ඩීල්දාස සඳුදා ඉල්ලා අස්වෙයි..! ‘මං ඉවරයි සර්‘ - ගෝඨාට කියයි
විජේදාස රාජපක්ෂ හෙවත් කුප්‍රකට ඩීල්දාස ලබන සඳුදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කර අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.
ඊයේ (17) රාත්‍රී සිය නිවසට පැමිණි ව්‍යාපාරික හිතවතුන් සහ බිරිඳගේ පාර්ශවයේ ඥාතීන් සමග ඔහු මේ බව පවසා ඇත. (ඔහුගේ නිවසට එන්නේ බිරිඳ වන හල්ලව රාළලාගේ මාලා ගේ පාර්ශවයේ ඥාතීන් පමණි. විජේදාසගේ ඥාතීන් නිවසට එනවාට බිරිඳ විරුද්ධ බැවින් ඔහුගේ පාර්ශවයේ ඥාතීන් නිවසට එන්නේ නැත.) එක් ව්‍යාපාරිකයෙකුගේ ජංගම දුරකථන හරහා ගෝඨාභය රාජපක්ෂ ද විජේදාස අමතා තත්ත්වය විමසන ලද අතර ‘මං ඉවරයි සර්‘ යනුවෙන් විජේදාස ගෝඨාභයට පිළිතුරු දුන්නේ ය.
ඉදිරියේ දී කළ යුත්තේ කුමක්ද? යන්න ගැන ඊයේ මධ්‍යම රාත්‍රිය පසුවී පාන්දර 2 පමණ තුරු සාකච්ඡා කළේය.
විජේදාසගේ බිරිඳ මාලා සිය සැමියාට උපදෙස් දුන්නේ දැනට ඇමැතිධූරයෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහ පසුව ලබාදෙන කුමන හෝ ඇමැතිධූරයක් හෝ ලබාගෙන ඇමැති වරප්‍රසාද දිගටම ලබා ගන්නා ලෙසයි. අධිකරණ ඇමැතිධූරයේ හිඳිමින් ඩීල් දමමින් විශාල ලෙස මුදල් හම්බ කර ගැනීමට නොහැකි වීම ගැන මාලා සිටියේ දැඩි විස්සෝපයෙනි. විජේදාසගේ වැඩමහල් පුත්‍රයා වන රඛිත රාජපක්ෂ බිය වී තිබිණ. මන්ද පියාට ඇමැතිධූරය නැතිවනවාත් සමග ඔහුවද ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ධූරයෙන් සහ අයිසීටීඒ අධ්යක්ෂ ධූරයෙන් ඉවත්කරනු ඇතැයි යන බියයි. එබැවින් ඔහු සිය පියාට උපදෙස් දුන්නේ ඇමැතිධූරයෙන් ඉවත්කරන තුරු ඉල්ලා අස්නොවන ලෙසයි.
එජාපයෙන් ඉවත් වී ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශවය සමග එක්වන ලෙසටද රඛිත පියාට උපදෙස් දුන්නේය. ඉන් කෝප වූ විජේදාස පුතාට බැන වැදුනේ “යකෝ ජනාධිපතිතුමා අඬගහන්න එපායැ. එයා එහෙම අඬ ගහන්නේ නැතිව මං පස්සෙන් ගිහින් එන්නද එන්නද අහන්නද?“ කියා ය.
කෙසේ වෙතත් තමා ලබන සඳුදා ඇමැතිකමෙන් ඉල්ලා අස්වී පසුපෙල මන්ත්‍රීවරයෙකු ලෙස ටික කලක් හිඳ ඉදිරියේ දී ගන්නා තීරණය ගැන කල්පනා කරන බවත් පසුපෙලට ගියත් තමන් ‘කරගෙන යන වැඩ පිළිවෙල‘ වෙනස් නොකරන බවත් විජේදාස සිය හිතවතුනට පැවසීය.
‘කරගෙන යන වැඩ පිළිවෙල‘ අන් කිසිවක් නොව රජයට විරුද්ධව කකුලෙන් අදින වැඩ පිළිවෙලය. මන්ද යත් පෙරේදා 16 දා අවසන් වරට අධිකරණ අමාත්‍යාංශයේ පැවැති රැස්වීමක දී ද ඔහු ආණ්ඩුව විවේචනය කෙළේය. ජීඑස්පී සහනය ලංකාවට හිමි වීමෙන් කිසිදු ලාභයක් ලැබෙන්නේ නැතැයි ඔහු එහිදී කීය.
මේ අතර ඊයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම ඉදිරියේ විජේදාසට එරෙහි යෝජනාව ඒකච්ඡන්දයෙන් සම්මත වීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ රන්ජන් රාමනායක කියා සිටියේ විජේදාසට කාන්තා කටයුතු වැනි ඇමැතිධූරයක් ලබා දුන්නාට ප්‍රශ්නයක් නැති බවයි. අජිත් පී පෙරේරා කියා සිටියේ විජේදාසට ලජ්ජාවක් තිබේ නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවයි.
යහපාලනප්‍රේමී ජනතාව කියන්නේ විජේදාස වැනි ජරා ඩීල්කාරයෙකුට කිසිදු ඇමැතිධූරයක් ලබා නොදිය යුතු බවයි. ඒ වෙනුවට ඇමැතිධූර දැරිය හැකි අවංක දක්ෂ තරුණ මන්ත්‍රීවරුන් අනන්තවත් එජාපය තුල සිටින බව ඔවුන්ගේ අදහසයි.

Last edited:

දැන් දැන් උන් උන්ම කා කොටා ගන්නව.....ලොල් මේවනෙ බන් ආතල් 