උදවුවක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචං ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? බං දන්න අය කියහන්කෝ බං ලොකු උදව්වක්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    තෑන්ක්ස් මචෝ මේ දවස් වල තනුජක අයියත් කිරියට එවෙන්නේ නැති එකේ මේ ගැන අහගන්න කෙනෙක් නෑනේ බං:(

    :dull: number ekak nadda owa hodata hoyala bala deepan mchn jaya :love:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕවා මචන් සින් එකක් ගියොත් පස්සට වැදගත් බන්
    එකයි හැම එකාම ලෝයර් කෙනෙක් ගාවට යන්නේ ඕවට
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලෝයර් කෙනෙක් ලගට පලයං මිනිහෝ හදිස්සියේ උන්ව එලවන්න සිටුවේශන් එකක් ආවොත් නඩු දාල හෙන කාලයක් යනවා උන්ව එලවන්න..
    ලොයර් කෙනෙක් ලග අතසන් කලේ කියල කිව්වත් ඇති නඩු කාරය කෙලින්ම උඹේ පැත්තට එනව.. නැත්තං උන් වැඩිය ග්ණන් ගන්නේ නෑ...
     
    දනක් පිනක් කරගත්තට
    වරක් දෙකක් සිල් ගත්තට
    තන්හාවෙන් බරිත වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...
    ඉඳහිටලා බන ඇහුවට
    පොකුරු පොකුරු මල් පිදුවට
    ආශාවෙන් උමතු වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...
    :( :(
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ඕවා මචන් සින් එකක් ගියොත් පස්සට වැදගත් බන්
    එකයි හැම එකාම ලෝයර් කෙනෙක් ගාවට යන්නේ ඕවට


    තනුජක අයියගේ නම් එක දන්නෑ බං


    ලෝයර් කෙනෙක් ලගට පලයං මිනිහෝ හදිස්සියේ උන්ව එලවන්න සිටුවේශන් එකක් ආවොත් නඩු දාල හෙන කාලයක් යනවා උන්ව එලවන්න..
    ලොයර් කෙනෙක් ලග අතසන් කලේ කියල කිව්වත් ඇති නඩු කාරය කෙලින්ම උඹේ පැත්තට එනව.. නැත්තං උන් වැඩිය ග්ණන් ගන්නේ නෑ...

    තෑන්ක්ස් මචංලා
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලෝයර් කෙනෙක් ලග ගිවිසුමක් ගහල බදු දීමෙදි ගිවිසුම් නීතිය යටතෙ පාර්ශව 2 අතර ගිවිසුමක් ඇතිකරගැනීමක් වෙනවා. මෙහෙම යම් නීත්‍යානුකූල ක්රමේකට ගනුදෙනුව සිදුවුනාම යම් ගැටලුවක් ඇතිවුවොත් ගිවිසුම් නීතිය ( contract law) යටතේ (ගිවිසුම කඩකිරීම යටතේ)නඩු පවරන්න පහසුයි.
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Ado nikan agreement gahala ahema denna epa. Lawyer kenek gawata aniwa yanna

    තෑන්ක්ස් මචං ඇඩ්වයිස් වලට

    Podi Silva - පොඩි සිල්වා;21963523 said:
    දනක් පිනක් කරගත්තට
    වරක් දෙකක් සිල් ගත්තට
    තන්හාවෙන් බරිත වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...
    ඉඳහිටලා බන ඇහුවට
    පොකුරු පොකුරු මල් පිදුවට
    ආශාවෙන් උමතු වෙලා නිවන් යන්න බෑ... නිවන් යන්නේ නෑ...
    :( :(

    :baffled::baffled: නිවන් යන්න නෙමෙයි බං ගෙයක් කුලියට දෙන්න බැළුවේ
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තෑන්ක්ස් මචෝ මේ දවස් වල තනුජක අයියත් කිරියට එවෙන්නේ නැති එකේ මේ ගැන අහගන්න කෙනෙක් නෑනේ බං:(

    ඇයි බන් එච්චරටම ලෝයර්ස්ල හිගද ලන්කාවෙ...
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ලෝයර් කෙනෙක් ලග ගිවිසුමක් ගහල බදු දීමෙදි ගිවිසුම් නීතිය යටතෙ පාර්ශව 2 අතර ගිවිසුමක් ඇතිකරගැනීමක් වෙනවා. මෙහෙම යම් නීත්‍යානුකූල ක්රමේකට ගනුදෙනුව සිදුවුනාම යම් ගැටලුවක් ඇතිවුවොත් ගිවිසුම් නීතිය ( contract law) යටතේ (ගිවිසුම කඩකිරීම යටතේ)නඩු පවරන්න පහසුයි.

    :yes::yes:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඇයි බන් එච්චරටම ලෝයර්ස්ල හිගද ලන්කාවෙ...

    එලකිරියේ හැමෝම දන්න කෙනෙක්නේ තනුජක අයියා ඒ මදිවට තනුජක අයියා ඇත්ත තත්වය පැහැදිලි කරනවා අනෙක් ලෝයස්ලා වගේ නෙමෙයි ඔයාලා දන්නවනේ ලෝයස්ලා ගැන බං
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    නිවසක්‌ කුලියට දීමේදී බලපාන නීතිය කුමක්‌ද?

    පුද්ගලයෙකුට නිවසක්‌, ව්‍යාපාරයකට ස්‌ථානයක්‌ කුලියට දුන්විට එහි කුලියට සිටින පුද්ගලයා එම කුලියට සිටි කාලය අවසන් වී නැවත එම නිවස හිමිකරුට ලබා නොදුන්නේනම් ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අපි මේ ලිපියෙන් දැන ගනිමු.

    ලංකාවේ සාදා තිබෙන ගොඩනැගිලි සහ ගෙවල් කුලී නිවාස පනතින් පාලනය වන අතර ඇතැම් නිවෙස්‌ කුලී පනතින් පාලනය වන්නේ නැහැ.

    මේ සම්බන්ධව බලපාන 1948 කුලී නිවැසි පනත සහ 1972 ස්‌ථාපිත වූ නව පනත සහ 1977 අංක 10 දරන සංශෝධිත පනත සහ 1980 අංක 55 දරන සංශෝධිත පනත් ද 2002 අංක 26 දරන සංශෝධිත පනත හා 2003 1305/17 දරන ගැසට්‌ නිවේදනයෙන් අදාළ වෙයි.

    මුල් පනත්වලදී නීතියේ වැඩි වාසිය කුලී නිවැසියා වෙත හිමිවුව ද පසුකාලීනව ස්‌ථාපිත වූ නව පනත් සහ සංශෝධන මඟින් කුලී නිවැසි හිමියාට වැඩි වාසි දායක තත්ත්වයක්‌ ඇති වූ බව පෙනෙයි.

    ලංකාවේ ඇති නිවාස කුලී නිවැසි පනතට ගැනෙනවාද තීරණය වන්නේ නගර සභා සීමාවන්වල පිහිටීමත්, එම නිවාසයන් හී වාර්ෂික වටිනාකම කොතරම් ද කියන කාරනා මතයි.

    වර්ෂ 1967.1.1 දිනට පෙර ගොඩ නැගූ හා වාර්ෂික වටිනාකම තක්‌සේරු කළේ ද, යන්නත් එම දිනට පසු එම නිවසේ වාර්ෂික වටිනාකම තක්‌සේරු කළේද යන්නත් අදාළ වෙනවා. යම් නිවසක්‌ එදිනට පෙර කුලියට දුන් බව හෝ නේවාසික ස්‌ථානයකට කුලියට දුන් බව හෝ මත සලකා බැලිය යුතුයි.

    වර්ෂ 1967.1.1 දිනට පෙර තක්‌සේරු කර ඇත්නම් එම නිවාස ව්‍යාපාරික ස්‌ථානයක්‌ හෝ නේවාසික ස්‌ථානයක්‌ ලෙස කුලියට දුන්නේ නම් මෙම දේපළ කුලී නිවාස පනතේ පාලනයට යටත්වන්නේ නැහැ.

    කුලී නිවසක්‌ ගොඩ නැගූ අයිතිකරු 1980.1.1 දිනට පසු සිට අයිතිකරු මෙහි පදිංචිව සිට ප්‍රථම වතාවට කුලියට දුන්නේ නම් මෙම කුලී නිවාස පනත යටතේ පාලනය වීමක්‌ සිදුවන්නේ නැති අතර ව්‍යාපාරික ස්‌ථානයකට හෝ නේවාසිකාගාරයක්‌ ලබාදුන්නත් එය කුලී පනතින් පාලනය වීමක්‌ සිදු නොවෙයි.

    යම් නිවසක්‌ හෝ ගොඩනැගිල්ලක්‌ කුලී නිවාස පනතින් පාලනය වීම හා නොවීම වෙනස්‌ නීති ප්‍රතිඵල යටතේ ඇතිවෙයි. එයට හේතුව වන්නේ ඉහත කතා කළ පරිදි කුලී නිවාස පනතින් පාලනය වන නිවාසයකට වැඩි බලය තිබෙන්නේ කුලී නිවැසියාට කුලියට ගත් පුද්ගලයාට වීමයි. මෙවිට කුලී නිවාස හිමියාට එනම් (අයිතිකරුට) බලය අඩුවී යන බැවින් කල් ඉක්‌මවා වාසය කරන කුලී නිවැසියෙකු නිවසින් පිටකර ගැනීමට කුලී නිවැසි හිමියාට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි.

    කුලියට සිටින පුද්ගලයාට යාමට වෙනත් නිවසක්‌ නොමැතිනම් හෝ මුදල් නොමැතිනම් හෝ එම කරුණ මත දිගින් දිගටම බලහත්කාරයෙන් පදිංචි වීම සහ කුලී නිවාස හිමියාගෙන් (අයිතිකරුගෙන්) මුදල් ඉල්ලා සිටීමට බොහෝ විට පුළුවන්.

    නමුත් මෙම පනත යටතේ ගෙවල් කුලී හිමියාට පදිංචියට තිබෙන්නේ එක නිවසක්‌ පමණක්‌ නම් දෙවැනි ගෙය ඔහුගේ පවුලේ අයට පදිංචිය ලබාදීමට අවශ්‍ය නම් මෙම කුලීය දුන් නිවස ලබා ගැනීම සඳහා අධිකරණයේ නඩුවක්‌ පැවරීමට පුළුවන්.

    උදා - කුලියට දුන් නිවසේ අයිතිකරු ගේ දුවකට හෝ පුතෙකුට කුලියට දුන් නිවස හෝ ව්‍යාපාර ස්‌ථානය, නැවත ලබා ගැනීමට නඩු පැවරීමයි.

    නමුත් කුලී නිවාස පනතින් පාලනය වන නිවසක්‌ නම් නැවත කුලී වැසියා ඉවත් කර නිවස හෝ ඔහුට අයත් දේපළවල නැවත අයිතිය ලබා ගැනීමට දුෂ්කර විය හැකියි.

    ඉහත පනත යටතට නොවැටෙන සියලුම නිවාස හෝ ගොඩනැගිලි කුලියට දීම සාමාන්‍ය රෝම ලන්දේසි නීතියේ ගිවිසුම් නීතිය අනුව ක්‍රියාත්මක වෙයි.

    එනම් නිවැසි හිමියා සහ කුලියට නිවස ගනු ලබන පුද්ගලයා අතර නීතිමය බැදීම ඇතිවන්නේ ගිවිසුමක සියලුම කොන්දේසි ඇතුළත් කර ගෙන එම දෙපාර්ශවයේ සාක්‌ෂි කරුවන් සහිතව අත්සන් කොට අදාළ ප්‍රදේශයේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කිරීමෙනි.

    ඇතිකර ගන්නා ගිවිසුම, ලියාපදිංචි කරවීම සඳහා ගිවිසුම සකස්‌ කරන නීතිඥ හෝ නොතාරිස්‌ මහතා විසින් කළ යුතුයි. ගිවිසුම ලියා පදිංචි වූ පසු නිවසේ හිමියාටත්, කුලියට ගත් පුද්ගලයාට සහ නොතාරිස්‌ මහතාටත් ගිවිසුම පිටපත බැගින් හිමිවෙයි.

    මෙවිට යම් අවස්‌ථාවක දී ගිවිසුමේ ඇති වගන්තියක්‌ කුලියට ගනු ලබන පුද්ගලයා විසින් කඩ කළ විට අදාළ බල ප්‍රදේශයේ දිසා අධිකරණයේ නඩුවක්‌ ගොනු කර කුලී නිවැසියාට එරෙහිව තීන්දුවක්‌ ලබා ගෙන කුලියට සිටින පුද්ගලයාට තම නිවසින් ඉවත් කර ගැනීමට හැකියාව පවතිනවා.

    උදාහරණයක්‌ විදියට කියනවා නම් ගිවිසුමට ඇතුළත් කර තිබෙනවා නම් නිවස කුලියට දෙන පුද්ගලයාට මාස තුනකට ලබා දෙනවා කියලා. එවිට නිවසින් පිටවන කාල සිමාව ගිවිසුමේ ඇතුළත් වී තිබෙන බැවින් කුලියට සිටින පුද්ගලයා එම කාල සීමාව අවසන් වූ විට එම නිවසින් යා යුතුයි. මන්ද ඔහු ගිවිසුමට යටත්ව අත්සන් කර තිබෙන නිසා.

    එසේ නිවසින් පිට නොවුණේ නම් අධිකරණ මාර්ගයෙන් ෆිස්‌කල්වරුන් ගෙන්වා කුලී නිවැසියන්ව පිටමන් කිරීමට නිවසේ අයිතිකරුට හැකිවෙයි.

    එමෙන්ම ගිවිසුම අත්සන් කළ ද ඇතැම් විට නිවස කුලියට ගත් පුද්ගලයා අපරාධ කරුවෙකු නම්, වංචා කරුවෙකු නම්, නීතියට පටහැනි කටයුතු කරන පුද්ගලයෙකු බව දැනගත්තේ නම් ගිවිසුමට අදාළ නොවුණත් පොලිසිය මාර්ගයෙන් කටයුතු කර එම ගිවිසුම අවලංගු කළ හැකි බවත් පැවසිය යුතුයි.


    මෙක පැහැදිලි කරලා දෙන්නකෝ බං:baffled:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හැමෝටම තෑන්ක්ස් මට තනුජක අයියාගේ පෝස්ට් එකක් හම්බ උනා මේ ගැන

    බදු ඔප්පු නොලිය ලියවිල්ලකින් නං කී මනී දුන්නේ උබල අතරේ බදු ගිවිසුමක් නෑ.. එතකොට උබ ඉඩමේ හිටපු එක ගැන පත්තිරු සටහන් යන්නේ නෑ.. එක නිසා උබට මේ දීපු සල්ලි දෙන්න එයා මාස තුනක් කල් ඉල්ලනවනන් ඒ කාලේ උබට එයාට දෙන්නම වෙනවා.
    මොකද දැන් ඕක ගිවිසුම් නීතිය යටතේ යන දෙයක්.
    ලියවිල්ල ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරපු එකක් නං ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. නමුත් මෙතැනදී නං ඔව් එයාට අයිතියක් තියෙනවා මාස තුනක් ඉල්ලන්න. ඒ තමයි උපරිම. ඊට වඩා බෑ. ඒ මාස තුන ඇතුලත ඔයාගේ සල්ලි ලැබුන් නැත්තං ඔයාට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්.. එතකන් බෑ...
    කවමදාවත් බදු ගිවිසුමක් නැතුව කුලී ගෙවල් දෙන්නවත් ගන්නවත් යන්න එපා... විශේෂයෙන් ගන්න යන්න එපා.. මහ ගානක් යන දේවල් නෙමෙයි ඕව... ඔයා සල්ලි දෙද්දී අත්සන් කරපු ලියවිල්ල පෙන්නුවනන් මට හරියටම කියන්න තිබ්බ මොකද්ද කරන්න පුළුවන් කියල... එහෙම නැතුව හරියටම දෙයක් කියන්න බෑ මට.. නමුත් කුලී ගිවිසුමක් නැත්තං ගෙදරින් යන්න මාස තුනකට කලින් ඔයාට එයාට නෝටිස් එකක් දෙන්නම වෙනවා...
    එහෙම නැතුව ඔයාට ගෙදරින් යන්න පුළුවන්, නමුත් යන දවසට කී මනී දෙන්න අදාළ ගෙයි හිමිකරුවා බැදිලා නෑ..
    දැන් මෙතැනදී නං ඔයාට මාස තුන ඉන්නම වෙනවා..ආයෙත් කියනවා..බදු හෝ කුලී ගිවිසුම් නැතුව කවම කවදාවත් ගෙවල් කුලියට ගන්නවත් දෙන්නවත් යන්න එපා... විශේෂයෙන් කුලියට ගන්නකොට...
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං ඇනෙක්ස් එකක් කුලියට දෙන කොට ලෝයර් කෙනෙක් ලගට ගිහින් බදු ඔප්පුවක් ලියන්නම ඔනේද එහෙම නැතිව නෝමල් ඇග්රිමන්ට් එකක් ගහලා කුලියට දුන්නොත් සිදුවෙන අවාසි මොනවද? බං දන්න අය කියහන්කෝ බං ලොකු උදව්වක්

    අවුරුද්දකට විතර දෙනවානම් අවුලක් නැහැ . ඊට වඩා වැඩි උනොත් යවන්න ටිකක් අමාරුයි .