ සයිටම් ඕනෙ කියල. Act16 නුත් එපා final mbbs සුත් එපා කෙලින්ම SLMC registration අරගෙන අපිට පිහිට වෙන්න. අපිට පිහිට වෙලා අපිව රැකගන්න. SAITM උන් අඩුතරමෙ ගමේ වෙද මහත්තයට වඩාවත් ටිකක් හරි දන්නව ඇතිනෙ:eek:.....
     
    Last edited: