සෝවහන් වීමට අනිච්ච, දුක්ඛ, අනත්ත සරලව

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
සෝවහන් වීමට අනිච්ච, දුක්ඛ, අනත්ත සරලව

අපි දන්නවා පෘතක්ජනයෙක් සෝවහන් පලයෙන් ආර්ය භූමියට පිවිසෙන්නේ අනිච්ච, දුක්ඛ හා අනත්ත යන තිලකුනු වැටහීමෙන්. පාරමිතා පූර්ණ වූ ඕනෑම අයෙකුට මෙම තිලකුනු අවබෝධ කර ගන්නට අපහසු නෑ.

අපි ඉපදුනු දවසෙ ඉදන් කරන්නෙ සතුටක්/සැපක් සොයන එක. ඒ වෙනුවෙන් තමයි අප කාලය ශ්‍රමය වැය කරන්නේ. කුඩා ළමයෙක් පාසල් යන්නෙ, ඉගෙනගෙන උසස් අධ්‍යාපනය කරන්නෙ, අන්තිමට රැකියාවක් කරන්නෙ සල්ලි හොයල සතුට විඳින්න. මේ සතුට/සැප වෙනුවෙන් අපි අපේ මුළු ජීවිතයම කැප කරනව. මහන්සි වෙනව කවදා හරි තමන්ට සැප ලබා ගන්න.

අපි ගොඩක් මිල මුදල් තියෙන අය දිහා බලල කල්පනා කරනව ඔවුන් කොතරම් සැපකින් සතුටකින්ද ඉන්නෙ කියල. හැබැයි විදසුන් ඇසකින් ඔවුන් දෙස බලන්න. එතකොට වැටහෙයි බිල් ගේට්ස්ගෙ ඉඳන් සියලු රාජ්‍ය නායක වරු හා ප්‍රභූවරු පවා තවමත් ඔවුන් සතු නොවූ සතුටක් සොයන බව.

ඔබ අවට සිටින ලොකු ලොකු සල්ලි කාරයන් දෙස මදක් බලන්න. අවුරුදු 60/70 පැන්නත් ඔවුන් තවමත් මුදල් ඉපැයීමට මහන්සි වෙනව.

දැන් ඇත්තටම මොකක්ද මේ සිද්ද වෙලා තියෙන්නෙ? ඇයි ලෝකයේ මිනිස්සු කොච්චර ධනය තිබුනත් තෘප්තිමත් වෙන්නෙ නැත්තෙ? මේකට හේතුව තමයි මේ ලෝකයේ දේවල් වලින් කොච්චර අපි ආශ්වාද විඳින්න උත්සහ කලත් අපට ඒ ආශ්වාද කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ කියන එක.

කොච්චර චිත්‍රපට බැලුවත් පූර්ණ වශයෙන් සතුටට පත් වෙන්න බෑ. ඒ වෙලාවට යම් ආශ්වාදයක් ලැබෙනව මිසක් පූර්ණ සතුටට පත් වෙන්න බෑ. කොච්චර ගීත ඇහුවත්, කොච්චර රස ආහාර ගත්තත් අපට මදි.

ඉතින් අපි මේ ජීවිත කාලයම කරන්නෙ ඈත මිරිගුවක් දැකල මිරිගුවක් පසුපස හඹා යාමක්. මිරිඟුව දකින දකින වාරයක් පාසා හිතට ආශ්වාදයක් එනව. ඒ ආශ්වාදය පූර්ණ කරගන්න ලොකු මහන්සියක් දරාගෙන සමහරු දුවනව, සමහරු ඇවිදිනව, සමහරු බඩගානව. තද අව්වෙන් ශරීරය පිච්චෙනව, නමුත් මිරිඟුව දකින විට දැනෙන තාවකාලික ආශ්වාදය නිසා ඒ පිච්චෙන එක දුකක් විදියට දැනෙන්නෙ නෑ. ජීවිත කාලයම මේ විදියට මිරිඟුව පසුපස හඹා ගියත් වතුර ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ වතුර බොන්න ඕනේ කියල හදාගත්ත කැමැත්ත ඉශ්ඨ වෙන්නෙ නෑ කවදාවත්. මොකද ඒ තියෙන්නෙ ඇත්තටම වතුර තියෙන සාර භූමියක් නොවෙයි. එතන තියෙන්නෙ නිස්සාර වූ කාන්තාර භූමියක් පමණයි. මේ නිසාම අපිට කවදාවත් සතුට ලඟා වෙන්නෙ නෑ.

desert-mirage.jpg.638x0_q80_crop-smart.jpg

දැන් අනිච්ච කියන්නෙ කුමක්ද? අනිච්ච යනු මිරිඟුව පස්සෙ ගිහින් කවදාවත් වතුර බොන්න ඕනෙ කියන කැමැත්ත ඉශ්ඨ නොවෙන බව. මිරිඟුව පස්සෙ ගිහින් කවදාවත් කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ මොකද එතන සාර භූමියක් නෑ. නිස්සාර භූමියක් පමණයි එතන තියෙන්නෙ කියන එක තේරුම් ගත්ත කෙනා 'අනත්ත' තේරුම් ගන්නව. නිස්සාර භූමියක වතුර හොයන් යන මේ වැඩෙන් වෙන්නෙ අව්වට පිච්චිලා ජල පිපාසාවෙන් දුකට පත් වෙන එක පමණයි යන්න තේරෙනව. දුක්ඛ යනු එයයි.

මේ සරල අවබෝදයට පත් වුනු කෙනා සෝවහන් ආර්ය ශ්‍රාවකයෙක් වෙනව. ඔහු සතර අපායෙන් නිදහස්. ඔහු මෙතෙක් කල් ආශ්වාද පසුපස හඹා ගිය ගමනේ වේගය අඩු කරනව. ඔහු නිවන් දුටු කෙනෙක්. දුටු නිවන සාක්ෂාත් කිරීමට ඔහු කාලය කැප කරනව.

තවත් ලිපියක් සමඟ නැවත හමුවෙමු!
 
Last edited:

Skylark

Member
Feb 4, 2010
2,371
87
0

පින්වත් ex-muslim Ahmed,

එය එසේමයි. වලස්මුල්ලේ අභය හිමි ඇති කරනා අවුල ලිහුවේ නැත්නම් බොහෝ දෙනෙක් ඉන් අවුලෙන් අවුලට පත් වේවි.

මම අසා බැලුවා අභය හිමි තිලක්ඛණය ගැන කියනා කරුණු ටිකකට. ඒ හාමුදුරුවෝ අනිච්ච යන චචනය අනිච්ඡ යන වචනය සමඟ පටලවාගෙන තවත් බොහෝ කාරණාත් පටලවාගෙන මහා පරිමාණයේ ව්‍යාකූලත්වයක් අන් අයට දේශනා කරනවා. අනිච්ච කියන්නේ නිච්ච යන වචනයේ විරුද්ධාර්ථය දෙන වචනය. අනිච්ඡ කියන්නේ ඉච්ඡ යන වචනයේ විරුද්ධාර්ථය දෙන වචනය.

අනිච්ච කියන වචනය අන + ඉච්ඡ කියලා පද බෙදීම නිවැරදි නැහැ. ඉච්ඡ යන වචනයේ අර්ථය ගෙන එය ඉච්ච යන වචනයක අර්ථය යැයි දැක්වීමත් වැරදියී.

මේ ත්‍රෙඩ් එකේම මුල් ලිපිය සහ මේ ත්‍රෙඩ් එකේම සමහර කමෙන්ටු කියවා බලන්නකෝ. අනිච්ච සහ අනිච්ඡ පටලවා ගැනීම ඒ තැන්වලම දැකිය හැකියී.

"හරකා තණ කයි" යන්නෙහි අර්ථය "හරකා තන කයි" යන්නෙහි අර්ථය යැයි අන් අයට කියාදෙන්න උත්සාහ ගන්නවා බඳුයි වලස්මුල්ලේ අභය හිමිගේ ක්‍රියාව.

Skylark

[උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=21471977 ]

Skylark
 
Skylark

Member
Feb 4, 2010
2,371
87
0

"සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ අකුරු හරඹයක් කරනවා:

"... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..."

[සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන
ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ]

"හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳුයි වලස්මුල්ලේ අභය හිමිගේ ක්‍රියාව.

ඔබ කියන පරිදි පාලියේ අනිච්ච හා අනිච්ඡ යන්න වෙන් කොට දක්වා ඇති අවස්ථාවක් දක්වන්න. නිකන්ම වචන දෙකේ අකුරු දෙකක් තිබෙන බව කීමෙ කිසි අරුතක් නෑ. අනිච්ච යන්න පැහැදිලි කරල තියෙන්නෙ කැමැත්ත ඉශ්ඨ නොකරන බව පැහැදිලි කරල. අනිච්ච යන්න අනිත්‍ය යන්නට පාලි ත්‍රිපිටකයේ සමාන කළ තැනක් පෙන්වන්න.
 
Prabhaswara

Member
Feb 26, 2017
100
22
0

"සෝවාන් වන්නේ බණ අසාය, භාවනාවෙන් නොවේ (06-11-2016)|(Season 08)1/30" යන මාතෘකා ඇතිව පළ කොට ඇති ඉහත වීඩියෝවේ විනාඩි 37යි තත්පර 35න් පමණ ඉදිරියට ආසන්නයේ වලස්මුල්ලේ අභය හිමි මෙසේ අකුරු හරඹයක් කරනවා:

"... අන්න අනිච්ඡයි. මොකක්ද අනිච්ඡ කිව්වෙ? ඉච්ඡ කියනවා කැමැත්ත. ඉච්ඡාච, ඉච්ඡා භංගත්වය, ඉච්ඡාව. ඉච්ඡාව කියන්නේ කැමැත්ත. ඉච්ඡා සූත්‍රය, සංයුක්ත නිකායේ. ඉච්ඡාවට නැත්තං යමක්, ඒකට කියනවා අපි අනිච්ඡයි. එහෙනං මෙන්න මේ ලෝකෙ තියෙන සියළුම දේවල් කැමැත්තට නෑ, කැමැත්ත ඉෂ්ඨ කරන්නෑ, ඔක්කෝම අනිච්ඡයි. සියල්ල අනිච්ඡයි. අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකයේ, ඒකේ පෙන්නනවා සබ්බං අනිච්චං. සබ්බං අනිච්චං..."

[සැලකිය යුතුයි: වලස්මුල්ලේ අභය හිමි වචන සහ අර්ථ පටලවා ගැනීම නිසා එහිමියන් පවසන ලද්ද ලිවීමේදී ඒ ඒ තැන් වල භාවිතා කළ යුත්තේ අනිච්ච යන වචනයද, නැත්නම් අනිච්ඡ යන වචනයද යන්න නිශ්චය කර ගැනීමට අපහසු නමුත් එහිමියන්ගේ පටලවා ගැනීම වඩාත් මද ලෙස පෙනේ යැයි සිතන ලද පරිද්දෙන් අනිච්ච සහ අනිච්ඡ යන වචන
ඉහත ලිවීමේදී භාවිතා කරන ලදී. එහිදීද එහිමියන් අනිච්ඡ සහ ඉච්ඡ යන වචනයන් ගැන ඉච්ඡා සූත්‍රයද දක්වමින් පළමුව විස්තර කොට අවසානයේ එම අර්ථයන් අනිච්ච යන වචනයේ අර්ථය සමඟ අනිච්ච සූත්‍රයද දක්වමින් පටලවා ගන්නා අයුරු පෙනේ. ]

"හරකා තණ කයි" යන වාක්‍යයේ අර්ථය "හරකා තන කයි" යන වාක්‍යයේ අර්ථය ලෙස අන් අයට කියා දෙන්න උත්සාහ ගන්නවා බඳුයි වලස්මුල්ලේ අභය හිමිගේ ක්‍රියාව.

Skylark

අනිත්‍යයි කියන්නෙ නිවන් දකින්න හේතුවක් නෙවෙයි. මේ ලෝකයේ කිසිවකින් අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ කරන්නෙ නෑ, හරයක් නැති දේවල් පස්සෙ ගිහින් වැඩක් නෑ'' කියන එක තේරුම් ගැනීම තුලයි නිවන තියෙන්නෙ. එහෙම නැතුව ඉපදුන කෙනා මැරෙනව, හොඳට ඉන්න මිනිහ වයසට යනව, වැස්සොත් පායනව, පෑයුවොත් වහිනව, අලුත් දේවල් පරණ වෙනව වගේ ප්‍රාථමික දහමක් නෙවෙයි බුදු දහම. ඒ වගේ සරල කරුණු කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නෑ. අපේ ආච්චිලත් ඔබ ඔය කියන දහම කියනව.
 
Last edited:

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    ත්‍රිපිටක පරිවර්තනය දෝශ සහිත නම් යන සිංහල පද උපුටා දැක්වීමෙන් පලක් නොවේ. හැකිනම් පාලි ත්‍රිපිටකයේ අනිත්‍ය යන සංකල්පය මූලික වශයෙන් (Fundamental) දක්වා ඇති තැනක් පෙන්වන්න
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ත්‍රිපිටක පරිවර්තනය දෝශ සහිත නම් යන සිංහල පද උපුටා දැක්වීමෙන් පලක් නොවේ. හැකිනම් පාලි ත්‍රිපිටකයේ අනිත්‍ය යන සංකල්පය මූලික වශයෙන් (Fundamental) දක්වා ඇති තැනක් පෙන්වන්න

    :)
     
    Jul 5, 2012
    1,773
    265
    0
    අනිත්‍යයි කියන්නෙ නිවන් දකින්න හේතුවක් නෙවෙයි. මේ ලෝකයේ කිසිවකින් අපේ හිතේ කැමැත්ත ඉශ්ඨ කරන්නෙ නෑ, හරයක් නැති දේවල් පස්සෙ ගිහින් වැඩක් නෑ'' කියන එක තේරුම් ගැනීම තුලයි නිවන තියෙන්නෙ. එහෙම නැතුව ඉපදුන කෙනා මැරෙනව, හොඳට ඉන්න මිනිහ වයසට යනව, වැස්සොත් පායනව, පෑයුවොත් වහිනව, අලුත් දේවල් පරණ වෙනව වගේ ප්‍රාථමික දහමක් නෙවෙයි බුදු දහම. ඒ වගේ සරල කරුණු කියන්න බුදු කෙනෙක් අවශ්‍ය නෑ. අපේ ආච්චිලත් ඔබ ඔය කියන දහම කියනව.

    කැමැත්ත ඉෂ්ඨ කොරන්නේ නෑ කියන එක උඹට මැජික් වුනාට ඔනේ ගොනෙකුට තේරෙන දෙයනේ. රූපයේ අනිත්‍ය දකින එකත් ප්‍රාතමික දෙයක්ද? රූපයේ සත්ව-පුද්ගල ආත්මභාවයක් ( අභයගේ කොන්ටම්- අනත්ත නෙවෙයි ) නැහැ කියල දකින එක ප්‍රාතමික දෙයක්ද?
    :lol::lol::lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ගොඩක් වටිනවා බන්. අපි දැන් ජීවිතේ භාගයක් විතර ගෙවලා ඉවරයි. තාමත් කෙළවරක් නැති අරමුණු පස්සේ දුවනවා.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ජිංතක ජිල්ලබකිට;21474595 said:
    කැමැත්ත ඉෂ්ඨ කොරන්නේ නෑ කියන එක උඹට මැජික් වුනාට ඔනේ ගොනෙකුට තේරෙන දෙයනේ. රූපයේ අනිත්‍ය දකින එකත් ප්‍රාතමික දෙයක්ද? රූපයේ සත්ව-පුද්ගල ආත්මභාවයක් ( අභයගේ කොන්ටම්- අනත්ත නෙවෙයි ) නැහැ කියල දකින එක ප්‍රාතමික දෙයක්ද?
    :lol::lol::lol:

    කැමැත්ත ඉශ්ඨ කරන්නෙ නෑ කියල මුළුමනින්ම තේරෙන්නෙ රහත් වූ අයෙකුට පමනි. අනිත් සියළුම අය නොලැබෙන කැමැත්තක් ඉශ්ඨ කර ගන්න මිරිඟුවක් පස්සෙ දුවන එකයි කරන්නෙ. ඔබ, මා ඇතුලු සියලු දෙනා ආශ්වාද පොඩි ප්‍රමාණයකින් හෝ තවමත් සොයන්නෙ ඒ නිසානෙ.

    රූපය නිත්‍ය නෑ. වෙනස් වෙනව. විපරිණාමයට ලක් වෙනව. නමුත් ඒක නිවන් දකින්න හේතුවක් නෙවෙයි.

    රූපයේ සත්වයෙක් පුද්ගලයෙක් නොසිටින බව බටහිර මනෝ විද්‍යාඥයින් පවා ප්‍රකාශ කරන දෙයක්. විද්‍යාඥයින් පවා දැන් කියනව මේ ශරීරයේ මමෙක් නෑ පවතින්නේ පරිවර්තනය වෙන ශක්තියක් පමණක් බව. නමුත් ඔවුන් නිවන් දැක නෑ. ඒ නිසා රූපයේ මම ඇත හෝ රූපයේ මම නැත යන අන්ත දෙකක් අල්ලගෙන නිවන් දැකිය නොහැකි බව වටහා ගන්න.

    අද බොහෝ දෙනා කරන්නේ මම නෑ මම නෑ කිය කියා මතුර මතුර ඉන්න එක පමණයි. හැබැයි ඔවුන් නිවන් දැක නෑ.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ගොඩක් වටිනවා බන්. අපි දැන් ජීවිතේ භාගයක් විතර ගෙවලා ඉවරයි. තාමත් කෙළවරක් නැති අරමුණු පස්සේ දුවනවා.

    මට ගොඩක් සතුටුයි ඔබවත් මෙය අවබෝධ කර ගැනිම ගැන.