මම බයික් එකේ ගනේමුල්ලේඉදං කඩවත පැත්තට එද්දි පියාඹගෙන වගේ ආපු ස්කූටර් එකක් මගෙ බයික් එකේ පිටිපස්සෙ වැදිලා ඉස්සරහිං ආපු වෑන් එකකට අඩේ තිබ්බා කියහංකො

මගේ බයික් එකේ පිටිපස්සෙ දකුණු පැත්තෙං වැදුනෙ... වැදිච්ච පාර බයික් එකේ පස්ස වම් පැත්තට විසි උනා...ඒ වෙලාවෙ මාත් 50-60 අතර ආවෙ. කන්ට්‍රෝල් නැතුව ගිහිං බයික් එක පෙරලුනා.

මාව තාර පාරෙ බම්ප් වෙවී ගියා

බයික් එකත් ඇදිලා ගියා ඈතට...
පොඩ්ඩක් සිහිය නැති උනා..
අර බයික් එකේ අපු කොල්ලො දෙන්නටම ලයිසන් නෑ. වයස.. 16-17 වගේ.
වටේ පිටේ අය එකතු වෙලා අරුං දෙන්නගෙ බයික් එක වැදුන වෑන් එකටම දාලා උ දෙන්නාවත් නග්ගලා රාගම ඉස්පිරිතාලෙට යැව්වා මාව. ඉස්පිරිතාලෙදි මුං දෙන්නා මිසිං වෙලා

පොලිසියෙං ඒක කඩවත පොලිසියට රිපෝට් කලා. පස්සෙ බයික් එක පැද්ද එකාව අල්ලලා කූඩු කරලා තිබුනා.
හෙල්මට් දාලා ජැකට් දාලා.. ඩෙනිමක් ඇදලා.. සපත්තු දාලා හිටියෙ. ඒකෙං සීරීම් ගොඩක් අඩු කර ගන්න පුලුවං උනා. දනිස්ස ලග පුපුරලා.... වම් අත උළුක් වෙලා.. ඇග පුරාම තැල්ම

සති දෙකක් යනකං කකුල අඩිය තියන්න එපා කිව්වා. හොස්පිටි් එකෙං ගෙදර ආවෙ ඊයෙ. දැං සිංහල බේත් කරන්නෙ.
අපි කොච්චර පරිස්සං උනත් වැඩක් නෑ පස්සෙං ඇවිත් හැප්පුවොත්
අර බයික් එක පැද්ද කොල්ලගෙ අම්මා අඩාගෙන ආවා. එයාගෙ තාත්තත් නෑ ලු. අම්මටත් හොදටම සනීප නෑ. සීනි, හාට් කේස්,කොලසේටරෝල්,

ඩ්‍රැගන් කොල්ලා කාර් එකක් ගන්නකං වත් ජීවත් වෙයිද දන්නෑ

අඩ අඩ කියනවා මේක බේර ගමු ලු. බයික් එක හදලා දෙන්නං ලු. (මගේ බයික් එක හදන්න 40ක් විතර යනවා කියලා කිවිවා සර්විස් එකෙං)
පොලිසියෙනුත් ඌව හොදටම බය කරලා ,

පස්සෙ ටිකට් කපං එන ගමං .. බැරි බැරි ගාතෙ පොලිසියට ගිහිං.. මම කට උත්තරයක් දුන්නා,
සමාදානෙං බේර ගන්න කැමතියි කියලා.පැමිණිල්ල අයින් කරන්නේ ඒ ළමයින්ගේ අම්මා අසනීපෙන් නිසාත් මගේ කැමැත්ත නිසාත් කියලා. කොහොම උනත් රියදුරු බලපත්‍රයක් නැතුව වාහන පදවා අනතුරක් සිදු කිරීම, තව මොනවද වැරදි ගොඩක් එක්ක නඩුවක් ෆයිල් උනා කියලා ආරන්චි උනා. මං ආයේ එන්න අවශ්‍ය නෑ කිව්වා.
දැං ඉතිං සති දෙක තුනක් ඇදේ තමා
ඔක්කොටම වඩා දුක... අවුරුදු 5ක් තිස්සේ හීරීමක් වත් නැතුව පරිස්සං කරගෙන පැදපු බයික් එක.. තාම පොලිසියේ... ඉන්ස්පෙක්ටර් කෙනෙක් බලලා ලු බයික් එක එළියට දාන්නෙ...