තනූජක මම ගොඩක්ම ගරු කරන කෙනෙක්. ත්‍රෙඩ් වලදි පුරුද්දට උඹ, මචං කියලා කතා කරාට හිතට එකගව තනූජකට එහෙම කතා කරන්න බෑ. ඒ හිතේ තියන ගරුත්වය නිසා. තනූජක වගේ කෙනෙක් මේ තරම් නිහතමානී වෙන්නේ කොහොමද කියන එක මට තවම තේරුම් ගන්න බැරි දෙයක්. වෘතීය දැනුම පැත්තකින් තිබ්බත්, මනුස්සයෙක් වශයෙන් තනූජකගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් මට නම් තියනවා.
තනූජක මෙහෙම කියලා තියනවනේ
"උඹලට මාවමතක තියෙනකං, උඹලගෙන් මට pm එන තාක්කල් ඒ සේරටම රිප්ලයි කරන්න මම එලකිරිඑනවා." මට pm එන එක නැවතිලා, මාව එලකිරියට අමතක වෙලා, තවදුරටත් මාව මේ එලකිරියට අවශ්‍ය නෑ කියල තේරුනු දවසට මම මේ එලකිරියෙන් සමුගන්නවා.....
එහෙනම් කවදාවත් තනූජකට එළකිරියෙන් අයින් වෙන්න බෑ. හැමෝටම තනූජකව මතකයි. හැමදාමත් පීඑම් එයි.
"එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින්" අතරට මගේ නමත් දැම්මට බොහෝම පිං. ඒකෙන් මම අතිශයින් සතුටට පත් උනා.
අවසන් වශයෙන් තනූජකගේ දැනුම තව තවත් වැඩි වෙලා, සිතන පතන විදිහටම අනාගත ඉලක්ක ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.