පරම අං බාන ධර්මායතනය

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,066
    789
    113

    Skylark,

    හොරෙක් ගෙදරක් කඩා බඩු හොරා ගනී. මේ හොරා ඉන් පසු එම දේවල් අනිත් අයට විකුනන්න තැත් කලයි.

    මේ හොරා අනුන්ගේ දේපල බලෙන් උදුරා ගෙන ඔබට විකුනන්න තැත් කලොත් ඔබේ හිතේ හට ගන්නේ මොන වගේ සංකල්පයක්ක්ද?

    කර්මය හට ගන්නනේ තමන්ගේම හිතේ කියලා අමතක නොකර. අසාදරණයෙන් ගත් අනුන්ගේ දේපල බව දැන දැන එය පරිහරණය කලෝත් ඔබේ හිත ඔබට දඩුවම් නොදී ඉදීද?

    හරකා ඔහුගේ මස් දෙන්නේ කැමතෙන් නොවේ. ඔබ ඒ මස් අනුභව කලොත් ඔබේ හිත ඔබට නොදැනීම දඩුවන් දෙන බව විස්මිත වීමට කරුණක් නොවේ.

    මම රුප රාමුවක් පහලින් අනුයුක්ත කරමි. මෙය බැලු කල, මස් කෑම ගැන ඔබේ හිතටම ද්වේශයක් හට නොගනිද? මේ හිත ඔබට නිවන් දැක්ම පහසු කරයිද?

    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ගුණ කීමෙන් පව් රැස් කරගැනීම

    Skylark
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මීවනපලානද, අස්ගිරියද, මල්වත්තද කියල බෞද්ධයෝ ගැටෙන්නේ නැතුව ඔය ප්‍රශ්න අමතක කරලා ඉවසීමෙන් කටයුතු කරන්න කියල තමයි කියන්න තියෙන්නේ. මොකද බුදු හාමුදුරුවෝ ඇවිත් ඔලුව අතගාල කිව්වත් ධර්මය වැටහෙන්නේ නැති කෙනාට ඒක වැටහෙන්නේම නැහැ. අවශ්‍ය කාලේදී පාරමිතා සම්පූර්ණ උනහම දීර්ග බණක් නෙමෙයි පොඩි වචන කිහිපයක් අහල හරි ආර්ය මාර්ගයට, දන්න භාෂාවෙන් කියනවනම් සෝතාපන්න මාර්ගයට එන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ධර්මය වැටහෙන්නේ තමන්ගෙ නැණ පමණට. එක අයෙකුට හරි ගිය ක්‍රමය තව කෙනෙකුට හරි යන්නෙ නැහැ.

    ඥානසාර හාමුදුරුවන්ට වත් බනින්න එපා මොකද උන්වහන්සේ ටිකක් රළු පරුෂ විදියට කරන දෙයින් නියම බණ දේශනා කරන උත්තමයෙකුට හරි බණක් දහමක් දේශනා කරන්න අවශ්‍ය වටපිටාව හැදෙයි. අතීතයේත් බුද්ධාගමට ප්‍රශ්න ඇති වෙච්ච කාලවල ඥානසාර වගේ චරිත බිහිවෙලා තමයි මේ සාසනේ රැකුණේ. එයාල මෙහෙට ඇවිත් ඉන්නේ අදාළ ඩියුටිය කරන්න. ඒක කරන්න දෙන්න.

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මස් කෑම සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ කැමති අය කන්න, අකමැති අය නොකා ඉන්න. මමත් මස් කනවා, මගේ තියෙන මල පෙරේත කමට. හැබැයි සත්තු කැමැත්තෙන් ඇවිත් "මට දැන් මේ තිරිසන් බවේ ඉඳල ඇති වෙලා තියෙන්නේ, ඉඳා කාපිය මාව " කියල කියන්නෙ නැහැ. පවත්ත මාංශය හැර අනෙකුත් සියල්ල අසාධාරණ මස්.

    කට්ටිය දෙව්දත් තෙරට බුදු හාමුදුරුවෝ කියපු දේ ගන්නවා මස් කෑම සාධාරණීකරණය කරන්න, හැබැයි දෙව්දත් තෙරගේ යෝජනා වලට බුදු හාමුදුරුවෝ අවසර නොදුන්නේ දෙව්දතා ආවේ මොකාටද කියල උන්වහන්සේ තේරුම් ගත්ත නිසා. දෙව්දත් තෙර ආවේ සත්තු මැරෙන එක වලක්වන කරුණාබර අදහසින් නෙමෙයි, සංගයා බේද කරන්න. බුදුන් වහන්සේ කොහෙවත් කියල නැහැ සත්ව මාංශ කෑවට කමක් නැහැ කියල.
     
    • Like
    Reactions: sgrdk1

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඥානසාර හාමුදුරුවන්ට වත් බනින්න එපා මොකද උන්වහන්සේ ටිකක් රළු පරුෂ විදියට කරන දෙයින් නියම බණ දේශනා කරන උත්තමයෙකුට හරි බණක් දහමක් දේශනා කරන්න අවශ්‍ය වටපිටාව හැදෙයි. අතීතයේත් බුද්ධාගමට ප්‍රශ්න ඇති වෙච්ච කාලවල ඥානසාර වගේ චරිත බිහිවෙලා තමයි මේ සාසනේ රැකුණේ. එයාල මෙහෙට ඇවිත් ඉන්නේ අදාළ ඩියුටිය කරන්න. ඒක කරන්න දෙන්න.

    :yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මස් කෑම සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ කැමති අය කන්න, අකමැති අය නොකා ඉන්න. මමත් මස් කනවා, මගේ තියෙන මල පෙරේත කමට. හැබැයි සත්තු කැමැත්තෙන් ඇවිත් "මට දැන් මේ තිරිසන් බවේ ඉඳල ඇති වෙලා තියෙන්නේ, ඉඳා කාපිය මාව " කියල කියන්නෙ නැහැ. පවත්ත මාංශය හැර අනෙකුත් සියල්ල අසාධාරණ මස්.

    කට්ටිය දෙව්දත් තෙරට බුදු හාමුදුරුවෝ කියපු දේ ගන්නවා මස් කෑම සාධාරණීකරණය කරන්න, හැබැයි දෙව්දත් තෙරගේ යෝජනා වලට බුදු හාමුදුරුවෝ අවසර නොදුන්නේ දෙව්දතා ආවේ මොකාටද කියල උන්වහන්සේ තේරුම් ගත්ත නිසා. දෙව්දත් තෙර ආවේ සත්තු මැරෙන එක වලක්වන කරුණාබර අදහසින් නෙමෙයි, සංගයා බේද කරන්න. බුදුන් වහන්සේ කොහෙවත් කියල නැහැ සත්ව මාංශ කෑවට කමක් නැහැ කියල.

    පින්වත් සහන්J123,

    එතකොට ආමගන්ධ සූත්‍රය ගැන ඔබතුමා දරන්නේ කවර මතයක්ද?

    බුදු සරනයි.