Wedding 2018 - [Middle Class Wedding Budget]

Identity

Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    නුදුරු අනාගතයෙ වෙඩිමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වෙඩිම ප්ලෑන් කරගන්න ලේසි වෙන්න සම්පූර්ණ වෙඩිං බජට් එකක් දාන්න හිතුව.

    Registrar .................................................. Rs5,000/-
    - මුද්දර ගාස්තු Rs1,200/-
    - හෝල් එකේ රෙජිස්ට්‍රේෂන් එක ගන්නවනම් රෙජිස්ට්‍රාර්ගෙ අතට දෙන්න මුදලක් Rs3,500/-

    Wedding Hall ............ Rs4000 x 150 ................. Rs600,000
    - සාමාන්‍යයෙන් ප්ලේට් එකක් රුපියල් 2500 ඉඳල 10,000 විතර වෙනකන් ප්‍රයිස් කරල තියෙනව. මම මේකෙදි ප්ලේට් එකක් 4000 කියල හිතල ඒ වගෙම සහභාගී වෙන අමුත්තන් ගණන 150 කියල හිතල බජට් කරනව.
    - වෙඩින් හෝල් එකෙන් සැරසිලි ෆ්‍රී දෙනව, ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් ටේබල් එකයි, පෝරුවයි, පොල්තෙල් පහනයි, සෙටි බැක් එකයි. ඒව හොඳ නැත්තම් වෙනම වියදම් කරල පිටින් කරවගන්න ඕන

    Jewellery ................................................... Rs200,000
    - මනාලියට කර මාලය, මුද්ද
    - මනාලයට මුද්ද
    - මනාලයගෙ කකුල් හෝදන්න කෙනෙක් දානවනම් මුද්දක්

    Photographer ..................................................... Rs100,000

    - රු50,000 ඉඳන් ලක්ෂ තුන විතර වෙනකන් කට්ටිය ඉන්නව

    Wedding Cake .................. 100 x 175 .................. Rs17,500
    - කේක් කෑල්ලක් රු100ක් විතර වෙනව, වැඩිපුර කේක් කෑලි 25ක් වත් හදාගන්නෙක හොඳයි

    Wedding Cake Box ...................... 25 x 175 .......... Rs4,375

    - රු20 ඉඳන් වගෙ තියෙනව

    Wedding Invitation .................... 50x100 ............. Rs5,000
    - රු30 ඉඳල රු200 වෙනකන් විතර තියෙනව

    Cake Structure ................................................... Rs20,000
    - රු 10,000 ඉඳල 60,000 විතර වෙනකන්

    කිරි කල ................................................................ Rs7,500

    DJ .................................................................... Rs25,000
    - රු10,000 ඉඳන් 40,000 විතර වෙනකන් කට්ටිය ඉන්නව
    - බෑන්ඩ් එකක් ගහනවනම් රු50,000 ඉඳල ලක්ෂ 2 විතර වෙනකන්

    අෂ්ඨක .................................................................. Rs30,000

    - නැට්ටුවො 4 දෙනයි ජය මංගල ගාථා කියන්න 4 දෙනයි බෙර ගහන්න දෙන්නයි

    මනාලියට ඇන්දවීම ...................................................... Rs100,000

    - කොහොම කරත් ලක්ෂයක් යනවමයි සාරිය රෙන්ට් එකට අරන්

    මනාලයට ඇඳුම් (රෙන්ට්) .................................................... Rs15,000
    - රු10,000 විතර ඉඳන් තියෙනව

    සපත්තු මානාලියට සහ මනාලයට ............................................. Rs10,000

    Wedding Car ........................................................... Rs16,000

    - සැරසිලි සමඟ ප්‍රිමියො කාර් එකක්

    බොන්න දෙන්නත් එපැයි :D ................ 4000 x 15 ................... Rs60,000

    - සාමාන්‍යයෙන් 5දෙනෙකුට ලීටර් 1 බැගින් බෝතල් 12 - 15ක් විතර ඕන වෙයි :baffled:
    - VAT 69 1L 3800/-
    - Red Label 1L 5000/-

    බොන උන්ට බයිට් .................. 3000 x 6 ........................... Rs18,000
    - කුකුල් මස්, මාළු, දැල්ලො, පෝක් 1KG රු3000/- විතර ඉඳන් තියෙනව
    - බොන කට්ටිය වැඩී වගෙනම් අඩු වියදම් බයිට් එකක් සෙට් කරගන්න

    Bite Mixtures ................... 600 x 10 ......................... Rs6,000
    - හෝල් එකේ ඇතුලෙ ඉන්න අයට කන්න දෙන්න
    - කජු මිශ්‍ර බයිට් තියෙනව 1KG රු600 විතර ඉඳල

    Honeymoon ........................................................... Rs25,000

    - පළවෙනි දවසෙ ඉන්න හොඳ තැනක් සෙට් කරගන්න [Full-board 25,000 ක් වත් යයි අඩුම]

    වෙනත් වියදම්:

    * දෙවැනි මනමාලි, බෙස්ට්මන්, පොඩි අය එහෙම තියෙනවනම් ඒ ගොල්ලන්ගෙ ඇඳුම් වලට වෙනම වියදම් කරන්න වෙනව

    * පෝරුවෙ චාරිත්‍ර වලට අදාල බඩු සහ තෑගි වලට

    සාමාන්‍යයෙන් ලක්ෂ 12 - 15 අතර වියදමක් සෙට් වෙනව :nerd:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    me oyita vada hoda nedda kacheriyata gihin badina eka...

    bageta bagayak tiyenne boru viyadam

    elavatath nathi nedayo tikakata kanna dila,jogi natala laksha 15k nikarune viyadam karanne :eek:
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    depatthama ekathu wela guest la 250k withara dala eka dawasen iwara karanan gana bedagena karaki. laksha 35k withara yana eka 20k withara shape karan ithuru salli walin monawa hari deyak kara gatthaki.