Hard Talk with thanujaka

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    hard_talk.png


    avatar123679_11.gif


    [FONT=&quot]thanujaka[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එළකිරිය මහ මුහුද වගේ කියල හිතෙනවා... ඔබ එහි කිමිදුනොත් ඔබට ලබාගත හැකි දේ බොහොයි... ඒ මුතු ද[/FONT], [FONT=&quot]මඩ ද යන්න තෝරා ගැනීමට ඔබට නිදහස තියෙනවා.... වෛද්‍යවරු[/FONT], [FONT=&quot]ඉංජිනේරුවරු[/FONT], [FONT=&quot]නීතිඥවරු ආදින් මෙන්ම එදා වේල බොහොම අමාරුවෙන් සරිකරගන්නා අය ද සිටිති.... කමක් නැත... ඔවුන් සියල්ලෝම එළකිරිය තුළ එකම මට්ටමක සාමාජිකයින් යැයි හැගී යන අවස්ථා ඕන තරම් අප දැක ඇත... අද සංවාදයට කැඳවීම් ලැබූ ඔහු ද එළකිරි සාමාජිකයින්ට තමන්ගේ දැනුමෙන් හැකියාවෙන් අපරිමිත සේවයක් ඉටු කරන අපේම එකෙක්... අපි ඔහුගේ ඇතුලාන්තයට හැරෙමු.....[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]01. [/FONT][FONT=&quot]ඔබ එළකිරි සාමාජිකත්වය ගත්තේ ඇයි [/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]එලකිරියට ආවේ මගේ මිතුරෙක්ගේ මාර්ගයෙන් පෙන්ටග්‍රම් කියලා[/FONT][FONT=&quot], එයා තමයි[/FONT][FONT=&quot]මාව මේ සයිට් එකට ගෙන්නුවේ.[/FONT][FONT=&quot].... ඉස්සෙල්ලම හිටියේ චැට් ත්‍රෙඩ් වල. මල්වත්ත[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මෙගා පාර්ටි ත්‍රෙඩ් වල පැල් බැදගෙන හිටියා.[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]අඩෝ එලකිරි කියල සයිට් එකක් තියෙනවා මාර ආතල් බං කොල්ලො පිස්සු කෙලින්නේ[/FONT][FONT=&quot]හිනා කලා මැරෙනවා බං" වගේ අදහසක් තමයි මගේ යාලුවා මට දුන්නේ. පස්සේ තමයි මේකේ රෙජිස්ටර් උනේ.. දැන් වසර ගණනාවක් ගත වෙලා..[/FONT][FONT=&quot]


    02. [/FONT][FONT=&quot]ඔබ ඇත්තටම ලෝයර් කෙනෙක් ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]දැන් නං මම ලෝයර් කෙනෙක්ම නෙමෙයි ඇත්තටම. දැන් මම අළුත්කඩේ උසාවියේ විනිසුරුවරයෙක්. මහේස්ත‍්‍රාත්වරයෙක් විදිහට රාජකාරි කරනවා[/FONT][FONT=&quot].... මේ වැඩේට නම් හැබැයි මම තාම අළුත්....[/FONT][FONT=&quot]

    03. [/FONT][FONT=&quot]මම එහෙම ඇහුවේ ඔබ එළකිරිය තුළ හැසිරෙන්නේ ඔබගේ වෘත්තීය ගරුත්වය බල්ලට දාල වගේ නිසා... ඇයි ඒ...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මගේ වෘත්තියෙන් මට පුළුවන් උදව්ව මේකේ සාමාජිකයන්ට කරනවා. එතනින් එහාට[/FONT][FONT=&quot]මගේ වෘත්තිය මේ ෆෝරම් එකට අදාලම නෑ.. මමත් හැමෝම වගේ මේකේ තවත් එක[/FONT][FONT=&quot]සාමාජිකයෙක් විතරයි.. මම ලෝයර් කෙනෙක් කියල මම හරි ලොකුයි කියල මගේ රස්සාව[/FONT][FONT=&quot]ආභරණයක් කරගෙන හිස මුදුනේ තියාගන්න මට අවශ්‍ය නෑ.. මගේ වෘත්තිය ගරුත්වය[/FONT][FONT=&quot]බල්ලට වැටෙන්නේ මම ලෝයර් කෙනෙක් විදිහට එලකිරියට එනවනං.. මම එලකිරියට එන්නේ[/FONT][FONT=&quot]ලෝයර් කෙනෙක් විදියට නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම තනුජක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මම එලකිරි එන්නේ මම විදිහට. ලෝයර්[/FONT][FONT=&quot]කියන්නේ මගේ රස්සාව.[/FONT][FONT=&quot]තනුජක එලකිරි ආවම මෙතන ඉන්නේ තනුජක. මෙතන ලෝයර් කෙනෙක් වත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහේස්ත්‍රාත් වරයෙක් වත් නෑ..[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]04. [/FONT][FONT=&quot]ඔබ අදක්ෂයි... ඒ හින්ද නඩු අඩුයි.... එළකිරිය තුළ කරක් ගහන්නේ නඩු හොයන්න කියල කෙනෙක් චෝදනා කළොත් වරදක් නෑ වගේ නේද...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]අද වෙනකං මම එලකිරියේ කිසිම කෙනෙකුගෙන් එක සතයක් අරගෙන නෑ.. මම උදව්[/FONT][FONT=&quot]කරපු එක්තරා සාමාජිකයෙක් ඉන්නවා එලකිරියේ අවශ්‍ය නං නමත් කියන්නං[/FONT][FONT=&quot].... මම සල්ලි[/FONT][FONT=&quot]ගන්න බෑ කිව්වම ලොකු මුදලක් මගේ අකවුන්ට් එකට ඩිපොසිට් කරලා තිබුනා[/FONT][FONT=&quot], මගේ[/FONT][FONT=&quot]ක්ලාක් ගෙන් අකවුන්ට් නම්බර් එක ඉල්ලගෙන[/FONT][FONT=&quot]... මම ඒ සම්පූර්ණ මුදලම ඔහුට ආයේ[/FONT][FONT=&quot]භාරදුන්නා රුපියලක් වත් තියාගන්නෙ නැතුව..[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]එලකිරියෙන් මට සල්ලි හොයන්නවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නඩු හොයාගන්නවත් උවමනාවක් නෑ..[/FONT]
    [FONT=&quot]

    05. [/FONT][FONT=&quot]එහෙනම් ඔබ එළකිරියේ කරක් ගහන්නේ පොරක් වෙන්න තියෙන ආසාවට ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]පොරක් වෙන්න උවමනාවක් මට කවදාවත් තිබිලා නෑ.. මම දැන් නං එලකිරියට එන්නේ ඉස්සර වගේ ආතල් ගන්න නෙමේ මේකේ ඉන්න අයට උදව්කරන්නමයි.[/FONT][FONT=&quot]... මගේ ජීවිතෙන් අවුරුදු [/FONT][FONT=&quot]10[/FONT][FONT=&quot]කට ආසන්න කාලයක් මේක ඇතුලේ ගත උනා. ඒ හින්දා මේ සයිට් එකට ලොකු ලැදියාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බැදීමක් මගේ හිතේ තියෙනවා.[/FONT][FONT=&quot]සාමාන්‍යයෙන් ලෝයර් කෙනෙක් ලීගල් ඇඩ්වයිස් එකක් දෙන්නත් අද කාලේ [/FONT][FONT=&quot]1500[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot]ගන්නවා[/FONT][FONT=&quot].... ඉතිං මම හැමදාම හිතන්නේ මම මේක ඇතුලේ ඉද්දි මේකේ කොල්ලො මොකටද මේ[/FONT][FONT=&quot]පොඩි පොඩි දේවල් වලට එක එක්කෙනාට නිරපරාදේ සල්ලි පූජා කරන්නේ කියල.[/FONT][FONT=&quot]....[/FONT]
    [FONT=&quot]
    [/FONT][FONT=&quot]අනිත් කාරණේ තමයි මට මගෙ දැනුම ගැන තියෙන විශ්වාසය[/FONT][FONT=&quot].... ලෝයර්ස්ලා හුග දෙනෙක්[/FONT][FONT=&quot]මේ වගේ සයිට් වල ඉන්න බයයි අහන ප‍්‍රශ්නවලට උත්තර දීගන්න බැරිවෙයි කියල..[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]සරලව ඕක මෙහෙම පැහැදිලි කරන්නංකෝ.. දැන් විවිධ දොස්තරලා ඉන්නවනේ.. [/FONT][FONT=&quot]eye specialist [/FONT][FONT=&quot]ල [/FONT][FONT=&quot]dentist [/FONT][FONT=&quot]ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හෘද රෝග සම්බන්ධව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිලිකා සම්බන්ධව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප‍්‍රසව හා[/FONT][FONT=&quot]නාරි ඔන්න ඔහොම කියලා විවිධ ප‍්‍රභේද[/FONT][FONT=&quot].... දැන් ඔබට මූත‍්‍රා අමාරුක් හැදුනොත් ඔබ[/FONT][FONT=&quot]අක්ශි වෛද්‍යවරයෙක්ගෙන් ප‍්‍රශ්න අහන්නේ නෑනේ මේකට මොකද කරන්න පුළුවන්[/FONT][FONT=&quot]කියල.[/FONT][FONT=&quot].. නමුත් ලෝයර්ලගෙන් එහෙම නෙමෙයි. ලෝයර්ස්ල ගෙත් එහෙම එක එක ප‍්‍රභේද[/FONT][FONT=&quot]ඉන්නව.. ඉඩම් නඩුකරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඩිවෝර්ස් නඩු කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ක්‍රිමිනල් නඩු කරන අන්න එහෙම..[/FONT][FONT=&quot]නමුත් ප‍්‍රශ්න අහනකොට ඔය විශයන් සේරටම අදාල ප‍්‍රශ්න එක ලෝයර් කෙනෙක්ගෙන්[/FONT][FONT=&quot]අහනවා. ගොඩ දෙනෙක් තමන් ප්‍රැක්ටිස් කරන ෆීල්ඩ් එක ඇරුනම අනිත් ෆීල්ඩ්ස්[/FONT][FONT=&quot]ගැන ලොකු දැනුමක් නෑ.. ඒ හින්ද මේ වගේ තැනකට එන්නේ නෑ නොන්ඩි වෙන්න වෙයි[/FONT][FONT=&quot]කියල.[/FONT][FONT=&quot].. නමුත් මට එහෙම ප‍්‍රශ්නයක් නෑ. මගෙන් මේකෙ කට්ටිය හැම විශයකට අදාල[/FONT][FONT=&quot]නානාප‍්‍රකාර ප‍්‍රශ්න අහනවා. මම මේ වසර ගණනාව පුරාවට මගෙන් අහපු එක[/FONT][FONT=&quot]ප‍්‍රශ්නකටවත් දන්නේ නෑ කියලවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වැරදි උපදෙසක් දීලවත් නෑ..මම විශය ගැන[/FONT][FONT=&quot]ගැඹුරු හැදෑරීමක් තියෙන කෙනෙක්.[/FONT][FONT=&quot]... මට මගේ දැනුම විශ්වාසයි.... මම මේකෙ කරක් ගහන්නේ පොරක් වෙන්න නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ මගේ හිතේ මේ සයිට් එකට තියෙන ලැදියාව සහ මගේ දැනුම ගැන තියෙන විශ්වාසය නිසා..[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]


    06. [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]online [/FONT][FONT=&quot]නීතිඥ සේවයක් ආරම්භ කරල ගතමනාවක් හොයගන්න වැඩපිළිවෙලක් හදාගන්න හිතල නැද්ද...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]නෑ.. මම මැරෙන තුරාවට එලකිරියෙන් පිට කිසිම තැනක ඔන්ලයින් ලීගල් ඇඩ්වයිස්[/FONT][FONT=&quot]දෙන්න බලාපොරොත්තුවක් නෑ සල්ලි වලටවත්.[/FONT][FONT=&quot]... මේක එලකිරිය උදෙසාම මම කරන සේවයක්[/FONT][FONT=&quot]විනා එලකිරියෙන් පිට මම ඒ දේ කවම කවදාවත් කරන්නේ නෑ.[/FONT][FONT=&quot].. එලකිරියේ ඕන කෙනෙකුට[/FONT][FONT=&quot]උදව්වක් අවශ්‍ය උනොත් මම් නොමිලේම ඒ අවශ්‍ය උදව්ව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපදේශය දෙනවා.. කාටහරි ඔන්ලයින් එහෙම නීති උපදේශනයක් අවශ්‍ය නං කරන්න තියෙන්නේ අකවුන්ට් එකක් හදං එලකිරි එන එක.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]ගොඩ දෙනක් මගෙන් ඔය ප‍්‍රශ්නේ ඇහුවා.[/FONT][FONT=&quot]... මම ඒ හැමෝටම කියන්නේ මම එලකිරියේ ඉන්න[/FONT][FONT=&quot]තාක්කල් මේකෙ ඉන්න හැමෝටම මගේ සේවාව නොමිලේම හම්බවෙනවා.[/FONT][FONT=&quot]... ඒක ස්ථීරයි....[/FONT][FONT=&quot]


    07. [/FONT][FONT=&quot]ලෝයර්ස්ලා කල දුටු කල වල ඉහගන්න ජාතියක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එහෙම නැත්තං ගිනි කන කාක්කන් කියල සමාජයේ මතයක් තියෙනවා.... ඔබටත් ඒක වලංගු ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]කතාවක් වශයෙන් ගත්තම ඒ කතාව ඇත්ත.. ඒකමගේ වෘත්තිය උනත් මම ඇත්තම කතා කරන්න එපැයි.. මට බොරුවට කියන්න පුළුවන් පිස්සුද අනිත් අය එහෙම උනාට මම එහෙම නෑ[/FONT][FONT=&quot] - අරකයි -මේකයි කියලා මගේ ඇගේ සුදුහුණු ගාගන්න මට අවශ්‍ය නෑ.. ඒ නිසා මම ඒක තීරණය කරන්න ඔබ ඇතුල සමස්ථ එලකිරි සාමාජිකයන්ට භාරකරනවා......[/FONT][FONT=&quot]


    08. [/FONT][FONT=&quot]සාමාන්‍ය ජනතාව නීතිය ගැන දැනුවත් වීම ඔබලා වැනි ලෝයර්ස්ලට බඬේ පහරක් වන නිසා මඳක් නිහඩ වීම ඇගට ගුණයි නේද....[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]ඒකේ යම් කිසි ඇත්තක් තියෙනවා[/FONT][FONT=&quot]... ඒ නිසා මට දෝශාරෝපණ පවා එල්ල වුනු අවස්ථා තියෙනවා...[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]නමුත් ප‍්‍රශ්නයක් නෑ මගේ තියෙන දැනුම ප‍්‍රයෝජනයට අරං උඹලා යහපත් ජීවිත ගතකරපල්ලා කියලයි මම හැමදාම හිතන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වගේම මේ හැමදේම කරන්නේ.[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]


    09. [/FONT][FONT=&quot]එළකිරිය කිව්ව සැනින් මතක් වෙන සාමාජිකයින් [/FONT][FONT=&quot]05 [/FONT][FONT=&quot]දෙනා කවුද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒ ඇයි...[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]Pentagram - [/FONT][FONT=&quot]මාව මේකට ගෙනාව මගේ යාළුවා.[/FONT][FONT=&quot]
    Crazybuddy - [/FONT][FONT=&quot]මගේ එලකිරියේ හොදම හිතවතා[/FONT][FONT=&quot]
    Mr.Tom - [/FONT][FONT=&quot]මම මේ එලකිරියේ දකින විශිෂ්ඨතම චරිතය. ඕන කෙනෙකුට මම කියන්නේ ඌ දිහා බලල ඌ වගේ හැදෙන්න කියල.[/FONT][FONT=&quot]
    Jack sparrow - [/FONT][FONT=&quot]ජැකා.. මම එලකිරි ආව කාලේ මට සෑහෙන්න උදව් කරපු චරිතයක්..[/FONT][FONT=&quot]ඉස්සර මේකේ සිගි දාන්න පුලුවන් කාලේ මට හැමදාම සිගි හදලා දුන්නේ පොර.[/FONT][FONT=&quot]

    Lucky luke - [/FONT][FONT=&quot]එලකිරියට සෑහෙන්න නොලේජ් එකක් දීල ගියපු කෙනෙක්.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මුලින්ම මතක් උන [/FONT][FONT=&quot]5 [/FONT][FONT=&quot]ඔය.. තව ඉතිං රත්තරං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෙරේරා[/FONT][FONT=&quot], mahesh1297, [/FONT][FONT=&quot]සැසා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නුවන්[/FONT][FONT=&quot]බුවා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චාමලී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෙක්ස්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කිඹුලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]චරිත් වගේ සෑහෙන්න පිරිසක් ඉන්නවා මතක් කරන්න.[/FONT][FONT=&quot]....[/FONT][FONT=&quot]


    10. [/FONT][FONT=&quot]ඔබගේ පෞද්ගලික ජීවිතය ගැනත් ටිකක් දැන ගන්න ආසයි.... කියමු ද[/FONT][FONT=&quot]?

    [/FONT][FONT=&quot]ඉස්සර වගේ නෙමෙයි දැන් බැදලා.. ඒ හින්ද වගකීම වැඩියි. වෘත්තියෙන් දැන් ඔබලගේ වචනයෙන් කියනවනං නඩු කාරයෙක් හින්ද ජීවිතේ හුගක් කාර්ය බහුලයි.[/FONT][FONT=&quot]... ඉස්සර වගේම එලකිරියේ රැදෙන්න අමාරුයි දැන්... ජීවිතේ ඉතින් හොදින් ගෙවෙනවා....[/FONT]
    [FONT=&quot]

    11. [/FONT][FONT=&quot]එළකිරියට මුලින්ම [/FONT][FONT=&quot]Lol [/FONT][FONT=&quot]කියාගෙන ආ ඔබට එළිකිරිය ගැන දැන් හිතෙන්නේ මොනවා ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පුංචි සමාලෝචනයක් කරමු ද[/FONT][FONT=&quot]?[/FONT]

    [FONT=&quot]මම [/FONT][FONT=&quot]Forum කියන දේ මුලින්ම එක්ස්පීරියන්ස් කලේ එලකිරියෙන්. ඇත්තටම මම මොන මලදානයක් වත් දන්නේ නෑ එතකොට මේක ගැන.... මම පොස්ට් එකක් කියල හිතල තමයි ඒ [/FONT][FONT=&quot]lol [/FONT][FONT=&quot]කියල ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ.[/FONT][FONT=&quot]... මම නං පුද්ගලිකව ආසයි [/FONT][FONT=&quot]2009 - 2010 [/FONT][FONT=&quot]කාලේ තිබ්බ එලකිරිය ආයේ දකින්න.. ඒ කාලේ[/FONT][FONT=&quot]චැට් ත්‍රෙඩ් වල මාර ආතල් තිබ්බේ.[/FONT][FONT=&quot]... නමුත් කාලය ගෙවිලා ගිහිල්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ යුගයට ආයේ[/FONT][FONT=&quot]යන්න බෑ..[/FONT]
    [FONT=&quot].. කොහොම නමුත් අපි මේකෙ කෑකෝ ගහගෙන උඩ පැනගෙන කරණම් ගහගෙන හිටපු කාලය දැන් ඉවරයි.... මේක සයිට් එක දැන් ඔබලා වගේ නවකයන්ට භාරයි..... මේක හැමදාම යහපත් තැනක් විදිහට පවත්වගන්න කියන් එකයි මගේ එකම ඉල්ලීම......[/FONT][FONT=&quot]


    12. [/FONT][FONT=&quot]එළිකිරිය තුළ ඔබගේ ඉදිරි හැසිරීම මොන වගේ වෙයි ද[/FONT][FONT=&quot]?[/FONT]


    [FONT=&quot]තව දීර්ඝ කාලයක් එලකිරියේ[/FONT][FONT=&quot]කි‍්‍රයාකාරි සාමාජිකයෙක් විදිහට රැදෙන්න බලාපොරොත්තුවක් නෑ. නමුත් [/FONT][FONT=&quot]"උඹලට මාව[/FONT][FONT=&quot]මතක තියෙනකං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උඹලගෙන් මට [/FONT][FONT=&quot]pm [/FONT][FONT=&quot]එන තාක්කල් ඒ සේරටම රිප්ලයි කරන්න මම එලකිරි[/FONT][FONT=&quot]එනවා.[/FONT][FONT=&quot]" මට [/FONT][FONT=&quot]pm [/FONT][FONT=&quot]එන එක නැවතිලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාව එලකිරියට අමතක වෙලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තවදුරටත් මාව මේ එලකිරියට අවශ්‍ය නෑ කියල තේරුනු දවසට මම මේ එලකිරියෙන් සමුගන්නවා..[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]අවසානයට කියන්න ඕනේ ඔයාටත් බොහොම ස්තූතියි මාව මේ වැඩසටහනට තෝරගත්තට.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හැමෝටම ජයවේවා....!!!![/FONT]



    [FONT=&quot]
    [/FONT]
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,932
    6,243
    113
    එළම පොරක් බන්.මට කරපු උදව්ව අමතක නෑ.හිත හොද කොල්ලෙක්.:)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁


    හිත හොද කෙනෙක් සහ අනිවාර්යෙන් කිරියේ ඉන්න ඕනා පුද්ගලයෙක් :yes::yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,713
    9,374
    113
    අනිවා.මේ වගේ උගත් කටිටිය තමා ඵළකිරියේ ඉන්නම ඕන.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මේ අය්යගෙ thread හොදය් මන් කියවල තියෙනව :love:

    අනේ අර war thread දාන අය්යගෙ එකකුත් කරන්නකො :angry:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
     මගේ තියෙන දැනුම ප‍්‍රයෝජනයට අරං උඹලා යහපත් ජීවිත ගතකරපල්ලා කියලයි මම හැමදාම හිතන්නේ, ඒ වගේම මේ හැමදේම කරන්නේ.....