රතුපස්වල

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රතුපස්වල වතුර ඉල්ලූ අසරණ ජනයාට වෙඩි තැබූ හමුදාවේ 3 ක් අත් අඩංගුවට: 3 දක්වා රිමාන්ඩ්: මිනිමරු බ්‍රිගේඩියරයා නිදැල්ලේ..!



Polce_Powers_to_MR_Army_J21.jpg


බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා මාධ්‍යවේදීන් ඇතුළු 39 කට අධික පිරිසකට බරපතල තුවාල සිදුකළ ම්ලේච්ඡ අපරාධයට වගකිව යුතු යුද හමුදා සාමාජිකයන් තිදෙනකු ඊයේ (24) රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අත් අඩංගුවට ගත් පිරිස අතර යුද හමුදා සැරයන්වරු දෙදෙනෙක්ද වෙති.

සැකකරුවන් ඊයේ සවස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර තිදෙනාම අප්‍රේල් 03 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියෝගය කළාය.
මීට පෙර වසර කිහිපයක් මුළුල්ලේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික මරණ පරීක්ෂණයෙන් පසුව මෙම අපරාධය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට නිගමනය කෙරිණ.

රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාවට නියෝග දුන්හ. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්‍රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකුද පුෂ්පකුමාර නමැති රැකියාව සඳහා එම පළාතට පැමිණ සිටි එක් දරු පියෙකුද ඝාතනය කෙරිණ. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

ම සිද්ධියේ ගහලයාට රඟ පෑ මිනීමරු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මේ දක්වා නිදැල්ලේ සිටින්නේ කෙසේදැයිද ඔහුට නීති විරෝධී නියෝග දුන් දයා රත්නායක සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අනෙකුත් ඝාතන සහායකයන් නිදහසේ සිටින්නේ කෙසේදැයිද රතුපස්වල ජනතාව ප්‍රශ්න කරති. මන්ද යත් නිරායුධ සිවිල් පුරවැසියන්ගේ උද්ඝෝෂනයදී හමුදාව එක්වරම වෙඩි තැබීම සපුරා නීති විරෝධී බැවිනි. නීත්‍යාණුකූලව නම් පොලිස් අධිකාරීවරයෙකු විසින් හමුදාව එවන්නැයි ඉල්ලා සිටිය යුතුය. මෙහිදී එවැනි ඉල්ලීමක් කිසිදු පොලිස් නිලධාරියෙක් සිදුකර නැත. අධිවේගී වතුර ප්‍රහාර, කඳුලු ගෑස් ප්‍රහාර, රබර් වෙඩි උණ්ඩ ආදිය එල්ල කර කැරලි කරුවන් පාලනය කළ නොහැකි නම් පමණක් දණහිසින් පහලට වෙඩි තැබීමට අණ දිය හැකිය. එයද තෙවරක් ශබ්ද විකාශන මගින් සහ දැන්වීම් ප්‍රදර්ශනය මගින් කැරලිකරුවන්ට දැනුම් දීමෙන් පසුව ය. රතුපස්වලදී ඒ කිසිදු නීතිමය ක්‍රියාවකින් තොරව බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන හමුදාව පිරිවරා පැමිණ පොලුවලින් සිවිල් ජනතාවට පහර දෙමින් වෙඩි තබන ලදී.
 
Last edited:

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    නිතිය ඉදිරියේ සියල්ලන් සමානය...කුරහන්හේන් කොටකොටා හිටිය බයියන් මෙය නොදැන සිටීම පුදුමයට කරුණක් නොවේ ...!:angry:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    නිතිය ඉදිරියේ සියල්ලන් සමානය...කුරහන්හේන් කොටකොටා හිටිය බයියන් මෙය නොදැන සිටීම පුදුමයට කරුණක් නොවේ ...!:angry:

    Its Toyya's Government now... ! Hope they will do the justice :rofl:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,637
    5,486
    113
    121384209-3607233799314680-654219537230613242-n.jpg

    පවුලේ අයව ගන්න එපා කිව්වෙ ඇමති කාර්‍ය මණ්ඩලයට මිසක් ජනාධිපති අගමැති කාර්‍ය මණ්ඩලයට නෙවෙයි. ජෙප්පො ටොයියො බොරුවට බුකියෙ වැලපෙන්න එපා..හරි අවබෝධයක් අරගෙන රණවිරු යෝෂිතට සුබ පතන්න. ඊර්ෂ්‍යා කරන්න එපා.

    මොකද මේ තීරණය ගන්න ඇත්තෙ අපි ගැන හිතල මොකද පිට මිනිහෙක් ගත්තොත් එයාට අපි දුක් මහන්සියෙන් ගෙවන බදු මුදලින් එයාව නඩත්තු කරන්න උනාට . පුතාට පඩි ගෙවන්නෙ නැතුව ඇති. රට ගැන අපිගැන හිතල මේ අමාරු අවස්තාවේ තාත්තට සහයෝගය දෙන්න පත්වෙන්න ඇති.
    😍
    😍
    😍


    එහෙනම් මේ දවස්වල කොරෝන නිසා බෝධ් පූජා තියල ආශිර්වාද කරන්නත් බැරි නිසා හැට නව ලක්ෂෙම නිවෙස්වල හවසට පහනක් පත්තු කරල නව අගමැති කාර්‍ය මණ්ඩල ප්‍රධානියාට සුබ පැතුම් ලක්ෂ හැට නවයක්ම එක් කරමු.

    (Copied FB)
     
    • Like
    Reactions: adowhybn

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,354
    1
    4,048
    113
    This is how MS-RW made fatal mistakes.
    This was a clear case ,the crowd was unarmed and they protested due to injustice in Court where Magistrate rejected the mandatory stop order to factory. (magistrate rejected on technical ground of affidavit not being properly sworn by Police, this is a common mistake even lawyers do!! So instead of throwing the case away more time should have been given with mistakes pointed out. The mistakes were easily 'curable' defect not 'fatal defect'.)
    Who ordered heavily armed Forces to the secene(this is a civil protest, to me justified by and aggravated by actions of Magistrate)
    Who ordered shooting of live bullets. ?
    There was a very easy case to punish ? But this did not happen due to lethargic AG's dept and MS-RW's similar lethargic lukewarm attitude.
    Now there will not be justice to the victims like what we do to our Northern Part. Though I never thought our armed forces committed war crimes Rathupaswala changed my mind.
    If this is how we treat unarmed civil protest what is there to talk about protests by Tamils?