'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
'අනිත්‍ය' යන්නෙහි අඩුවක්??

බුදු දහම කිව්වම ඕනෙම කෙනෙක්ට එකවරම මතක් වන පදය තමයි 'අනිත්‍ය'. අනිත්‍ය යන්නෙහි තේරුම සැකෙවින් කිව්වොත් ඕනෑම දෙයක වෙනස් වන හා නැසෙන සුලු බව. නමුත් මේ පදය පිළිඹද බොහෝ කතාබහක් අද වනවිට පවතිනව. ඊට හේතුව බොහෝ දෙනා මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගෙන ඇති ආකාරයේ අඩුවයි.

අපි දැන් පොඩි විග්‍රහයක් කර බලමු. 'අනිත්‍ය' යන පදයට පාලියෙන් 'අනිච්ච' යන පදය යෙදී ඇත. 'අනිත්‍ය' කියන පදය මුලින්ම මේ ලෝකයට ආවෙ පාලි ත්‍රිපිටකය සංස්කෘත භාෂාවට පරිවර්තනය වීමත් සමඟයි. එතකොට කාටත් ඇතිවෙන ගැටලුවක් තමයි සංස්කෘතයේ එන අනිත්‍ය කියන පදයෙන් පාලියෙහි වූ අනිච්ච යන පදය මුලුමනින්ම විග්‍රය වෙනවද කියන එක.

අපි දන්නව 'ඉච්ච' හෝ 'ඉච්චාවක්' කියන්නෙ යම් කෙනෙක්ගෙ හිතේ තියෙන කැමැත්තක්. සාමන්‍යයෙන් අපි දන්නව අපේ කැමැත්තට අනුව සිදුවෙන දේවල් ඉච්චානුග ක්‍රියා ලෙසත් අපගේ කැමැත්තෙන් හෝ පාලනයෙන් තොරව සිදුවන දේවල් අනිච්චානුග ක්‍රියා ලෙසත් හඳුන්වනවා.

දැන් අපට පොඩි ගැටලුවක් එනව. ඉච්චානුග ක්‍රියා හෝ අනිච්චානුග ක්‍රියා යන පද වලට සංස්කෘතයේ එන 'අනිත්‍ය' කියන පදයෙන් සම්පූර්ණ තේරුමක් දෙනවද? මොකද අනිත්‍ය කියන්නෙ වෙනස් වන බව.

අපි දන්නව බොහෝ දෙනෙක් මේ සංස්කෘත අනිත්‍ය කියන පදය භාවිතා කරල අනිච්ච කියන පදයේ අර්ථය විග්‍රහ කරන්න ලොකු උත්සහයක් ගන්නව. නමුත් ඒ කිසිවකින් පාලි අනිච්ච කියන පදයේ අර්ථය මුලුමනින්ම විග්‍රහ වෙන්නෙ නෑ.

එහෙනම් බුදුන් දෙසූ 'සබ්බ සංකාර අනිච්ච' යන්නෙන් කියැවෙන්නෙ මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි/ වෙනස් වන සුලුයි, ඒ නිසා මේ සියල්ල අත අරින්න කියලද? එහෙම නැත්තන් මේ ලෝකයේ සියල්ල අපගේ ඉච්චාව හෙවත් කැමැත්ත ඉශ්ඨ නොකරන බවද?

එනම් අනිච්ච කියන්නෙ මේ ලෝකයේ කිසිඳු දෙයකින් කොච්චර අපි ආස්වාද ගන්නට උත්සහ කරත් ඒවායෙන් අපගේ සිතේ තිබෙන කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ කියන එක. මෙන්න මේක තේරුම් ගන්න එක තමයි අනිච්ච තේරුම් ගන්නව කියන්නෙ.

අපේ සිතේ තිබෙන බලාපොරොත්තු හා ආශාවන් කවදාවත් මේ භෞතික ලෝකයේ දේවල් වලින් ඉශ්ඨ කර ගන්න බෑ, මේ අපි යන්නෙ මිරිඟුවක් පස්සෙ, මේක පස්සෙ දුවල දුවල අන්තිමේත අපි වෙහෙසට පත්වෙන එක පමණයි සිද්ද වන්නෙ කියන එක තේරුම් ගත්ත කෙනා තමයි නියම අනිච්ච තේරුම් ගත්ත කෙනා.

කෙනෙක්ට ලෝකයේ සියල්ල අනිත්‍යයි වෙනස් වන සුලුයි කිව්වට මේක කාටවත් ඔලුවට යන්නෙ නෑ. මොකද මේ දේ ඕනෙම සාමාන්‍ය කෙනෙක් දන්නව. බටහිර සුද්දෙක් උනත් මේක දන්නව.

ඉතින් අනිච්ච යන්නෙහි නිවැරදි හා හරිම තේරුම ගන්නෙ නැතුව සංස්කෘතයේ එන අනිත්‍ය කියන පදය ඔලුවට දාගෙන බුදු දහම තේරුම් ගැනීමට අපහසු තත්වයකට පත් කර නොගන්නා ලෙස මා ඉල්ලමි.

තවත් ලිපියක් සමඟ නැවත හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!
 
Madyastha

Member
Mar 11, 2017
121
11
0
මං දැකල තියෙනව එක හාමුදුරු කෙනෙකුත් ඔහොම කියනව.
 
Jul 5, 2012
1,773
265
0
මද්‍යස්ත කියන්නේ ප්‍රභාස්වරගේ ෆේක් එක නම් අභය කියන්නේ ප්‍රභාස්වරගේ රියල් එකද?

අහෝ! වහරක ගේ විකාර බන ඉදිරියට ගෙන යන මෝඩයන් ට මොන නිවන්ද?
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකයෙ සිංහල පරිවර්තන වල මේ වගේ වැරදි දේවල් විශාල ප්‍රමානයක් අඩංගු වෙලා තියෙන නිසා අද බෞද්ධයින් හට නිවැරදි ධර්ම මාර්ගය දැකගන්න අපහසු වෙලා තියෙනව.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    තමන්ට කැමති දේ නොලැබෙන එක අයත් වෙන්නේ දුක්ඛ කියන ලක්ෂණයට.
    වචන අරන් ඒවා අමුතු අමුතු විදියට විසන්ධි කරලා ඒ එක එක කෑල්ලට අමුතු අමුතු අර්ථ දෙන්ඩ හදන එකෙන් මොකක් බලාපොරොත්තු වෙනවද කියල හිතාගන්ඩ බෑ.
    ඔය වචන අල්ලන් දඟලන එක නවත්තන්ඩ.. අපරාදේ ක්ෂණ සම්පත්තිය අහක දාන්ඩ එපා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ත්‍රිපිටකයෙ සිංහල පරිවර්තන වල මේ වගේ වැරදි දේවල් විශාල ප්‍රමානයක් අඩංගු වෙලා තියෙන නිසා අද බෞද්ධයින් හට නිවැරදි ධර්ම මාර්ගය දැකගන්න අපහසු වෙලා තියෙනව.

    මට ලැබුන බන් පොතක් ඔය සම්බන්ධ‍යෙන් යම් පුද්ගලයෙක් ලියපු. මන් දැන් ඒක කියවලා හොල්මන් වෙලා ඉන්නෙ බන්. නිවන් මග තථාගතයන් වහන්සේ පාදල දුන්න නිසා අමාරු නැතිලු. බට් ත්‍රිපිටකය ග්‍රන්ථරූඩ කිරිමේදි බමුණුු මතත් ඇඩ් වු නිසා ලු නිවන් මග අැහිරිලා තියෙන්නේ. ඔන නම් කියපන් පිටු ටිකක ෆොටෝ දාන්නම්
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    ත්‍රිපිටකයෙ සිංහල පරිවර්තන වල මේ වගේ වැරදි දේවල් විශාල ප්‍රමානයක් අඩංගු වෙලා තියෙන නිසා අද බෞද්ධයින් හට නිවැරදි ධර්ම මාර්ගය දැකගන්න අපහසු වෙලා තියෙනව.

    මේක ඇත්තක්ද කියන්න පුලුවන්ද?

    මීවනපලානේ හිමියන් සේම වහරක අභයරත්නාලංකාර හිමියන්ද බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසයි. දැනගත්තේ සමාපත්ති බලයෙන් බවත් දෙදෙනාම පවසයි. නමුත් කරණු පරස්පරයි.

    උදා: බුදු වූ ස්ථානය - මීවනපලානේ හිමි = හිරිවඩුන්න, වහරක හිමි = අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය

    https://janakawansapura.blogspot.co...showComment=1461561689360#c417855930038226825

    මට ලැබුන බන් පොතක් ඔය සම්බන්ධ‍යෙන් යම් පුද්ගලයෙක් ලියපු. මන් දැන් ඒක කියවලා හොල්මන් වෙලා ඉන්නෙ බන්. නිවන් මග තථාගතයන් වහන්සේ පාදල දුන්න නිසා අමාරු නැතිලු. බට් ත්‍රිපිටකය ග්‍රන්ථරූඩ කිරිමේදි බමුණුු මතත් ඇඩ් වු නිසා ලු නිවන් මග අැහිරිලා තියෙන්නේ. ඔන නම් කියපන් පිටු ටිකක ෆොටෝ දාන්නම්

    අපිටත් බලන්න දාන්න පුලුවන්ද?
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ජිංතක ජිල්ලබකිට;21450684 said:
    මද්‍යස්ත කියන්නේ ප්‍රභාස්වරගේ ෆේක් එක නම් අභය කියන්නේ ප්‍රභාස්වරගේ රියල් එකද?

    අහෝ! වහරක ගේ විකාර බන ඉදිරියට ගෙන යන මෝඩයන් ට මොන නිවන්ද?

    මා කියූ දෙයෙහි වැරැද්දක් ඇත්නම් පෙන්වා දෙන්න. හේතු රහිතව මිනිසුන් විවේචනය කර පලක් නැත.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ත්‍රිපිටකයෙ සිංහල පරිවර්තන වල මේ වගේ වැරදි දේවල් විශාල ප්‍රමානයක් අඩංගු වෙලා තියෙන නිසා අද බෞද්ධයින් හට නිවැරදි ධර්ම මාර්ගය දැකගන්න අපහසු වෙලා තියෙනව.

    ඔබ නිවැරදි. මෙයට හේතුව විය හැක්කේ සිංහල පරිවර්තනය කල සමයේ රහතන් වහන්සේල වැඩ නොසිටීම විය හැක.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    තමන්ට කැමති දේ නොලැබෙන එක අයත් වෙන්නේ දුක්ඛ කියන ලක්ෂණයට.
    වචන අරන් ඒවා අමුතු අමුතු විදියට විසන්ධි කරලා ඒ එක එක කෑල්ලට අමුතු අමුතු අර්ථ දෙන්ඩ හදන එකෙන් මොකක් බලාපොරොත්තු වෙනවද කියල හිතාගන්ඩ බෑ.
    ඔය වචන අල්ලන් දඟලන එක නවත්තන්ඩ.. අපරාදේ ක්ෂණ සම්පත්තිය අහක දාන්ඩ එපා.

    කැමැත්ත ඉෂ්ඨ නොවන තැන දුක පවතිනව. 'යම්පිච්චන් නලබති තම්පි දුක්ඛං' කියන්නෙ එයට. ඉච්චාව නොලැබීම හෙවත් අනිච්ච ස්වභාවය දුකට හේතුවයි.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    මේක ඇත්තක්ද කියන්න පුලුවන්ද?

    පිරිනිවී වදාල අභිඥ්ඥා ලාභී හිමි නමක් වූ වහරක හිමි රහත් බව සාක්ෂාත් කල බව පැවසේ. උන් වහන්සේගේ ආදාහන අවස්ථාවේ නිල් පැහැ ධාතූන් මතුවුනා. දැන් එම ධාතූන් වහරක අරියචින්තාස්‍රමයේ තැම්පත් කොට ඇත. තවද ආදාහනයට පෙර උන්වහන්සේගේ ශ්‍රී දේහය කිසිඳු බෙහෙතකින් තොරව දින 7ක් පුරාවට විහාරස්ථානයේ පැවතියා.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    තමන්ට කැමති දේ නොලැබෙන එක අයත් වෙන්නේ දුක්ඛ කියන ලක්ෂණයට.
    වචන අරන් ඒවා අමුතු අමුතු විදියට විසන්ධි කරලා ඒ එක එක කෑල්ලට අමුතු අමුතු අර්ථ දෙන්ඩ හදන එකෙන් මොකක් බලාපොරොත්තු වෙනවද කියල හිතාගන්ඩ බෑ.
    ඔය වචන අල්ලන් දඟලන එක නවත්තන්ඩ.. අපරාදේ ක්ෂණ සම්පත්තිය අහක දාන්ඩ එපා.
    :yes::yes::yes:

    මේ මෝඩ වහන්සෙලා බුදු බණ තියෙන පරම පවිත්‍රවූ ත්‍රිපිටක දර්මයත් වැරදියි කියන්න, බුදු බනත් නිවැරදි කරන්න තරම්, කොපමණ නම් අහංකාරයක්, මමායනයක් තියෙන පව් කාරයන්ද කියල පෙනෙනවා.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජිංතක ජිල්ලබකිට;21450684 said:
    මද්‍යස්ත කියන්නේ ප්‍රභාස්වරගේ ෆේක් එක නම් අභය කියන්නේ ප්‍රභාස්වරගේ රියල් එකද?

    අහෝ! වහරක ගේ විකාර බන ඉදිරියට ගෙන යන මෝඩයන් ට මොන නිවන්ද?

    :yes::yes::yes:

    මේ මෝඩ වහන්සෙලා බුදු බණ තියෙන පරම පවිත්‍රවූ ත්‍රිපිටක දර්මයත් වැරදියි කියන්න, බුදු බනත් නිවැරදි කරන්න තරම්, කොපමණ නම් අහංකාරයක්, මමායනයක් තියෙන පව් කාරයන්ද කියල පෙනෙනවා.

    පින්වත් ජිංතක ජිල්ලබකිට සහ ex-muslim Ahmed,

    මං හිතන්නේ මිනිස්සු මේ හාමුදුරුවන් ගැන මීට වැඩිය බලන්න ඕනැ.

    මං උනත් වලස්මුල්ලේ අභය හිමිට සත්කාර කිරීමට යොමු උනා මදි. මං කල්පනා කලේ එහිමියන්ට විතරක් සැලකීම ඇති වේවිද කියලා.
    යම් යම් අය එහිමියන් ගැන කියනකොට මොරටුව විශ්ව විද්‍යාලය, ඉංජිනේරුවරු, වෛද්‍යවරු ආදී අය ගැනත් ඇහුනා වගේ මතකයි. හාමුදුරුවන්ට පමණක් සලකලා අන් ඒ අයට සැලකුවේ නැත්නම් අඩුවක් වේවිද මන්දා.

    Skylark
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පින්වත් ජිංතක ජිල්ලබකිට සහ ex-muslim Ahmed,

    මං හිතන්නේ මිනිස්සු මේ හාමුදුරුවන් ගැන මීට වැඩිය බලන්න ඕනැ.

    මං උනත් වලස්මුල්ලේ අභය හිමිට සත්කාර කිරීමට යොමු උනා මදි. මං කල්පනා කලේ එහිමියන්ට විතරක් සැලකීම ඇති වේවිද කියලා.
    යම් යම් අය එහිමියන් ගැන කියනකොට මොරටුව විශ්ව විද්‍යාලය, ඉංජිනේරුවරු, වෛද්‍යවරු ආදී අය ගැනත් ඇහුනා වගේ මතකයි. හාමුදුරුවන්ට පමණක් සලකලා අන් ඒ අයට සැලකුවේ නැත්නම් අඩුවක් වේවිද මන්දා.

    Skylark

    ඔබතුමාට කාල වේලාවක් තිබේ නම් මේ අයට පැහැදිලි කරල දෙන එක ලොකු පිනක්, නැති නම් බොහෝ දෙනෙක් අවුලෙන් අවුලට පත් වෙයි.