Elakiriයේ සිව් වසක් ගෙවුනි. වර්ථමානය මගේ ඇසින්
එළකිරි වෙබ් අඩවිය,
නොහොත් එළකිරි ඩොට් කොම්
වර්ථමානය මගේ ඇසින්
......................................................
..........................
කිරියට මම එන්නේ 03-01-2013 කියන දවසේ. ඒ හරියටම මීට අව්රුදු 4 කට කලින්. එළකිරියේ පැරණි සාමාජිකයන් එක්ක බලද්දි මම තවම නවක සාමාජිකයෙක්.
නමුත් මේ අව්රුදු හතරට මම මේ ෆෝරම් එකෙන් ගත්ත දේවල් නම් බොහෝමයි.
සමහර වෙලාවට මම මේකෙන් ගත්තේ අධ්‍යාපනික දැනුම. තවත් සමහර වෙලාවට අධ්‍යාපනික නොවන නමුත් මිනිසෙකු විසින් දැන සිටිය යුතු ගොඩක් දේවල් මම මේකෙන් ලබාගන්නවා. පොත්පත්වල මුද්‍රණය කරලා නැති. මුලු පුස්තකාලයක් පීරුවත් හොයා ගන්න බැරි තරම් වටින කරුණු මම මේ වෙබ්අඩවිය හරහා ලබාගත්තා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි.
අපි මේ ජීවත් වෙන සැබෑ සමාජයේ නොදකින්, මිනිසුන්ගේ පැතිකඩක් මේ හරහා මට දකින්න පුලුවන් උනා. එක එක මිනිසුන්ගේ අදහස් මොනතරම් විවිධා කාරද කියන එක මට මේ හරහා ඉගෙන ගන්න ලැබුනා. වෙනස් පුද්ගලයින්ගේ මත හමුවේ 100% ක් නැතත් යම්තාක් දුරකට සමබරව හිතන්න මම පුරුදු වුනේ එලකිරිය නිසා. මෙන්න මේ මිනිස් ආකල්ප හදුනා ගැනීමත්, ඒ අනුව සමබරව හිතන්න පුරුදු වීමත් කියන කරුණු අපිට විශ්යවිද්යාලයකින් වත් ගන්න බැරි තරම්.
ඔය හැමදේටම වඩා එලකිරියෙන් මට ලැබුනු වටිනාම දෙය තමයි මිත්රයින්. කාගෙවත් මුහුන නොපෙනුනත් සැබෑ සමාජයේ සිටින මිත්රයින් තරමටම සමීප මිත්‍රයි බොහෝ දෙනෙක් මට මේ හරහා මුනගැහුනා. නම් වලින් කියන්න බැරි ඒ එක්කෙනෙක් වත් මග ඇරුනොත් ඒක වරදක් වෙන නිසා.
අලුතින් එලකිරියට එන කෙනෙක් හෝ එළකිරිය සෙල්ලමක් විදිහට සලකන කෙනෙක් මේ එළකිරිය හරහා ගොඩනැගෙන මිත්‍රත්වය ගැනත් හිතන්න. මෙතනදි අපිට මුනගැහෙන සමහරු සැබෑජීවිතේදිවත් අපට මුනගැහෙන්න බැරි තරම් හිත් හොද මිනිස්සු. මම එක උදාහරණයක් කියන්නම්. එළකිරියේ එකම එක නිල් කොටුවක් විතරක් තියන කෙනෙක් මගේ යම් කිසි අවශ්‍යතාවයක් ත්‍රෙඩ් එකකදි දැකලා තියනවා. මේ කෙනා අඩුම තරමේ මගේ මිත්රයින් ලැයිස්තුවේ ඉන්න කෙනෙක් වත් ජීවිතේට එළකිරියේ මම දැකපු කෙනෙක් වත් නෙවයි. නමුත් මෙයා මගෙන් ඇහුවා ඒ දේ ඕනිද කියලා. මම කිව්වා එවන්න පුලුවන් නම් හොදයි, ගෙවලා ගන්න කුරියර් කරන්න කියලා. (මොකද ඒක හොයා ගන්න අමාරු දෙයක්) නමුත් විදේශ රටක ඉන්න මේ මිත්‍රයා මට ඒ දේ එව්වේ මගෙන් සත පහක් වත් ගන්නෙ නැතුව. පුදුමයි නේද? ඒක අඩුම තරමේ රුපියල් 12000 ක් වත් වටිනවා. නමුත් කවදාවත් දැකලවත් නැතුව, ත්‍රෙඩ් එකකදිවත් කතා කරලත් නැතුව කෙනෙක් එහෙම දෙයක් කලා. (මෙය අසත්‍යක් නොවන බව දිව්රා පොරොන්දු වෙමි) ඔය එකම එක උදාහරණයක් විතරයි
මේකේ ඉන්න වෛද්‍ය වරුන්ගෙන් මම සතපහක්වත් ගෙවන්නේ නැතුව මොනතරම් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇත්ද, මේකේ ඉන්න කාර්මික දැනුම තියන අයගෙන් මම සතපහක්වත් වියදම් කරන්නේ නැතුව මොන තරම් දේ අහගන ඇතිද. ඒ වගේම අනිත් හැම ක්ෂේස්ත්රයකින්ම ඉන්න මිතුරන්ගෙන් මම මොනතරම් උපදෙස් අරගෙන ඇතිද? මේවා කොහෙත්ම මිල කරන්න බැරි තරම් වටිනවා.
තවත් සමහරු අපේ ප්‍රශ්න එයාලගේ ප්‍රශ්න කරගෙන පෙනී ඉන්නවා. කිසිම ඉරිසියාවක්, කුහක කමක් හිතේ නැතුන. තවත් සමහරු තමන්ගේ කාළය ශ්‍රමය වැය කරගෙන එළකිරිය වෙනුවෙන් විවිධ දේ කරනවා. ඒ විතරක්ද කණ්ඩායම් විදිහට එකතු වෙලා බාහිර සමාජයටත් වැඩක් කරනවා. මේකේ අයගේ පොත් බෙදාදීම මේකට එක නිදසුනක් විතරයි. ඉතින් හිතන්න මේ එළකිරිය වගේ සමාජයක් වෙන කොහෙන්ද?
අලුතින් එලකිරියට එන කෙනෙක් හෝ එළකිරිය සෙල්ලමක් විදිහට සලකන කෙනෙක් මේවා ගැන හිත්ත. තමන්ට ඕනි ෆන් එක ගත්තට කමක් නෑ. නමුත් මේ සයිට් එකේ තත්වය රැකෙන්න යමක් කරන්න උත්සාහ කරන්න. මේකේ ඉන්න සාමාජිකයන්ට නියම ගරුත්වය දෙන්න. එතකොට මට වගේම ඇත්ත සමාජයේ හොයාගන්න බැරි තරම් හොද මිත්රයින් කැලක් ඔයාලටත් මේක හරහා හොයාගන්න පුලුවන් වෙයි. එළකිරිය කියන්නේ මතුපිටින් පේන ත්‍රෙඩ් ටික නෙවයි.
පහුගිය වසර 4 ක කාළයේදී මම නිසා යම් හිත් රිදීමක් හෝ යම් අපහසුතාවයක් හෝ ඇතිවූ සාමාජිකයන් සිටිනවා නම් මම ඉතාම කණගාටු වෙනවා. ඒවගේම එයාලගෙන් ඉතාමත් ඕනෑ කමින් සමාව ඉල්ලා සිටිනවා.
මෙච්චර වෙලා කිව්වේ එළකිරියෙන් ගත්තු දේ විතරයි නේ. මේ ගත්තු දේ පරාක්‍රම සමුද්‍රය තරම් නම් මට එළකිරිය වෙනුවෙන්, මේකේ ඉන්න සාමාජිකයින් වෙනුවෙන් කරන්න පුලුවන් උන දේ දිය දෝතක් තරම් පොඩී. ඒ අතරි පල කරපු දෙයක් උනා කියලා හිතෙන ත්‍රෙඩ් කීපයක් මෙහෙම දාන්නම්.
වාහන ගැන
වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ
වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට
කාර් එක සුමටව ධාවනය කරමු
බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
විදුලිය සම්බන්ධව
බව්ත් එකක් ගමු, හරියට පාස්සමු
විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු
ගෙදර වයරිං කරමු 1 කොටස
ගෙදර වයරිං කරමු 2 කොටස
ගෙදර වයරිං කරමු 3 කොටස
චැට්
☣☣ මඤ්ඤං උයන ☣☣
EK 1980s Club (1980-1989)
ගිත
අප පාසල් ගිය කාලයේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
කුරුල්ලන්ට ගී හදන්න...
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁
වෙසතුරු සදිසි පියවරුන්..
නව පරපුරේ මාස්ටර්
සිංහලයින් ගැන කියැවෙන ගී
°๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴
෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴
විස්ලිං නිහාල්ව දන්නවද?
70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)
පරිගණක ආශ්රිත
වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්
ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න
ආගමික
රේරුකානේ මහානාහිමියන්ගේ පොත්
මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං
ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
වෙනත්
උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට
සුදු පොලොස් කනකොට බලාගෙන
මේ ත්‍රෙඩ් සියල්ලටම bump එකකින් හෝ උදව් කළ හැමෝටම මගේ ස්තූතිය.
2006 පටන් එළකිරි වෙබ් අඩවිය මේ ආකාරයෙන් පවත්වාගෙන යෑම සම්බන්ධව ඇඩ්මින් GTRZ සොයුරාටත් ඔහුට සහයෝගය දෙන ටිංටි, ස්පෑම් චෙකර් ඇතුළු සියලු මෝඩරේයර් වරුන් හටද හදපිරි ස්තූතිය පුදකරමි.
ඒ වගේම මගේ එලකිරියේ මිතුරන්ටද හදපිරි ස්තූතිය පුදකරමි.
එළකිරි වෙබ් අඩවිය,
නොහොත් එළකිරි ඩොට් කොම්
වර්ථමානය මගේ ඇසින්
......................................................
..........................
කිරියට මම එන්නේ 03-01-2013 කියන දවසේ. ඒ හරියටම මීට අව්රුදු 4 කට කලින්. එළකිරියේ පැරණි සාමාජිකයන් එක්ක බලද්දි මම තවම නවක සාමාජිකයෙක්.
නමුත් මේ අව්රුදු හතරට මම මේ ෆෝරම් එකෙන් ගත්ත දේවල් නම් බොහෝමයි. සමහර වෙලාවට මම මේකෙන් ගත්තේ අධ්‍යාපනික දැනුම. තවත් සමහර වෙලාවට අධ්‍යාපනික නොවන නමුත් මිනිසෙකු විසින් දැන සිටිය යුතු ගොඩක් දේවල් මම මේකෙන් ලබාගන්නවා. පොත්පත්වල මුද්‍රණය කරලා නැති. මුලු පුස්තකාලයක් පීරුවත් හොයා ගන්න බැරි තරම් වටින කරුණු මම මේ වෙබ්අඩවිය හරහා ලබාගත්තා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි.
අපි මේ ජීවත් වෙන සැබෑ සමාජයේ නොදකින්, මිනිසුන්ගේ පැතිකඩක් මේ හරහා මට දකින්න පුලුවන් උනා. එක එක මිනිසුන්ගේ අදහස් මොනතරම් විවිධා කාරද කියන එක මට මේ හරහා ඉගෙන ගන්න ලැබුනා. වෙනස් පුද්ගලයින්ගේ මත හමුවේ 100% ක් නැතත් යම්තාක් දුරකට සමබරව හිතන්න මම පුරුදු වුනේ එලකිරිය නිසා. මෙන්න මේ මිනිස් ආකල්ප හදුනා ගැනීමත්, ඒ අනුව සමබරව හිතන්න පුරුදු වීමත් කියන කරුණු අපිට විශ්යවිද්යාලයකින් වත් ගන්න බැරි තරම්.
ඔය හැමදේටම වඩා එලකිරියෙන් මට ලැබුනු වටිනාම දෙය තමයි මිත්රයින්. කාගෙවත් මුහුන නොපෙනුනත් සැබෑ සමාජයේ සිටින මිත්රයින් තරමටම සමීප මිත්‍රයි බොහෝ දෙනෙක් මට මේ හරහා මුනගැහුනා. නම් වලින් කියන්න බැරි ඒ එක්කෙනෙක් වත් මග ඇරුනොත් ඒක වරදක් වෙන නිසා.
අලුතින් එලකිරියට එන කෙනෙක් හෝ එළකිරිය සෙල්ලමක් විදිහට සලකන කෙනෙක් මේ එළකිරිය හරහා ගොඩනැගෙන මිත්‍රත්වය ගැනත් හිතන්න. මෙතනදි අපිට මුනගැහෙන සමහරු සැබෑජීවිතේදිවත් අපට මුනගැහෙන්න බැරි තරම් හිත් හොද මිනිස්සු. මම එක උදාහරණයක් කියන්නම්. එළකිරියේ එකම එක නිල් කොටුවක් විතරක් තියන කෙනෙක් මගේ යම් කිසි අවශ්‍යතාවයක් ත්‍රෙඩ් එකකදි දැකලා තියනවා. මේ කෙනා අඩුම තරමේ මගේ මිත්රයින් ලැයිස්තුවේ ඉන්න කෙනෙක් වත් ජීවිතේට එළකිරියේ මම දැකපු කෙනෙක් වත් නෙවයි. නමුත් මෙයා මගෙන් ඇහුවා ඒ දේ ඕනිද කියලා. මම කිව්වා එවන්න පුලුවන් නම් හොදයි, ගෙවලා ගන්න කුරියර් කරන්න කියලා. (මොකද ඒක හොයා ගන්න අමාරු දෙයක්) නමුත් විදේශ රටක ඉන්න මේ මිත්‍රයා මට ඒ දේ එව්වේ මගෙන් සත පහක් වත් ගන්නෙ නැතුව. පුදුමයි නේද? ඒක අඩුම තරමේ රුපියල් 12000 ක් වත් වටිනවා. නමුත් කවදාවත් දැකලවත් නැතුව, ත්‍රෙඩ් එකකදිවත් කතා කරලත් නැතුව කෙනෙක් එහෙම දෙයක් කලා. (මෙය අසත්‍යක් නොවන බව දිව්රා පොරොන්දු වෙමි) ඔය එකම එක උදාහරණයක් විතරයි
මේකේ ඉන්න වෛද්‍ය වරුන්ගෙන් මම සතපහක්වත් ගෙවන්නේ නැතුව මොනතරම් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඇත්ද, මේකේ ඉන්න කාර්මික දැනුම තියන අයගෙන් මම සතපහක්වත් වියදම් කරන්නේ නැතුව මොන තරම් දේ අහගන ඇතිද. ඒ වගේම අනිත් හැම ක්ෂේස්ත්රයකින්ම ඉන්න මිතුරන්ගෙන් මම මොනතරම් උපදෙස් අරගෙන ඇතිද? මේවා කොහෙත්ම මිල කරන්න බැරි තරම් වටිනවා.
තවත් සමහරු අපේ ප්‍රශ්න එයාලගේ ප්‍රශ්න කරගෙන පෙනී ඉන්නවා. කිසිම ඉරිසියාවක්, කුහක කමක් හිතේ නැතුන. තවත් සමහරු තමන්ගේ කාළය ශ්‍රමය වැය කරගෙන එළකිරිය වෙනුවෙන් විවිධ දේ කරනවා. ඒ විතරක්ද කණ්ඩායම් විදිහට එකතු වෙලා බාහිර සමාජයටත් වැඩක් කරනවා. මේකේ අයගේ පොත් බෙදාදීම මේකට එක නිදසුනක් විතරයි. ඉතින් හිතන්න මේ එළකිරිය වගේ සමාජයක් වෙන කොහෙන්ද?
අලුතින් එලකිරියට එන කෙනෙක් හෝ එළකිරිය සෙල්ලමක් විදිහට සලකන කෙනෙක් මේවා ගැන හිත්ත. තමන්ට ඕනි ෆන් එක ගත්තට කමක් නෑ. නමුත් මේ සයිට් එකේ තත්වය රැකෙන්න යමක් කරන්න උත්සාහ කරන්න. මේකේ ඉන්න සාමාජිකයන්ට නියම ගරුත්වය දෙන්න. එතකොට මට වගේම ඇත්ත සමාජයේ හොයාගන්න බැරි තරම් හොද මිත්රයින් කැලක් ඔයාලටත් මේක හරහා හොයාගන්න පුලුවන් වෙයි. එළකිරිය කියන්නේ මතුපිටින් පේන ත්‍රෙඩ් ටික නෙවයි.
පහුගිය වසර 4 ක කාළයේදී මම නිසා යම් හිත් රිදීමක් හෝ යම් අපහසුතාවයක් හෝ ඇතිවූ සාමාජිකයන් සිටිනවා නම් මම ඉතාම කණගාටු වෙනවා. ඒවගේම එයාලගෙන් ඉතාමත් ඕනෑ කමින් සමාව ඉල්ලා සිටිනවා.
මෙච්චර වෙලා කිව්වේ එළකිරියෙන් ගත්තු දේ විතරයි නේ. මේ ගත්තු දේ පරාක්‍රම සමුද්‍රය තරම් නම් මට එළකිරිය වෙනුවෙන්, මේකේ ඉන්න සාමාජිකයින් වෙනුවෙන් කරන්න පුලුවන් උන දේ දිය දෝතක් තරම් පොඩී. ඒ අතරි පල කරපු දෙයක් උනා කියලා හිතෙන ත්‍රෙඩ් කීපයක් මෙහෙම දාන්නම්.
වාහන ගැන
වාහන ඇති ඔබ සැම, බැටරිය ගැන දැනගතයුතු දේ
වැස්සේ ආරක්ෂාකාරීව වාහනය එලවන්න ඕනි අයට
කාර් එක සුමටව ධාවනය කරමු
බිස්නස් එකට පොඩි ඉන්දියන් ලොරි පොජ්ජක්
කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න
සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය
වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු
වාහන දුම් පරික්ෂාව ගැන ඔබත් දැනගන්න
එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?
වාහනවල දෝශ සෙවීමේ සටහන්
ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි I
පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II
හයිඩ්‍රොලික් ජැක් එකක් වැඩ කරණ හැටි
රොටරි මෝලේ තරම
ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
කාබන් ෆයිබර් කාර්
විදුලිය සම්බන්ධව
බව්ත් එකක් ගමු, හරියට පාස්සමු
විසි නොකරන බල් එකකින් ගේ එලිය කරමු
ගෙදර වයරිං කරමු 1 කොටස
ගෙදර වයරිං කරමු 2 කොටස
ගෙදර වයරිං කරමු 3 කොටස
චැට්
☣☣ මඤ්ඤං උයන ☣☣
EK 1980s Club (1980-1989)
ගිත
අප පාසල් ගිය කාලයේ...
නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
කුරුල්ලන්ට ගී හදන්න...
පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..
°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁
වෙසතුරු සදිසි පියවරුන්..
නව පරපුරේ මාස්ටර්
සිංහලයින් ගැන කියැවෙන ගී
°๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴
෴ BNS වසන්තයේ ෴ BNS Vasanthaye ෴
විස්ලිං නිහාල්ව දන්නවද?
70 දශකයේ ලොවක් මවිතකළ ඇබා (ABBA)
පරිගණක ආශ්රිත
වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්
ප්‍රින්ටර් වලට Ciss හයි කරානම් මේක දැනගන්න
ආගමික
රේරුකානේ මහානාහිමියන්ගේ පොත්
මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං
ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න
වෙනත්
උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාව කරන අයට
සුදු පොලොස් කනකොට බලාගෙන
මේ ත්‍රෙඩ් සියල්ලටම bump එකකින් හෝ උදව් කළ හැමෝටම මගේ ස්තූතිය.

2006 පටන් එළකිරි වෙබ් අඩවිය මේ ආකාරයෙන් පවත්වාගෙන යෑම සම්බන්ධව ඇඩ්මින් GTRZ සොයුරාටත් ඔහුට සහයෝගය දෙන ටිංටි, ස්පෑම් චෙකර් ඇතුළු සියලු මෝඩරේයර් වරුන් හටද හදපිරි ස්තූතිය පුදකරමි.
ඒ වගේම මගේ එලකිරියේ මිතුරන්ටද හදපිරි ස්තූතිය පුදකරමි.
හැමෝටම
තෙරුවන්සරණයි!
තෙරුවන්සරණයි!
Last edited: