මොකද්ද මම කීවෙ පොලිස් දඩය ගැන නෙමේ බං.

සල්ලි නිසා සාක්‍ෂි වෙනස් කරන ලෝකෙක සාධාරණ නීතියක් කොහෙද කියන එක?

අනික ඒක මිනිස්සු මත තීරණය වෙනවනම් judge කරන්නෙ 100% හරිම දේ කියල මනින්නේ නීතියේ මොකෙන්ද? අනික නීතියෙන් හරි මිනිස්සු වැරදි කාරයෝ කරලම නැද්ද? මෙන්න මේවයි ප්‍රශ්න. මේවට උත්තර දෙන්න කෙනෙක් නැහැ මොකද හැමෝම සල්ලි නිසා වල්ල උනත් දෙන්න ලෑස්තී. ඒකට profession එක බලපාන්නෙ නැහැනේ.
ඉතිං මිනිහෙක් පොලිස් කාරයෙක්ට ජරාවක් දීල කරන්නේ මොකද්ද?
සාක්ශි වෙනස් කරන එක තමයි.
උඹ කරපු වරදේ සාක්ශි කාරය තමයි උඹව අල්ලන පොලිස් කාරය..
ඒකනේ පොලිස් කාරයෝ දෙන්නෙක් රාජකාරියේ යොදවන්නේ..එක්කෙනෙක් සාක්ශි හැටියට...
උඹ රු 500 දීල කරන්නේ උඹේ වරදින් නිදහස් වීම සහ ඊට අදාල සාක්ශි වසං කරන එක..
රටේ පල්ලෙහාම ඉන්න එකා සාක්ශි වසං කරන්න පොලිස් කාරයට ගුලි කරලා 500ක් දෙනකොට ටිකක් පුලුවන් එකා ලොකු වරදකින් බේරෙන්න 10000ක් දෙනවා..
ඊටත් වැඩිය පුළුවන් එකා කෝටි ගණන් දෙනවා..
කවුරුහරි එකෙක් කෝටි ගණන් දීල ගේමක් ගැහුවම උඹල ඒක ගැන කතා කරනවා..
එතකොට උබලට පුළුවන් විදිහට උඹල 500ක් දීල කරන්නෙත් ඒ වරදම තමයි..
ජජ් කෙනෙකුට 100% හරිම දේ කරන්න පුළුවන් මිනිස්සු හරිම දේ කරනවනං...
උඹ මගදිම 500ක් දීල කට වැහුවම මම කොහොමද දඩුවම් දෙන්නේ?
නීතියෙන් ලංකාවේ විතරක් නෙමෙයි ඕනම රටක හරි උන් වැරදි කාරයෝ වෙලත් වැරදිකාරයෝ නීතියෙන් පැනලා ගිහිල්ලත් තියෙනවා..
ඒක මේ ලංකාවේ විතරක් නෙමෙයි ඇමරිකාවෙත් වෙන දෙයක්..
ඕකයි මම මුලින්ම කිව්වේ රු 500 ජීවිතේට ජරාවක් දීපු එකෙකුට රටේ නීතියේ වැරදිවලට් ඇගිල්ලක් දික් කරන්න අයිතියක් නෑ කියල..
මතක තියාගනිං පොලිස් දඩයත් නීතිය, මිනීමරුමත් නීතිය..
කොතනින් කැඩුවත් කැඩෙන්නේ නීතිය..