කොහොමත් පූසෝ කියන්නේ බල්ලෝ වගේ නෙමෙයි. අපි උන්ව හුරතල් කරන්න කරන්න, උන් අපිව කෙයාර් කරන් නෑ. බල්ලෝ ඒකේ අනික් පැත්ත.
පාරේ බල්ලෙක් ඉන්නවා ඌටත් මම කෑම දානවා. හැමදාම නෙමෙයි. දැක්කොත් අනිවාර්යෙන් දානවා.
මූත් මාව දැක්කොත් අතුරු පාරේ ඉඳන් ප්රධාන පාර වෙනකන් වාහනේ පස්සේ දුවන් එනවා. සතියක් කන්න දුන්නේ නැතත් මූ ඒක නම් වරද්දන්නේ නැතුව කරනවා.
මේ දවස් වල වැස්සට මූව තෙමෙන නිසා රෑට මම ගේට්ටුව ඇරලා මූව හොරෙන් ඇතුලට ගන්නවා. ගෙදර අය නම් කැමති නෑ.
හැබැයි මූ ඇතුලට ඇවිත් මං ගේ ඇතුලට ගිහින් දොර වහගන්නකං බලන් ඉන්නවා මූණ දිහා. ඒ වෙලාවට නම් වැඩක් නෑ කියලා.



උඹ හොඳ මනුස්සයෙක්
එහෙම තමයි වෙන්ඩ ඕන






තියේ නං දාපංකො 