Floppy Disk කතා..

කණියා

Well-known member
  • Feb 1, 2010
    815
    299
    63
    Sri lanka
    Floppy Disk එහෙමත් නැත්තං Diskette කියලා කියද්දි සමහරුන්ට නම් පැරණි මතකයන් නැවත මතක් වෙන එක නවත්තන්න බෑ.. ඒ තරම් මීට අවුරුදු 10කට විතර කලින් පරිගණක පාවිච්චි කරපු අයට ‍ floppy disk සමීපයි. මේ දවස් වෙනකො‍ට නම් floppy disk collectible item එකක් ගානට වැටිලා තියෙන්නේ.. ඒ නිසා වැරදිලාවත් ලග ති‍යේ නම් පරිස්සම් කරලා තියාගන්න.

    Floppy disk ගැන කතා කරද්දී sizes 3ක් තියෙනවා..

    8" floppy disk
    5.25" floppy disk
    3.5" floppy disk
    පහල පින්තූරෙ තියෙන්නේ මේ කියපු වර්ග 3 තමයි.

    1024px-3Disks.jpg


    Floppy Disk වලට දාලා තිබුන සිංහල වචනය තමයි "සුනම්‍ය තැටි" හෝ "නම්‍ය තැටි" කියන එක. එහෙම කියන්න‍ හේතුව තමයි 8" සහ 5.25" ප්‍රමාණ වලින් ආපු ඩිසක් යම් ප්‍රමාණයකට නමන්න පුලුවන්. නමුත් අපිට ටිකක් හරි හුරුපුරුදු 3.5" ප්‍රමාණයේ floppy disk එක නම් hard case එකක් එක්ක තමයි ආවේ.. හැබැයි කියන නම වෙනස් උනේ නෑ..

    8" disk එකේ කැපැසිටිය 1.2Mb වගේ වෙනකොට 5.25" disk එකේ කැපැසිටි එක 360kb තමයි තිබුනේ..
    හැබැයි 3.5" floppy වල කැපැසිටි 360kb, 720kb සහ 1.44Mb ප්‍රමාණ වලින් ආවා.. 360kb තිබුනේ තැටියේ එක පැත්තක විතරක් දත්ත ගබඩා කරපු disk වල. පසුකාලිනව දෙපැත්තේම දත්ත ගබඩා කරලා මේක දෙගුණයක් (720kb) කරගත්තා. පස්සේ මේ දත්ත ගබඩා කරන එක සියුම්ව කරලා (High Density) 720kb කියන කැපැසිටි එක 1.44Mb කරගෙන තියෙනවා. මේ 3.5" floppy disk එක ඇතුලේ තියෙන්නේ circuit එකක් කියලා හිතාගෙන දවසක් මම එකක් ගලවලා බලාපොරොත්තු සුන් කරගෙනත් තියේ :D

    හැබැයි පස්සෙ කාලෙක windows වලට ආවා disk compression tool එකක්. ඒකෙන් floppy disk එකේ capacity එක 2.88Mb කරගන්න පුලුවං උනා.. හැබැයි ඒවා වෙන කොම්පියු‍ටරේක read කරද්දි යම් යම් ගැටලු ආවා.

    පරණ පරිගණකයක drive letters වලින් A සහ B කියන drive letters වෙන් වෙලා තිබුනේ Floppy disk Drive වලට. දැනටත් සාමාන්‍යයෙන් A සහ B පාවිච්චි වෙන්නෙ නැත්ත‍ේ අන්න ඒ පුරුද්ද නිසා.

    Floppy disk එකක දත්ත ගබඩා වෙන්නේ Magnetic storage විදිහට. උදාහරණයක් කියනවා නම් කැසට් පීස් වගේ.. මේවයි තියෙන data write protect කරන්න හැකියාවක් තිබුනා..Floppy disk එකේ එක මුල්ලක සිදුරක් සෑදීමෙන් තමයි එහෙම ‍කලේ. 3.5" floppy disk වල නම් මේ සිදුර අරින්න වහන්න පුලුවන් විදිහට හදලා තිබ්බා..

    index.3928.47045278639280.jpg


    Floppy Disk ගැන කතා කරද්දී කියන්න රසකතා කීපයක් තියේ.. මට මුල් කාලේ කොම්පියටරයක් නොතිබුනාට ලග floppy disk කීපයක් තිබුනා.. ඒ කාලේ ඇත්තටම කොම්පියුටරයක් කියන්නේ හරියට luxury item එකක් වගේ..(මම මේ කියන්නේ 2000 අවුරුද්ද ගැන) ඉතිං අපි සමාජයෙන් කොන් වෙන්න තියෙන බයට computer තියෙනවා කියලා පෙන්නෙුවේ floppy disk එකෙන්.. ටවුන් එකේ computer shop එකෙන් floppy disk එකට ගේම් එකක් copy කරන්න ඒ කාලෙ මට මතක විදිහට රුපියල් 30ක් විතර ගත්තා. ඉතිං ඕකට Mario, Prince of Persia වගේ games දාගෙන මම කරන්නේ චන්ඩියා වගේ ‍කොම්පියුටර් තියෙන යාලුවොන්ට දෙනවා.. උං‍ට computer තිබ්බට games නැ. හැබැයි දවසක් මම තව පොඩ්ඩෙන් නෝන්ඩි වෙනවා prince ගේම් ඒකේ අරූට ගහන්න බැරි තැනක් ගැන මගෙන් විස්තර අහලා.

    අනික් සිද්දිය තමයි games ගන්න තැනට ගියාම එයාලාට පොඩි games හොයලා එපා වෙනවා.. ඇයි ඉතිං 1.44mb වලට හරියන්න games හොයන්න ඕනා.. ඉතිං මගෙන් එතකොට අහනවා මගේ කොම්කොපියුටරේ විස්තර. ම‍ට සෙකන්ඩ් වෙන්න බෑනෙ. මම කියනවා අපේ ඉස්කෝලෙ ලැබ්‍ එකේ කොම්පියුටරේ spec එක. P3, 500Mhz කියලා. එතකොට shop එකේ අයියා අහනවා CD Drive එකක් නැද්ද කියලා.. ඒකට මම හදාගත්තු උත්තරේ තමයි මගේ computer එකේ multimedia නෑ කියන එක. දැං කට්ටිය පුදුම වෙන්න එපා.. ඉස්සර කොම්පියුටර් වල එහෙම low budget ජාතියකුත් ආවා.. Multimedia නෑ කියන්නේ CD drive, Sound card, Speakers නෑ කියන එක. Storage device එක Hard disk එකක් විතරයි.. ආයෙ ඉතිං floppy drive එකක් තියෙනවා.

    කොහොම හරි පස්සෙ කාලෙක කැට වල ඉතුරු කරපු සල්ලිත් අරං, තාත්තට පින්සෙන්ඩු වෙලා රුපියල් 8000කට කොම්පියුටරයක් ගත්තා. ඒක ගැන විස්තර මගේ කොම්පියුටර් ඉතිහාසය කියන post එකේ තියේ.

    Floppy disk එකෙන් ඒ දවස් වල ගත්තු තව වැඩක් තමයි startup disk එකක් විදිහට පාවිච්චි කරපු එක. මොකද දවසක් මම C drive එකේ රවුම් ගහනකොට දැක්කා ලොකු ඉඩක් යන මෙලෝ වැඩක් නැති Folder එකක්.. විශ්වාස කරන්න පින්වතුනි ඒක ‍එසේ මෙසේ folder එකක් නෙමෙයි System32 folder එක. ආයෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ කෙලින්ම Shift + Delete. කරුමෙ කියන්නේ ඒ දවස්වල තිබ්බ windows 95 වල අපිට full access දිලා තිබ්බෙ. කිසි ප්‍රශ්නයක් අහන්නේ නෑ අපි මොකක් කලත්

    ඊලග පාර කොම්පියු‍ටරේ On කරනකොට බබා හම්බෙලා.. ඒ දවස් වල windows දාන්න රුපියල් 500ක් ගන්නවා.. කලින් කීප වතාවක් රුපියල් 500 ඒවා කොම්පියුටර් shop එකට පූජා කරලා තිබ්බ නිසා තාත්තගෙන් මේ පාර ලැබුනෙ නෑ.. දැං මොනවා කරන්නද. යාලුවෙක්ගෙ දිහා ගිහිං start up disk එකක් හදං ආවා.. floppy disk එකෙන් boot කලා.. පරන dos games තිබ්බ CD එකක් දාගත්තා. game ගහන්න පටන් ගත්තා.. මගේ වෙලාවට windows 98 startup disk වලට cd rom drive support තිබ්බා..

    ඒ කාලෙ ඇත්තටම Floppy disk එකක්, CD එකක් තියෙනවා කිය්‍න්නෙ මහ මෙරක් වගේ තමයි.. මගේ ගාව පරිස්සමට 3.5" Floppy Drive දෙකක්, 3.5" floppy disk කීපයක්, පැකින් නොකඩපු floppy disk 10ක පැක් එකක් සහ 5.25" floppy disk එකකුත් තියෙනවා..

    603883_4931702134350_320209529_n.jpg


    Source: Floppy Disk කතා..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මගේ ලඟත් මෙව්ව එකක් තියනව...මේක තිබුන computer එක නම් අවසන් ගමන් ගිහින්

    Zc8R20e.jpg


     
    • Like
    Reactions: කණියා

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    +6

    floppy disk ගැන මම කිරියට දාපු ත‍ෙරේඩි එකක් මෙිකත් බලන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1761297​
     
    Last edited:
    • Like
    Reactions: කණියා

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    749
    610
    93
    Piliyandala
    කණියා;21742426 said:
    ...C drive එකේ රවුම් ගහනකොට දැක්කා ලොකු ඉඩක් යන මෙලෝ වැඩක් නැති Folder එකක්.. විශ්වාස කරන්න පින්වතුනි ඒක ‍එසේ මෙසේ folder එකක් නෙමෙයි System32 folder එක. ආයෙ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ කෙලින්ම Shift + Delete.
    :lol: :lol: :lol:

    සිරා පට්ට පොස්ට් එකක්!!!
    මන් ගාවත් 3.5" ඩිස්ක් වගයක් තිබ්බ මතකයි. කොහෙද දන්නේ නෑ.. :oo::oo::oo::oo:
     
    • Like
    Reactions: කණියා

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    mage mulinma pc ekak kiyala hambunee ban hard disk eka 680MB kiyaapan....
    RAM eak 8MB da manda....windows 95 pissu hdenawa..
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    815
    299
    63
    Sri lanka
    මරුසිරා;21746684 said:
    ඒකාලේ වැල ගබඩා කලේ ඕවල තමයි ඉතින් ..

    acdsee /irfanview /dosshell / xing player ...එහෙම අදවගේ මතකයි
    :love::love::lol:

    ඇයි පොඩි පොඩි flash player animation :lol::lol::lol::lol::lol: