පද පේළී - EK LYRICS THREAD PART 2

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මගෙ හද මඩල මල් යහනකි ප‍්‍රභාවතී
නුඹෙ හද මඩල කටු යහනකි ප‍්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප‍්‍රභාවතී
මල් යහනෙන් බැස පළයන් ප‍්‍රභාවතී
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
දේවතාවන් සිතන දේවල්
දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ
හිරු රැසින් හැම පිනි බිඳක්මත්
දිලිසි දිලිසී අවදි වෙන්නෑ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නොදැක ඉන්න බෑ... මට නම් මගෙ ආදරී....
නොලැබ ඉන්න බෑ.. තව නම් ඔබෙ ආදරේ....
නොසිත ඉන්න බෑ.... මට නම් කිසිදා ළඳේ....
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
මීවිත පිරුණා මැදියම් රෑ
ඔබ නැති පාලූව දැනුණා ඉවසුම් නෑ
නෙතළග සීතල දැනුණා කදුලක් තාලෙට හැලූනා
මා හද හැඩුවා ඔබ දන්නෑ........
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
වස්සානයේ ප්‍රේමයයි
දෙහදේ පිළිරූ ඇදුනා
නුඹේ දෑසින් පේවුණා
මගේ දෑසම යාවුනා
හිත අහසේ යාවී පාවෙලා
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඇසිපිය මානේ දැසමන් පීදේ
මේ දුර්ග මාවතේ ඔබේ ආදරේ දැනේ
සඳ අහසින් මිදී..
ඉර නැවතී හිඳී ලොව එලියෙන් පිරී
අපගේම ලෝකයේ
 

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
නුඹ මුසා අසාවී
හොඳටෝ ම හඬාවී
ඔය කඳුළු සිතාසී
මගෙ හීන දවාවී
මගෙ හීන දවාවී
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සඳකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුනු ලැගුම් ගනී
    කැලතුනු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියවී

    යුගයෙන් යුගයට නොමියෙන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුලක් මැලවෙද්දී
    සියුමැලි කැකුලක් මැලවෙද්දී

    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩක ගෙනයන බිංදූ
    ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
    පොපියන දෙතොලක් එහිකැන්දූ
    අහස ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවුනු වැහි බිංදු
    ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
    තවකෙක් ඈ වෙත හද රැන්දූ
    තවකෙක් ඈ වෙත හද රැන්දූ...

    සඳකඩ පහනක.........................................

    හදවිල ඉපැදුනු කැකුළක් නොකලටි
    නටුවෙන් ගලවා දුරක යවා
    මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක්
    සත්සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම වු රිදුනු තැවුනු හද
    එක්ටැම් මැදුරක කවුලු අරා
    රුවන් විමානේ පියාඹා එනතුරු
    පොපියන හදවත සිටියි බලා

     
    තෙදිනි විරාජ
    රුවිනි විරාජ
    රුහුණු සුරාජ
    කඳ දෙව් රාජ ...//

    එ රන් මයුර වාහනයෙන්
    රුපු සෙන් බිඳ වැඩමවන්න
    වැඩ හිටි කඳු මත වැඩ සිට
    නර කැළ වෙත සෙත සදන්න
    කතරගමේ බල මහිමේ
    දියත පතල කර හරින්න

    තෙදිනි විරාජ
    රුවිනි විරාජ
    රුහුණු සුරාජ
    කඳ දෙව් රාජ ...//

    අණ වින වස් දොස් තුන්බිය
    දුරලා සත රැක දෙවන්න
    මැණික් ගඟේ නිමල දියෙන්
    කිළි කුණු සෝදා හරින්න
    කතරගමේ බල මහිමේ
    දියත පතල කර හරින්න

    තෙදිනි විරාජ
    රුවිනි විරාජ
    රුහුණු සුරාජ
    කඳ දෙව් රාජ ...//

    ගායනය - එඩ්වඩ් ජයකොඩි
    පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව - ග්‍රේෂන් ආනන්ද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Buddhafosfor-2.jpg


    සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
    දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
    සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
    හද විල් ජලයේ

    උදා ළහිරු සේ ලොව සනසවනා
    තරු වියනක් සේ සිත පහදවනා
    සමිඳුණි ඔබ වේවා පහන් ටැඹ
    මා ළය මඬලේ

    මල් සුවඳක් සේ සුළඟට වඩිනා
    මව් වදනක් සේ සෙනෙහස ගලනා
    සමිඳුණි ඔබ වේවා පිහිට මට
    මේ බව කතරේ


    පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
    සංගීතය : එම්. ආර්. චූලසිංහ
    ගායනය : ටී. එම්. ජයරත්න
     
    ආලයේ ගාථා - සජ්ජායනා කලා
    ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
    චණ්ඩාල රශ්මි බන්ධනයෙන් හද මැද දවා
    සාධු ජන ස්වප්නය ට නිමා දී ඔබ ගියා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හැංගි හැංගී එ‍බිකම් කළා
    හොර හොරෙන් ඔබේ හිත අස්සේ
    හැංගිලා ආදරේ කියන්නත් ලෝබ නෑ
    ආදරේ ආදරේ සදහට ම ඔබ මගේ

    ඉකිබිඳිනා සයුර වගේ කැළඹේවී ආදරේ
    දුක දරනා පොළොව වගේ රළු වේවී ආදරේ
    රෑ වාගෙ නෑ අපෙ ආදරේ
    ලස්සන අහසෙ තරුමල් වගේ
    සුමුදුයි මල් පෙත්තක් වගේ

    සදහට මා ඔබ තුරුළේ රැ‍කදේවී ආදරේ
    මා ඔබගේ දෙව්දුව වේ දෙවු විමනේ ආදරේ
    සමුගන්න දා ජීවිතයෙන් අපී
    අවසන් හුස්ම‍ පොද දෙදෙනගේ
    එකට ම යවමු අපි ආදරෙන්

    හැංගි හැංගී ..................
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හුස්මක් පවා දැනෙන මේ රාත්‍රියේ
    කොඳුරා කියාදෙන්න මට ආදරේ
    දුල් නෙත් විදාලා රහසින් බලාලා
    ඉමු ළං වෙලා මේ රෑ පුරා
    පිණි මල් කඩා හැලෙන රෑ සීතලේ
    මුමුණා කියාදෙන්න මට ආදරේ
    දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
    පෙම විඳිනවා රතු ලේ පවා

    අඳුරේ පවා පේන තරු නෙත් දිහා
    නොසැලී බලා ඉන්න හිතුනා සදා
    හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
    තුරුළේ තියාගනිමි මගෙමයි කියා
    ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
    මුසුපත් වෙලා කඳුළක් වුණා

    හුස්මක් පවා ...............

    හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
    නුඹටයි මගේ හීන දෙන්නේ ලියා
    පපුවේ නිදා උන්න මොහොතක් පවා
    දැණුනා ළයේ ගැඹුර සනසා තියා
    මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
    ඉමු ළං වෙලා මියෙනා තුරා
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    තරු වෙරළේ..........සඳවත සේ........
    සිත් අහසේ ඔබ පායා උන්නා.....
    හිනැහෙමු එ පුරහඳ ⁣සේ........
    ම⁣ගේ මිතුරෙ නෙත් කදුලු පිසදා.........

    මල් පිපිලා ඇස් මානෙ නෙක පැහැයෙන් පුරවා
    හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා..
    හොරෙන් ඇවිදින් පිණිකදුලක් සිත් සායම් තිබ්බා...
    සුවඳ විතරයි අතගිල්ලට හිමි නැති දෝ මන්දා...

    මගෙ ලග ඉදන් ලොකු ඇස් පියන්...
    වස්සාවි හිත් යායෙ වරුසා..............
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113


    සඳ ලඟ තරු ලඟ සිත රැඳුනා
    මුතු ලඟ සිනහවෙ වැසි වැටුනා
    අහසක් වගේ පෙනුනා
    තරුවක් සිතේ පිපුනා..

    තනිකම සිත යට ඉකිගසනා
    හෙමිහිට හැමවිට නුඹ පැතුවා
    කෙලිලොල් නුවන් මවනා
    නොයිඳුල් සිතුම් පිරුනා...

    දෙව්සිරියෙන් වැඩ සිටි ඒ..
    මා සිත නුඹට බැදී...
    හද කුටියේ සීගිරියේ..
    ගී ඇත කුරුටු ගැසූ...

    නුඹ මාගෙ හද අරගන්
    ලඟ පාත ඉද හිනහෙන්
    පුර පෝය සද විලසින්
    සිත් යාය මත පායන්

    සිත් පතුලේ දිය සුලියේ
    සිතුවිලි නුඹට රිසි
    ආල රැයේ සිහින පිපේ
    හීලැ නොමැති සිතේ...

    ඔය දෑස කවි දහසක්
    මුතු සීන මල් යායක්
    තොල් සිඹින තත්පරයක්
    රතු රෝස අක්කරයක්

     
    සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
    කවදා හෝ යළි දකින තුරා
    රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ
    යළි මගෙ සවනත වැකෙන තුරා
    විඳින්න දුන් ජීවිතය අරන්
    විඳවන්නද මේ භවය පුරා

     
    හඳපානාගල


    තණමල්විල මල් ගෝමර
    පොකුරු පිපෙන්න
    හඳපානා ගල මුදුනින්
    වැවට බහින්න
    කන්ද උඩින් ගෝමරියේ
    වැවට බහින්න

    කන්ද උඩින් ගෝමරියේ
    වැවට බහින්න

    වැවට බහින්න..

    ඉරිඟු යාය මල්බර වෙන මල්වර නැකතේ
    පැළට වෙළා මං තනියම
    ඉන්නද මැණිකේ
    වැවෙන් ගොඩවෙලා
    සක්මන් කරන්න දෙවැටේ

    පළුගහ උඩ හඳපානක බැබළි බැබළියේ
    සිළිති වරළ ඉස සිකිපිළ මොණර කිකිළියේ
    නුඹට නින්ද යන්නෙ නැතිවද
    රෑ හඳ එළියේ

    රෑ හඳ එළියේ

    rathna-sri-wijesinghe.jpg
    LGQmdY7
    open


    බාගන්න
    රත්න ශ‍්‍රී විජේසිංහ
    සමන් ජයනාත්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එදා වාගෙ ආයෙ දවසක්
    ළඟින් ඉන්නනම් බැරිවුණත්
    තවත් ආදරෙයි මමනම්
    කාටත් වඩා
    හිතාගන්න බෑ අදටත්
    වැරැද්දක් කළා මමනම්
    මතක් වෙද්දි තාම හැඬුනත්
    හිමි නෑ ඔයා

    හුඟක් ආදරේ ලැබිලත්
    මගෙන්මයි වුනේ වරදක්
    ඔයා දහදුකක් විඳලා
    ආදරෙ කළා
    නවත්තන්න බෑ කළ පවු
    හැඬෙවුවා ඔයාව ම මං
    සමාවක් නැතේ ආයෙත්
    පසුතැවෙමි මා

    මුරණ්ඩුයි කියා දැනිලත්
    ඔයා නෑ කළේ වෙනසක්
    ඔයාගේ සෙනේ දැනිලත්
    මඟහැරිය මා
    නවතින්න බැ මටනම්
    කළ පින් මදී මානම්
    මට අයිති නෑ ඔයා
    සමුගනිමි මා

    එදා වාගෙ .....................


    ගායනය :- නිශා හෙට්ටිආරච්චි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිහාටුවක බර සැහල්ලුවට හිත හදාගන්න කියලා
    කුණාටුවක සැඩ සුසුම් හෙලනකොට කියන්නෙ කොහොම ද මා
    අවිශ්වාසනම් මගේ දෑස් මත ජී‍විතේ ම තියලා
    ගිහින් එද්දි දුර හිතේවි කොච්චර පරිස්සම් ද කියලා

    හඬන්න ඕනෑ තැනත් හිනාවෙන සුපෙම්වතෙක් හින්දා
    කරන්නෙ මං තව විහිලුවක් කියා හිතන්නැද්ද මන්දා
    හිනාව තිස්සෙම ඔබේ කොපුල් මත තියාගන්න රන්දා
    කැමැත්තෙන් ම මං ගනන් ගන්නෙ නෑ වටෙන් පිටෙන් නින්දා

    වාරුවෙලා ඉද්දිත් උර පත්තට ළඟින් ළඟින් කියනා
    අහන් ඉන්නවා කියනා ඔ‍ක්කොම ඔබේ හිතත් නොරිදා
    හූමිටි තියන්නෙ නැත්තේ වැඩිපුර ඒ විස්තර අහලා
    මං ගොලුවෙනවා සමහර තැන්වල හේතුව දන්නෑ මා

    පිහාටුවක බර .....................


    ගායනය :- රොෂාන් ෆ්‍රනෑන්ඩු
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඔය සුසුම් පවන් වැදී
    නෙතු පියන් තැලේ රිදී
    ඔබ ගොළුයි හිතත් නිදී
    ඔබව තාම මටද හිමී

    මිරිගුවක්‌ සොයා ගොසින්
    හිත ගිලන් උනා තමයි
    හිමි නැතත් ඔයා ඉතින්
    මම තවත් ඔබේ ලගයි

    ඔය හිතින් පිදූ පෙමින්
    ඇත දහස්‌ ගනන් පැතුම්
    ඔබ ගියත් මගේ ලගින්
    මගෙ හිතත් යන්න අරන්


    ගායනය: චාමර වීරසිංහ
     
    • Like
    Reactions: amila_90210