රතුපස්වල වතුර ඉල්ලූ අසරණ ජනයාට වෙඩි තැබූ හමුදාවේ 3 ක් අත් අඩංගුවට: 3 දක්වා රිමාන්ඩ්: මිනිමරු බ්‍රිගේඩියරයා නිදැල්ලේ..!
බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා මාධ්‍යවේදීන් ඇතුළු 39 කට අධික පිරිසකට බරපතල තුවාල සිදුකළ ම්ලේච්ඡ අපරාධයට වගකිව යුතු යුද හමුදා සාමාජිකයන් තිදෙනකු ඊයේ (24) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අත් අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සැරයන්වරු දෙදෙනෙක්ද වෙති.
සැකකරුවන් ඊයේ සවස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනාම අප්‍රේල් 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියෝගය කළාය.
මීට පෙර වසර කිහිපයක් මුළුල්ලේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික මරණ පරීක්ෂණයෙන් පසුව මෙම අපරාධය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කෙරිණ.
රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාවට නියෝග දුන්හ. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්‍රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකුද පුෂ්පකුමාර නමැති රැකියාව සඳහා එම පළාතට පැමිණ සිටි එක් දරු පියෙකුද ඝාතනය කෙරිණ. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.
එම සිද්ධියේ ගහලයාට රඟ පෑ මිනීමරු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මේ දක්වා නිදැල්ලේ සිටින්නේ කෙසේදැයිද ඔහුට නීති විරෝධී නියෝග දුන් දයා රත්නායක සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අනෙකුත් ඝාතන සහායකයන් නිදහසේ සිටින්නේ කෙසේදැයිද රතුපස්වල ජනතාව ප්‍රශ්න කරති. මන්ද යත් නිරායුධ සිවිල් පුරවැසියන්ගේ උද්ඝෝෂනයදී හමුදාව එක්වරම වෙඩි තැබීම සපුරා නීති විරෝධී බැවිනි. නීත්‍යාණුකූලව නම් පොලිස් අධිකාරීවරයෙකු විසින් හමුදාව එවන්නැයි ඉල්ලා සිටිය යුතුය. මෙහිදී එවැනි ඉල්ලීමක් කිසිදු පොලිස් නිලධාරියෙක් සිදුකර නැත. අධිවේගී වතුර ප්‍රහාර, කඳුලු ගෑස් ප්‍රහාර, රබර් වෙඩි උණ්ඩ ආදිය එල්ල කර කැරලි කරුවන් පාලනය කළ නොහැකි නම් පමණක් දණහිසින් පහලට වෙඩි තැබීමට අණ දිය හැකිය. එයද තෙවරක් ශබ්ද විකාශන මගින් සහ දැන්වීම් ප්‍රදර්ශනය මගින් කැරලිකරුවන්ට දැනුම් දීමෙන් පසුව ය. රතුපස්වලදී ඒ කිසිදු නීතිමය ක්‍රියාවකින් තොරව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන හමුදාව පිරිවරා පැමිණ පොලුවලින් සිවිල් ජනතාවට පහර දෙමින් වෙඩි තබන ලදී.

Last edited:

Dont give-up your dream ....keep on dreaming 