මැනුවල් ගියර් වාහනයක් පදවන හැටි විනාඩි 15 ඉ

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මැනුවල් ගියර් වාහනයක් පදවන හැටි විනාඩි 15 ඉ

    මැනුවල් ගියර් වාහනයක් පදවන හැටි විනාඩි 15 ඉගෙන ගනිමුද ?

    සාමාන්‍යයෙන් මැනුවල් ගියර් පද්ධතියක් කියන්නෙ ඔටෝ ගියර් පද්ධතියකට වඩා reliable. කිසිදු කරදරයක් නැතිව සැතපුම් 100,000ක් දුවන්න පුලුවන් ඔබ හරියට පාවිච්චි කරොත්.
    හැබැයි මැනුවල් ගියර් පද්ධතියක එකම දුර්වල ස්ථානය තමයි කල්ච් එක කියන්නෙ.
    එන තරමක් ප්‍රශ්ණ එන්නෙ ක්ලච් එකට වගේම ගෙවෙන තරමක් ගෙවෙන්නෙත් ක්ලච් එකයි.

    පුදුමයක් නෙවෙයි මාරු වෙන ගියර් එකක් ගියර් එකක් ගානෙ ක්ලච් එක disengage and engage වෙනවා. ඒ විතරක්ද ට්‍රැෆික් එකේ යනකොට හැමතිස්සෙම කකුල ක්ලච් එක උඩ. ඉතිං කාලයත් එක්ක ක්ලච් එක ස්ලිප් වෙන්න, දෙදරන්න සහ අමුතු ශබ්ද නගන්න පටන්ගන්නවා.

    ඒ විතරක් නෙවෙයි ඇයි සමහර එන්ජින් වලින් හෝ ගියර් පද්ධතියෙන් ලීක් වෙන ඔයිල් ක්ලච් එකට වැටීම. disengagement ප්‍රශ්ණ එන්න හේතු ලෙස faulty hydraulic linkage, clutch cable or fork ද අනවශ්‍ය ශබ්ද නිකුත්වීමට හේතු ලෙස bad release bearing or pilot bearing or bushing ද සැළකිය හැක.
    Slipping Clutch
    ක්ලච් වල එන ප්‍රධානම ලෙඩක් තමයි මේ ක්ලච් ස්ලිප් වීම කියන්නෙ. ඇත්තටම ක්ලච් එක ස්ලිප් වෙන්න ඕන. ඒ ක්ලච් එක engage වෙන වෙලාවට. එතකොට තමයි වාහනේ ගැස්සෙන්නෙ පනින්නෙ නැතුව ගානට smooth එකේ ඉස්සරහට යන්නෙ.

    ඒ වගේම ක්ලච් එක ස්ලිප් වෙන්න ඕන ගියර් මාරුවෙනකොට ගියර් පද්ධතියට සහ drivetrain එකට ඇතිවන කම්පනය නැති කරන්න. හැබැයි ක්ලච් එක සම්පූර්ණයෙන්ම නිදහස් කළ වෙලාවට ක්ලච් එක හොඳින් අල්ලාගෙන එන්ජිම හා ගියර් පද්ධතිය අතර ස්ථීර සම්බන්ධතාවයක් පවත්වාගෙන ක්‍රියාකළ යුතුයි. ඉතිං එහෙම වෙන්නෙ නැත්නම් ඒ තමයි ක්ලච් එක ස්ලිප් වීම.
    ගොඩක් වෙලාවට ස්ලිප් වෙන්නෙ එන්ජිමට ලොකු ලෝඩ් එකක් ආවම තමයි. ඒ කියන්නෙ හයි ගියර් එකක හෙමින් යනකොට, කන්දක් නගිනකොට, එකපාර වාහනයක් ඔවර්ටේක් කරන්න ස්පීඩ් කරනකොට හෝ බරක් දාගෙන හෝ ඇදගෙන යනකොට ක්ලච් එක ස්ලිප් වෙන්න පුලුවන්.
    මුලින්ම පොඩ්ඩ පොඩ්ඩ තමයි ස්ලිප් වෙන්න, පස්සෙ පස්සෙ තමයි වැඩේ ලොකු වෙන්න. ස්ලිප්වීමෙන් ඝර්ශණය වැඩිවන අතර ඒ නිසා උෂ්ණත්වයද වැඩිවෙනවා. ඉතිං ක්ලච් එකේ උෂ්ණත්වය ඉහළ යනකොට ග්‍රිප්වීමේ හැකියාව අඩුවෙනවා.
    එතකොට තව තවත් ස්ලිප් වෙනවා, තව තවත් උෂ්ණත්වය වැඩිවෙනවා. ඉතිං මේ වැඩේ දිගටම වෙනකොට එක පිච්චෙනවා. ඒකෙන් ෆ්ලයිවීල් ප්‍රෙශර් ප්ලේට් වලට හානි වෙනවා. ඒ වගේම පිච්චෙන ගඳකුත් එනවා.

    සාමාන්‍යයෙන් වාහනය සෑහෙන්න දුර දිව්වට පස්සෙ කාලයත් එක්ක ගෙවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැ‍යි ඊට අමතරව ක්‍රෑන්ක්ෂාෆ්ට් සීල් එකෙන් හෝ transmission input shaft seal එකෙන් ලීක් වෙන ඔයිල් වැටිලා ස්ලිප් වෙනවා වෙන්නත් පුලුවන්.

    අලුත් දාපු ක්ලච් එකක් ස්ලිප් වෙනවා නම් ඒත් ඔයිල් වැටීම නිසා වෙන්න පුලුවන්. ඊට අමතරව වැරදි release system adjustment එක, පළුදුවූ cable adjuster එක, සිරවූ clutch master cylinder port එක හෝ binding slave cylinder එක, වැරදියට සවිවූ release bearing, දෝෂ සහිත ෆ්ලයිවීල් එක හේතුවෙන්න පුලුවන්.
    කොහොමද මේක චෙක් කරගන්නෙ? ටෙස්ට් ඩ්‍රයිව් එකක් යන්න. හයි ගියර් එකක දාලා ටිකක් හෙමින් යන්න. එන්ජිම රේස් වෙනවා නම් ලෙඩේ හැදිලා තියෙන්නෙ. ඒ වගේම තව විදිහක් තියනවා. වාහනේ නවත්තලා හෑන්ඩ් බ්‍රේක් ඇදලා වාහනේ රෝද වලට අඩ තියලා වාහනේ හයි ගියර් එකකට දාන්න.
    ඊට පස්සෙ හෙමින් ක්ලච් එක දෙන්න. ක්ලච් එක දෙනකොට එන්ජිම එකපාරටම නවතිනවා නම් ලෙඩක් නෑ. හැබැයි ක්ලච් පැඩල් එක සම්පූර්ණයෙන්ම නිදහස් කරලත් එන්ජිම දුවනවා නම් ලෙඩේ හැදිලා. අලුත්වැඩියා කරන්න වෙනවා.
    මුලින්ම සීට් බෙල්ට් එක දාගන්න. ගොඩක් දෙනෙක් මේක කරන්නේ පොලීසියට බයේ වුණාට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු අත්‍යාවශ්‍ය ම දෙයක් තමයි මේ. ඒ නිසා තමන් ගැන, තමන්ගේ ආදරණීයයන් ගැන හිතලා වාහනයට නැගපු ගමන් ඒක අනිවාර්යයෙන් ම කරන්න.
    අලුත් වාහනවල එන්ජිමේ ශබ්දය ඇතුලට නොඇසෙන නිසා ටික කාලයක් ගියර් දැමිය යුතු වේලාවන් අවබෝධ කරගන්නට පුරුදු වෙනකම් ජනෙල් වීදුරු පහත් කරගෙන ඉන්න එක හොඳයි. එවිට අඩු තරමේ ඔබ නොදැන යට කරන්නට යන කෙනෙක් කෑ ගහන සද්දේ හරි ඇහේවි.

    මෙන්න විඩ්යෝ එක,
    https://youtu.be/dOSzCHmP1xM

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    701
    113
    Sri Lanka
    අනිත් එක තව දෙයක් උඹල විනාඩි 15 පුරුදු උනාට කමක් නැහැ අඩුම ගානේ මාස හයක්වත්/250KM වත් manual එකක් හිමිහිට පැදලා පුරුදු වෙනකල් 60 ට වඩා speed යන්න එපා. ඒ වගේම අඩුම ගානේ තනියම km 100 වත් පැදලා නැත්නම් කොළඹ ඇතුලේ යන්න එපා.

    ලයිසන් ගත්ත ගමන් කෙල්ලෝ වගේ auto gear වාහන හොයාගෙන යන්න එපා. හොඳට manual එකක් පැදලා පුරුදු වෙයන්. ඊට පස්සේ electric / hybrid වාහන ගන්නවා නම් ගන්න. නැත්නම් මොකෙක් හරි manual gear වාහනයක් දුන්නම . පදින්න තේරෙන්නේ නැහැ කිව්වොත් වස ලැජ්ජාව :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    18.gif

    රෙප් දෙන්න බැහැලු මචං.. පස්සෙ සලකන්නම්....
    "You must spread some Reputation around before giving it to Target Hoona again".
     
    • Like
    Reactions: Target Hoona

    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    කාර් එකක් තියනව , මට තාම වාහනෙ හතර කොන ගැන අයිඩියා එකක් නෑ බ්‍රදර්ස්, ඒ කියන්න පාරෙ ට්‍රෑක් එකේ කොනට වැඩිද, මැද්දට වෙලා වැඩිද කියන අවුල නිතරම හිතට එනව, අතුරු පාරකට දාද්දි දෙපැත්තෙ වදීද වගේ, එක්ස්පර්ට් කෙනෙක් උපදෙසක් දෙන්නකො කොහොමද ඒකට පුරුදු උනේ කියල
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post මචන් . Rep 20++

    ලංකාවේ තියෙන Traffic එකේ හැටියටනම් ඉක්මනට යනවා Clutch plates . මොන කරන්නද ඉතින් . :angry::eek:
     
    • Like
    Reactions: Target Hoona
    කාර් එකක් තියනව , මට තාම වාහනෙ හතර කොන ගැන අයිඩියා එකක් නෑ බ්‍රදර්ස්, ඒ කියන්න පාරෙ ට්‍රෑක් එකේ කොනට වැඩිද, මැද්දට වෙලා වැඩිද කියන අවුල නිතරම හිතට එනව, අතුරු පාරකට දාද්දි දෙපැත්තෙ වදීද වගේ, එක්ස්පර්ට් කෙනෙක් උපදෙසක් දෙන්නකො කොහොමද ඒකට පුරුදු උනේ කියල
    hmm meka nam matath loku prashnayak :angry:
    Eth experts la nam kiyanne tikak kal padiddi hariyai kiyala ;)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනිත් එක තව දෙයක් උඹල විනාඩි 15 පුරුදු උනාට කමක් නැහැ අඩුම ගානේ මාස හයක්වත්/250KM වත් manual එකක් හිමිහිට පැදලා පුරුදු වෙනකල් 60 ට වඩා speed යන්න එපා. ඒ වගේම අඩුම ගානේ තනියම km 100 වත් පැදලා නැත්නම් කොළඹ ඇතුලේ යන්න එපා.

    ලයිසන් ගත්ත ගමන් කෙල්ලෝ වගේ auto gear වාහන හොයාගෙන යන්න එපා. හොඳට manual එකක් පැදලා පුරුදු වෙයන්. ඊට පස්සේ electric / hybrid වාහන ගන්නවා නම් ගන්න. නැත්නම් මොකෙක් හරි manual gear වාහනයක් දුන්නම . පදින්න තේරෙන්නේ නැහැ කිව්වොත් වස ලැජ්ජාව :rofl::rofl:
    Sira Kathawa macho :yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,792
    2,643
    113
    Kadawatha, Sri Lanka
    කාර් එකක් තියනව , මට තාම වාහනෙ හතර කොන ගැන අයිඩියා එකක් නෑ බ්‍රදර්ස්, ඒ කියන්න පාරෙ ට්‍රෑක් එකේ කොනට වැඩිද, මැද්දට වෙලා වැඩිද කියන අවුල නිතරම හිතට එනව, අතුරු පාරකට දාද්දි දෙපැත්තෙ වදීද වගේ, එක්ස්පර්ට් කෙනෙක් උපදෙසක් දෙන්නකො කොහොමද ඒකට පුරුදු උනේ කියල
    Oka hari yanna oni ban. matath maasa deka thunak yanakan avula thibba. dan nam gindara wage avulak ne. umba drive karanna aran kochchara kalda?
    samaharu nam ara antenna ekak wage ekak left side eke issaraha konata hai karanava. U can try that too :)