අඩු_වියදම්_ස්ලැබ්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අඩු_වියදම්_ස්ලැබ්

    අඩු වියදම් ස්ලැබ්

    ICC කියන්නේ International Construction Consortium (Pvt) Ltd කියන ආයතනයයි. මේක ලංකාවේ ප්‍රමුඛපෙලේ ඉදිකිරීම් සමාගමක්.

    අඩු වියදම් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් ඉදිකිරීමේ ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙකක් හදුනාගන්න පුළුවන්. හැමෝටම පහසුවෙන්න ඒ ආකාර දෙක, බාහිර පෙනුම පදනම්කරගෙන පැහැදිලි කරන්නම්. ඒ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත (දලඹ / soffit ) සමතලව පිහිටන SBS (Suspended Beam Slab) ආකාරය සහ කොන්ක්‍රීට් තලයෙහි යට මුහුනත සමතලව නොපිහිටන ESS (Easy Slab System) ආකාරයයි.


    61eptVN.png




    අවශ්‍ය ද්‍රව්‍ය :

    1. මේ ආකාර දෙකේදීම යටිකුරු කරනලද ඉංග්‍රිසි T අක්ෂරයේ හැඩයට සමාන ආකාරයෙන් විශේෂ කොන්ක්‍රීට් අංගන තුල සකස්කරනලද පෙර-ආතතීකරිත කොන්ක්‍රීට් තලාඳ භාවිතා කෙරේ. මේවා G.40 ප්‍රමාණයේ ශක්තියක් දරන බවද කියැවේ.



    Yq3l18z.png

    T තලාද සහ Soffit block


    2. තලාඳ අතර හිදැස පිරවීම සඳහා Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්) විශේෂයක් යොදාගැනේ. ඒවා G.10 ප්‍රමාණයේ ශක්තියක් දරන බව කියැවෙන අතර කුහරයන් විදුලි තත් ඇදීම කටයුතු සදහා යොදාගත හැකිවේ.

    3. බෙදාහැරීමේ වැරගැන්නුම් වශයෙන් 10 SWG, 2”x2” කොටුදැල් ( GI welded mesh) භාවිතා කෙරේ.

    4. මතුපිට යොදනුලබන ව්‍යුහාත්මක කොන්ක්‍රීටය වශයෙන් 2” ඝණකම G. 20 කොන්ක්‍රීටයක් යොදාගැනේ.



    FHiTz21.jpg

    ඉදිකොටඇති නිවසකට කොන්ක්‍රීට් තලයක් අළුතින් එකතුකිරීම



    කොන්ක්‍රීට් තලයක් ඉදිකිරීමේ ICC ශිල්පක්‍රම


    මෙවන් කොන්ක්‍රීට් තලයක්, ශක්තිමත් අත්තිවාරමක් මත නිසිලෙස ඉදිකරනලද, 9“ ගඩොල්බිත්ති ආධාරකොටගෙන පමණක්වුව (කොන්ක්‍රීට් කණු රහිතව) ඉදිකලහැකිය. එහිදී 9“ ගඩොල්බිත්ති මත ඉදිකරනලද 9”x4” තුනී කොන්ක්‍රීට් tie beam එකක් මත, 23” (හරියටම කිව්වොත් 572mm) පරතරයට T තලාඳ එලනු ලැබේ. අනතුරුව T තලාඳ සියල්ල සඳහා, යටින් යොදනලද හරස් තලාදයක් සහ මුක්කු පෙලකින් ආධාරක සපයනුලබයි.



    20QIHTP.png

    වැදගත් තොරතුරු


    එලනලද T- තලාඳ අතර හිදැස පිරවීම සඳහා යොදාගැනෙන ද්‍රව්‍ය අනුව ICC ශිල්පක්‍රමයෙහි ප්‍රධාන ආකාර දෙක තීරණයවේ.


    SBS (Suspended Beam Slab) ආකාරය

    පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit block නමින් හදුන්වනු ලබන කුහර සහිතව සිමෙන්ති බදාමයෙන් සකස්කරනලද බ්ලොක්(ගල්) විශේෂයවේ .



    t1GJkhi.jpg

    Soffit block ඇතිරීමෙන් පසු




    ESS (Easy Slab System) ආකාරය

    පිරවීම සදහා යොදාගැනෙන්නේ Soffit planks නමින් හදුන්වනු ලබන සිමෙන්ති බදාමයෙන් සහ තුනී යකඩ දැලක් ඇසුරින් සකස්කරනලද විශේෂ හැඩයකින් යුතු පනේල(ලෑලි) විශේෂයකි

    මෙසේ සකස්කරගත් මතුපිට මත 2”x2” කොටුදැල් එලා, ඒ මත 2” ඝණකම 1:2:4 (3/4”)කොන්ක්‍රීටයක් (G. 20) යොදා කොන්ක්‍රීට් තලයෙහි ඉදිකිරීම් අවසන්කරනු ලැබේ.



    වාසි.

    1. නිෂ්පාදකයා පවසන ආකාරයට සම්ප්‍රදායික ක්‍රමයට සාපේක්ෂව මෙහි 30% ක වියදම් ඉතිරියක් පවතී. (මෙම අගය ලබාගැනීම සදහා, බිත්ති ඉදිකිරීමේදී ව්‍යුහාත්මක කණු භාවිතා නොකිරීමෙන් ඉතිරිකරගතහැකි මුදලත් ඇතුලත්කර ඇතිබව ඇතිබව පෙනේ)

    2. පුහුණු ශ්‍රමිකයන් වඩා අඩුවෙන් භාවිතාකලහැකි වීම. (පුහුණු ශ්‍රමිකයන්ගේ සේවය මිල අධිකය)

    3. හැඩයම් (shuttering ) භාවිතයක් සිදුනොවීමත්, පෙරසවි උපාංග කල්තබා ඇණවුම්කර සාදාගතහැකිවිමත් හේතුවෙන් ඉදිකිරීම් සදහා ගතවන කාලය සාපේක්ෂව අඩුවීම.

    4. සමස්ථ කොන්ක්‍රීට් තලයම සාපේක්‍ෂව බරින් අඩුවීම.

    5. දලඹ කපරාරුවක් අනවශ්‍ය වීම.




    සැලකිය යුතුයි

    1. මෙම ශිල්පක්‍රමය හදුන්වා දුන් International Construction Consortium (Pvt) Ltd ආයතනය, අදාල ශිල්පක්‍රමය යටතේ කුඩාපරිමාණ ඉදිකිරීම් භාරනොගන්නා අතර උපාංග සපයාදීම පමණක් සිදුකෙරේ. ඉදිකිරීම් කටයුතු ඔබගේ දැනට ඉදිකිරීම් සිදුකරන ශ්‍රම කොන්ත්‍රාත්කරුවකු ලවා සිදුකරගන්නාලෙස උපදෙස් ලබාදේ. කෙසේ වෙතත් අවශ්‍ය පෙරසවි උපාංග වල ප්‍රමාණ සහ මිනුම් ලබාගැනීම සදහා ඔවුන් ඔබට සහය වනුඇත.

    2. ආයතනය වානිජ පරමාර්ථ සහිතව ක්‍රියාත්මක වන්නක් බැවින් ඔවුන්ගේ පෙරසවි උපාංග අලෙවිකරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකරඇතිබවක් පෙනේ. ඒ අනුව මෙහිදී ඔවුන් ගණනය කර ඔබට පෙන්වනු ලබන 30% ක වියදම් ඉතිරිය, ප්‍රායෝගිකව ඔබට අත්වනබවට සහතික කල නොහැකිබව සැලකිය යුතුය.

    3. වානිජ ගොඩනැගිලි සදහා යොදාගැනීමේදී මෙම ශිල්පක්‍රමයෙහි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම අවශ්‍ය වේ. (නිද. ලෙස ද්විත්ව වශයෙන් T- තලාඳ යෙදීම) ඒ සදහා ආයතනයේ නිලධාරි මහතුන් ඔබට සහය වනුඇත.

    4. මෙවන් කොන්ක්‍රීට් තලයක්මත, එයට පහලින් බිත්තියක හෝ ව්‍යුහාත්මක තලාඳයක සහයක් නොමැතිව, පලමු මහලේ කාමර වෙන්කිරීමේ බිත්තියක් හෝ ඉදිකිරීම නොකලයුතුය.

    5. T- තලාඳ ප්‍රවාහනය, බෑම සහ හැසරවීම පිලිබඳ ඔබේ ඉදිකිරීම් ශිල්පියාව දැනුවත් කරගත යුතුය.

    6. බැල්කනි ඉදිකිරීම සදහා තට්ටුව පමණක් ගොඩනැගිල්ලෙන් ඉවතට පැන්නීමේ හැකියාවක් නැති අතර එවන් අවස්ථා වලදී ව්‍යුහාත්මක තලාඳයක සහය අවශ්‍ය වේ.


    ernJcuT.png



    ඒ වගේ කරපු ප්‍රොජෙක්ට් එකක ෆොටෝස් වගයක් හම්බුනා. ඒකත් බලල අයිඩියා එකක් ගන්න පුළුවන්. පිලිවෙලටනම් නෙමේ තියෙන්නෙ.


    AK1Y99V.png



    NffRfu8.png



    7Jr3ITz.png



    b55cwJI.png



    EOKhSk6.png



    PH9vT6y.png



    TGstgSw.png



    wIlZzuZ.png



    9Vd1kh9.png



    fH6ltHQ.png



    f4EDJdd.png



    MGD3Ove.png



    AqknFIO.png



    NzKiDw6.png



    PC66AzI.png



    v2B5Usw.png



    QYYYqtK.png



    ihmYYlf.png



    uti3vnC.png



    Bvl8mFR.png





    Source: පෙදරේරුවා බ්ලොග් and various other places of the internet (Special thanks to UpulPDN and Rangana26).
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    අම්මෝ බං පණ බයේ තමයි ඉන්න වෙන්නේ. මොන වෙලේ ඔලුවට කොන්ක්‍රීට් කෑල්ලක් වැටෙයිද දන්නෙ නෑ. 30% ඉතිරිය මට නම් එපා :no:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අම්මෝ බං පණ බයේ තමයි ඉන්න වෙන්නේ. මොන වෙලේ ඔලුවට කොන්ක්‍රීට් කෑල්ලක් වැටෙයිද දන්නෙ නෑ. 30% ඉතිරිය මට නම් එපා :no:
    එහෙම නෑ බන් දන්න විදිහට මාර ශක්තිමත්.
    ලංකාවේ ඩොක්ට කුලසිංහ මහත්තය ගොඩක් පර්යේෂණ කරලා ප්‍රචලිත කරන්න ට්‍රයි කරාට බාස්ලා එක්ක බැරි වෙලා.
    මේ බලපන් ඕක කරපු එකෙක් උගේ අත්දැකීමෙන් කියන්නෙ....


    මම මේ විදිහට ගෙයක් හැදුව
    කිසිම අවුලක් නෑ
    හැම බිත්තියක් උඩම 9 බිම් එකක් යනවා
    අඩි 2 න 2 කට කොන්ක්‍රීට් කෝලම් එකක් යනවා (වනේ කම්බි 3 ක් තියෙන ටොන් 3 ක බරකට ඔරොත්තු දෙන )

    ඊට උඩින් සිමෙන්ති ලෑල්ලක් දානවා

    ඊට උඩින් 2" * 2" ගැල්වනයිස් දැල් දාල අගල් 2ක(ගනකම හරියට ෂුවර් නැ ) කොන්ක්‍රීට් එකක් දානවා

    මම පොඩි වෙනසක් කම් ටිකක් කරා දලට අමතරව කම්ම්බි සහ ස්ලැබ් එකේ ගනකම 4ක් කරා (මට කන්සල්ට් කරේ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ඉංජ්නේරුවෙක් ඒගොල්ලෝ 1980 ගණවල හදපු මරදානේ ෆ්ලැට් වල මේ ක්‍රමය තමයි කරේ අපි සම්මත ක්‍රමයට වැඩ ස්ලැබ් එකේ ගනකම වැඩි කරේ එයාගේ උපදෙස් වලට)

    මම දන්නා දේවල්
    ශක්තිය සාමාන්‍ය ස්ලැබ් එකකට වඩා වැඩයි
    වර්ග අඩියකට ඔරොත්තු දෙන තෙරපුම් බර සාමාන්‍ය ස්ලැබ් එකක 150KG මේකේ 450KG

    සටරීමේ වියදම ඉතුරුයි
    සාමාන්‍ය ස්ලැබ් එකකට වඩා 40% ඉතුරුවක් තියෙනවා
    අපි වෙනස් කම්කරපු නිසා අපිට ටිකක් වැඩි වියදමක් ගියා (20%)
    2008 කරේ තම කිසිම අවුලක් නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අම්මෝ බං පණ බයේ තමයි ඉන්න වෙන්නේ. මොන වෙලේ ඔලුවට කොන්ක්‍රීට් කෑල්ලක් වැටෙයිද දන්නෙ නෑ. 30% ඉතිරිය මට නම් එපා :no:
    ඒක නං ඇත්ත තමා :D
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒක නං ඇත්ත තමා :D

    දන්න විදිහටනම් නිකන් සාමාන්‍ය ගෙවල් වලටත් වඩා මහ විශාල තට්ටු ගණන් වල ප්‍රොජෙක්ට්ස් වලටත් පාවිච්චි කරනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    දන්න විදිහටනම් නිකන් සාමාන්‍ය ගෙවල් වලටත් වඩා මහ විශාල තට්ටු ගණන් වල ප්‍රොජෙක්ට්ස් වලටත් පාවිච්චි කරනවා.
    සාමාන්‍ය එකට වඩා හොඳ ඇති එහෙනං, අපිට අර අලුත් ක්‍රමයක් ආවම ඕකට යන්න පොඩි අදිමදි කරන, සැකෙන් බලන ගතියක්ග තියෙනවනෙ. සල්ලි යටකරල පණ්ඩිත වැඩ කරලා කෙලවෙයිද කියල මිනිස්සු බයයි නෙ.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අම්මෝ බං පණ බයේ තමයි ඉන්න වෙන්නේ. මොන වෙලේ ඔලුවට කොන්ක්‍රීට් කෑල්ලක් වැටෙයිද දන්නෙ නෑ. 30% ඉතිරිය මට නම් එපා :no:

    Ubalata Engineer kiyana ekata wada gon basek kiyana ewa lokui neh:rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙම ක්‍රමය කොස්ට් ඉෆෙක්ටිව් ක්‍රමයක් බව පිළිගතහැකිය...

    නමුත් එය සාමාන්‍යය සස්පෙන්ඩඩ් ස්ලැබ් ක්‍රමයට වඩා තෙරපුම් බලයක් ලබාගන්නා බවත් එනිසාම එය සාපෙක්ෂව ආරක්ෂිත බවත් පැවසීම නිරවද්‍ය නොවේ.
    නිවැරදිව සැලසුම් කරන තලාදයක් එහි භාවිතාව අනූව කොන්ක්‍රීට් ඝනකම සහ වැරගැන්වීම සිදු කරයි... අවම 1.5 කිලෝ නිවටන්/ව.මී. ප්‍රමාණයක් නිතැතින්ම පවත්වාගැනීම සිදු කරන අතර එය 7 ක් කිලෝ නිවටන්/ව.මී. ප්‍රමාණයක් දක්වා භාවිතාව අනූව සැලසුම් කරයි.

    වැරගැන්වුනු කොන්ක්‍රීට් වල නිතැතින්ම ඇති ක්‍රශින් ( CRUSHING) නැමැති ගුණාංගය early warning ලබාදීමකි. ඒවගේම භූමි කම්පා වැනි වයිබ්‍රේෂන් වලදී සස්පෙන්ඩඩ් ස්ලැබ් ක්‍රමය ආරක්ෂාකාරීව සැලසුම් කළ හැකිය...

    කෙසේ නමුත් මේ ආකාරයේ අඩු වියදම් නිවාස ඉදිකිරීම ජනතාව අතර ප්‍රචලිත වන්නේ නම් එය ඉතා අගය කොට සැලකිය යුතුය...
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මෙම ක්‍රමය කොස්ට් ඉෆෙක්ටිව් ක්‍රමයක් බව පිළිගතහැකිය...

    නමුත් එය සාමාන්‍යය සස්පෙන්ඩඩ් ස්ලැබ් ක්‍රමයට වඩා තෙරපුම් බලයක් ලබාගන්නා බවත් එනිසාම එය සාපෙක්ෂ,,,,,,,,,,,,,,සැලසුම් කළ හැකිය...

    කෙසේ නමුත් මේ ආකාරයේ අඩු වියදම් නිවාස ඉදිකිරීම ජනතාව අතර ප්‍රචලිත වන්නේ නම් එය ඉතා අගය කොට සැලකිය යුතුය...

    okata Kohomath 2 inches thick Concrete ekak danavane ban. Ekai wediaya lankave allala giye naththe mama ahala thiyena widihata. Normal slab ekatath 4 inches wage finish karanavane..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    okata Kohomath 2 inches thick Concrete ekak danavane ban. Ekai wediaya lankave allala giye naththe mama ahala thiyena widihata. Normal slab ekatath 4 inches wage finish karanavane..

    අඟල් හතරහමාරට වඩා ස්ලැබ් වැටෙන්නේ...
    මේකේ කොස්ට් එක ඉතුරුවෙන්නෙ ෆෝම්වර්ක්
    (සාමාන්‍ය ස්ලැබ් වල කොන්ක්‍රීට් දාන්න මුක්කු උඩ ලෑලි ගහන්න එපැයි ) වලිනුයි
    සාපේක්ෂව අඩු කම්බි ප්‍රමාණයක් භාවිතා වීමෙනුයි..
    කොන්ක්‍රීට් වලිනුත් යම් ඉතුරුවක් තියෙනවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    අමොබෝ බන් ඔය විදිහට අපේ පැත්තෙත් ගෙයක් හදලා විකුනන්න යනවා සෙට් එකක්.තාම විකුනන්න බැරි උනා.මිනිස්සු ගේ හදපු විදිහ කිවාම කට්ටිය ගන්නේ නෑ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අමොබෝ බන් ඔය විදිහට අපේ පැත්තෙත් ගෙයක් හදලා විකුනන්න යනවා සෙට් එකක්.තාම විකුනන්න බැරි උනා.මිනිස්සු ගේ හදපු විදිහ කිවාම කට්ටිය ගන්නේ නෑ


    1. වෙන්න පුලුවන්... මේ සාමාන්‍යය ක්‍රමයට ගෙවල් හදන හැටි දැකලා තියෙනවනේ...
      ප්ලෑන් එකට දෙනවා මුලින්ම පත ගානක් (ලස්සනට එපැයි )
      බාසට දෙනවා හදපන් කියලා ඌ දන්න විදියට.. කම්බි හරි තැන හරියට දාන්න දන්නේ නෑ...

      එහෙව් එකේ ගෝල බාස් කෙනෙක් මොන මඟුල් කරයිද කවුද දන්නේ..
      කරන දෙයක් දන්න කෙනෙක්ගේ යටතේ කරන්නයි ඕනේ
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ස්ලැබ් ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕන,
    මගෙත් ස්ලැබ් එකක් වැටෙනවා තව සතියකින් විතර,

    වර්ග අඩි 1300 ක වගේ ගෙදරක පලවෙනි ස්ලැබ් එක.

    16 mm, ලංවා කම්බි දාලා අගල් නමයෙ කනු දැනට ඉස්සෙනවා. දුරම කනු දෙක අතර තියෙන දුර 11' අනිත් ඒවා ඉට අඩුයි.

    ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?

    ස්ලැබ් එක වර්ග අඩියකට බඩු වැඩ කුලී එකක් කීයක් යයිද බං ?

    ලෝන් ගහන්නෙ නැතුව ගේ හදන් යන්නෙ. ඒ නිසා කලින් සල්ලි සෙට් කරගන්න ඔන.

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ස්ලැබ් ගැන පොඩි විස්තරයක් දැනගන්න ඕන,
    මගෙත් ස්ලැබ් එකක් වැටෙනවා තව සතියකින් විතර,

    වර්ග අඩි 1300 ක වගේ ගෙදරක පලවෙනි ස්ලැබ් එක.

    16 mm, ලංවා කම්බි දාලා අගල් නමයෙ කනු දැනට ඉස්සෙනවා. දුරම කනු දෙක අතර තියෙන දුර 11' අනිත් ඒවා ඉට අඩුයි.
    Tell me room dimensions (11' x what? ) & what purpose... Is there lobbies? any balconies?
    ඒ ස්ලැබ් එක උඩ දෙවනි තට්ටුවේ ස්ලැබ් එක එනවා,
    what?

    ඉතින් මෙතන ස්ලැබ් එක අගල් කීයක් උස වෙනන් ඕනද බං ? දැනට හිතන් ඉන්නෙ 9", ඇතිද ? වැඩියි ද ?
    Are you saying beams?
    ස්ලැබ් එක වර්ග අඩියකට බඩු වැඩ කුලී එකක් කීයක් යයිද බං ?

    ලෝන් ගහන්නෙ නැතුව ගේ හදන් යන්නෙ. ඒ නිසා කලින් සල්ලි සෙට් කරගන්න ඔන.

    :rolleyes: