මන් කිව්වෙ රිපීට් වෙනව කියල. උඹ ඔය ඔරිජිනල් කියන්නෙ ඇමෙරිකන් එකට. ඒකෙත් program රිපීට්වෙනවමොන රිපිට් ද බන්
මම මෙහෙ බලන්නේ ඩිස්කවරි සහ
හිස්ටොරි චැනල් 2 විතරයි. කියල වැඩැක්
නෑ බන් සුපිරිම ප්රොගෑම්ස් යන්නේ.
ලන්කාවේ ඩිස්කවරි දැක්කම හිනා යනව
සේරම හද්ද පරන ඒව.
Data th kapenawa hoo gala ithin

owa lankawata hariyanne na bung SLT wage higanno innakam![]()

Owa okkoma Indian feed. Best Netflix ganin.

Netflix ehema tama ban. kabal ewane tiyenne ongoing ewa hoyaganna be. wedak ne man trial aran aharala damma![]()
firestick thibunata channel subscription walata pay karanna ona neda?

gov regulationspeo tv dialog okkoma ekai. star world eke prison break aluth season eka penanne na block karala. rupavahini ponnayo ekko penanna one rights thiyenawanam naththam apita balanna denna one salli gewalath balanna denna ne

dialog tv ganna kiyala hitiye ona ne wage dan .![]()
අපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ෆීඩ්. .............
තව බොහෝ දේ ලියන්න තිබුනත් දැනට උඹ අහලා තිබුන ප්රශ්නෙට මේ උත්තරේ ඇති කියලා හිතනවා.![]()


අපිට ගොඩක්ම ලැබෙන්නේ බන් ඉන්දියන් ෆීඩ්. ඒ කියන්නේ ඔරිජිනල් චැනල් එකේම ෆීඩ් එකක් එක එක රීජන්ස් වලට තියෙනවා. එතනදී වෙන්නේ ඔරිජිනල් චැනල් එක ටෙලිකාස්ට් කරන ප්රෝගෑම්ස් ටික රීජන් එකේ ටෙලිකාස්ට් කරන කම්පැණි එකට ලැබෙනවා. නමුත් උන් ටෙලිකාස්ට් කරන්නේ උන්ට ඕනේ විදියට. දැන් Discovery ගත්තොත් ඔරිජිනල් චැනල් එක තියෙන්නේ ඇමෙරිකාවේ. අයිතිය තියෙන්නේ Discovery Communication LLC එකට. නමුත් උන්ට ඉන්දියාවෙත් උන්ගෙම කම්පැනි එකක් තියෙනවා. එ්ක සමහර විට අයිති වෙන්නේ Mother company එකට විතරක් නෙවෙයි. කොටස් අයිතිය ඒ රටේ තියෙන කම්පැනි එකකටත් අයිතියි.
උදාහරණයක් විදියට ගත්තොත් Discovery චැනල් එක අයිති වෙන්නේ Discovery Communication LLC එකට. නමුත් Asia වල අයිතිය තියෙන්නේ Discovery Networks Asia-Pacific එකට. මේ කම්පැනි එකමෙ තමයි Animal Planet, TLC, Investigation Discovery, Eurosport, Discovery Kids, Discovery Science සහ Discovery Turbo/Discovery Turbo Xtra වගේ චැනල් අයිති වෙන්නෙත්.
Discovery Networks Asia-Pacific එකට ඔරිජිනල් වැඩසටහන් ටික ටෙලිකාස්ට් කරනවා වගේ තමයි මෙයාලට පුළුවන් තමන්ම හදපු වැඩසටහන් විකාශය කරන්නත්. බොහෝ වෙලාවට Discovery එකේ පෙන්වන ඉන්දියාව ගැන හදපු වැඩසටහන් එහෙම හදපුවා. ඒවා බොහෝ වෙලාවට කලාතුරකින් ඔරිජිනල් චැනල් එකෙත් පෙන්වනවා.
බොහෝ වෙලාවට ඔරිජිනල් චැනල් එකේ වෙළද දැන්වීම් විකාශය කරනවා අඩුයි. සමහර චැනල් වලදී නම් දැන්වීම් විකාශය කරන්නේම නෑ. Discovery ඔරිජිනල් චැනල් එකෙත් දැන්වීම් විකාශය කරන්නේ නම් නෑ. නමුත් රීජන් ෆීඩ් වලදී නම් දැන්වීම් විකාශය කරනවා, මොකද සමහර වෙලාවට මේවා FTA (Free to Air) විකාශය කරන නිසා සහ මේ රීජන් වලදී ගෙවීම් කරලා බලන පිරිස අඩු නිසා.
දැන් Dialog/Peo TV/ Dish TV වගේ එවා ගොඩාක් වෙලාවට භාවිතා කරන්නේ ඉන්දියන් ෆීඩ්. මොකද අනෙක් ෆීඩ් වලට වඩා අඩු ගානක් ගෙවන්න වෙන නිසා. බොහෝ වෙලාවට මේ ෆීඩ් Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ෆීඩ් වලට වඩා ගොඩාක් ගනන් අඩුයි. ඉතින් ලංකාවේ නම් Pay TV සැපයුම්කරුවන් නම් කරන්නේ මේ තියෙන ගනන් අඩුම ෆීඩ් එක ගන්න එක. දැනට නම් අපි 80% ක්ම වගේ අපි බලන්නේ මේ ඉන්දියන් ෆීඩ්. ඉන්දියන් ෆීඩ් එක විකාශය වෙන්නෙත් බොහොම සුළු රටවල් ගනනක. ඒ ඉන්දියාවේ, ලංකාවේ, පාකිස්ථානයේ, මාලදිවයිනේ සහ මේ ළගදී ඉදලා බංගලාදේශයෙත් විකාශය වෙනවා.
Malaysia, Indonesia, Thailand සහ Southeast Asia ෆීඩ් වලත් මේ වැඩසටහන් ගියත් බොහෝ වෙලාවට යන්නේ ඔරිජිනල් චැනල් එකේ යන වැඩසටහන් විතරයි. මේ චැනල් වල දැන්වීම් පෙන්වන්නෙත් නෑ. දැන් නම් ඩයලොග් ලා බොහෝ වෙලාවට අලුතින් දෙන චැනල් ඉන්දියන් ෆීඩ් වලින් ගන්නේ නෑ. ඩයලොග් ලා දැන් ගන්නේ මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. මේ ළගදී ඩයලොග් ලා අලුතින් දීපු හැම චැනල් එකක්ම මැලේසියන් සහ සිංගප්පූරු වලින් දෙන ෆීඩ්. (Food Network, Travel XP, HGTV, Cinemachi Kids, Nick Jr වැනි චැනල්ස්)
තව බොහෝ දේ ලියන්න තිබුනත් දැනට උඹ අහලා තිබුන ප්රශ්නෙට මේ උත්තරේ ඇති කියලා හිතනවා.![]()
That's what happened to the 'Fox Movies Premium'. Salli deela wath ganna baa