ekthara kathawak😈😈😈

roki123

Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    ගන්න ....."

    ඒ ඇසුනු දෙය මට අදහා ගැනීමට නොහැකි විය... තප්පර ගානකට කල යුත්තෙ කුමක්ද හිතා ගැනීමට නොහැකි ව සිටිද්දී මට බැසීමට බසය නැවැත්විය ... කොතරම් දුරක් වැරැදි පාරක ආවාද කොතරම් වේලාවක් මා නිදා ගෙන සිටියාද නොදැන ම බසයෙන් බැස ගත්තෙමි.. මා බසින විට අනෙක් මගින්න් විවිධාකාර මුහුණු වලින් මා දෙස බලනු දුටුවෙමි, ඇතමෙක් දුකෙන්... ඇතමෙක් උපහාසයෙන්.. එය මා මෙතෙක් කලක් ජීව්තයේ කල මෝඩම වැඩ වලින් එකක් බව පසක් වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.. දුරකථන ය අතට ගෙන වේලාව බැලුවා පමනකි එයද ක්‍රියා විරහිත විය. වෙලා ව රාත්‍රි 11.32..

    එවන් අන්දකාරයක් මෙතෙක් මා අත්විද ඇත්දැයි සැකයක් ඇත.. බැස ගත් තැනම විනාඩි 5ක් පමණ නිසොල්මනේ සිටියේ ඇස් අදුර ට හුරු වන තෙක් ය... නමුත් පෙනීමට කිසි දෙයක් තිබුනේ නැත. පාරේ අනෙක් පස තද බෑවුමක් හා එම බෑවුම යටින් බදුලු ඔය ගලා යන ශබ්දය පුදුමාකාර මූසල හඩක් පරිසරයට එකතු කලෙය.. හතර වටින්ම බල්ලන් බුරන හඩ ඇසෙන නමුත් ඇසට පෙනීමට කිසිම බල්ලෙක් නොසිටීම සිතට ගෙන ආවේ කුතුහලය මුසු බියකි. මෙතෙක් කියවූ සහ නැරඹූ සියලු හොල්මන් කතා හා චිත්‍රපට එක පෙලට පෙල ගැසී මා දෑස් ඉදිරියේ මැවෙන්න විය..

    " බස් හෝල්ට් එකක වත් ඉන්නවා"
    යැයි සිතා දෙපයට් පින් දී නැවත බදුල්ල දෙසට සෙමින් සෙමින් පිය මැන්නෙමි.. ඉතා වේගයෙන් ගමන් කරන වාහන වලට අත දැම්මත් ඒ කිසිවෙක් මා දුටු බව වත් ඇගෙවුවේ නැත... බල්ලන් ගේ උඩු බිරුම් හඩ එකම අදොනාවක් වුවත් වට පිට නොබලාම ගමන් කිරීමට තීරණය කලෙමි.. මගේ ඉලක්කය වූයේ ඈතින් පෙනෙන පුංචි මඩුවකි..

    විනාඩි 5ක් ඇතුලත මම ඒ මඩුව ලගට ලගා වුවත් එය අගුලු ලා වසා තිබිණ.. නමුත් එහි පහලින් බල්ලෙක් ට පහසුවෙන් රින්ගා යා හැකි පරිදි කවුලුවක් කපා තිබුනත් එහි ප්‍රයෝජන ය කුමක්දැයි මට වැටහුණේ නැත. තවත් හොදින් පරීක්ෂා කලේ වැස්ස කොයි මොහොතේ ද නොදන්නා නිසා මට ආවරණයක් අවශ්‍ය වූ නිසාවෙනි. නමුත් දක්නට හැකි වුනේ අලුත ගැසූ මරණ දැන්වීමක් පමනකි .. එයින් තරමක් හිත ගැස්සී ගිය නමුත් එහි රූප ය දැකීමට තරම් මම අවාසනාවන්ත නොවීමි. සුන් වූ බලාපොරොත්තු සමග මා නැවත පාරට අඩිය තිබ්බෙමි.. එතැන් සිට ම මා දෙස දහසක් ඇස් යොමුවී ඇති බවත්.. මා තබන අඩියක් පාසා තවත් කෙනෙක් මා අසල සිටින බවට අසාමන්‍ය හැගීමක් විය.

    මා ඇස් දැන් යහමින් අදුරට හුරු වී ඇත.. ඇති එකම බිය කොයි වෙලේ බල්ලෙක් ඇගට පනීද යන්න හා වැස්ස ඇද වැටෙයි ද යන්නය.. හොල්මන් පිලිබඳ බිය ඉහවහා ගියත් ඒ ගැන නොසිතා සිටීමට උත්සහ කලෙමි.. නමුත් හිටි හැටියේ දුටු දෙය මිරිගුවක් ද ඇත්තක්ද සිතා ගැනීමට මට එක් වරම හැකි වූයේ නැ... ඒ සුදු ඇද ගත් මිනිසෙකුගේ රූපය කි.. ඔහු මට වඩා බොහො ඈත සිට පාර හරහා මාරු වනු දුටුවෙමි ... නමුත් එ කොහෙ සිට කොහෙට ද සිතා ගැනීමට තරම් ආලෝකයක් නොතිබිණි.. දුටු එකම මිනිස් රුව එය වුවත් එයත් සැබෑ මිනිසෙක් ද මා නොදනිමි...

    ඒ දෙසට ගමන් කිරීම හැර විකල්පයක් මට තිබුනේ නැත... ක්‍රමයෙන් එ රුව දුටු තැනට ලං වූයෙමි.. එතැන පාර හරහා ගලා ගන දිය පාරක් හරස් කර බෝක්කුවක් ද දමා ඇත...එ මිනිසෙක් බව සැකයක් ඇති වුයේ එතැනින් පල්ලමට ගුරු පාරක් හා එහි කෙලවර සෙලවෙන ආලෝකයක් දක්නට හැකි වීම නිසාය..

    මට දැන් තීරණයක් ගැනීමට සිදු වේ.. මහ පාර දිගේ කෙලින් ඇවිද යනවාද ආලෝකය දෙසට යනවාද.... එ සිතුවිල්ල සමග තවත් මිනිස් චායාවන් කිහිපයක් ඈත ආලෝකය සමග ඔබ මොබ යනු පෙනුනි. නැවත නොසිතා ම ආලෝකය දෙසට හැරී පල්ලම් බැස්සේ අද රෑ මිනිස් වාසයක් ඇති තැනක නතර විය හැකී යන සතුට සිතේ රදවා ගනිමිනි ...

    සෙමින් සෙමින් පල්ලම බැස ආවෙමි.. මා දෙපා නතර වූයේ " ටිලිං ටිලිං " හඩින් ගෙජ්ජි සද්දයක් ඇසීම නිසාවෙනි.. වට පිට බැලුවේ ඒ සද්දය කුමක් ද කියාය.. එ පඹයෙකි.. සාමාන්‍ය පඹයෙක් මෙතරම් බියකරු ලෙස පෙනුනේ කෙසේද කිය නොදනිමි.. අනික මේ කැලෑවේ පඹයෙක් කුමන ප්‍රයෝජනයක් ද.. පෙනුනාට වඩා දුරක් පල්ලම් බැස ආ බව දැනුනේ ඒ සීතලේ පවා ඉහෙන් කනින් දහඩිය ගලා යාමත් සමග ය.. එය ටකරං ගැසූ කුඩා නිවසකි.. එහි මහ දොරක් පාර දෙසට පිහිටා තිබුනේ නැත .. මිදුලේ තැබිලි කෝම්බ වලින් සෑදූ පන්දම් සවි කර දල්වා තිබිණ . නිවසේ වහලයේ හිඩස් අතරින් ඇතුලත ආලොකයක් හා කවුරුන් හෝ ගැවසෙන බව දක්නට ලැබිණි.. නිවසේ දකුණු පස රවුමෙන් ගොස් ගෙදර ඉදිරිපස සොයා ගත්තෙමි

    " ඕඕ විනාස යි... "

    මට කියවිණි... මා පැමිණ ඇත්තේ මල ගෙදරකට ය.. තනිව සිටීමට බැරි තැන මට රැය ගත කිරිමට සිදු වන්නෙ මල ගෙදරක ය.. නමුත් මෙය ඔබ මා මින් පෙර දැක තිබු මලගෙයක් නොවේ....

    සුදු ඇදගත් ගැහැණු මිනිස්සු 5ක් 6ක් තම තමන්ගේ වැඩ වල සිටී මට ඇති වූ පුදුමය නම් මොවුන් මෙතරම් සෙමින් වැඩ කරන්නෙ ඇයි ද යන්නයි... සීතල නිසා මා සෙමින් නිවස තුලට ගොඩ වූයෙමි . එවිට මා දුටු දෙය මගේ ලොමු ඩැහැ ගත්තේ මින් පෙර එවැනි දෙයක් දැක නොතිබූ නිසාවෙනි..

    නිවස තුල කිසිදු ගෘහ භාණ්ඩ නොවීය.. කිසිම ජනේලයක් නිවසේ නොතිබුණි ....මිනි පෙට්ටිය ඉතාමත් බාල වර්ගයේ හතරැස් ලෑලි පෙට්ටියක් පමනක් විය.. එය තබා තිබුනේ බිම නොවේ... සාරි පොටවල් 4ක් යොදාගෙන වහලයේ එල්ලා ය.. සුලං හමන විට චිරි බිරි හඩ නංවමින් මිනි පෙට්ටියත් ඒ මේ අත චලනය විය... පෙට්ටිය උඩින් පෙට්‍රල් මැක්ස් ලාම්පුවක් තබා ඇත ... දැන් නම් මට මෙහි අමුත්ත සියලුම ලේ නහර වලට පවා දැනෙන්න විය...

    නිවසේ සිටියේ කාන්තාවක් හා කුඩා දැරියක් පමණි ඔවුන් බිම වාඩි වී එල්ලෙන මිනි පෙට්ටිය දෙස එක එල්ලෙ බලා සිටින බව දුටුවෙමි.... කුඩා දැරිය මට පිටුපා සිටි නිසා ඇගේ මුහුණ මා දුටුවේ නැත.. මා නැවත මුලු සාලය දෙසම බැලුවේ එහි අමුත්ත මට දරා ගැනීමට නොහැකි නිසාය.. මගේ දෑස් හිටි හැටියේ නැවත යොමු වූයේ මා දෙස බලා සිටි දැරිය දෙසට යි... ඒ රුව මගෙ හදවත කොතරම් වෙලා නතර කර තැබුවාදැයි මට මතක නැත...

    ඇගේ කට අසාමන්‍ය ලෙස විශාල ව විවර වී ඇත.. එපමණක් නොව කට දෙපසින් වැගිරෙන කෙල ඈ අත සිටි රෙදි බෝනික්කා පොගවා දැමීමට තරම් ප්‍රමාණවත් විය.. ඇගේ කට විවර වී ඇත්තේ අධික පිලිස්සීමට හසු වී බව තේරුම් ගැනීමට අපහසු නොවීය ... ඇය බලා සිටියේ මා දෙස නොවේ මට ඔබ්බෙන් වූ යමක් දෙසය.. මද වේලාවක් එසේ බලා සිට නැවත ඈ එක එල්ලෙ මිනි පෙට්ටිය දෙසම බලා සිටියාය...නමුත් මා සිත දැන් අනවශ්‍ය ලෙස තැති ගෙන ඇත..

    මොවුන් වචනයක් වත් කතා නොකරන්නේ මා එහි ඇති බව ඔවුන්ට නොපෙනෙන බව ඇගවීමට මෙනි... බදුලු ඔයේ හඩත්.. රැහැයියන් ගේ හඩත් .. නොකඩවා උඩු බුරන බල්ලන් ගේ හඩත් ඉද හිට " බුඃ බුඃ" හඩ නගන බකමූණ්කුගේ ශබ්දයත් ඇර වෙන කිසිවක් ඇසෙන්නට නැත.. මට මෙතන සිටිනවාද පැන දුවනවාද යන තීරණ දෙක මැද අතරමං ව සිටි මි... මේ මනුෂ්‍යයන්ද අමනුෂ්‍ය යන්ද නොදනිමි ....
    ඔවුන්ගේ හැසිරීම් එන්න එන්නම අමුතු විය..

    තවත් මෙතැන රැදී සිටීමට තරම් ශක්තියක් මට නොවීය... අදුරේ ම පාර සොයා ගත් මා මහ පාර දෙසට දුවන්නට විය. මා දුවන්නේ තනිව නොවන බව දැනුනේ බර අඩි තබමින් එක්කෙනෙක් ට වඩා මා පසුපස හබා එන බව දැනීම හෝ මා සිතින් මවා ගැනීම නිසාවෙනි ...

    මරණ බය දැනුන හෙයින් පසුපස නොබලාම දිවුවෙමි .. දුව ආ වේගයට ම මහා පාරට පැන්නෙමි.. ඇස් කඩාගෙන යන ආලෝකයක් මහා හඩක් නංවමින් මා දෙසට ඇදී ආ බයට මා බිම ඇද වැටී මි..

    " කොහෙද ඕයි යන්නේ.... මාවත් අමාරුවේ දාන්න හදනවා... " තමුසෙට තුවාලද... නගිනව නගිනවා..."

    මට කිසිවක් කියා ගැනීමට තරම් ශක්තියක් නොවීය ... නමුත් මෙතනින් පිටවීමට නම් එකම මග මෙයයි.. ඔහුගේ වාරුවෙන් මා වාහනය වෙත ගොඩවීමි... පැයක පමණ ධාවනයකින් පසු ඔහු මාව පුංචි රෝහලකට ගෙන ආවේ හිතේ සැකය නිසාවෙනි ..

    " මොකො වුනේ ...."

    " මුකුත් නෑ... හැප්පෙන්න ගිහින් වැටුනා.."

    " වැටුන තමයි.... මාස තුනකට උඩදි මල ගෙදරක ගිහින් එන නඩයක් වෑන් එක පල්ලමට ගිහින් ගිනි අරන් මැරුනේ... ඒ වංගුවෙ නෙ මේ යකා පාරට පැන්නෙ... මගෙ ලේ වතුර උනා...

    ඔවුන්ගේ දෙබස මට මහ ප්‍රෙහෙලිකාවක් විය... එතකොට මං රෑ දැකපු මල ගෙදර.. ??? ඒ රූප රටා කිසිම දිනක මා සිතින් ඉවත් නොවනු ඇත...

    ....නිමි....
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රෑට බල්ලෝ රංචු රංචු ඉන්නවා දැක්කම එපා වෙනවා බන්, යක්කු දකිනවට වඩා අවුල් බල්ලෝ දැක්කම
    දවසක් දැක්කා පොකට්කාරයෙක් රෑ මුඩුක්කුවක් අස්සෙ දුවලා බල්ලෝ එලවලා කාලා තිබ්බා ආයෙ නැහැ කෑලි නැහැ
    එදා ඉඳන් හම්මේ හොරෙක් තියා කොටියෙක් දුවනවා දැක්කත් මම නම් බල්ලෝ ඉන්න මුඩුක්කු අස්සෙ දුවන්නෙ නැහැ
     

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    :O :O :O :O

    රොබට් අයියේ. රොබට් අයියේ. මෙන්න හොඳ කතාවක්. :rolleyes::rolleyes::rolleyes::dull:

    tahikenava dan ithin nida ganne kohomei kiyapanko

    ra 12.30 man inna rate


    රෑට බල්ලෝ රංචු රංචු ඉන්නවා දැක්කම එපා වෙනවා බන්, යක්කු දකිනවට වඩා අවුල් බල්ලෝ දැක්කම
    දවසක් දැක්කා පොකට්කාරයෙක් රෑ මුඩුක්කුවක් අස්සෙ දුවලා බල්ලෝ එලවලා කාලා තිබ්බා ආයෙ නැහැ කෑලි නැහැ
    එදා ඉඳන් හම්මේ හොරෙක් තියා කොටියෙක් දුවනවා දැක්කත් මම නම් බල්ලෝ ඉන්න මුඩුක්කු අස්සෙ දුවන්නෙ නැහැ


    Baya wenna epa bn:D