බුදු දහම කිව්වම ඕනෙම කෙනෙක්ට එකවරම මතක් වන පදය තමයි 'අනිත්‍ය'. අනිත්‍ය යන්නෙහි තේරුම සැකෙවින් කිව්වොත් ඕනෑම දෙයක වෙනස් වන හා නැසෙන සුලු බව. නමුත් මේ පදය පිළිඹද බොහෝ කතාබහක් අද වනවිට පවතිනව. ඊට හේතුව බොහෝ දෙනා මේ ලෝකයේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගෙන ඇති ආකාරයේ අඩුවයි.
අපි දැන් පොඩි විග්‍රහයක් කර බලමු. 'අනිත්‍ය' යන පදයට පාලියෙන් 'අනිච්ච' යන පදය යෙදී ඇත. 'අනිත්‍ය' කියන පදය මුලින්ම මේ ලෝකයට ආවෙ පාලි ත්‍රිපිටකය සංස්කෘත භාෂාවට පරිවර්තනය වීමත් සමඟයි. එතකොට කාටත් ඇතිවෙන ගැටලුවක් තමයි සංස්කෘතයේ එන අනිත්‍ය කියන පදයෙන් පාලියෙහි වූ අනිච්ච යන පදය මුලුමනින්ම විග්‍රය වෙනවද කියන එක.
අපි දන්නව 'ඉච්ච' හෝ 'ඉච්චාවක්' කියන්නෙ යම් කෙනෙක්ගෙ හිතේ තියෙන කැමැත්තක්. සාමන්‍යයෙන් අපි දන්නව අපේ කැමැත්තට අනුව සිදුවෙන දේවල් ඉච්චානුග ක්‍රියා ලෙසත් අපගේ කැමැත්තෙන් හෝ පාලනයෙන් තොරව සිදුවන දේවල් අනිච්චානුග ක්‍රියා ලෙසත් හඳුන්වනවා.
දැන් අපට පොඩි ගැටලුවක් එනව. ඉච්චානුග ක්‍රියා හෝ අනිච්චානුග ක්‍රියා යන පද වලට සංස්කෘතයේ එන 'අනිත්‍ය' කියන පදයෙන් සම්පූර්ණ තේරුමක් දෙනවද? මොකද අනිත්‍ය කියන්නෙ වෙනස් වන බව.
අපි දන්නව බොහෝ දෙනෙක් මේ සංස්කෘත අනිත්‍ය කියන පදය භාවිතා කරල අනිච්ච කියන පදයේ අර්ථය විග්‍රහ කරන්න ලොකු උත්සහයක් ගන්නව. නමුත් ඒ කිසිවකින් පාලි අනිච්ච කියන පදයේ අර්ථය මුලුමනින්ම විග්‍රහ වෙන්නෙ නෑ.
එහෙනම් බුදුන් දෙසූ 'සබ්බ සංකාර අනිච්ච' යන්නෙන් කියැවෙන්නෙ මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි/ වෙනස් වන සුලුයි, ඒ නිසා මේ සියල්ල අත අරින්න කියලද? එහෙම නැත්තන් මේ ලෝකයේ සියල්ල අපගේ ඉච්චාව හෙවත් කැමැත්ත ඉශ්ඨ නොකරන බවද?
එනම් අනිච්ච කියන්නෙ මේ ලෝකයේ කිසිඳු දෙයකින් කොච්චර අපි ආස්වාද ගන්නට උත්සහ කරත් ඒවායෙන් අපගේ සිතේ තිබෙන කැමැත්ත ඉශ්ඨ කර ගන්න බෑ කියන එක. මෙන්න මේක තේරුම් ගන්න එක තමයි අනිච්ච තේරුම් ගන්නව කියන්නෙ.
අපේ සිතේ තිබෙන බලාපොරොත්තු හා ආශාවන් කවදාවත් මේ භෞතික ලෝකයේ දේවල් වලින් ඉශ්ඨ කර ගන්න බෑ, මේ අපි යන්නෙ මිරිඟුවක් පස්සෙ, මේක පස්සෙ දුවල දුවල අන්තිමේත අපි වෙහෙසට පත්වෙන එක පමණයි සිද්ද වන්නෙ කියන එක තේරුම් ගත්ත කෙනා තමයි නියම අනිච්ච තේරුම් ගත්ත කෙනා.
කෙනෙක්ට ලෝකයේ සියල්ල අනිත්‍යයි වෙනස් වන සුලුයි කිව්වට මේක කාටවත් ඔලුවට යන්නෙ නෑ. මොකද මේ දේ ඕනෙම සාමාන්‍ය කෙනෙක් දන්නව. බටහිර සුද්දෙක් උනත් මේක දන්නව.
ඉතින් අනිච්ච යන්නෙහි නිවැරදි හා හරිම තේරුම ගන්නෙ නැතුව සංස්කෘතයේ එන අනිත්‍ය කියන පදය ඔලුවට දාගෙන බුදු දහම තේරුම් ගැනීමට අපහසු තත්වයකට පත් කර නොගන්නා ලෙස මා ඉල්ලමි.
තවත් ලිපියක් සමඟ නැවත හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි!