mokakada shishaya karaya darshake kiyanne?? api yana kale owa ona unada?
ශිෂ්‍ය කාර්ය දර්ශනය නොහොත් පාසල් හැරයාමේ සහතිකය යමෙකු රජයේ පාසලක ඉගෙනගත් බව සහ එහි දී එම පුද්ගලයා නොහොත් සිසුවා ගේ නම, පාසලට ඇතුලත් කරගත් අංකය, චරිතය, හැසිරීම, විශේෂ කුසලතා පෙන්වීම්, නායකත්වය සහ පොදු කටයුතු වලට සම්බන්ධවීම් වැනි සිසුවා පිලිබඳ අනන්‍ය සටහනක් තබන ලියවිල්ලක්.
මෙම පත්‍රිකාව සකසා ඇත්තේ බහු තීරු ක්රමවේදයකටය. එනම් එකම සිසුවා සම්බන්ධයෙන් ඔහු අධ්‍යාපනය ලැබූ පාසල් එකකට වඩා පැවතිය හැකි බැවින් ඒ සියළුම පාසල් සඳහා සිසුවාගේ තොරතුරු ඇතුලත් කොට සිසුවා අධ්‍යාපනය ලැබූ බවට සහතික කිරීම සඳහා. අවම වශයෙන් පාසල් හතරක තොරතුරු රැඳවීම සඳහා තීර වෙන් කොට තිබේ. එක් පාසලකින් ඉවත් වූ පසු එම පාසලින් අදාල තීරය සම්පූර්ණ කරන අතර නැවත ඇතුලත් වන පාසලෙන් දෙවැනි තීරය ලෙස 13 ශ්‍රේණිය සමත් වන තුරු මෙලෙස පාසලින් පාසල සිසුවා මාරුව යන්නේ නම් අධ්‍යාපනය ලැබූ පාසල් පිලිවෙලින් තම විද්‍යාලයේ මෙම සිසුවා අධ්‍යාපනය ලැබූ බවට සනාථ කරයි. එකම පාසලක අධ්‍යාපනය ලැබුවේ නම් මෙහි එක් තීරයක් පමණක් ප්‍රයෝජනයට ගනී.