මම දැන් චෙක් කලා මම ගත්ත පහුගිය හයර් 30ක් විතර. මුස්ලිම් අය හිටියෙ 2යි, දෙමල 2 යි. ඉතිරි ඔක්කොම සිංහල නම්.
මම හයර් යනකොට ඩ්‍රයිවර් එක්ක කතාවක් දාගෙන යනව. ඒ අතරෙ මම නිතරම අහනව පික්මී දුවන එක ලාබද කියල. එක සිංහලයෙක් විතරයි කිව්වෙ ලාබයි කියල. ඌ කියපු විදිහට අනික් සිංහල උන් ඉරිසියාවට පාඩුයි කියල වෙන සිංහලු ජොයින් වෙන එක වලක්වනවලු. දවසට අඩුම රු. 5000ක් හොයන්න පුලුවන් කිව්වා.
හැබැයි අනික් සිංහල උන් ඔක්කොමවගෙ කියන්නෙ පාඩුයි, අද උදේ ඉඳන් හයර් නෑ, කිලෝමීටර් 3-4ක් ගිහින් ගත්ත හයර් එක කිලෝමීටර් දෙකයි ගියේ, වේටින් පැය 3ක් හිටියා වගේ කතා.
බුදු පිලිම කතාව නම් බොරුවක්. ඕනෙ නම් හෙට ෆොටෝ දෙකක් ගහල දාන්නම්