වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රේස් පදිදී දනිස්සට දාන්නේමොනවද අර ගෙඩිය වගේ:confused:, රෝදයක්ද :baffled:

    Knee Sliders

    ඕක මෙන්න මේ වගේ පොඩි කෑල්ලක්...ගොඩක් වෙලාවට Racing Suit එකට heavy duty චිරිස් බිරිස් (Velcro) කෑලි වලින් අලවන්න තියෙන්නේ...

    mcy1214_test_pilotkneepucks-001.jpg


    International Level, Professional Racing වලට යනකොට සමහර වෙලාවට Racing Suit එකේ නිෂ්පාදකය මත ඕක චිරිස් බිරිස් වලින් නැතුව ඇන දාල සෙට් කරන්න එන වෙලාවලුත් තියෙනවා..
    Plastic වලින් පටන් ගත්තම විවිදාකාරයේ Material පාවිච්චි කරනවා ඕක හදන්න... Plastic ඒවා තමයි මිල අඩුම.. එතනින් එහාට Kelvar, Leather, Titanium වගේ අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා....ඒවා ටිකක් මිල අධිකයි...
    මැටිරියල් එක වෙනස් වෙනකොට ගෙවෙන විදිය වෙනස් වෙනවා...හැබැයි ඊටත් වඩා වැදගත් දෙයක් තියෙනවා ඔය මිල අධික එවුවට යනකොට.. එක තමා පදින කෙනාට දනිස්ස ඇදිල යනකොට දැනෙන විදිය.. ඔය plastic වගේ එවුවා දැම්මම මෙලෝ දෙයක් දැනෙන්නේ නෑ...
    හැබැයි High Quality Leather වගේ එව්වා හරිම සෙන්සිටිව්..

    උදාහරණයක් විදියට අපි හිතමු වංගුවක් ගන්නකොට බිම ඇදෙන දනිස්ස Tarmac එකෙන් ඔය ෆොටෝ එකේ පේන විදියේ Painted Curb එකට යනවා කියලා... අර මන් කිව්ව මිල අඩු ප්ලාස්ටික් එකක් නම් දාගෙන ඉන්නේ දනිස්සට ඒ වෙනස දැනෙන ප්‍රමාණය ගොඩක් අඩුයි.. හැබැයි Leather එක වෙනස්... හොදට දැනෙනවා Surface එකේ වෙනස්කම.. ඒකෙන් පදින කෙනාට වාසියක් ලැබෙනවා...ඒ තමා තමන් ඉන්නේ Corner එකේ හරියටම කොතනද කියල දැන ගන්න පුළුවන්...
    මොකද ඔය ලොකු ලොකු නැමිලි වලදී බැරි වෙලාවත් එක රෝදයක් Painted Section ඒකට ගියොත් ලිස්සන්න තියෙන ප්‍රතිශතේ ගොඩාක් වැඩියි.. අන්න ඒ වගේ වෙලාවට රෝදෙට කලින් දනිස්ස Paint සෙක්ෂන් ඒකට අහුඋනාම දැන ගත්තකි දැන් ඉන්නේ අන්තිම කෙලවරේ කියල.. එහෙම නැති උනාම පේන්ටෙඩ් කාලට ගිහින් දොයියා බබා වෙන්න වෙනවා..

    ඊට අමතරව high quality ඒවගේ තියෙන අනිත් වාසිය තමා Track එකේ තැනින් තැන වෙනස් වෙන Traction එක දැනෙනවා කකුලට...

    ඔය ෆොටෝ එකේ ඉන්නේ Marc Marquez කියන පොර...ගිය අවුරුද්දේ Champion (also won 2013,2014,2016)... දැනට MotoGP event එකේ ඉන්න aggressiveම riding Style එක තියෙන්නේ පොරට කිව්වට වැරද්දක් නෑ... ඕකා MotoGP වලට ආපු කාලේ ඕකට අමුතුවෙන්ම Riding Kit Design කරන්න උනා... දනිස්ස මදිවට ඕකා වැලමිටත් බිම ඇදගෙන යන්නේ...




     
    • Like
    Reactions: Lakshan-Seram

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන්...මට Trailers වලින්ම ඇල්ලුවේ නෑ ගේම් එක...

    මටත් ඇල්ලුවෙ නෑ බන්.:yes::yes: මං මේ ටිකක් ගහල පැත්තකට දැම්ම. ටිකක් දුර යද්දිවත් හොඳද දන්නෑ කියල ඇහුවෙ. මෙදා පොටේ මුන් නාල වගේ බන්.:dull:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    ai mokada wela tiyenne bulb walata..?


    fog lamps nedda? switch eka balaganna one une..

    samahara n16 wala switch eka enne dashboard eke eth mage eke enne headlight switch ekema wenama ring ekaka.. eka on karala parking denmahama thama fog weda karanne

    Mehema thamai apeth anne....heheheh
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Knee Sliders

    ඕක මෙන්න මේ වගේ පොඩි කෑල්ලක්...ගොඩක් වෙලාවට Racing Suit එකට heavy duty චිරිස් බිරිස් (Velcro) කෑලි වලින් අලවන්න තියෙන්නේ...


    තෑන්ක්ස් :):)

    වැලමිටත් තියාගෙන යනවා!!!! පිසූ හැදෙනවානේ :shocked::shocked:
     
    Status
    Not open for further replies.