වාහන හින්ද කාපු කටු ...3

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    MACHAN DAN HONDA CITY EKA ATHI BAN...EKA DEELA MAZDA 3 EKAKATA YANNA BALUWE...KOHOMADA WAHANE..

    Mona Mazda 3 eka ganada ahanne? aluth ekada 2014 passe apu ekada? :cool:
    2014_mazda_3_sedan_s-grand-touring_fq_oem_1_1280.jpg
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Suzuki alto indian ake dan air bag ekak anawa steering wheel ekata...factory fitted alloywheels video player anawa....reverse camerath anawada koheda??mathaka neee hariyata...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    CV හින්දා කාපු කටු.:cool::cool:

    කටු ත්‍රෙඩ් එකේ කටු අඩු නිසා පුලුවන් විදියට ලියල දාන්නෙ. වන් මෑන් ෂෝ නිසා ගොඩක් පිලිවෙලට ෆොටෝ ගහගන්න බැරිවුනා. :sorry:



    එලනෙ, දැන්නෙ දැක්කෙ, කට්ටට තෑන්ක්ස්:):)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Suzuki alto indian ake dan air bag ekak anawa steering wheel ekata...factory fitted alloywheels video player anawa....reverse camerath anawada koheda??mathaka neee hariyata...

    මොකද්ද කතාවක් තිබ්බෙ එයර් බෑග් නැති කර් ආය ගෙන්නන්නෙ නෑ කියල, 800,
    ඒවටත් එයාර් බෑග් දාල ගාන වැඩි කරන කතාවක් :nerd:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,523
    2
    54,036
    113
    CV හින්දා කාපු කටු.:cool::cool:


    අමාරුවෙන් කියවපු සැමට ස්තූතියි. :D:D:D


    පට්ට, කටු ත්‍රෙඩ් එකේ සෑහෙන කාලෙකිං කටුවක් වැටුණේ :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒක හරි මචන් එත් formula 1 ගැන කතා කරද්දී power එක වැඩී කියල lap time fast වෙනවා කියලම කියන්න බෑ නේද මචන්. power to weight ratio එකට අමතරව Tires, Aerodynamics, Transmission (1980 - 2009), Fuel consumption, driver's and team skills, weight වගේ ගොඩක් දේවල් බලන්න වෙනවා 1980 සහ 2009 කාලය ඇතුලත technology වෙනස්කම් වගේ. පොඩි උදහරනයක් ගමු කලින් V10 එකක fuel flow rate එක 190-210kg/hour අද වෙනකොට V6 1.6L එකක 100kg/hour වගේ වෙනකන් අඩු කරලා power එක ආසන්නව සමානයි torque එක අඩුයි V10 එකට වඩා එත් efficiency වැඩි.

    nissan GTR = 1740kg , 540HP
    power to weight ratio = 540/1740 ------> 0.31HP/kg

    Honda civic = 800kg , 200HP
    power to weight ratio = 200/800 -------> 0.25HP/kg

    power to weight ratio එක වැඩි nissan gtr එකේ ඔයා බලල තියෙන්නේ weight to power ratio එක.


    Which means as I said, a 200hp Civic can beat a 540hp GTR.... Torque+DCT doesn't matter..

    මේකෙ හැටියට 1kg මත වැඩි හෝස්පවර් ගානක් ක්‍රියා කරන්නෙ GTR එකේනෙ :confused::confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    GTR - 540HP - 1740Kgs
    Civic EF - should be around 200hp, also around 800Kgs considering the stripped interior

    which give these Power to Weight ratios,

    GTR - 3.2kg/hp
    Civic EF - 4kg/hp

    Also less Weight = Better Handling

    I'm 100% sure that even with the same driver, that Civic will record a faster lap time compared to the GTR.
    මේකෙ හැටියට 1hp මත අඩු බරක් ක්‍රියා කරන්නෙ GTR එකේනෙ,

    එතකොට සිවික් එකට තියෙන වාසිය අඩු බරක් වීම විතරයිනේ,:confused::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    A/C


    බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්‍රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...
    ඉතිං අපි හිතුවේ ගෑස් ලීක් එකක් ඇති කියලා කොහෙ හරි..
    චීනෙ ගෑස් ටැංකි ගහන ෆැක්ටරියක් ගිනි අරං... ගෑස් ගහන්නත් දැං ගිනි ගනං ඉතිං... .
    තත්වය එසේ තිබියදී වූවත් A/C හදන්නම ඕනේ උනේ මට.. මොකද මේවෑ A/C නොදා මාස 2ක් 3ක් දිව්වා නං ඇති ආයේ A/C හදන්න බැරි වෙන්නම වැඩ සැලසෙන්න.

    A/C හදන තැනට ගිහිං වැඩේ කතා කරගෙන බස් එක සති අන්තෙට අරං එන්නං කියලා දින දා ගත්තා. කරන්න තිබුනෙ ලීක් එක හොයලා ආයේ ගෑස් කරන එක විතරයි කියලා තමා අපි හිතාගෙන ගියෙ.

    ඔන්න ඉතිං ඊයේ (සෙනසුරාදා ) බස් රථයත් අරං ගියා A/C හදන තැනට.
    කියන්න සංතෝසයි වැහි දෙයියෝ උදේ ඉදංම ගේම ඉල්ලන්න ගත්තා :sorry:
    කඩේ ඇතුලට බස් එක ගන්න බෑ, වහලේ උස මදි. ඉතිං පාර අයිනේ තියං තමයි හදන්නෙ.
    ඉස්සෙල්ලම කන්ඩෙන්සර් එක , කන්ඩෙන්සර් ෆෑන් , A/C කූලර් එහෙම චෙක් කරලා....
    ඒවා අවුලක් නැතුව වැඩ. ඊට පස්සෙ තමයි ගේම. මේකේ ඒසී ගෑස් කරන පට තියෙන්නේ බස් එකේ පිටිපස්සේ කෙරවලේ... කොම්ප්‍රෙශර් එක තියෙන්නේ ඉස්සරහා කෙරවලේ (ඔව් සෙපරේට් එන්ජින් නෙවේ නේ , මේන් එන්ජිමෙන්ම තමා දුවන්නෙ ) ඉතිං පිටිපස්සේ කූලර් එක ලග ඉදලා... ඉස්සරහ කෙරවලටම එනවා කොපර් බට දෙකක්. ඒ දෙකට වෙනම කේසිං දෙකකුත් එනවා..
    දැං මේ බට දෙක ලීක් ඇති කියලා තමා හැමෝම සැක කලේ. කොහෙද ලීක් එක තියෙන්නේ කියලා හොයන්න.. වැඩට ඉන්න මල්ලිලා දෙන්නෙක් නෑගෙනම බස් එක යටට රිංගුවා සබං පෙන බාල්දියකුයි ස්පොන්ජ් කෑල්ලකුයි අරං...

    ඔන්න ඉතිං මුං දෙන්නා සබං පෙන ගාගෙන ඉස්සරහට වෙනකං එනවා... ලීක් එකක් හම්බුනාද ? ම්හු... බට දෙකේ ලීක් නෑ...
    ඊට පස්සේ බැලුවා එන්ජිං රූම් එක ඇරලා... කම්ප්‍රෙසර් එක ලග ඉදලා පහලට යන ලොකු බට දෙක... මෙන්න ඉතිං... සබං පෙන ගාන පරක්කුවෙං පිම්බිලා එනවා... :eek: රත් වෙන හෝස් එකක්.. හොදටම කර වෙලා , දරදඩු වෙලා... හැම තැනිංම ලීක්...:sorry:

    දැං මේ හෝස් එක ගහගෙන එන්න වෙනවා කිව්වා. ඒ මදිවට මේක ගලවගන්නත් හෙන ගේමක් දෙන්න ඕනේ.. දෙපැත්තෙම නට් මාර තදයි.

    කොහොමෙං හරි ඒක ගලෝ ගත්තා කියමුකෝ... ඊලගට බාසුන්නැහේ පෙන්වනවා කම්පෙශර් එකේ ශාෆ්ට් ඔයිල් සීල් එකෙං ඔයිල් ලීක් එකක්..:frown:
    මේ සේරම හදලා ඒක නොහදා හිටියොත් අපරාදේ නේ, අනික ගෑස් වලටත් ලොකු ගානක් යනවානේ.. බ්ලා බ්ලා බ්ලා... එතන කතා ගොඩයි...:nerd:
    මොනවා කරන්නද .. ඉතිං කම්පෙසර් එකත් ගලවලා ගත්තා. ඒක ගලවන්න මැනිෆෝල්ඩ් එකේ ගාඩ් එක ඇතුළු අමතර කොටස් කිහිපයක් ගලවා දැමීමට සිදු වූ බවත් , ඒවා ගැලවීමට තවත් අමතර මිශන් කීපයක් දීමට සිදු වූ බවත් මෙහි කෙටියෙන් සදහන් කරන අතර, ඒවා සවිස්තරාත්මකව පසු දිනෙක ලියා පළ කරනු ලැබේ. :baffled::rofl:

    බස් එක රෝසා උනාට මොකද... දාලා තියෙන්නේ ඉසුසු ජර්නි එකක කම්ප්‍රෙසර් එකක්. සාමාන්‍යෙයන් බස් කර්මාන්තයේ පොදු පිලිගැනීම තමයි මිට්සුබිශි ඔරිජිනල් එන කම්ප්‍රෙසර් එකට වඩා ඉසුසු එකක් කපල් කලාම සීතල වැඩියි , ඩියුරබිලිටිය වැඩියි කියන එක. ඒ නිසාද මන්දා අපි ගන්නකොටම මේ කම්ප්‍රෙසර් එක දාලා තිබුනේ.
    ශාෆ්ට් ඔයිල් සීල් එක ගහන්න , කම්ප්‍රෙසර් එකේ පුලිය ගලවන්න ඕනේ...ඊටත් යටිං තියෙන තව කවර දෙකක් ගලවන්නත් ඕනේ...
    කොහොම හරි පුලර් එකක් දාලා.. වයිස් එකේ හිර කරලා සේරම මස් කර ගත්තා කියමුකෝ...
    ගලවද්දියි තේරුනේ... පුලියේ බෙයාරිං හොදටම සවුත්තුයි. :baffled: කැරකෙනකොට රේසර් බෝල එකට ඇතිල්ලි ඇතිල්ලි හිර වෙවී යන ගතියක් දැනෙනවා...
    කම්ප්‍රෙසරර් එකේ ඔයිල් ලෙවල් එකත් අඩුයි.. :dull:

    ආවෙ මොකක් කරන්නද.. දැං වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න බෑ සිංහලු.. ඒ මදිවට හොදටම වහිනවා...
    ඔන්න මං පිටත් වෙනවා ශාෆ්ට් සීල් එකයි බෙයාරිං එකයි , හෝල් කෑල්ලයි අරගෙන... අමතර කොටස් හදන්න...
    දවස සෙනසුරාදා නිසා.. පංචිකාවත්තෙ කඩ ශුවර් නෑ 2න් පස්සේ ( මේ කියන වෙලාව වෙද්දි ම 1ට විතර ඇති , කෑලි ගලව ගන්න මාර වාත උනා )
    පලාතෙම ඒසී කඩ ඒසී බඩු ගන්න කඩයක් තියෙනවා කැළණිය හරියෙ...
    කෙලිංම ගියා එතනට... නාගෙනම...
    ශාෆ්ට් සීල් එක තියෙනවා.... බෙයාරිං එක එතන නෑ... හෝස් ගහන්නෙත් නෑ... :no::dull:
    එතනිං ශාෆ්ට් සීල් එක අරං... පට්ටිය හංදියේ සිට කඩවත දක්වා ඇති සියළුම අමතර කොටස් කඩ පීරමින් වැස්සේ තෙතබරි වෙමින් ඔන්න මං එනවා බෙයාරිං හොයන්න.
    මේ හොයන බෙයාරිං එකේ උස වැඩියි. සයිස් එක 36. හොයන කිසි තැනක ඒ සයිස් එක නෑ...
    දැං නං ඇඩෙන්න ඔන්න මෙන්න තත්වයක් තිබ්බේ.. අහස හොදටම කළුයි.. හෝ ගාල වහිනවා, අතේ තියෙන සල්ලි ටිකයි ෆෝන් එකයි වැස්සෙං බේරගන්න ශොපින් බෑග් දෙක තුනක ඔතාගෙන හිටියෙ :sorry:

    ඕන මගුලක් වෙන්න කියලා බෙයාරිං හොයන්න පංචිකාවත්තේ බෙයාරිං හවුස් යන්න කියලා හිතාගෙන.. ඊට කලිං හෝස් එක ගහන්න දෙන්න ආවා..ස්පාර්ක්ලීට් එකට. කඩවත.
    හෝස් එක ගහන්න දුන්නා. ඒකත් අද දෙන්න බෑලු.. මල කෙලියක් නෙ මිත්‍රවරුනි. එතන ඉන්න සුපවයිසර්ට කතා කරලා නහයෙං අඩලා කොහොම හරි අද හවස් වෙද්දි ඒක ගන්න කැමති කර ගත්තා.
    ඊට පස්සේ පංචිකාවත්තට යන්න කියලා ගමනාරම්භ කරන්න කලිං... ස්පාක්ලිට් එකේ බැලුවා මේ බෙයාරිං එක තියෙනවද කියලා...:nerd:
    එතනත් බඩු නෑ.... හැබැයි... එතන තිබුනා මේ සයිස් එකට හරියටම හරියන බෙයාරිං එකක්...
    උස 18යි. බෙයාරිං දෙකක් පුලියට ඔබා ගත්තා නං වැඩේ ගොඩ. :cool: කඩේටම තියෙන්නේ එක බෙයාරිං එකයි ඒ ජාතියෙං.. ස්ටොක් ඉවර වෙලා :frown::baffled::(

    ටහිකෙන වැඩ මටමයි වෙන්නෙ කියලා බැන එලියට බැහැලා වෙන කඩේකිං ඒ ජාතියෙම (NSK )අනිත් බෙයාරිං එක හොයං ඇවිත්.. පුලියට බස්ස ගත්තා. දෙයියනේ කියලා දැං බෙයාරිං දෙකම එක පුලියෙ නියමෙට වැඩ :rofl::rofl:

    ඔන්න සිංහලු පට්ටලේ ඉදං ආයේ ස්පාක්ලිට් එකට ඇවිත් , හෝස් එකත් අරගෙන යාන්තං රෑ 7 විතර වෙද්දි A/C කඩේට ආවා. උදේ කෑවාට පස්සේ බඩට මොකුත් නෑ. දැං නං මොකක් හරි සීන් එකක් වේගෙන එනවා කියලා තේරෙනවා... :sorry::eek: ගනං ගත්තෙ නෑ වැඩේ ගොඩ දා ගන්න එපැයි.

    කම්ප්‍රෙසර් එකට ඔයිල් 350ml දාන්න උනා. කම්ප්‍රෙසර් එක විතරක් රෙපයාර් කරලා නැවත සවි කරන්න 8000ක් ගියා. අළුතෙන් එකක් ගන්න (මේ වර්ගයේම) 47ක් විතර යන නිසා අවුලක් නෑ කියලා හිත හදා ගත්තා. මොකද අතිං කැරකුවත් ප්‍රෙශර් වෙන තරමට බඩු තාම හොදයි. :cool:

    ඔන්න ඊට පස්සේ දෙයියනේ කියලා බට හයි කරලා, කම්ප්‍රෙසර් හයි කරලා , වැකුම් කරලා , ගෑස් ගහන්න පටං ගත්තා. :cool::cool:
    බස් එක ස්ටාට් කරලා බ්ලෝවර් එක දාලා කන්ඩෙන්සර් එක ඔන් කරලා ටිකක් වෙලා යද්දි , ඩ්‍රයිවිං සීට් එකේ ඇන්ද කඩාගෙන ඇලට් එකක් දාගෙන හිටිය මගේ හිසේ සිට පාදාන්තය දක්වා සිසිල් සුලං රැල්ලක් හමා ගියා...
    හම්මේ දැනෙන සනීපෙ..
    9.gif

    මගුලක් කතා කරනවා.. A/C නෙවේ යකෝ කලන්තයක් දාන්න ඇවිත් තියෙන්නේ...
    බසය එතන තියලා ලග තියෙන ඩිස්පැන්සරියකිං බේත් අරං ආවා.. හොදටම ගෑස්ටික් සීන් එක ඇවිත් :sorry::sorry::sorry:

    ගිහිං එද්දි වැඩේ කෙරිලා තිබුනා. A./C එක නියමෙට වැඩ.
    9.gif
    කූලර් එක + කන්ඩෙන්සර් එක සුද්ද කරන්න පහුවදා (අද ) එන්න කියලා කිව්වා. රෑ වැඩි උන නිසා. දවල් ගිහිං ඒකත් කරගෙන ආවා.
    සියළුම වියදම් සලකා බැලීමේදී මා ඇස්තමේන්තු කළ ප්‍රමාණයට වඩා ඩබල් වී වියදම් වී තිබුනා...
    සතුට යනු මාසේ පඩිය අතේ තිබූමයි.
    දුක යනු ඊලග මාසය පැමිණීමටත් පෙරම මුළු මාසේම පඩිය අහවර වීමයි :baffled:
    නමුත් වැඩේ හරියට කර ගැනීමට හැකිවීම ගැන සතුටු වෙනවා :)


    ඔබ කාලයක් A/C වැඩ නොකරන වාහනයක A/C හැදීමට සිතා සිටිනවාද ?

    1. තමාට විශ්වාසවන්ත ගරාජයක් සොයා ගන්න.
    2. තමාටම වෙහෙසීමට හැකි , ඒ වෙනුවෙන් කැප කල හැකි දිනක් හෝ දෙකක් තබා ගන්න.
    3. අමතර කොටස් ඔබටම මිලදී ගෙන ඒමට සිදු වූවොත් , ඒවා ඇති නිවැරදි තැන්, ලිපිනයන්, දුරකථන අංක හැකි තාක් සොයා ගැනීමට උත්සුක වන්න. (කොච්චර කිව්වත් ඉතිං පොඩි හරි කට්ටක් කන්න වෙනවා මයි
      7.gif
      )
    4. සෑම විටම වියදම් වෙනවාට වඩා මුදලක් වැඩිපුර අතේ තබාගන්න.
    5. වාහනේ මෙන්ම තමාගේද සරීස සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. :rofl::baffled:
    ස්තූතියි

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    A/C


    බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්‍රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...


    ඔබ කාලයක් A/C වැඩ නොකරන වාහනයක A/C හැදීමට සිතා සිටිනවාද ?

    1. තමාට විශ්වාසවන්ත ගරාජයක් සොයා ගන්න.
    2. තමාටම වෙහෙසීමට හැකි , ඒ වෙනුවෙන් කැප කල හැකි දිනක් හෝ දෙකක් තබා ගන්න.
    3. අමතර කොටස් ඔබටම මිලදී ගෙන ඒමට සිදු වූවොත් , ඒවා ඇති නිවැරදි තැන්, ලිපිනයන්, දුරකථන අංක හැකි තාක් සොයා ගැනීමට උත්සුක වන්න. (කොච්චර කිව්වත් ඉතිං පොඩි හරි කට්ටක් කන්න වෙනවා මයි
      7.gif
      )
    4. සෑම විටම වියදම් වෙනවාට වඩා මුදලක් වැඩිපුර අතේ තබාගන්න.
    5. වාහනේ මෙන්ම තමාගේද සරීස සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. :rofl::baffled:
    ස්තූතියි


    තෑන්ක්ස් ,:):) කටු AC :):)
     
    • Like
    Reactions: Dinushasankalpa

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    A/C


    බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.. වැඩ කරන්නෑ කිව්වේ..බ්ලෝවර් වැඩ කරනවා.. කන්ඩෙන්සර් එකත් ඔන් වෙනවා.. කම්ප්‍රෙශර් එකේ ක්ලච් එකත් අල්ලනවා.. හැබැයි සීතල වෙන්නෑ...
    ඉතිං අපි හිතුවේ ගෑස් ලීක් එකක් ඇති කියලා කොහෙ හරි..
    චීනෙ ගෑස් ටැංකි ගහන ෆැක්ටරියක් ගිනි අරං... ගෑස් ගහන්නත් දැං ගිනි ගනං ඉතිං... .
    7.gif
    )

    [*]සෑම විටම වියදම් වෙනවාට වඩා මුදලක් වැඩිපුර අතේ තබාගන්න.
    [*]වාහනේ මෙන්ම තමාගේද සරීස සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. :rofl::baffled:

    [/LIST]
    ස්තූතියි



    මේවා අහද්දී බය හිතෙනවා සිංහලයෝ :oo:
     
    • Like
    Reactions: Dinushasankalpa

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කටු කතරට දිය දෝතක් :love::love::love:

    Maru katta....thanks lot machan

    එලනෙ, දැන්නෙ දැක්කෙ, කට්ටට තෑන්ක්ස්:):)

    පට්ට, කටු ත්‍රෙඩ් එකේ සෑහෙන කාලෙකිං කටුවක් වැටුණේ :yes:

    තැන්කූ තැන්කූ හැමෝටම.:cool::cool::cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    A/C


    බසයේ එන්ජිං රෙපෙයාර් එකට පස්සේ.. A/C වැඩ නොකර ගියා.

    [/LIST]
    ස්තූතියි



    හම්මට මේ තියෙන්නෙ යකෝ කටු.:shocked::shocked: පට්ට බන්... :cool::cool::cool:


    උඹට :- ඇයි යකෝ බොට ඔය ලඟ පාත් කඩේකින් මොනවහරි කර්රන බැරි වුනාද?:growl::growl::growl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔබ කාලයක් A/C වැඩ නොකරන වාහනයක A/C හැදීමට සිතා සිටිනවාද ?

    1. තමාට විශ්වාසවන්ත ගරාජයක් සොයා ගන්න.
    2. තමාටම වෙහෙසීමට හැකි , ඒ වෙනුවෙන් කැප කල හැකි දිනක් හෝ දෙකක් තබා ගන්න.
    Thnx aiyandi ;) ko ara pota :baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හම්මට මේ තියෙන්නෙ යකෝ කටු.:shocked::shocked: පට්ට බන්... :cool::cool::cool:


    උඹට :- ඇයි යකෝ බොට ඔය ලඟ පාත් කඩේකින් මොනවහරි කර්රන බැරි වුනාද?:growl::growl::growl:
    මේක හදා ගන්න සිහියෙන්මයි හිටියෙ. අනිත හොදට නාලාත් එක්ක නේ...
    අද උදේ විතර වෙනකං හම රැලි වැටිලම තිබ්බා :baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹත් බස් එකක් ගත්තද?:baffled:

    නෑ කුකුලෝ කාර් එකේ A/C දැන් ටික කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැහැ......හදන්න හිතාගෙන ඉන්නවා ලඟදි:baffled: