පද පේළී - EK LYRICS THREAD PART 2

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    ඇස් වහගෙන මං
    ඒ තැන් පහුකෙරුවත්
    රූ සටහන් පපුවේ මැද මැව්නා…
    අපි කා බිව් කඩෙන්…
    සිනමා…හල් වලින්…
    ගනුදෙනුවක් කරගන්නට බැරුවා…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    උඹ මා සමගින් ගිය දුරටත්…
    වඩා දුරගිය කෙල්ලන්
    තව අය හා යනවා
    කියා……
    ඇය සුද්දියකට හරවා…
    උදුරා ගත්තා…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    උඹ එක්ක මං…
    ආගිය හැමතැන්…
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    උඹ එක්ක මං……
    ආගිය හැමතැන්…..
    පහුකරගෙන එන්නට වෙනවා
    හැමදා උදයේම…

    උඹ එක්ක මං – Amila Nidahasa
     
    • Like
    Reactions: Super Hot

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔව්.. ඒක ලස්සනයි.. ඒත් නන්දලගෙ වගේ ඒවයෙ කික් එකක් නෑ

    ම්ම්ම්... මටනම් ලස්සනයි...👌 නන්දා මාලිනීගෙ සින්දු තරම්නම් ලස්සන නැද්දත් කොහෙද තමයි... 🤓🤓
     
    ලස්සන දවසක සවසක හමුවී ඒ විසිතුරු උයනේ
    උණුසුම විඳ විඳ සුවසේ පෙරලි හිඳ මා තුරුලේ
    හිනැහුණු තරමට ඔබගේ
    ගත මා ලග මුත් හිත ඈතක බව නම් නෑ දැනුනේ
    ආශවරී.....
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    මගේ නොපෙනෙන ආදරේ..
    පෙනෙන දුරකට ගෙන්නෙපා..
    දුටු නමුත් මගෙ ආදරේ..
    දුටුව බව හඟවනු එපා..//

    සසරෙ හමුවී පුරුදු ඇති මුත්
    පුරුදු බව පවසනු එපා..
    මට කලින් පෙම ඔහුට දුන් බව..
    යලි යලිත් පවසනු එපා..යලි යලිත් පවසනු එපා..

    මගේ නොපෙනෙන...//

    සිහින අතරින් පෙනුනු සිහිනය
    සිහිනයකි සඟවනු එපා...
    දකින දුරකින් ලඟින් ඉන්නම්
    පෙනුනු බව පෙන්වනු එපා..
    පෙනුනු බව පෙන්වනු එපා..

    මගේ නොපෙනෙන....//

    ගායනය : ප්රසංග තිසේරා
    පද රචනය : මෙලාන් ඉඳුනිල් කරුණාරත්න
     
    • Like
    Reactions: amila_90210
    මුවරද සුවඳ ගෙනා සමණලුනේ
    කියන්න හෙමිහිට
    කොයි යම් ඉසව්වෙන්ද මුණගැසුණේ
    මා හැර ගිය ඇය
    මට මග කියන්න එක සැරයක්
    ඈ හමුවන්නට
     
    විසිරුනු මල්පෙති දොතට ගත් කුමරී
    ඒ පෙති එක් කර මලක් සොයන බොලදී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    විසිරුනු පෙති යලි මලක් නොවෙයි නැගණී

    වෙරල සොයා රළ පෙළ දිව ආවත්
    වෙරලට කිසිදා දියඹ දකිනු හැකිදෝ
    බඳට පියාපත් යුවලක් ලැබුනත්
    අහසේ දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ

    බඹරුන් පසුපස මල් දිව නොගියත්
    අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ
    මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
    නුඹේ සුසුම් ගිනි බොල් අහසම නොවෙදෝ
     
    • Like
    Reactions: amila_90210

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Sumudu Watareka............



    නිහඬ ගීතය ගොළු වෙලා~
    හද ගැබේ මිහිදන් වෙලා..
    මගේ දෑතින් තැනූ ලෝකය~
    මට එරෙහී වී නැගිටලා..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජ දහනේ
    ආදරේ
    ආදරේ

    නීල අහසේ තාරකා සේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බඳවා තබන්නී

    කල්පනා ලොව මල් වනේ...

    මා වටා සහසක් යුගත් පා‍
    ඈ රුවින් පිළිරූ මැවීලා
    පාව යයි මුළු ජීවිතේ සුදු
    මීදුමෙන් දැවටී එතීලා

    කල්පනා ලොව මල් වනේ...


    ගායනය - අබේවර්ධන බාලසූරිය
     
    තණ නිල්ල දිගේ ඇදිලා යනවා
    සිත මා පිරිලා
    දහසක් නෙතු මා වෙත යොමු වෙනවා
    සිත මා පිරිලා


    විදුලිය වාගේ වැදිලා
    යන විට ඈත නොපෙනී //
    දෙසවන් මගෙ පිරිලා ඇසේ
    ජය ගීතිකා ගැයෙලා


    තණ නිල්ල දිගේ.........


    සැඩ හිරු ඈත දිලෙනා
    සුව බර මේ සැන්දෑවේ //
    හස‍රැල් නගී සතුටින් වගේ
    ජය ගීතිකා ගැයෙලා
     
    ජය සිරි මා හාමුදුරුවනේ..
    දර මිටි ඇද්දා රෑ නිදි වැරුවා..
    ගිණිමැල ගහගෙන රැක හිටියා..
    එහෙව් අපට අද එන්ඩ තහංචිද,
    ජය සිරි මා හාමුදුරුවනේ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සත්සඳ සත්සඳ දිය පල්ලේ තිබෙයි අල
    දෙයියන්ගේ පිහිටයි ....
    සත්සද සත්සද දිය මතුපිට තිබෙයි කොළ
    ගාලේ ලිහන්ඤයි
    වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
    මස්සටකයින්ට මුතු කුඩයකි නෙළුම් මල..

    සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
    සත්සඳ සත්සඳ අපි මහ පාරේ යනවා

    සක්සඳ සත්සඳ සඳ පානේ අපි යනවා
    දෙයියන්ගේ පිහිටයි ...
    මක්කොලි බදට ගොන් බානක් බැද යනවා
    ගාලේ ලිහන්ඤයි
    සකිය සගව්ව‍ට රෝදය කැරකෙනවා
    දත් කැකුලට නාරම්මල ලතවෙනවා...

    සකිය සගව්ව‍ට.....

    සක්සඳ සත්සඳ සඳ පොබයන සාවුන්ට
    දෙයියන්ගේ පිහිටයි...
    මක්කොලි බදට දුටු විගසට ගිරවුන්නට
    ගාලේ ලිහන්ඤයි
    පදින සැරේ රොන් ගෙන යන බඹරුන්ට
    වර ටිකිරෝ සත් සමුදුර පීනන්ට...

    සකිය සගව්ව‍ට.....


    රෝහණ බැද්දගේ..
     
    දෙමස්සිනාලා . . .
    මල් පැණි බීවා දෝ...
    බඹර කපන්ටා..බඹර කපන්ටා
    බමන මතින් කරනම් ගැසුවාදෝ
    තනි වූවේ මාවයි මයෙ මලයා
    තනි වූවේ මාවයි මයෙ මලයා..
     
    රුවන් වලා විමානේ
    සිරි යහනාවෝ දුටුවාදෝ..
    දෝතින් ඔබේ අරගන්න මා
    සතපන්න ඒ යහනාවේ..
    රුවන් වලා විමානේ
    සිරි යහනාවෝ දුටුවාදෝ..

    මේ දෑත සීතල ඇයිදෝ...
    මට පවසන්න කොඳුරා ලඳේ..
    නෑ තාම උණුසුම කුමරූ..
    යමු තනිවෙන්න මිටියාවතේ..
    ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ඔබයි ඔබේ සිනා පොදයි
    සෙනේහයෙන් අවදි කරයි
    උදෑසනින් මා
    නිවයි මගේ හදේ සුසුම්
    පවන් සලා කඳුළුවලින්
    හඬා වැටෙමි මා

    දයා සිතින් නෙත් දැල්වී
    ඔබ එනතුරු බලයි
    හදේ නැගෙන සුසුම් වෙතින්
    සිනා ගඟක් ගලයි //

    ඔබයි ඔබේ සිනා පොදයි...

    රැයේ ගලන අඳුර මැදින්
    ඇගෙ කටහඬ ගලයි
    අපේ සිහින ලොව දෙදරා
    ජීවිතයම හඬයි //

    ඔබයි ඔබේ සිනා පොදයි
    සෙනේහයෙන් අවදි කරයි
    උදෑසනින් මා
    නිවයි මගේ හදේ සුසුම්
    පවන් සලා කඳුළුවලින්
    හඬා වැටෙමි මා
    හඬා වැටෙමි මා
    හඬා වැටෙමි මා
    හඬා වැටෙමි මා


    ගායනය - සරත් වීරසිංහ
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සිත නැවතුන තැන ඔබ නවතිනවාද
    ඔබ නැවතුන තැන සිත නවතිනවාද
    ඔබයි ඔබේ හිතයි
    එක විට එක තැන නැවතුනදා
    බලන්න වටපිට මම ඔබ ලඟද කියා..:love::love:
     
    සයුරේ ..
    ජිවිත නැව පෙරලි
    මුතෝ සොයනා ය කොහේදෝ
    පන නල පාගා...
    වෙරළේ..
    පියමං පවසූ ඒ
    රළ කඳුලේ සුවඳයි මේ..
    සෙනෙහේ ..
    අසරණ වූ දා පමණයි දෝ
    නොවෙනස්වෙයි කුරුළු ගී..
    දැන් පන නළ සැබෑ ලොවේ..

    ඉස්සුවා
    රොබින්සන් අන්දරය
    ශශිකා නිසංසලා /ලාල් රූපසිංහ වගේ මතක
     
    • Like
    Reactions: ^Buddhika^

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    [FONT=&quot]මේක මගේ යාළුවෙක් කරපු සින්දුවක්..........
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හදේ ලැගුම්ගෙන හදවත පාරයි නම්[/FONT]
    [FONT=&quot]සුසුමක් වී මා ඔබේ හදින් යන්නම් [/FONT]
    [FONT=&quot]මතකයන් යලි සිතට නැගෙයි නම් [/FONT]
    [FONT=&quot]සිතුවිල්ලක් වී මා සිතින් යන්නම් //[/FONT]

    [FONT=&quot]ඈ දන් නෑ , ඈ මගෙයි කියා [/FONT]
    [FONT=&quot]ඈ දන් නෑ , ඈ පෙම් බැදී මා [/FONT]
    [FONT=&quot]ඈ දන් නෑ , ඇගේ සිහිනය මමයි කියා....[/FONT]
    [FONT=&quot]ඈ දන් නෑ ඈ ආදරේ මටයි කියා [/FONT]
    [FONT=&quot]ඈ දන් නෑ ඈ [/FONT] [FONT=&quot]ආදරේ මටයි කියා [/FONT]

    [FONT=&quot]නෙතෙහි ඇදුනු රුව නෙත තුල වද දෙයි නම් [/FONT]
    [FONT=&quot]දසුනක් වී මා ඔබේ නෙතින් යන්නම් [/FONT]
    [FONT=&quot]සසර පුරා බැදී දහසක් බැදුමින්[/FONT]
    [FONT=&quot]භවෙන් භවේදී මා ඔබ මුදවන්නම් [/FONT]

    [FONT=&quot]හදවත පාරා නෙත හැඬ වූ ඒ[/FONT]
    [FONT=&quot]ප්‍රේමය හට මා සමුදෙන්නම් [/FONT]
    [FONT=&quot]නෙත බොද කල ඒ සොදුරු දසුන් හට [/FONT]
    [FONT=&quot]සමු දී යලි මා නොපෙනෙන්නම් [/FONT]
    [FONT=&quot]නෙතට හොරා හදවත් බැදි ආදර [/FONT]
    [FONT=&quot]සිහිනය යලි මා නොදකින්නම් සදා[/FONT]

    [FONT=&quot]අතීතයේ එක් සොදුරු නිමේශෙක [/FONT]
    [FONT=&quot]මා ජිවත් වෙන්නම් [/FONT]
    [FONT=&quot]සුවපහසුව යලි කිසිදා [/FONT]
    [FONT=&quot]නොලබන්නම්........[/FONT]
    [FONT=&quot]ඈ දන් නෑ ඈ[/FONT] [FONT=&quot]ආදරේ මටයි කියා [/FONT]
     
    • Like
    Reactions: amoeba2576