වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,462
    2
    53,967
    113
    :P:P:P:P:P:P:P:P
    eka newei buckle ekak set karaganna bari weida bn?

    සීට් එකේ ඇන්ද ගලවලා සමහරවිට පුළුවන් වෙයි.
    උඹනම් පුදුම මනුස්සයෙක් බන් ෆැක්ටරියෙන් ආවේ නැති හින්ද රිමෝට් කී රිලයබල් නෑ කියනව.
    සීට් එක හදද්දී දාල නැති බකල් මොකක් හරි උට්ටලමක් කරලා මෙහෙන් දැම්මම ඒක මොන රිලයබල් ද?
    අනික ඕක දැන් එළවන එකා පිටිපස්සේ මිනිස්සු දාගෙන යන්නෙ නැද්ද? :angry:
    දැන් උඹේ බජට් එක කීයද හරියටම? වාහනේට විතරක්, වාහනේ ගත්තම තියෙන මුල් වියදං ටික (ෆුල් සර්විස්, මාරු කරන කෑලි, ඉන්ෂුවරන්ස් අරව මේවා) අයින් කරලා?
    අර රත්තරං දාල තියෙන්නෙ හොඳ ලිස්ට් එකක් :yes:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown::frown: හෙන සතුටුයි නේහ්..... කලකිරෙනවා සහෝ උඹලා ගැන.....!! :frown::baffled::dull:

    මොකද උනේ කියපන්???
    ඇත්ත කියපන්... මිලක් බාර් එකේ නංගිගේ කොල්ල නේද හැප්පුවේ ??

    වෙන කාටවත් තුවාල නෑනේ??? උබට තුවාල උනාට කමක් නෑ... :rofl: :rofl:
    වාහනේ හදන්න දැම්මද??
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දැක්ක නිසා අහන්නේ

    ඔය කොක්ක ඹබන්නෙ කොහෙටද දන්නෑ:P:rofl:

    auto_148705628085894558~.JPG

    සීට් කවර දාපු එකා ඉඩ තියලා නෑ. ඒත් සීට් එක ගලවලා මැදින් උඩට ගන්න පුලුවන්.යට ඇති අනිවාරෙන්ම
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැක්ක නිසා අහන්නේ

    ඔය කොක්ක ඹබන්නෙ කොහෙටද දන්නෑ:P:rofl:

    auto_148705628085894558~.JPG

    බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති...

    ලංකාවේ උන් හිතන් ඉන්නේ සීට් බෙල්ට් තියෙන්නේ ඉස්සරහ යන උන්ට පොලිසියට පේන්න දාගෙන යන්න කියලනේ... :rofl: :rofl: :rofl:

    වෙලාවට සීට් බෙල්ට් මතක් කරේ...

    සිංහලු... කාර් එකට දාන්න ගෙනාව Sparco 4 Point Harness එකක් තියෙනවා...
    Brand New, පැකට් එකවත් කඩලා නෑ... කාට හරි ඕනි නම් කියපන්... ගත්ත ගානටම දෙන්නම්...
    මෙන්න මේ ජාතියේ එකක්... රතු පාටමයි...


    25468_Sparco_04715MRS_FS01-01@2x1446856501563d4735d65fc.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,462
    2
    53,967
    113
    බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති...

    ලංකාවේ උන් හිතන් ඉන්නේ සීට් බෙල්ට් තියෙන්නේ ඉස්සරහ යන උන්ට පොලිසියට පේන්න දාගෙන යන්න කියලනේ... :rofl: :rofl: :rofl:

    වෙලාවට සීට් බෙල්ට් මතක් කරේ...

    සිංහලු... කාර් එකට දාන්න ගෙනාව Sparco 4 Point Harness එකක් තියෙනවා...
    Brand New, පැකට් එකවත් කඩලා නෑ... කාට හරි ඕනි නම් කියපන්... ගත්ත ගානටම දෙන්නම්...
    මෙන්න මේ ජාතියේ එකක්... රතු පාටමයි...


    25468_Sparco_04715MRS_FS01-01@2x1446856501563d4735d65fc.jpg

    අපේ පැසෙන්ජර් කාර්වල ඕකක් දාගෙන යනකොට ජෝක් එකක් වෙයි නේ බන් :dull:

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති...


    :yes::yes::yes: මගෙත් ඕක නිතරම වෙනවා
    මගෙත් සීට් කවර දාල තියෙන්නෙ ඒත් සීට් කවර දැම්මට බකල් එක එලියට එන්න තියනවා සමහර වෙලාවට වාඩි වෙලා යද්දි සීට් එක එබුනම අස්සෙ තියන ඉඩෙන් සීට් එක අස්සට යනවා
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපේ පැසෙන්ජර් කාර්වල ඕකක් දාගෙන යනකොට ජෝක් එකක් වෙයි නේ බන් :dull:

    අැයි බන් ඔව්වා racing cars වලටද ඔව්වා දාන්නෙ
    බකල් එක සීට් එක අස්සට ගිහින් ඇති...

    ලංකාවේ උන් හිතන් ඉන්නේ සීට් බෙල්ට් තියෙන්නේ ඉස්සරහ යන උන්ට පොලිසියට පේන්න දාගෙන යන්න කියලනේ... :rofl: :rofl: :rofl:

    වෙලාවට සීට් බෙල්ට් මතක් කරේ...

    සිංහලු... කාර් එකට දාන්න ගෙනාව Sparco 4 Point Harness එකක් තියෙනවා...
    Brand New, පැකට් එකවත් කඩලා නෑ... කාට හරි ඕනි නම් කියපන්... ගත්ත ගානටම දෙන්නම්...
    මෙන්න මේ ජාතියේ එකක්... රතු පාටමයි...


    25468_Sparco_04715MRS_FS01-01@2x1446856501563d4735d65fc.jpg

    එල එල තැන්කූ විස්තරේට
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,462
    2
    53,967
    113
    අැයි බන් ඔව්වා racing cars වලටද ඔව්වා දාන්නෙ

    :yes::yes::yes:

    හිතහන්කො 1000CC Belta එකක 2C 141 එකක එහෙම ඕකක් දාගෙන ගියොත් වෙන වැඩේ :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිහලු. මෙන්න අර කිව්ව බ්‍රක්මදත්ත රජ සමයේ කම්ප්‍රෙෂර් එක

    picture.php


    දන්න කෙනෙක් මේකට කරන්ට් එක දෙන්න වයර් අමුනන හැටි කියන්න. මොකවත් ඩයග්‍රම් වත්, මොඩ්ල් නම්බර්ස් තියා අඩුම ගානේ මෝටර් එකේ බ්‍රෑන්ඩ් එකක් වත් පේන්න නෑ. ඔය උඩ තියන තත්වෙන් පස්සේ සුද්ද කරලත් බැලුවා.:dull:
    picture.php


     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අැයි බන් ඔව්වා racing cars වලටද ඔව්වා දාන්නෙ


    එල එල තැන්කූ විස්තරේට

    :yes: :yes: :yes: :yes:

    Race කාර් වෙන්නම ඕනි නෑ..

    ඔන්න එහෙනම් අහගන්න Seat Belt කතා වස්තුව...

    සීට් බෙල්ට් එක තමා වාහනේක තියෙන ප්‍රධානම Passenger Safety Equipment එක..
    ඒ හින්දා තමා සීට් බෙල්ට් එක Primary Restraint Systems එහෙමත් නැත්තන් PRS කියල හඳුන්වන්නේ..
    ගොඩක් අය හිතන් ඉන්නේ Air Bag එක තමා Primary Safety Feature එක කියලා.. ඒක වැරදි.. Airbag තියෙන වාහන වල දැකලා ඇති නේ Supplemental Restraint System එහෙමත් නැත්තන් SRS Airbag කියල ගහල තියෙනවා..
    ඒකෙන්ම තේරෙනවනේ Primary සීට් බෙල්ට් එකට පස්සේ තමා Supplementary (අතිරේක) Airbag එක එන්නේ කියලා..

    ඔතන තේරුම් ගන්න ඕනි වැදගත් දේ තමා Primary එක නැතුව Supplementary එකෙන් වැඩක් නෑ කියන එක.. :yes: :yes: :yes:

    සීට් බෙල්ට් එක සෑහෙන පරණ සොයා ගැනීමක්..කොහොම උනත් අද හැම වාහනේකම දකින්න ලැබෙන 3 Point Seat Belt එක මුලින්ම වාහනේකට එකතු කරේ Volvo සමාගම..

    seatbelt_with_pret.jpg


    මුලින්ම වාහනවලට පාවිච්චි කරේ ඔය බස් වල, වෑන් වල පිටිපස්සේ සීට් වල තියෙනවා වගේ 2 Point Seat Belt එකක්.. Lap Seat Belt කියලත් කියනවා ඕකට.. ලොකු ඉම්පැක්ට් එකකදී අපේ ඇඟේ උද කොටස ඉස්සරහට විසි වෙන අවදානමක් තියෙනවා 2 Point Seatbelt එකේ.. ඒ නිසා සීට් බෙල්ට් එක නිසා කොඳුනාරටියට හානි උන අවස්ථා ගොඩක් තිබුනා මුල් කාලේ... ඒ නිසා 1980 ගණන් වලදී සම්මුතියක් ගේනවා 3 Point Seat Belt එක අනිවාර්යය කරලා..

    මෙතැනදී මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා.. ඒ තමා Volvo සමාගම.. අද අපි පාවිච්චි කරන 3 Point Seat Belt එකේ පේටන්ට් අයිතිය තියෙන්නේ Volvo සමාගමට.. කවුරුත් නොදන්නා දෙයක් තමයි පේටන්ට් බලපත්‍රය ගත්තට පස්සේ Volvo සමාගම සීට් බෙල්ට් එක නොමිලේ ඕනිම නිෂ්පදකයෙක්ට භාවිතා කරන්න අවස්ථාව දුන්න කියන එක.. සාමාන්‍යයෙන් පේටන්ට් අයිතිය තෙයෙන ඕනිම දෙයක් මුදලට නේ තවත් කෙනෙකුට දෙන්නේ.. වාහන ලෝකේ යුද්ධ ටැංකි කියල කියන්නේ වොල්වෝ වාහන වලට.. Automobile Safety ගැන කතා කරන කොට වැඩියෙන්ම කියවෙන නම තමා වොල්වෝ...

    කොහොම උනත් දැනට නිෂ්පාදකයෝ බහුලවම පාවිච්චි කරන්නේ 3 Point Seat Belt එක..

    දැනට තියෙන හැම 3 point Seat Belt එකකම Locking retractor එකක් තියෙනවා.. Locking retractor හඳුන්වලා දෙන්න පළවෙනිම හේතුව තමා මගීන්ගේ පහසුව.. බෙල්ට් එක දාල සීට් එකට ගැටගැහුවා වගේ තිබ්බොත් ටික වෙලාවක් යනකොට අමාරුයි.. ඒ නිසා Locking retractor එක මගින් අවස්ථාව දෙනවා බෙල්ට් එක ටිකක් ලූස් එකට තියලා සීට් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් වෙන්න.. ඉම්පැක්ට් එකකදී Locking retractor එක බෙල්ට් එක ලොක් කර ගන්නවා එතනින් එහාට ඇදෙන්න නොදී..

    කාලයක් යනකොට Locking retractor වැඩ කරන්නේ නැතුව යනවා.. Locking retractor වැඩද බලන්න තියෙන ලේසිම ක්‍රමය තමා සීට් බෙල්ට් එක හෙමින් ඇදලා බලලා එක පාරටම ගස්සලා ඇදලා බලන එක.. ගස්සලා ඇද්ද ගමන් හිර වෙන්න ඕනි බෙල්ට් එක.. එහෙම වෙන්නේ නැත්තන් එක්කෝ Locking retractor එක සවුත්තුයි, නැත්තන් වාහනේ කූඩු වෙන්න වැදිලා Locking retractor එක ඇතුලෙන් කැඩිලා ගිහින්.. :yes: :yes:

    වර්තමානේ Locking retractor එකට අමතරව තවත් ගොඩාක් වාහන වල දකින්න හම්බෙනවා Pretensioners... කලින් කිව්වා වගේ Locking retractor එක ඇක්සිඩන්ට් එකකදී බෙල්ට් එක එතනින් එහාට ඇදෙන්න නොදී හිර කර ගන්නවා.. හැබැයි බැරි වෙලාවත් අපි බෙල්ට් එක ගොඩක් ඇදලා අරන් ගොඩක් ලූස් එකට (පොලිසියට පේන්න අපේ අය දාන්නේ..අන්න එහෙම..) දාගෙන හිටියොත් වැඩක් නෑ සීට් බෙල්ට් එකෙන්.. සීට් බෙල්ට් එකෙන් වෙන්න ඕනි දේ වෙන්නේ නෑ..
    අන්න ඒ දේ වලක්වන්න තමා Pretensioners හඳුන්වලා දුන්නේ.. Pretensioner එකෙන් කරන්නේ ඉම්පැක්ට් එකක් හඳුනා ගත්ත ගමන් (Airbag Impact Sensors) ක්ෂණිකව බෙල්ට් එක ආපස්සට ඇදලා හිර කර ගන්න එක..

    Pretensioner එක වැඩ කරන විදිය


    ඒ ඇරුනම තව Automatic සීට් බෙල්ට් හඳුන්වලා දුන්නා... නමුත් සාමාන්‍ය සීට් බෙල්ට් එකක් තරම් සාර්ථක උනේ නැති නිසා අපිට වැඩිය දකින්න හම්බෙන්නේ නෑ Automatic Seat Belts...


    සීට් බෙල්ට් එක කියන්නේ පලවෙනි සේෆ්ටි ෆීචර් එක කියන එක පැහැදිලි ඇතිනේ.. ගොඩක් වාහන වල සීට් එකට සෙන්සර් එකක් තියෙනවා කවුරු හරි ඉඳගෙන ඉන්නවද සෙන්ස් කරන්න Airbag එක Active කරන්න.. ඒ නිසා බෙල්ට් එක දාගන්නේ නැතුව හිටියත් Airbag වැඩ කරන්න අවස්ථාව තියෙනවා.. හැබැයි මතක තිය ගන්න ඕනි ඔය සිග්නල් එක මුලින්ම ගන්නේ Belt බකල් එකෙන්.. ඒ නිසයි Seat belt Warning Lamps, Alarm තියෙන්නේ වාහන වල.. බැරි වෙලා හරි සීට් එකේ Weight සෙන්සර් එක වැඩ කරේ නැත්තන් පුතාල බෙල්ට් එක දාල නැත්තන් Airbag වැඩ නොකරන්න ඉඩ තියෙනවා පුතීලා... එහෙම උනොත් පුතිලට ඉක්මනටම මෙහෙන් යන්න පුළුවන්..

    බුවාලන්තේ නැති උනාට අනික් ගොඩක් රටවල් වල නීතියක් තියෙනවා Showroom වේවා, Exhibition වේවා, Promotion එකක් වේවා අදාළ වාහනේ Safety Rating (ASEAN, NCAP, IIHS, Euro-NCAP, C-NACP) ප්‍රදර්ශනය කරන්න ඕනි... අපේ බුවාලන්තේ එවුන්ට සැමන් ටින් අවුලක් නැති උනාට එහේ එහෙම බෑ..

    අමතක උනා මොකක් හරි...

    ඈ... 4 Point, 5 Point, 6 Point Harness ගැන අමතක උනා..

    4 Point, 5 Point, 6 Point Harness භාවිතා කරන්නේ ගොඩක් විට රේස් කාර් වලට.. මේවගේ කලින් කිව්ව Locking retractor, Pretensioners නෑ.. කෙලින්ම ඇන දාල චැසියට හයි කරනවා.. Bucket සීට් එකේ ඉඳගෙන තමන්ගේ සයිස් එකට ඇජස්ට් කරලා දාගන්න තමා තියෙන්නේ.. කෙලින්ම සීට් එකට ගැටගැහුවා වගේ ඊට පස්සේ..සැප නැත.. දඟලන්න බැරිය.. එහෙම කරන්නේ ලොකු ඉම්පැක්ට් එකක් වෙලා වාහනේ වට 10-12ක් පෙරලි පෙරලි ගියත් එහේ මෙහෙ විසි නොවෙන්න.. රේස් කාර් වල Air Bag නෑ.. සේෆෙටි ඔප්ෂන් විදියට පාවිච්චි කරන්නේ ඔය Race Harness, HANS Device වගේ දේවල්..

    4pt-vs-5pt-vs-6pt-racing-seats.jpg




    මේ වගේ ඇක්සිඩන්ට් වෙලත් Minimum Injuries එක්ක ගොඩක් වෙලාවට බේරෙන්නේ ඕවට සහ Roll Cage වලට පින්සිද්ද වෙන්න තමා..

    ඒ නිසා පුතීලත් පටි හොඳට තද කරගෙන යන්න...

    1503285_1190554300961145_387154727304521507_n.jpg


    women_harness_16.jpg



     
    • Like
    Reactions: EvilEye

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ela ela maheshaya:love::love::love::love:

    me wade parakku karanne thaththa bn:frown::frown:

    api wahana gana danne nalu:rofl:
    ehema kyla thathage yaluwekge ahannalu,eya dannawalu:rofl:(pora business karana ekek) car sale newei:yes:

    ara dokage car eka issuwe muda kyla mata sakai:frown::frown::frown::frown:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    දැනට තියෙන හැම 3 point Seat Belt එකකම Locking retractor එකක් තියෙනවා.. Locking retractor හඳුන්වලා දෙන්න පළවෙනිම හේතුව තමා මගීන්ගේ පහසුව.. බෙල්ට් එක දාල සීට් එකට ගැටගැහුවා වගේ තිබ්බොත් ටික වෙලාවක් යනකොට අමාරුයි.. ඒ නිසා Locking retractor එක මගින් අවස්ථාව දෙනවා බෙල්ට් එක ටිකක් ලූස් එකට තියලා සීට් එකේ පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන් වෙන්න.. ඉම්පැක්ට් එකකදී Locking retractor එක බෙල්ට් එක ලොක් කර ගන්නවා එතනින් එහාට ඇදෙන්න නොදී..

    සීට් බෙල්ට් එක දාගෙන ටික දුරක් යද්දී බඩ තද වෙනවා වගේ බං. එපා වෙලා ඉන්න‍ෙ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    :yes: :yes: :yes: :yes:

    Race කාර් වෙන්නම ඕනි නෑ..

    ඔන්න එහෙනම් අහගන්න Seat Belt කතා වස්තුව...

    ..................
    ..................


    :D සෑහෙන්න වටිනා විස්තරයක් මල්ලි. බොහෝම ස්තූතී මේවා අපිට කියලා දෙනවට
     
    Status
    Not open for further replies.